IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා‘

(*** දසුන් රාජපක්ෂ)

මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රිත්මකවීම සම්බන්ධයෙන් තමා 2013 වසරේ දී එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම්දුන් බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (18) ප්‍රකාශ කළහ.

මුස්ලිම් අන්තවාදය එල්ටීටීඊ සංවිධානය මෙන් නොව වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන නිසා බුද්ධි අංශ යොදවා ඒ පිළිබඳව  සොයා බලන බව ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දුන් බව ද ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළහ.
අභියාචනාධිකරණයේ සභාපති ජනක්  ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (18) රැස්විය.

එහිදී රජයේ නීතිඥවරිය ඇසූ ප්‍රශ්නවලට අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

රජයේ නීතිඥ :- අන්තවාදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළාද?
ඥානසාර හිමි:- එහෙමයි. ඔව්. ජනතාව දැනුම්වත් කළා.

රජයේ නීතිඥවරිය:- මහරගම දී 2013 පෙබරවාරි 17 වැනි දින පැවැත්වූ සමුළුවක දී ඔබ වහන්සේ අදහස් දක්වා තිබේද? විවිධ අවස්ථාවලදී ජනතාව දැනුම්වත් කර තිබනෙවා නේද? එවැනි ආකාරයෙන් නිපෝන් හෝටලයේ දී අදහස් දැක්වීමක් ගැන ඔබ වහන්සේට මතකයක් තිබේද?
ඥානසාර හිමි:- මම නිපෝන් හෝටලයේ පැවති එම හමුවට සහභාගි වුණේ අහඹු ලෙස. ඊට දින හතරකට පෙර ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල නියෝජිතයන් එකතු කරගෙන විල්පත්තුවේ සිදු වූ වන විනාශය සහ නීති විරෝධී ජනපදකරණය පිළිබඳ සොයා බැලීමට එහි ගියා. රිෂාද් බදියුදීන් කළ වන විනාශය සහ නීතිවිරෝධී ජනපදකරණය ගැන මාධ්‍යවල ප්‍රචාරය වුණා. මේ හෙළිදරව්ව නිසා රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා රිෂාද් බදියුදීන් මට විරුද්ධව නඩු පවරනවා කියා නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක් එවා තිබුණා.
රිෂාද් බදියුදීන්ගේ මැදිහත්වීම මත වටරැක විජිතහිමි සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග මුස්ලිම් මව්ලවිවරුන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට යන බව එම මාධ්‍ය හමුවට ආරාධනා ලැබූ මාධ්‍යවේදියෙක් බොදුබල සේනා  සංවිධානයට දැනුම්දීමක් කළා. ඉන්පසු අපේ නියෝජිතයන් පිරිසක් සමග මා එතනට ගියා. මුස්ලිම් මව්ලවිවරුන් සහ ස්වාමීන් වහන්සේලා පළිහක් කරගෙන අපේ චෝදනාවලින් හා විල්පත්තුව විනාශය පිළිබඳව බේරෙන්න රිෂාද් උත්සාහ කර තිබුණා. මා ඒ මාධ්‍ය හමුව පැවති නිපෝන් හෝටලයේ දෙවන මහලට ගියාට එහි මාධ්‍ය හමුවක් තිබුණේ නෑ. ඉන්පසු සොයා බලද්දී ඔවුන් පළමු මහලේ රැස්වී සිටින බව දැන ගන්න ලැබුණා.
පළමු මහලට යනවිට ස්වාමීන් වහන්සේලා සහ මව්ලවිවරුන් සාකච්ඡාවක නිරතවී සිටියා. එහිදී ඔවුන් හා අප අතර සංවාදයක් ඇතිවුණා.

විනිසුරු මඩුල්ල:- ඔබ පවසන ආකාරයට අනිත් දේශපාලනඥයන් කවුද?
ඥානසාර හිමි:- රාවුෆ් හකීම්, සලීම් වැනි අය ස්වාමීන් වහන්සේලා මෙහෙයවා තිබුණා. වටරැක විජිත හිමිට රිෂාද් බදියුදීන්  මුදල් දී තිබෙනවා.

