(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
මහජන බැංකුවට කාර්යාල සහයකයින් ලෙස බඳවා ගන්නැයි දන්වමින් මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි මාසයේදී බැංකුවේ සභාපතිවරයා වෙත 1800 දෙනකුගේ නම් ලැයිස්තුවක් එවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
පසුව ස්ථිර කරන තුරු මොවුන් බඳවා ගන්නා ලෙස දන්වමින් අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසු පාසල් හැරගිය අයගේ ලැයිස්තුවක් මෙසේ එවා ඇති බව ද මෙහිදී හෙළි විය.
මෙම 1800 ක ලැයිස්තුවට මහජන බැංකු අධ්යක්ෂ මණ්ඩලය විරුද්ධ වූ බවත්, පසුව ඉන් 80ක් තෝරා මාස හයක කාලයක් සඳහා පුහුණුවන්නන් ලෙස බඳවාගෙන තිබෙන බව ද මහජන බැංකුවේ සභාපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා කෝප් කමිටුව හමුවේ සඳහන් කළේය.
අමාත්‍යවරයා එවූ 1800ක නම් ලැයිස්තුවෙන් 600ක් පමණ ගැනීමට පළමුව තීරණය කර පසුව එම සංඛ්‍යාව 80ක් දක්වා අඩු කර ඇතැයිද මෙහිදී අනාවරණය විය.
අ.පො.ස උසස් පෙළ විභාගය අවසන්ව පාසල් හැර ගිය අය පුහුණුවන්නන් ලෙස බඳවා ගැනීම සෑම වසරකම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සිදුවන බවත්, දෛනික දීමනාවක් යටතේ මාස 6 කට එවැනි අය බඳවාගැනීම බැංකුවට වාසිදායක බවත්, සභාපතිවරයා පැවසූ නමුත් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී පැවසුවේ ඇමතිවරයාගේ ලැයිස්තුවකට එය බඳවා ගැනීම අසාධාරණ බවයි.
රාජ්‍ය බැංකුවලට තාවකාලිකව පුහුණුවන්නන් බඳවා ගැනීමේ දී අයදුම්පත් කැඳවා සුදුසුකම් සහිත අය බඳවාගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාට උපදෙස් ලබාදුන්නේය.
සුනිල් හදුන්නෙත්ති මහතා මෙම උපදෙස් ලබාදුන්නේ මහජන බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටී අවස්ථාවේදීය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහජන බැංකුවේ රැකියා දෙන්නැයි මුදල් ඇමති නම් 1800 ක් යවලා
Lebbe Friday, 06 September 2019 03:05 PM
මුදල් ඇමැති ඉතිරිවෙලා ඉන්නවා ඇති.
Mahee Friday, 06 September 2019 03:13 PM
හැම අැමතියාම හිතන්නේ උන් යටතේ තිබෙන අමාත්‍යාංශ අයගේ පුද්ගලික දේපල බවයි. දැනුත් එහෙමයි, එදත් එහෙමයි. තමන්ගේ වත්තේ වැඩට කම්කරුවන් බඳවා ගන්නා ගමන් වත්තෙන් එන පොල් ටිකත් කඩා ගැනීම ඔවුන්ගේ සිරිතයි. කරුමේ කියන්නේ, අපේ වහල්ලුත් මේ ඇමතියන්ට එහෙම අයිතියක් තියෙනවා කියලා හිතාගෙන ආවඩන එකනේ. ඒකත්, එදත් එහෙමයි, අදත් එහෙමයි. නාගානන්ද කොඩිතුවක්කු වගේ කෙනෙක් ආවේ නැත්නම්, හෙටත් එහෙමයි.
RaveendraFriday, 06 September 2019 06:27 PM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි... මෙම අපතයින් හිතාගෙන ඉන්නේ මේ සියල්ල අම්ම අප්පාගේ බුදලේ කියලා තම තමන්ගේ පක්කලියන්ට කිසිදු හිරිකිතයකින් තොරව බෙදලා දෙන්නේ.. නොදකින් හිඟන හැත්ත. නිකන්ද මුන් 225 ටම හැලිවඳුරන් කියන්නේ.
