IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

(රංජන් කස්තුරි)
 
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
 
ඒ අනුව, අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව වෙනුවෙන් කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
 
කොළඹ, ගම්පහ, කළුතර ඇතුලු පරිපාලන දිස්ත්‍රික්ක 25හිම හා දේශීය ජල තීරයද ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා කැඳවා තිබේ.



අදහස් (65)

මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

mahesh uk Sunday, 22 December 2019 08:14 AM

නියමයි ජනාධිපතිතුමනි, මේ රට හදන්න නම් රැඩිකල් වෙනසක් අවශ්‍යමයි. නැතිනම් මේ රට තව නොබෝකලකින් සිංහල සංස්කෘතිය, සභ්‍යත්වය, නැත්තටම නැතිවෙලා යනවා. අපි ඔබතුමාට හිසනමා ආචාර කරනවා...

:       16146       14590

දේසප්‍රියSunday, 22 December 2019 09:29 AM

තමුන් කොහෙවත් ඉඳන් අපේ රටේ දේවල් ගැන මහලොකුවට කතා කළාට ඒ දේවල් විනාශ කරන්නේ අපේම අය තමයි.

:       246       844

surathSunday, 22 December 2019 02:08 PM

උස්වැට කෙයියාව 'UK'

:       14       364

NishanSunday, 22 December 2019 09:53 AM

තමුන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින අතරේ අපිව හමුදා පාලනයකට යටපත් කරන්න ආණ්ඩුවට බලකරනවා...

:       4394       4826

Rasika Monday, 23 December 2019 03:59 AM

මෙය අලුත් දෙයක් නොවේ. කලින් තිබුණු එක දීර්ඝ කිරීමක්. අමුතු හමුදා පාලනයක් නොවේ.

:       128       43

Rata PerataSunday, 22 December 2019 01:38 PM

නිශාන්ගේ කතාව හරියට හරි...

:       553       632

රණවිර Sunday, 22 December 2019 06:39 PM

මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවීම කළ යුතුම දෙයක්. ලක්ෂ 69 ජනතාව එතුමාට බලය දුන්නේ හිටපු අයට වඩා වෙනස් විදියට රට පාලනය කරන්න. අනෙක මේ කොමිසම් ඇතිකරගෙන රටවල් පාලනය කරන්න බැහැ. කොමිසම් නිසා රටට වැඩදායි තීන්දු තීරණ ඉක්මණින් ගන්න බැහැ. ජාත්‍යන්තරය මොනවා කිව්වත් කොන්ද කෙළිත් තියාගෙන මෙතුමා වැඩේ කරනවා. ජාත්‍යන්තරයටත් පෙන්වාදෙනවා කොහොමද කරන්න ඕනෑ කියලා. තවත් මොනවද කියන්නේ...?

:       795       695

thushara Sunday, 22 December 2019 08:20 AM

හොඳ තීරණයක්... විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල...

:       1829       4127

saaliSunday, 22 December 2019 12:00 PM

එහෙනම් අපේ බෙල්ල ගියත් කමක් නැහැ, හරිම සනීපයි.

:       2278       516

Mahee Sunday, 22 December 2019 08:26 AM

මට මුලදී හිතුණේ ගංවතුරට අහුවෙන අය බේරගන්න කියලයි. මහජන සාමය කඩවීමේ අවදානමක් තියෙන බවක් අපි දන්නෙවත් නැහැනේ. අනික ත්‍රිවිධ හමුදාවම කැඳවන්න තරම්..

:       2421       2830

සමන්තSunday, 22 December 2019 09:16 AM

ඔය ගැසට් එක මෛත්‍රිපාල ජනාධිපතිවරයාත් නිකුත් කළා. මතක නැද්ද කොහේද? හදිස්සි නීතිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉවත් කළාම.. දෙකේම වෙනසක් නෑ. එකම වෙනස මෙය ගෝඨාභය ජනාධිපති නිකුත් කළ නිසා මිනිස්සු අමුතු විදිහට බැලීමයි.