රජයේ නීතිඥවරිය:- එම මාධ්‍ය හමුවට කී දෙනෙක් සහභාගි වුණා ද?
ඥානසාර හිමි:- මාධ්‍යවේදීන් හතළිහක් පමණ සිටියා මතකයි. තවත් තිහක පමණ පිරිසක් හිටියා.

රජයේ නීතිඥවරිය:- විල්පත්තුව කැලය හරහා කාපට් පාරක් තිබෙන බව සහ ජනපදකරණයක් පිළිබඳ විල්පත්තුවට යනවිට ඔබවහන්සේ දැනගෙන හිටියද?
ඥානසාර හිමි :- අපි මුලින්ම දැනගෙන හිටියේ නැහැ. අපි තන්තිරිමලේට යනවිට එහි සිටි ස්වාමීන් වහන්සේ නමක් කොළඹට පිටත්වීමට කෙටි පාරක් ඇඳලා දුන්නා. ඒ පාර වැටිලා තිබුණේ විල්පත්තුව හරහා. අපි ඒ පාර දිගේ යනවිට පටුවට තිබුණු පාරේ ටික දුරක් යනවිට කාපට් දමා ඇති බව දැක ගන්න ලැබුණා. කාපට් පාර ඔස්සේ කිලෝමීටර් 10ක් පමණ යනවිට ගෙවල් වගයක් දැක්කා. ඒ පිළිබඳ සොයා බලන විට තැනින් තැන ගෙවල් හතළිහක් තිබෙන බවත් ඒ ගෙවල්වලට වෙනමම පල්ලියක් තිබෙන බවත් දැන ගන්නට ලැබුණා. ඒ අවස්ථාවේ අපි වැඩිවෙලා මාධ්‍යවේදීන් සමග රැඳී නොසිට අවශ්‍ය ෆොටෝ සහ වීඩියෝ අරගෙන පිටත් වුණා. හමුදාව උතුරට ආයුධ ප්‍රවාහනය කිරීමට විල්පත්තුව හරහා කැපූ පාරක් එලෙස සංවර්ධනය කර  කැලය කපා ජනපදකරණය කරගෙන තිබෙන බව කොළඹට පැමිණ සොයා බලන විට දැන ගැනීමට ලැබුණා.

රජයේ නීතිඥවරිය:- රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පරිසරවේදීන් පිරිසක් විල්පත්තුව හරහා කපා තිබෙන පාර සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙන බව ඔබවහන්සේ දන්නවාද?
ඥානසාර හිමි:- ඒ පිළිබඳව මට මතකයක් නැහැ.

රජයේ නීතිඥවරිය:- විල්පත්තුවට අදාළ ප්‍රශ්නයට විසඳුම මාධ්‍ය හමුවක් මගින් ප්‍රචාරයක් ලබාදීම බව යැයි ඔබ වහන්සේ සිතනවාද?
ඥානසාර හිමි:- මේ ප්‍රශ්න ගැන රටේ දේශපාලනඥයන්ට කියලා වැඩක් නැහැ. ඔවුන් එකතුවී තමයි විල්පත්තු සංහාරය කළේ.
අපට අවශ්‍ය වුණේ ජනතාව අතර මේ විනාශය ගැන මතයක් හැදීමටයි. එය නිර්මාණය කරන්නයි අපි උත්සාහ කළේ.

රජයේ නීතිඥවරිය:- රට තුළ පවතින ක්‍රමවේදයට එරෙහිවීමට ඔබවහන්සේ මුල් වුණා ද?
ඥානසාර හිමි:- එහෙම දෙයක් කළේ නැහැ. මේ ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි කියා අපි සිතුවා. ඉන්පසු සත්‍ය වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙයි කියා අපි විශ්වාස කළා. ඡන්දයක් පවත්වද්දී ජනතාව ඊට සම්බන්ධ දේශපාලනඥයන්ට විරුද්ධව කටයුතු කරනු ඇති බව අපි කල්පනා කළා.

රජයේ නීතිඥවරිය:- මැතිවරණ සමයක දී ද ඔබලා විල්පත්තු ගියේ.
ඥානසාර හිමි:- නැහැ. ඒකාලෙ පළාත් සභා ඡන්දය පැවැත්වුණේ කඩින් කඩ. ඒ නිසා මට නිශ්චිතව ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්න බැහැ.