VajiraSaturday, 07 September 2019 06:06 AM
කෝප් කමිටුවට නායකත්වය දෙන සුනිල් හඳුන්නෙති මන්ත්රීවරයාත් මේ 225 කෙනෙක් නේද? ඒ වගේ වටිනා මිනිසුනුත් පාර්ලිමේන්තුවෙන් එලවන්න කියලද ඔබ කියන්නේ? කවදාවත් මුදලට විකිණුනේ නැති දූෂණ, වංචා චෝදනා නැති ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනාට ඔබේ චෝදනාව අදාළ නැහැ රවින්ද්‍ර..
RaveendraSaturday, 07 September 2019 08:56 AM
Vajira මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. ඔබ කියන ඔය 6 දෙනා බෝධි සත්වයන් හැටියට ඔබලාට පෙනෙනවා ඇති. ඒ ඔබ විසින් පාවිච්චි කරන කන්නාඩිවල වර්ණය අනුව බව නොරහසකි. අප භාවිතා කරන්නේ අවර්ණ කණ්ණාඩි බැවින් අපට පාට පිළිබඳව කිසිඳු ගැටළුවක් නැත. ඔබ පවසන ඔය 6 දෙනාගේ "දරුමල්ලෝ සිටිනම්" ඒ අය විදේශවලද ඉගෙන ගන්නේ නැති නම් ලංකාවේද? සමාජවාදය ගැන උඩ පැන පැන මරහඬ දෙන ඒ උපාසක" මහත්තයලාගේ "දරුවන් විදේශවල ඉගෙන ගන්නේ මොන රටවල් වලද, ඒ සඳහා මුදල් කෙසේ උපයාගන්නේද? යන්න පිළිබඳව අවංකවම පිළිතුරු දීමට හැකිද? ඒ ඔබ විසින් උතුම් යයි විශ්වාස කරන ඒ 6 දෙනා විසින් අන්තරේ ඉන්න "බූරුවන්ව" තම තමන්ගේ නිවට, පහත්, අනාත දේශපාලන අරමුණු වෙනුවෙන් අතකොලු ලෙස නටවමින් සරසවිවල කටයුතු අඩාල කිරීමට කටයුතු කරනවා නොවේද? අන්තරේ ඉන්න ඒ ම්ලෙච්චයගේ නවකවදයට ඔබලා කියන්නේ කුමක්ද? කරුණාකර හිතට එකඟව අවංකව පිළිතුරු දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.
RaveendraSaturday, 07 September 2019 09:09 AM
Vajira මයා වෙත, තවද ඔබ විසින් සාන්තුවරයින් ලෙස හැඳින්වීමට උත්සාහ කරන ඒ අහිංසකයන් 88/89 දේශප්‍රේමින් ලෙස ක්‍රියා නොකළේද? එම වකවානුවේ රට විනාශ කිරීමට එම නිවටයින් සහභාගී නොවුනේද? දියවන්නා ඔයේ ඉන්න 225 ලබාදෙන තීරුබදු රහිත වාහනවලින් මේ සුද්දවන්තයෝ කිසිදු මුදලක් වංචා නොකළේද? ඔබ කියන අහිංසකයින් 6 දෙනා දියවන්නා ඔයේ හරක්මඩුවේ ආපනශාලාවෙන් ඉතා අඩුමුදලට ආහාරපාන (මහජනතාව වැඩිදෙනෙකු බඩගින්නේ ඉඳිද්දී) අධි පෝෂ්‍යදායි ආහාර ගිල නොදමනේද? ඔතරම් අවංක නම් එසේ ගිලදැමීමට විරුද්ධ නොවන්නේ ඇයි? ඔබ ඇතුළු සියලුම ලාංකිකයන් අද දින කුසගිනි නිවාගැනීමට කොහෙන් මුදල් හොයාගත්තේද ඔබ දන්නේද? කරුණාකර තරම්වන්ගේ හිතට එකඟව අවංකව ඉහත සඳහන් පැනයන්වලට පිළිතුරු ලබාදෙනමෙන් ඉල්ලා සිටින්නෙමු. ඔබ ඔබට අවංක වී පිළිතුරු සපයයි යන්න අපගේ විශ්වාසයයි.