:       641       2847

Mahesh Sunday, 22 December 2019 09:18 AM

වෙන්න පුලුවන් හේතු එමටයි. සහල් මිල වැඩිවීම, සහල් සමහර කඩවල විකිණීමට නොමැති වීම, ලූණු හිඟය, එළවළු මිල ඉතා විශාල ලෙස වැඩිවීම, කාදිනල්තුමා නත්තල් දවසේ පල්ලිවලට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීම, රජයේ ආදායම අඩුවීම වගේ දේවල් වෙන්න පුලුවන්. පාඨලී ගත්තෙත් අර ළමයට තියෙන ආදරේට නෙමේ අවදානය වෙන පැත්තට යොමු කිරීමට කියලයි පේන්නේ. ගිය ආණ්ඩුව කරපු ටිකේම දිගුවක් මේකත්...

:       2637       3154

මුණසිංහSunday, 22 December 2019 10:38 AM

සෑමවිටම වැරදි කෝනෙන් බලලා යම්දෙයක් සිදුවුණාට පස්සේ ඇඟිලි දික් කරන්නේ මේ වගේ අදහස් තිබෙන අය තමයි...

:       414       2552

ඉන්දිකSunday, 22 December 2019 09:28 AM

පාස්කු ඉරිදා බෝම්බ පුපුරනවා දන්නෙත් නෑ.

:       11       2276

amila Sunday, 22 December 2019 09:07 AM

මේ ගැන ඕනෑ කෙනෙක්ට ඕනදෙයක් කියන්න පුළුවන් නමුත් ගැහුවට පස්සේ 97පාරක් කිව්වා ගහනවා කියලා තාත්තා කිව්වා ගහනවා එළියට යන්න එපා කියලා... මේවගේ කතා අහනවට වඩා මේ තීරණේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන වටිනා තීරණයක්...

:       811       3274

Kalu Sunday, 22 December 2019 09:09 AM

ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක්! දැන් එජාපෙ කට්ටිය, 3% කට්ටිය, එන්ජීඕ කට්ටිය උඩදාගෙන කෑගහයි. ඔවුන්ට නටාගන්න කියලා අපේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අරක්ෂා කිරීමේ කටයුත්ත ජනාධිපති සිදුකළ යුතුයි.

:       1039       3304

Qwerty Sunday, 22 December 2019 09:22 AM

රට හමුදාකරණය කිරීමේ පළමු පියවරද?

:       3149       3630

RANJANSunday, 22 December 2019 10:27 AM

ඕකට කියන්නේ හමුදාකරණය කියලා නම් අපි ඕකට ගොඩක්ම කැමතියි. කොහොමත් පරයින් දඟලද්දී විරුවන්ට නැගිටින්න වෙනවනේ... නැත්තන් අහිංසක මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවනේ...

:       425       2569

Ajith NissankaSunday, 22 December 2019 06:07 PM

ඕකට වැඩියෙන්ම කැමති වෙන්නේ 88-89 කාලේ වෙච්ච දේවලින් බැට කාපු අයයි.

:       1       70

RaveendraSunday, 22 December 2019 11:01 AM

Qwerty වෙත, ඔබගේ අදහස් සමග එකඟවීමට නොහැකි බව පළමුව දැන්වීමට කැමැත්තෙමු. කෙසේවෙතත් රටේ ආරක්ෂාවට, මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවරගත්තේ නම් එහි කිසිඳු වැරැද්දක් නොමැති බවත් දැන්වීමට කැමැත්තෙමු. මක්නිසාද යත් මොනම රජයක් වුවත් බලයේ සිටින්නේ මූලික දෙය යුත්තේ රටේ ආරක්ෂාව මෙන්ම පුරවැසියන්ගේ ආරක්ෂාව බව අමුතුවෙන් කිවයුතු නැති බව අපගේ හැඟීමයි.

:       248       2318

sunilSunday, 22 December 2019 12:12 PM

ඒ වගේම තමයි දැන් තමන්ගේ විරුද්ධවාදීන් "උස්සන්නත්" මේ හමුදාවම යොදවාවි. ඉස්සර මේ ගොල්ලන් කළෙත් ඒකමයි.

:       2373       345

sirima Sunday, 22 December 2019 09:33 AM

වන්නිය පැත්තේ බලවතෙක් මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් අත්අඩංගුවට ගන්නද මේ සූදානම කියලා කවුදෝ කට්ටියක් කතාවෙනවා ඇහුණා...