රජයේ නීතිඥවරිය:- පාලකයන් මාරු කිරීමට නොව ජනතාව උසිගන්වන්නද විල්පත්තු විනාශය ගැන ප්‍රචාරය කළේ?
ඥානසාර හිමි:- නැහැ. ඒක වැරදියි. කලින් කලට බලයට පත්වන ආණ්ඩුවල ප්‍රතිපත්ති වෙනස්. ඉස්ලාමීය කණ්ඩායම් මේ දෙගොල්ලො එක්කම උපක්‍රමශීලීව වැඩ  කරනවා. සූක්ෂම ආකාරයෙන් පාලකයන් ලවා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට මුස්ලිම්වරුන් දන්නවා. තමන්ගේ අරමුණු වෙනුවෙන් කුමන අයුරකින් හෝ දේශපාලනඥයන් පාවිච්චි කර ඒ  අය තමන්ගෙ වැඩේ කර ගන්නවා.

රජයේ නීතිඥවරිය:- නිපෝන් හෝටලයට ගිය අවස්ථාවේ ඔබ වහන්සේ කළ කතාව මාධ්‍ය මගින් ප්‍රචාරය වුණාද?
ඥානසාර හිමි:- ඔව්. එය ප්‍රචාරය වූවා.
මේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු ඥානසාර හිමි ඇතුළු පිරිස නිපෝන් හෝටලයේදී හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් විනිසුරු මඩුල්ලේ අවධානයට ලක්කර පෙන්වීය.

රජයේ නීතිඥවරිය:- ඔබවහන්සේ නියෝජනය කරන මතවාදය පිළිගන්න විශාල පිරිසක් හෝ අනුගාමිකයන් පිරිසක් බොදුබල සේනාව වටා රොක්වී සිටිනවාද?
ඥානසාර හිමි:- ඔව්.

රජයේ නීතිඥවරිය:- ඔබවහන්සේ අනුගමනය කරන විශාල පිරිසක් සිටින විට නායකයකු වශයෙන් ඉතා දැඩි ආකාරයට ප්‍රකාශයන් සිදු කිරීමෙන් ප්‍රචණ්ඩත්වයට මග පෙන්වීමක් සිදු වන්නේ නැතිද?
ඥානසාර හිමි:- අපගේ එකම උවමනාව අපගේ රට රැක ගැනීමයි. රට ගොඩනගපු ජාතියක් අපි. අපට ආගමික දර්ශනයක් තිබෙනවා. අපගේ ඒ උරුමය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. විවිධ අවස්ථාවල දී කථා කළ යුත්තේ ඒ මොහොතට අනුකූලව රිද්මයකට අනුවයි. බණ කියන විට බණ කියන රිද්මයක් තිබෙනවා. පිරිත් කියන විට ද එහෙමයි. ඉතා උතුම් සම්පතක් වන විල්පත්තුව වැනි වටිනා අපේ උරුමයක් විනාශ කරන විට කට වහගෙන අපට ඉන්න බැහැ. සද්ද නැතිව තමන්ගෙ පාඩුවෙ ඉන්නෙ නැතිව ඒකයි ඒ මොහොතේදී කථා කළේ. අනිත් කාරණය අලුත්ගමදීත් එහෙමයි. අපේ ජාතිය වෙනුවෙන් අපි කථා කරනවා.

රජයේ නීතිඥ:- ඔබවහන්සේගේ කතා පටිගත වූවා නේද?
ඥානසාර හිමි :- ඔව්. එතන මාධ්‍යවේදීන් සිටියා. ඒ අයට අපි කතා කළ විලාසය ඇහිලා ඇවිත් මගේ කතා පටිගත කරන්න ඇති.