MaheeSaturday, 07 September 2019 12:29 PM
වජිර මහතා, ඔබට මතකද ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු වෙලාවේ ජවීපෙ කිව්ව දේ. ඔවුන් කිව්වා ජනමත විචාරණයකින් තොරව එය සම්මත කළ නොහැකිබව. හැමතැනම කියකියා ගියා. මහනායක හාමුදුරුවරුන්ට කිව්වා, රැස්වීම්වල කිව්වා. ප්රවෘත්ති සාකච්ඡාවල කිව්වා. නමුත් නාගානන්ද එක ශ්‍රේෂ්ටාධිකරණේ අභියෝග කල වෙලාවේදී විජිත හේරත් අධිකරණයට ඉදිරිපත් කළ ලියවිල්ලේ මොකක්ද කිව්වේ? ඔවුන් කිව්වා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ, තුනෙන් දෙකේ ඡන්දය හොඳටම ඇති කියලා. කොහොමද මහජනතාව රවට්ටපු හැටි... ඔය දෙපිට කාට්ටු මිනිස්සුද හොඳයි කියලා ඔබ කියන්නේ. රවීන්ද්‍ර මහත්තයා කියන්න වාගේ ගලවන්න මහතාණෙනි, 'රතු කන්නාඩිය'.
Sanath KandySaturday, 07 September 2019 06:00 AM
ජවිපෙ මන්ත්‍රීවරු 6 දෙනා නොහිටින්න මේ හොරු රටම මංකොල්ල කනවා. අවුරුදු හැත්තෑවක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ හොරුන්ට බලය දුන්නා දැන් ඇති නේද? කෝප් සභාපතිකම ලැබිල ජවිපෙ මේ තරම් දෙයක් කරනවානම් ජනාධිපතිකම දුන්නොත් මේ රට ගොඩ ගන්නවා ස්ථිරයි. මේ සැරේ අවස්තාව දීල බලමු. අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් කර ගමු.
නොකවුට් Friday, 06 September 2019 03:20 PM
ඉන්න හිතෙන රටක්...
රන්බණ්ඩා Friday, 06 September 2019 03:21 PM
ඔය පුරප්පාඩුවලට රැකියා විරහිත උපාධිධාරීන් පත් කළොත් නරකද?
Prabha Friday, 06 September 2019 05:14 PM
මොන විෂයට උපාධිය ගත් කට්ටියද?
ශ්‍රීFriday, 06 September 2019 09:36 PM
ඔය උපාධිධාරීන් බොහෝ දෙනකුට අඩුම තරමේ රාජකාරී ලිපියක් ලියන්න බැරි බව ඔබ දන්නවාද
JehaanSaturday, 07 September 2019 07:29 AM
රැකියා විරහිත උපාධිදාරී කට්ටියගේ මහන්තත්වයට මේ රැකියාව හරි යාවිද? අන්තිමේ බැංකුව ඇතුලෙත් දියව් දියව් කියලා ගුස්ති අල්ලන්න පටන් ගනීවි. පුරප්පාඩු ඇති නම් ප්‍රසිද්ධියේ අයැදුම්පත් කැඳවා, මොලය කොලොප්පන් නොවූ තරුණ තරුණියන් සාධාරණ ලෙස තෝරාගෙන බඳවාගන්න.
surath Friday, 06 September 2019 04:24 PM
මොංගල්ගේ මොංගල් වැඩ...
මුණසිංහ Saturday, 07 September 2019 01:59 AM
යහ පාලනය කියන්නේ මේකට ද? දැන් කෙරුවාවල් ඔක්කොම එළි වේගෙන එනවා. රනිල්ට කත් අදින අය දැන් මොකද ? කියන්නෙ. මහ බැංකුවේ ඉදන් රාජ්‍ය බැංකු ඔක්කොම විනාශ කළා.