:       2218       164

sirimaSunday, 22 December 2019 10:37 AM

සමහරවිට ඊටත් වඩා දැවැන්ත ලොක්කෙක් අත්අඩංගුවට පත්වෙන්නත් බැරි නැහැ. මතකනේ ෆොන්සේකා ඡන්දෙ ඉල්ලලා කාපු පරිප්පුව. අර මන්ත්‍රී පුතා කියලා තිබුනේ ඔය කියන කෙනාව ඕනෑනම් අද වුණත් හිරේ දාන්න කරුණු කාරණා තියෙනවා කියලා...

:       2260       90

surendraSunday, 22 December 2019 02:06 PM

මන්ත්‍රී පුතා කිව්වේ.. අගමැති පුතානේද...? ඒ නිසා තමයි ගිය සැරේ පැරදුණෙත් ඒ වගේමයි මේ සැරේත්... නමුත් මේ පාර ගෝඨා බාප්පගෙන් කන්න වෙනවා. ෂුවර්..!!!

:       0       45

මුණසිංහSunday, 22 December 2019 10:40 AM

ඕකට හමුදාවක් ඕනද? හැබැයි එයා ගන්න දැනටත් පරක්කු වැඩියි.

:       2       2201

sirimaSunday, 22 December 2019 11:05 AM

හිරේ ඉන්න ඕන අය එළියේ ඉන්නේ වැඩේ පරක්කු කරපු නිසා තමයි. වැඩි කල්යන්න කලින් කාටකාටත් තේරෙයි කරගත්තු මෝඩකම මොකද්ද කියලා...

:       87       464

රාජිත Sunday, 22 December 2019 09:39 AM

හෙට මම අත්අඩංගුවට ගන්නවා. එ්ක නිසා...

:       2217       25

banda Sunday, 22 December 2019 09:46 AM

හරියටම හරි ජනාධිපතිතුමනි, පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණය කරන අයගේ ඔලුවටම තියලා දාන්න.

:       2371       234

subhaniSunday, 22 December 2019 12:14 PM

ඔළුවට තියන එක මෙයාට අලුත් දෙයක් නොවෙයි නේද..? රතුපස්වල අහිංසක ඉස්කෝලේ ගිහින් එන ළමයින්ටත් "ඔළුවට" තිබ්බේ. මේ පාර මේ ගොල්ලෝ කනවා නියම කෑමක් ජාත්‍යන්තරයෙන්...

:       2701       3314

shanikaSunday, 22 December 2019 01:13 PM

Subhani, ඔයාලා හරි ආසයි නේද මේ රට ජාත්‍යන්තරයෙන් ඉල්ලන් කනවට...

:       285       212

කපිල වසන්ත කුමාර Sunday, 22 December 2019 09:53 AM

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්වයක් හටගෙන තිබුණා. ඊයේ (21) අදාළ ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පවසා තිබුණේ එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම ඒවා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි. දෙපිරිස අතර බහින් බස්වීමක් ඇතිවී ඇත.

:       2224       21

de silva Sunday, 22 December 2019 10:29 AM

අනතුරක සේයාවක් තිබෙනවා නම් බුද්ධි අංශ යොදවලා ඒවා හැකිතාක් දුරට මර්ධනය කරන්නේ නැතුව, කෙලින්ම නිලඇඳුම් ඇඳගත් හමුදා භටයෝ රටේ තැනතැන යෙදෙව්වොත් පිටරටවල ඉන්න ශ්‍රී ලංකා විරෝධීන් රට මිලිටරිකරණයකට ලක්කරනවා කියලා ආණ්ඩුවට ඇඟිල්ල දිගුකරන්න ඉඩ තිබෙනවා. එහෙම කළොත්, රටට ආයෝජකයින් කෙසේ වෙතත් සංචාරක පැමිණීම නම් අනිවාර්යයෙන්ම අඩුවේවි.. එහෙම වුණොත් අපේ ආර්ථිකය වැටෙනවා. කරන දෙයක් මොලේ කල්පනා කරලා කරන්න.

:       2716       136

රුචිරSunday, 22 December 2019 11:14 AM

බුද්ධි අංශ යොදවන්න පහුගිය අවුරුදු පහේ බුද්ධි අංශයක් ඉතුරු කරලා තියෙනවද?

:       208       2240

siriSunday, 22 December 2019 03:10 PM

බුද්ධි අංශයේ 740 දෙනෙකුගේ නම් ගම පින්තූර එක්ක එළිකලේ රටේ යහපත වෙනුවෙන් වෙන්න ඇති නේද?