රජයේ නීතිඥවරිය:- බොදුබල සේනාවේ නායකයා වශයෙන් ඔබ වහන්සේට පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා මාධ්‍ය ඉදිරියේදී සංවරව  ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක සිට කථා කළ යුතුයි නේද?
ඥානසාර හිමි:- පන්සලක ඝණ්ඨාරයක් හයිකරලා තිබෙන්නේ කුමකටද? යම් කරදරයක් වුණොත් හයියෙන් ඒක ගහනවා. ඒ වගේ රට, දැය සමයට විපතක් වෙද්දී ඒක මොරගහල මම ප්‍රකාශ කරනවා. සිද්ධියෙන් සිද්ධියට අනුව කතා කරන විලාසය වෙනස්. මට වැදගත් වන්නේ සිද්ධිය පමණයි. චීවරය පාවිච්චි කරලා වැරදි වැඩක් කරනවා නම් අපි හඬ නගනවා. කෑගහල ඒක ගැන කියන්න කැක්කුමක් තියෙනවා. නිපෝන් හෝටලයේ සිද්ධියෙන් පසු ඒ මොහොතෙම විජිත හිමි අපේ සිංහල ජාතියෙන් සමාව ඉල්ලුවා. මාධ්‍යවේදීන්ගෙනුත් සමාව ඉල්ලුවා. මුස්ලිම් ගම්මාන සහ මුස්ලිම් ජනතාව සිටින තැන්වල අපි ඕනෑ තරම් බොදුබල සේනාවේ සමුළු පවත්වා තිබෙනවා. ඒවායේදී කිසිදු ගැටලුවක් වුණේ නැහැ.

විනිසුරු මඩුල්ල:- විල්පත්තුව කැපීමට මූලික වුණ ඇමැතිවරයා කවුද?
ඥානසාර හිමි:- රිෂාද් බදුයුදීන්.

විනිසුරු මඩුල්ල:- ඔහුට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ගියෙ නැත්තෙ ඇයි?
ඥානසාර හිමි:- එවකට හිටපු ආණ්ඩුවේ ජනාධිපතිවරයාට අපි ඒ ගැන පැමිණිල කළා. ඔහුටත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක එය පවතින බව ඔහු අප සමග පැවසුවා. ඔහු එහෙම කීවේ මේ ජරා දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසයි. නීතිය හරියට ක්‍රියාත්මක වනවා නම් අපි මේ තරම් කෑ ගහන්නේ නැහැ.

විනිසුරු මඩුල්ලේ සභාපති ඡනක් ද සිල්වා මහතා:- විල්පත්තුව කැලය කැපීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් මේ වන විට පැවැත් වෙනවා.
එම නඩුවට සම්බන්ධ විනිසුරුවරුන් දෙදෙනකු මෙම ජනාධිපති කොමිසමේ සිටිනවා. එබැවින් මින් ඉදිරියට විල්පත්තු කැලයට සම්බන්ධ සිද්ධිය පිළිබඳව කථා නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඥානසාර හිමි:- විල්පත්තුව සිද්ධිය ජාතික ප්‍රශ්නයක් වූ නිසයි අපි ඒ ගැන කථා කළේ.

රජයේ නීතිඥවරිය:- යම් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වන විට ඊට කඩා පැන එය කඩාකප්පල් කරනවාට වඩා වෙනමම මාධ්‍ය හමුවක්  ඔබවහන්සේ පැවැත්වූවා නම් එය වඩා ප්‍රජාතන්ත්‍රවාදියි නේද? එසේ නොකර නිපෝන් හෝටලයේ එවැනි මාධ්‍ය හමුවට ඔබ වහන්සේ මැදිහත් වුණේ ඇයි?
ඥානසාර හිමි:- ඔබ ප්‍රශ්නය වැරදියට වටහාගෙන තිබෙන බව පෙනෙවා. අපි ගියේ නිපෝන් හෝටලයේ මාධ්‍ය හමුව පවත්වන විට නෙවෙයි. ඒ වෙද්දි මාධ්‍ය හමුවක් පැවතියේ නැහැ. ඔය කථා බහ අපි දෙපිරිස අතර ඇතිවුණේ ඔවුන් පළමු මහළේ සාකච්ඡාවක නිරතව සිටින විටයි.
මාධ්‍ය හමුව ප්‍රමාද ඇයි කියලා අපි හොයද්දී විජිත හිමි සහ මව්ලවිවරුන් පළමු මහලේ වෙනමම සාකච්ඡාවක නිරත වී සිටින බව දැන ගත්තා. එවිට අපි ඒ සාකච්ඡාව වුණ තැනට ගියා. ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් ද එතනට ආවා. එකයි සිදුවුණේ. ඒ නිසා අපි මාධ්‍ය හමුවකට මැදිහත් වුණේ නැහැ. අපි මාධ්‍ය හමුව කඩාකප්පල් කළා කියා ඔබට කියන්න බැහැ ඒ නිසා.

