(වසන්ත චන්ද්‍රපාල සහ යු .විජේසිංහ)
පොතුවිල් මුහුදු මහා විහාර භූමිය තුළ සිදුකරන අනවසර ඉදිකිරිම් නැවැත්වීමට අද (16) දක්වා පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගය ලබන 30 වැනි දා තෙක් දීර්ඝ කිරිමට පොතුවිල් මහේස්ත්‍රාත් එම්.එච් මොහොමඩ් මහතා නියෝග කළේය.
මුහුදු මහා විහාර භූමියේ සිදුකර අනවසර ඉදිරිකිරිම් නවත්වන්නැයි පසුගිය 2 වැනිදා අධිකරණ තීන්දුව ලබාදී තිබිණි.
ඒ අනුව අද නඩුව කැඳවු අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා එම තීන්දුව 30 වැනිදා දක්වා දිර්ඝ කළේය.
අම්පාර කොට්ඨාස බාර පොලිස් අධිකාරි අතුල මාරපාන මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙසේ පැවසීය.
‘මුහුදු මහා විහාරය ඉඩම් පිළිබඳව 1965 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් තියෙනවා. එම ගැසට් නිවේදනය අනුව මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා රක්ෂිතයට අක්කර 30 ක භුමි භාගයක් වෙන්කර තියෙනවා. පසු කාලයේ දී මෙම ඉඩම් තුළ විවිධ පුද්ගලයින් විසින් ප්‍රකාශන ඔප්පු සකස් මෙම ඉඩම සංවර්ධනය කර තිබෙනවා. මෙයට අමතරව තවත් ඉඩම් කට්ටි 41 කට ඔප්පු ලබාදී තිබෙනවා.’
‘පුරාවිද්‍යා ආඥා පනත යටතේ එම ඉඩම් කිසිවක් බෙදන්න බැහැ. නමුත් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ විමසීමක් නොකර මෙම ඔප්පු ලබාදීම සිදුකර තිබෙනවා. ඉදිරියේ දී මෙම ඉඩම් මැනීම් කටයුතු සිදුකිරිමට කටයුතු කරනවා. එතෙක් මෙම ඉඩමට ලබාදී තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව පොලිස් අධිකාරීවරයා පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහණ කාරියවසම් මහතා මෙසේ කීය.
‘අද පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ දී මුහුදු මහා විහාරයේ ඉඩම් පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. මෙම ඉඩම් සම්බන්ධව සිතියම් දෙකක් පවතිනවා. ඒ අනුව අපි නීතිපතිතුමාගෙන් විමසීමක් කරා මෙයින් ක්‍රියාත්මක කළ යුතු සිතියම පිළිබඳව 1965 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දුන්නා. ඒ අනුව අපි අද අධිකරණයට කරුණු දැක්වුවා. ඒ අනුව තහනම් නියෝගය තවත් දවස් 14 කට දීර්ඝ කරා අධිකරණයෙන් මැනුම් නියෝගයක් මගින් නිරාකරණ තෙක් එතෙක් කාටවත් ඇතුළු වෙන්න එපා කිව්වා කිසිම ඉදිකිරිමක් නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.’
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරිම් 30 දා තෙක් අත්හිටුවයි
සේන Wednesday, 16 October 2019 08:38 AM
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කෙලින් හිටගන්න. මේ විනාශ වෙන්නේ රටේ සැබෑ ඉතිහාසය. අන්තිමට මිසදිටුවන් කියයි ඒවා එයාලගෙ කියලා.
susanthaWednesday, 16 October 2019 09:15 AM
අන්තිමට නෙමෙයි, දැනුත් මිසදිටුවන් කියන්නේ ඒවා එයාලගේ කියලා..! දැක්කේ නැද්ද අන්න දැන් උතුරෙනුත් කියනවා සියලු පුරාවිද්‍යා ඉඩම් මිනිස්සුන්ට නිදහස් කරන්න කියලා. ඔක්කොම මිසදිටු, ආත්මාර්ථකාමී අන්තවාදීන්ට ඕනෑ රටේ ඉතිහාසය වෙනස් කරලා එයාලට මේවා ලියාගන්න. කොන්ද පණ නැති නපුංසක ආණ්ඩු තියෙනකොට එයාලට ඉතින් බොහොම පහසුයි ඒවා කරගන්න...
Imalk Wednesday, 16 October 2019 08:55 AM
අයියෝ බෞද්ධ රටේ බෞද්ධයන්ට ගිය කලක්.
thilak Wednesday, 16 October 2019 09:21 AM
සංහිඳියාව යනු රටේ පුරාවිද්‍යා භුමි විනාශ කිරීම නොවන බව, උතුරු, නැගෙනහිර දේශපාලකයින් දැනගත යුතු කරුණකි.