:       0       336

beauSunday, 22 December 2019 11:31 AM

රට සාමකාමී නම් ආයෝජකයන් ඕනේතරම් එන්න පුළුවන්. පණ්ඩිතයෙක් වෙන්න එපා... ජනාධිපතිතුමා ඔබට වඩා හොඳට දන්නවා කළයුත්තේ කුමක්ද කියා...?

:       159       2222

karuSunday, 22 December 2019 06:44 PM

ඔව් ඔව් එයා දන්නවා. මිග් ප්ලේන් ගන්නේ කොහොමද ...? ආණ්ඩුවේ සල්ලිවලින් පවුලේ ගෙවල් හදන්නේ කොහොමද? මොලේ අමාරුවයි කියලා හමුදාවෙන් පැනලා ගිහින් ඇමෙරිකාවේ පේන්ට් බාස් කෙනෙක් වගේ ඉන්න..

:       263       311

GeneSunday, 22 December 2019 12:05 PM

ඔබේ අදහස සමග මුළුමනින්ම එකඟයි. කැරපොත්තෙක් මරන්න කඩු තුවක්කු පාවිච්චි කරනවද? මොකක්ද මහජන සාමය කඩවීමක් කියන්නේ. බරපතල මහජන පීඩාවක්, නැත්නම් කැරලි ගැසීමක් වගේ දෙයක් නේද? එහෙම දෙයක් රටේ තිබෙන බවක් පේන්න නැත්නම් ඔබ කියනවා වගේ විදේශවල පවා අනවශ්‍ය බියක් ඇතිවෙනවා. ආයෝජකයෝ ආපහු හැරෙන්නේ නැද්ද?

:       2241       137

beau Sunday, 22 December 2019 11:29 AM

ඉතාමත් හොඳ තීරණයක්. රට කඩාකප්පල් කරන්න බලාපොරොත්තුව සිටින දේශීය සහ විදේශීය සතුරන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුයි.

:       130       2190

Nimal ... Sunday, 22 December 2019 11:32 AM

පහුගිය කාලේ කෑ ගැහුවා... පොලිස් රාජ්‍යයක් කරනවා කියලා දැන් හමුදා පාලනයක් සිද්ද වෙලා ඉවරයි වගේ. රටේ ප්‍රශ්න නොවිසඳෙන කොට පිහිට ඕක තමයි. යමු යමු ඔහොම යමු.

:       2301       2875

රජින්ද Sunday, 22 December 2019 11:58 AM

කුහකයින් කියන දේවල් ගැන නොහිතා රටත්, ජාතියත්, අහිංසක ජනතාවත් වෙනුවෙන් කාදිනල් හිමියන්ගේ ඉල්ලීමද පිළිගෙන ජනාධිපතිතුමා ගත් මේ තීරණය අතිශයින්ම ප්‍රායෝගිකයි. වැදගත් තීරණයක්... පරාජය වුණු අය දේශපාලන වාසි වෙනුවෙන් අදහස් දැක්වූවාට යමක් සිදුවීමට පෙර එය වළක්වා ගන්නා පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් බවයි කියවෙන්නේ... ඔබතුමාට ස්තුතියි.

:       256       228

Sarath R Sunday, 22 December 2019 12:05 PM

ළඟ එන නත්තලට අනතුරක් ඇතිවිය හැකිනිසා..., ලොකු ආරක්ෂාවක් දෙන්න කියලා ඉල්ලුවේ කාදිනල්තුමා...

:       242       338

rsil Sunday, 22 December 2019 12:39 PM

මෙතන කෑගහන ගොඩක් දෙනෙක් දන්නේ නැද්ද කාඩිනල්තුමා නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාව ඉල්ලුවා කියලා. මතකනේ පාස්කු ප්‍රහාරය වුනේ ගණන් නොගෙන හිටපු නිසා කියන එක...

:       70       5

prasanna liyanaarachchi Sunday, 22 December 2019 01:02 PM

ජනාධිපතිතුමා බේරෙන්න කාදිනල්තුමා නත්තල් දවසේ පල්ලිවලට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීම ඉටු කරන්නම ඕනේ... මේ විදියට..!!!

