(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
මහජන බැංකු සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කළ වසන්ත කුමාර නැමති අයෙකුට සේවා දිගුවක් ලබානොදෙන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කර තිබියදීත් ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් බැංකුවේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ අදාළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ එස්.සේමසිංහ යන අය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (05) නියෝග කළේය.
ඉකුත් 2018 වසරේ අගෝස්තු මාසයේ ලබාදී ඇති මෙම මාස හයක සේවා දිගුව හේතුවෙන් එම සාමාන්‍යාධිකාරීවරයාට වැටුප් හා දීමනා සඳහා රුපියල් එක්කෝටි පනස් හතර ලක්ෂයක් ගෙවා ඇති අතර බැංකුවට වූ එම අලාභය වගකියුත්තන්ගෙන් යළි අයකරගැනීමට නිර්දේශ කරන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව දැනුම් දුන්නේ මහජන බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද (5) පෙනී සිටී අවස්ථාවේදීය.
අදාළ නීතිවිරෝධී සේවා දිගුව ලබාගත් සාමාන්‍යාධිකාරීවරයාට සේවා දිගුවක් ලබානොදෙන ලෙස කෝප් කමිටුව නියෝග කර තිබියදීත් එහි සභාපති ලෙස සිටි හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ලිපියක් මත ඔහුට සේවා දිගුව අනුමත කිරීමට එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස සිටි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රියාකර ඇතැයි ද කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
එම මාස හයේදී අදාළ පුද්ගලයාට මසකට රුපියල් ලක්ෂ 21 බැගින් වැටුප්ල රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක හි`ග වැටුප් මුදලක්, ලක්ෂ 26ක ප්‍රසාද දීමනා සහ තවත් ලක්ෂ 74ක අතිරේක දීමනා මුදලක් ද ගෙවා ඇතැයි මෙහිදී හෙළිදරව් විය.
ඊට අමතරව ඔහුගේ භාවිතය සඳහා රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට මිලදී ගත් බී.එම්.ඩබ්ලිව් රථයක් රුපියල් එක්ලක්ෂ දහතුන්දහසක මුදලකට ඔහුටම පවරා දීමට බැංකු අධ්යක්ෂ මණ්ඩලය අනුමැතිය දී ඇතැයි ද මෙහිදී සඳහන් විය.
ඒ සමඟම ඔහු භාවිත කරමින් සිටි තවත් වාහනයක් ඔහු රැගෙන ගොස් ඇතැයිද කී කෝප් සභාපතිවරයා මෙම වාහන දෙක ඔහුගෙන් වහාම ලබාගැනීමට කටයුතු කරන ලෙස ද මහජන බැංකු සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට නියෝග කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, නීතීඥ නිශ්ශංක නානායක්කාර, සාමාන්‍යාධිකාරී රසික ගුණවර්ධන යන මහත්වරුන් සහ එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකවරු කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ.
කෝප් කමිටුවේ සාමාජිකයින් වන දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහජන බැංකු හිටපු සභාපතිට - අමාත්‍යාංශ අතිරේක ලේකම්ට කෝප් කමිටුවේ පෙනී සිටීමට නියෝග
ගල්කටස් Thursday, 05 September 2019 02:52 PM
යහපාලනය සැපයි මුන් හොරු අල්ලන්නව කියලා අැවිත් ඩබල් එකෙම හොරා කාලා නෙ