රජයේ නීතිඥවරිය:- ඔබ වහන්සේගේ ක්‍රියාකලාපය නිසා යම් අයකුගේ සිත් රිඳවීමට පුළුවන්. ඒ ගැන මොකද කියන්නෙ ?
ඥානසාර හිමි:- මුස්ලිම් අය විශේෂයි. සහරාන්ට ගහද්දී මුස්ලිම් අය එකට එකතු වුණේ ඒකයි. මේ අසාධාරණකම් පෙන්වන අපි යක්කු බවට පත් කරනවා. මුස්ලිම් ජාතිකයන් මොන වගේද කියන එක මුලින්ම අපි අවබෝධ කරගත යුතුයි.
මේ අවස්ථාවේ දර්ගා නගරයේ ඇති වූ කෝලාහලය ඇතුළත් වීඩියෝ පටයක් රජයේ නීතිඥවරිය ක්‍රියාත්මක කෙරූ අතර එහි සඳහන් ඥානසාර හිමිගේ කථාව පිළිගන්නේ නැති බව පවසමින් එම වීඩියෝව මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් සංස්කරණය කර ඇත්තේ
අසාම් අමීන් නම් මුස්ලිම් ජාතිකයා බව විනිසුරු මඩුල්ලේ අවධානයට ලක් කළහ.
ඉන් පසු එහිදී ඥානසාර හිමි කරන සංස්කරණය නොකෙරු සම්පූර්ණ කථාව බොදුබල සේනාවේ නියෝජිතයකු විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කළේය.

රජයේ නීතිඥවරිය:- වීඩියෝ පටයේ දැක්වෙන අවස්ථාව කුමක් ද?
ඥානසාර හිමි:- වීඩියෝ පටයේ දැක්වෙන්නේ අලුත්ගම දර්ගා නගරයේදී ඇති වූ කෝලාහලය හා එහිදී මා කළ කථාවක්. මා කළ කථාවේ කොටසක් පමණයි ඔබ පෙන්වූ අසාම් අමීන් නැමැත්තා මාධ්‍ය ආයතනයකට සංස්කරණය කළ වීඩියෝ පටයේ දැක්වූයේ. ඒ කොටස අල්ලගෙන වැරදි කෝණයකින් මා දෙස බලන්න එපා.
මට ඔය කථාව කිරීමට සිද්ධීන් කීපයක් බලපෑවා. දර්ගා නගරයට කලින් කිව්වේ කාදියවත්ත කියන සිංහල නම. දැන් ඒ සිංහල නම පාවිච්චි කරන්නේ නැහැ. ඒ නගරය ආසන්නයේ සිංහල සිද්ධස්ථාන දෙකක් තිබෙනවා. සිංහල පවුල් 60ක් පමණ ජීවත් වෙනවා. මුස්ලිම් ජාතිකයන් කිසිම අවස්ථාවක ඔය පන්සල් දෙකේ නායක හාමුදුරුවෙකු ආවොත් වැඩිකාලයක් ඉන්න දෙන්නේ නැහැ. විවිධ නොපනත් ක්‍රියා කරල උන්වහන්සේලාට පන්සල්වලින් යන්න කටයුතු සලස්වනවා. දර්ගා නගරයේ කලබලයේ පසුබිම ඒකයි.
ඊට අදාළව ඥානසාර හිමිනම විසින් සාක්ෂියක් ලබාදුන් අතර ජාතිවාදය ඇවිස්සෙන සුළු ප්‍රකාශ එහි ඇතුළත් බැවින් එම කොටස මෙම  පුවතින් ඉවත් කර තිබේ.