parana banku sevakayek Saturday, 07 September 2019 03:10 AM
එක අතකින් මුදල් ඇමැති එවන එක හොඳයි මුදල් ඇමැති ගේ පුතා එවනවාට වඩා ඒ කාලේ වගේ
lalithm Saturday, 07 September 2019 05:33 AM
රැකියා විරහිත උපාධිධාරීන් විතරද ජීවත් වෙන්න ඕනේ. උපාධිධාරින්ගෙන් රටක් බලාපොරොත්තුවෙන්නේ ව්‍යවසායකත්වය. රැකියා උපදවීම. නමුත් අපේ රටේ සමහර උපාධිධාරීන් කියන්නේ මොකුක් කරන්න බැරි කොටසක් වෙලා. වෘත්තීය දැනුමක් ලබා නොදෙන කිසිම උපාධියකින් රටට පලක් නැහැ. විශේෂයෙන් කලා උපාධි සහ සමහරක් වාණිජ උපාධි. නිකමුන් බෝ වෙනවා විතරයි. අපරාදේ රටේ සල්ලි සහ ශ්‍රම බලකාය?
මනෝජ් Saturday, 07 September 2019 06:04 AM
මේවා හෙළිකරපු හඳුන්හෙත්තිල ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ... හරි ෂෝක්! අඩු ගාණේ තැන්ක් යූ කියලවත්.
Rata Perata Saturday, 07 September 2019 07:12 AM
මංගලලා, සජිත්ලා ඉස්සරහට දාගෙන එන්නේ ඔය සෙල්ලම් හොඳට කරන්න තමයි...
rim Saturday, 07 September 2019 07:29 AM
ඔක්කොම එකතුවෙලා ජවිපෙ එකට ඡන්දෙ දෙමු. එකෙක්වත් ඇමති නැහැ. ඉතින් කොහෙද රටක් හදන්න පුළුවන් මම නම් ජවිපෙ තමයි..
Rohana Sunday, 08 September 2019 02:23 AM
බලය ලබාගත් සෑම පක්ෂයක්ම 1970 සිටම මේ වැඩේ කරනවා. දේශපාලන හිතවත්කම් මත නුසුදුස්සන්ට රැකියා ලබාදීම මේ රට පිරිහීමට සහ රැකියා අසහනය ඇතිවීමට ප්‍රධානම හේතුවයි. දැන් පොරොන්දු දෙන දේශපාලන කණ්ඩායමුත් මේ වැඩේ ඉදිරියටත් කරන බව නම් සහතිකයි.
nihAL Sunday, 08 September 2019 10:00 AM
ඔය 1800 මංගලගේ සමනල්ලුද?
ranjith Sunday, 08 September 2019 10:33 AM
මහජන බැංකුවේ ලොක්කන් කරන මේ ජාතික අපරාධ දුප්පත් මිනිස්සු තැන්පත් කරන මුදල්වලට එන පොලියෙනුත් කොටසක් ගන්නවා මේවට සේවක සංගම් පාරට බහින්නේ නැත්තේ මොකද? තව කෝප් කමිටුවේ නිර්දේශ නොතකා එකෙකුට සේවා දිගුවක් දීලා මාසෙට ලක්ෂ 21 බැගින් ගෙව්වලු... තවත් කෝටි 2කට අාසන්න මුදලට ගත්ත බී.එම්.ඩබ්ලිව් කාර් එක ඒ මිනිහටම දීලලු.. තවත් කාර් එකක් අරන් ගිහිල්ලලු... ඉන්න හිතෙන රටක් මෙහෙමද හදන්නේ? මේ වගේ කාලකන්නි පාලකයෝ නිසා අද රටේ මහජනතාව අසරණ තත්වයට පත්වෙලා සේවක සංගම් කියන අයටත් මේවා පේන්නේ නැහැ. මෙහෙම ගියොත් මේ අායතන ඉතුරු වෙයිද?
Malin presanga Rathnayaja Sunday, 18 October 2020 04:09 PM
මම අවුරුදු 5කට වැඩි කාලයක් මහජන බැංකුවේ වැඩකළා. දැනට මට බැංකුවේ ජොබ් එක නැහැ. ලොකු අසාධාරණයක් වුණේ. අවුරුදු 3ට වැඩි සියලුම දෙනා බැංකුවට බඳවා ගැනිමට ගැසට් එකක් ආවත් මාව අයින් කළා. වගකිව යුතු අදාළ බලධාරීන් දැනුවත් කළත් වැඩකු වුණේ නැහැ. අවසාන අගමැතිතුමා මෙන්ම. ජනාධිපතිතුමාව දැනුවත් කළත් වැඩක් වුණේ නැහැ.