:       0       25

liyanage Sunday, 22 December 2019 01:10 PM

කවුරු මොනවා කීවත්,....උත්සව සමයේ.. එහෙම අවදානමක් තිබේ නම්.. දෙයක් වෙන්න කලින් ගතයුතු හොඳ පියවරක්....

:       1       45

Devinda Uduwara Sunday, 22 December 2019 01:58 PM

මේවා ඡන්දෙදි කිව්වේ නැහැ. අපේ රටට කවදාවත් හරියන්නේ නැහැ.

:       31       82

Rasika Monday, 23 December 2019 04:01 AM

කලින් තිබුණු එක දීර්ඝ කළාම එ්ක හමුදා පාලනයක් වෙන්නේ කොහොමද?

:       0       0

suresh Sunday, 22 December 2019 02:09 PM

මොලේ අමාරුකාර, විකෘති කාමාශාවෙන් පෙලෙන්නෙක් නෙගටිව් කොමෙන්ට්ස් දමලා....

:       307       92

JuwanisMonday, 23 December 2019 01:56 AM

අපුරු කියමන, විකෘති කාමාශාවෙන් කොමෙන්ට් එක දාපු එක්කෙනාගේ නමත් ඔය තියෙන්නේ...

:       30       25

raviMonday, 23 December 2019 11:22 AM

එයාගේ නම ජුවානිස්ද..?

:       0       0

prasad Sunday, 22 December 2019 02:36 PM

නත්තලට පල්ලි යන අයට ආරක්ෂාව සහතික කරන්නත්, ගංවතුර විපත්වලදී ක්ෂණිකව උදව් ගන්නත් නේද හමුදාව සීරුවෙන් තියන්නේ? නත්තල් දින පල්ලි සියල්ලටම ඇතුල්වෙන අයත් අවට ගැවසෙන සෙනඟත් චෙක් කළා නම් නේද හොඳ? එහෙම කළා නම් පාස්කු ප්‍රහාරේ වෙන්නේ නැහැනේ... මිනිස්සු මැරෙනකම් ඉඳලා ආරක්ෂාව ඉල්ලන්න කැමති මෝඩයෝ තමා මේකට බැනලා අදහස් දාන්නේ...

:       79       192

lankasri Sunday, 22 December 2019 04:00 PM

එක පාරකුත් පරදින්න ඔන්න මෙන්න තියලා ත්‍රිවිධ හමුදාවම කැඳෙව්වා. එ්ත් හමුදාපතිලා විරුද්ධ වුණු නිසා වැඩේ කරගන්න බැරිවෙලා පැරදිලා යන්න වුණා. ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි වගෙයි.

:       45       177

Bandara Sunday, 22 December 2019 05:01 PM

අප පැතූ වෙනස මෙයයි. අප රට ආරක්ෂා කිරීම ගැන ගෝඨාභයට මැතිතුමාට ස්තුතියි. කමෙන්ට්ස් බලපුවාම පේනවා අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ තරම.. ගහන්න දීලා බලාගෙන ඉන්න කියලා වෙන්නැති කියන්නේ...

:       179       223

Kamal Sunday, 22 December 2019 05:05 PM

යහපාලන අම්බරුවන්ගේ සහ රට සුරකින රණවිරුවන් අතර වෙනස මෙයයි. දුදනන් හට යහපතක් කළවිට එය තේරුම් නොගනී.

:       252       4

kasunSunday, 22 December 2019 05:45 PM

රණ විරුවෝ වෙන්නේ කොහොමද..?

:       0       69

Binkunndaa Sunday, 22 December 2019 07:05 PM

ඉන්දිරා ගාන්ධි ඉන්දියාව මිලිටරි ලෝ දාලා පාලනය කරපු කාලේ තමාලු මුළු නුතන ඉන්දියානු ඉතිහාසයේ, රටේ හොඳම සංවර්ධනය, රටේ හොඳම විනය, රාජ්ජ්‍යය සේවයේ හොඳම රාජකාරිය, රටේ අඩුම රිය අනතුරු, රටේ අඩුම දුෂණ හා නීති කඩකිරීම්, බස් හා දුම්රිය හරියට වෙලාවට යාම හා රටේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම සිදුවෙලා තියෙන්නේ.