ඥානසාර හිමි:- ඇත්තටම අලුත්ගම ගැටුම නැවැත්තුවේ බොදුබල සේනාවේ මැදිහත්වීමෙන්. අපි සිංහලයන්ව සන්සුන් කළා. ජනතාව අතර පැවති ආවේගශීලිත්වය ආරූඪ කරගෙන මා කථාවක් පවත්වල ජනතාව සන්සුන් කළා. එම කථාව එම ජනතාව සාමකාමී කළා. බෞද්ධයන්ගේ ක්‍රමය ප්‍රචණ්ඩත්වය නොව සාමකාමී වීම මම ජනතාවට ඒත්තු ගැන්නුවා. මම කිසිම අයෙකුට මුස්ලිම් කඩ කඩන්න කීවේ නැහැ. මම කීවේ ඒ කඩවලට යන්න එපා කියලයි. සන්සුන් වූ ජනතාව සාමකාමීව පිටත් වෙද්දී හැංගී සිටි මුස්ලිම් පිරිසක් ගල්වලින් ගැහුවා. ඒ සිද්ධිය මුල්කරගෙන තමයි දර්ගා නගර ගැටුම ඇතිවීමට බලපෑවේ.

විනිසුරු මඩුල්ල:- 2013 වසරට පසු මෙරට තුළ මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන බව එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජක්ෂ මහතාට ඔබ වහන්සේ දැනුම් දී තිබෙනවද?
ඥානසාර හිමි:- ඔව්. ගෝඨාභය මහතාට ඒ බව කිව්වා.

විනිසුරු මඩුල්ල:- මුස්ලිම් අන්තවාදය නැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවාද කියන කාරණය ඔහු සඳහන් කළා ද?
ඥානසාර හිමි:- ඔව්. ඒ සම්බන්ධයෙන් හොයන බව එවකට ආරක්ෂක ලේකම්වරයා මා සමග පැවසුවා. කොටි සංවිධානය මෙන් නොව මුස්ලිම් අන්තවාදය වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වන බව එතුමා කීවා. ඒ නිසා බුද්ධි අංශ යොදවා ඒ ගැන සොයන බව ඔහු ප්‍රකාශ කලා.

විනිසුරුවරයා:- රජයේ පරිපාලන පද්ධතිය ඔබ කීව දේ පිළිගත් බව ඒ අවස්ථාවේ ඔබට වැටහුණා ද?
ඥානසාර හිමි:- දේශපාලනඥයන් ගැන නම් විශ්වාසයක් නැහැ. රජයේ පරිපාලන නිලධාරියෙක් වූ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ දේවල් යහපත් බව මා අවබෝධ කරගත්තා.

විනිසුරු මඩුල්ල:- මෙහිදී පෙන්වූ එක්තරා වීඩියෝවක ඔබ වහන්සේ ජාතිවාදියකු බව සඳහන් වුණා. ඉන් අදහස් වන්නේ කුමක්ද?
ඥානසාර හිමි:- වීඩියෝවේ දැක්වූ කථාව මා කළේ එතන හිටපු ජනතාවගේ තත්ත්වය ගැන හිතලා.
මම ජාතිවාදියකු නෙවෙයි. මම ජාතිකවාදියෙක්.



අදහස් (2)

‘මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වන බව 2013 දී කිව්වා‘

kamal Friday, 19 June 2020 12:22 PM

ඡන්දෙ ළඟයි නේද? බැටිකලෝ කැම්පස්, පාස්කු ප්‍රහාරය, විල්පත්තු, වගේ දේවල් ආයෙත් මතුවෙනවා.

:       0       0

Bamunuarachchi Friday, 19 June 2020 12:35 PM

අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේත්, මමත් ඒ කාලේ සිට මේ ගැන කියන කොට අපිව ජාතිවාදීන් කියා හංවඩු ගැසුවා. මෙතන තිබෙන්නේ ජාතිවාදයක් නොව ආගම්වාදයක් බව එසේ කී ගොබ්බයින් දැනගෙන සිටියේ නැහැ. කොහොම වුණත් යතාර්ථය තේරුණු ලක්ෂ 69 සිංහල ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. තවත් යතාර්ථය නොතේරුණු ලක්ෂ ගාණක් ඉන්නවා. ඔවුන් තේරුම් ගත් දාට අවමංගලයින් චුතවී නැවත මෙරට සිංහලයින්ගේම රටක් වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4766 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4737 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8220 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3016 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 739 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12422 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site