(තරංග ගුණරත්න)
මුහුදු සිංහයකු බවට සැලකෙන මුහුදු සත්වයකු අද (23) පස්වරුවේදි වැලිගම මිදිගම 87 කණුව පෙදෙසේ වෙරළ තීරයට ගොඩගසාගෙන ඇවිත් තිබූ බව වැලිගම පොලිසිය පවසයි.
අද පස්වරු 01: 00 පමණ මෙම සත්වයා වෙරළට ගොඩගසාගෙන තිබු බව ප්‍රදේශවාසීන් පවසන අතර, එය දැකබලා ගැනිමට ජනතාව පැමිණීමෙන් පසු ගල්පරයක් මතට නැවත ගසාගෙන ගොස් තිබිණි. එ් පිළිබඳව ජනතාව විසින් පොලිසිය සහ මිරිස්ස වනජීවි කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි.
මෙම සත්වයාගේ ශරිරයේ කිහිප තැනක තුවාල තිබූ හෙයින් වහාම ප්‍රතිකාර කිරීම සඳහා මිරිස්ස අඩවි ආරක්ෂක කාර්යාලයේ ප්‍රධාන නිලධාරි රවීන්ද්‍ර කුමාර මහතා කියාසිටියේ මෙම සත්වයා විදේශ රටක සිට දිය වැලකට මිදිගම පෙදෙසට ගසාගෙන ඇවිත් බවට විශ්වාස කරන බවත්, ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ අවසරය මත පැය ගණනාවකට පසු නාවික හමුදාව සහ වනජීවී නිලධාරීන් හා මිරිස්ස වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව ගොඩබිමට ගෙනඒමට උත්සාහ ගත්තද එම සත්වයා මෙල්ල කිරීමට තිබූ අපහසුතාවය සමඟ සතා ගැඹුරු මුහුදට ගසාගෙන ගිය අතර එ් සමග ප්‍රතිකාර කිරීමේ කටයුතු ව්‍යර්ථ විය.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුහුදු සිංහයකු වෙරළට ගසා එයි
sirimal Saturday, 23 November 2019 02:58 PM
පුදුම වෙන්න දෙයක් නෑ. මේක ඉතින් සිංහයෝ රජ වුණු කාලයක්නේ....
පිටිගල මිලානෝ Saturday, 23 November 2019 03:10 PM
වෙරළේ ගල්පර මතුපිටට පැමිණි මුහුඳු සිංහයෙක්ව වත් අල්ලගන්න බැරි නාවික හමුදාවක්ද අපිට ඉන්නේ? කණගාටුයි...!!!
SAMPATH WEERASINHESunday, 24 November 2019 07:00 AM
ඒක ඇත්ත. නැත්නම් ඉතාලියට බෝට්ටුවෙන් පැනලා යන්න හම්බුවෙන්නෙ නෑ.
GuneSunday, 24 November 2019 07:20 AM
ඔය සිතිවිල්ලම මටත් ඇතිවුනා පිටිගල. ෆොන්සේකා කිව්වේ ඇත්තක්ද යුද ගෞරවයෙන් 95% ක් ම පාබල හමුදාවට අයිතියි කියල ? හරිම කණගාටුදායක තත්වයක්.
mohanSunday, 24 November 2019 09:11 AM
ගොන් කතා කියන්න එපා. නාවික හමුදාව ඉන්නේ මුහුදු සිංහයෝ අල්ලන්නද?
GuneSunday, 24 November 2019 12:05 PM
නාවික හමුදාවේ සේවය යුද්ධ කිරීමයි කියලා ඔබ ඔවුන්ට විශාල අපහාසයක් කරන්නේ. නාවික හමුදාව මිනිසුන්ගේ විතරක් නෙමෙයි, අවස්ථාවක් මතුවුණෙත් ඕනෑම මිනිසෙකුගේ, සත්වයෙකුගේ ජීවිතයක් නැත්නම් අනතුරකට පත්වෙන්න යන වස්තුවක් බේරාගන්නවා. මෙතෙනදී අපි කණගාටු වෙන්නේ මේ මුහුදු සත්වයා බේරගන්න නාවික හමුදාව අසමත් වීම ගැනයි.