:       4       131

සමන්ත Monday, 23 December 2019 01:01 AM

රටේ කිසිම යුධමය වාතාවරණයක් නොමැති අවස්තාවක මෙසේ රටේ සිවිල් පරිපාලනය අභිබවා යන පරිදි හමුදා කැඳවීම දැඩි ලෙස ප්‍රශ්න සහගතය​. සමහර විට ඉන්දියානු බලපෑම මත විය හැක.

:       228       42

Rasika Monday, 23 December 2019 04:03 AM

මෙය කලින් තිබුණු එකම දීර්ඝ කරලා.

:       0       0

rocky Monday, 23 December 2019 01:43 AM

නියමයි, ජනාධිපතිතුමනි. පොහොට්ටුවන් හැර අනිකුත් හැම දෙනාම අත් අඩංගුවට ගෙන හිරේ දමන්න. එවිට මේ රට පාලනය කිරීම ලේසියි!

:       33       128

Bamunuarachchi Monday, 23 December 2019 01:56 AM

ඝෝඨාභය මහතානෙනි රට හදන්න යම රජ්ජුරුවෝ ගෙනාවත් කමක් නැත. හොඳක් වෙනවානම් ඒ හොඳ කාගෙන් කොහොම සිද්ද උනත් කමක් නැහැ කියන ප්‍රතිපත්ත්යේ මම ඉන්නේ.

:       312       86

Chandawimala Thero Monday, 23 December 2019 02:29 AM

හමුදාව හැසිරවීම පිලිබඳ අපේ ජනපති ගෝඨාභය මැතිඳුන්ට කවුරුත් කියා දෙන්න ඕන නැහැ. එතුමා මීට අවුරුදු කීපයකට පෙර එය මනා ලෙස ක්‍රියාවෙන් ම ඔප්පු කලා සාමය රකින හැටි. අනිවාර්යයෙන්ම රටේ සුබ සිද්ධිය වෙනුවෙන් සිව් මහා සේනාවෝ සුදුසු තැන්වල රට පුර සිටිය යුතුය. මෙය ඉතා දූරදර්ශි ක්‍රියා මාර්ගයකි. ඔබ තුමාට බුදුසරණයි! රටට බුදුසරණයි!

:       245       385

සමන්ත Monday, 23 December 2019 02:34 AM

රටේ සාමකාමී, සාමයට ලැදි, යුක්ති ගරුක සියලු දෙනා හමුදාව යොදවා නැතිකර දැමීමෙන් ද ප්‍රශ්න විසඳිය හැක.

:       153       236

sas Monday, 23 December 2019 03:18 AM

මේ වැඩ වලින් වෙන්නේ ලෝකය හමුවේ රට අපකීර්තියට පත්වීමය. විදේශ ආයෝජන පැමිණීම අඩුවිය හැකි අතර සංචාරක කර්මාන්තයටද අයහපත් බලපෑමක් විය හැක .

:       47       6

Asanga Monday, 23 December 2019 04:16 AM

බොහෝමයක් ප්‍රතිචාර කියවද්දී රට කන අපතයෝ කවුරුන්ද කියලා පෙනෙනවා..

:       0       0

chandima Monday, 23 December 2019 05:12 AM

එ්ක හොඳයි. අරයා මෙහෙ ඉඳන් යාලු ප්‍රජාවට කතාකරන්න බැරි නිසා ඉන්දියාවට ගිය බාප්පලාට කෝල් කරලා ගින්නක් අවුලුවන්න. ප්‍රවේශම් වෙන එක නුවණට හුරුයි.

:       0       0

සමන්ත Monday, 23 December 2019 05:50 AM

කාටද ඔය කියන්නේ? ඒකාලේ අරෙහෙ මෙහෙ ගිහින් එහෙම ගිනි ඇවිලුවේ අප්පොච්චි හාදයා තමයි. මලයා ඇවිත් අැවිලුවේ මිනිස්සුන්ගේ හදවත්. ඒවා තවම ඇවිලෙනවා අරෙහෙ මෙහෙ. එ්ක මතක තියාගන්න. අවුලුවනවා නම් දැනුත් හැඳි ගෑවිලා යන්නම අවුලුවන්න තරම් පාර්ලිමේන්තු බලයක් තියෙද්දී වෙන මොනවටද අවුළුවන්නේ?

:       34       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 99 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 218 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 310 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 698 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1086 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 887 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site