kapSunday, 24 November 2019 09:22 AM
නාවික හමුදාව ඉන්නේ මුහුදේ ඉන්න සත්තු අල්ලන්න නෙමේ පිටිගල මචෝ. මේවට වෙනම යුනිට් තියෙන්න ඕනේ වනජීවි එක යටතේ. අනික අපේ වගේ රටක , ජීවිතාරක්ෂක කණ්ඩායම් නෑ මුහුදේ නාන මිනිස්සු බේරා ගන්න. ඔයා මේ මුහුදු සිංහයන්ව බේරා ගන්න නාවික හමුදාවට බැරිද අහනවා. පිස්සු. අනික මුහුදු සිංහයා කියන්නේ ඇවිස්සුනාම ඉතා දරුණු සතෙක්.
rushan Monday, 25 November 2019 11:21 PM
කොටි බෝම්බ ගහලා රට සුනුවිසුනු කරද්දී මිලානෝ වල හැංගිලා හිටපු පිටිගල ද අහන්නේ නාවික හමුදාවට මුහුදු සිංහයෙක් අල්ලගන්න බැරිද කියලා?
dilhara Saturday, 23 November 2019 11:57 PM
ලංකාව ලගින් යන තුවාල උන සත්තුන්ටත් නොමිලේ ප්‍රතිකාර කරනවා අහන්නත් සතුටුයි. සමහර රටවල දුප්පත් මිනිස්සුන්ටත් බෙහෙත් ගන්න බෑ සල්ලි නැතුව.
kap Sunday, 24 November 2019 06:53 AM
දැන් සමහරු කියයි සිංහයෙක් රජ උන නිසා, මුහුදේ ඉන්න සිංහයොත් හොයාගෙන එනවා කියලා. අර ලඟදි නා රජෙක් මතු උනේ .
සෙනෙවිරත්න Sunday, 24 November 2019 07:15 AM
එම සිංහයා තුවාලවී සිටීම ගැන අදහසක් නැද්ද ?
සෙනෙවිරත්න Sunday, 24 November 2019 07:19 AM
ලඟදීම කැළනියේ ගං පතුලේ සිට නාගලෝකයට මාර්ගයක් තැනීමට අදහස් කර ඇති බව දැනගන්නට ලැබුනි . එම ව්‍යාපෘතියේ වැඩට බත් කන හරකුන් පමණක් බදවා ගනු ලබන බවද දක්වා ඇත.
raviSunday, 24 November 2019 01:29 PM
එහෙනම් ඔබට එහෙ යන්න අවස්ථාවක් ලැබෙන්න ඇති. ඒ ගැන අපේ සතුට. නාගලෝකයේ රස්සාව මොකක්ද...?
samiraSunday, 24 November 2019 01:30 PM
සිංහයින්ට නින්දා කරන්න එපා. ඔයා කියන ඔය සිංහයා ... පළමු ණය වාරිකය ගෙවාගන්න බැරිව බලු සිංහයෙක් වෙනවා.
nalaka Sunday, 24 November 2019 10:43 AM
නිර්වින්දනය කරන ඉන්ජෙක්ෂන් එකක් තුවක්කුවකින් මේ සතාට ගැහුවා නම් ගෙනියලා ප්‍රතිකාර කරලා යවන්න තිබුනා නේද?
Jt Sunday, 24 November 2019 02:57 PM
මුහුදු සිංහයා නෙමෙයි නේද? ඔය සීල් මත්සයා...
sharm warn Monday, 25 November 2019 05:10 AM
අඩුගානේ මේ වගේ සරල සිදුවීමකදීවත් දේශපාලනය ගාව ගන්නේ නැතුව කතා කරන්න බැරිද අපිට? මෙතන වගකීම තියෙන්නේ නාවික හමුදාවට නෙමේ... පශු වෛද්‍යවරුන්ට... අර නුවර පෙරහරේ අලි ගැන අඬා වැටෙන පරිසරවේදීන්ට මේ සතාව නොපෙනුන එක තමයි අරුමේ .. මේ සතාගෙන් ඩොලර් උනන්නේ නැති නිසා වෙන්න ඇති.. මම දන්නා හැටියට මේ සතා ආයෙමත් මුහුදට ගිහින්... එයාව තුවාල වෙලා තියෙන්නේ ගල්පර වල වැදිලා..
ධනුෂ් Tuesday, 26 November 2019 03:27 AM
අයිස් කුට්ටි වලින් වටකරලා තිබ්බ නම් ඒ සීමාවට වෙලා ඉන්නකොට අල්ලගන්න තිබුනා.