IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


’මාසයක් නිරෝධායනය වෙන්න සංචාරකයන් එන්නේ නෑ’

 

(ඩයනා උදයංගනී)


සංචාරකයින් වෙනුවෙන් ගුවන් තොටුපළ විවෘත කිරීමේ ආරක්ෂිත ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලය ඇතුළු බලධාරීන් හා සෞඛ්‍ය අංශ එක්ව අධ්‍යයනය කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.


සංචාරකයින්ට ගුවන් තොටුපළ විවෘත කරන්නේ නම් ඔවුන් දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථානයකදීත්, තවත් දින 14ක් ස්වයං නිරෝධායනයටත් යොමුකිරීම ප්‍රායෝගික නැතැයි කී විශේෂඥ වෛද්‍යවරයා මසකට ආසන්න කාලයක් නිරෝධායනයේ යෙදීමට සංචාරකයින් පැමිණෙන්නේ නැතැයි ද සඳහන් කළේය.


එබැවින් ඒ වෙනුවෙන් වෙනත් සුදුසු හා රටේ ආරක්ෂාව තහවුරු වන ක්‍රමවේදයක් ඇතිකළ යුතු බව ද සුදත් සමරවීර මහතා කීවේය. මේ සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලය, ගුවන් තොටුපල අධිකාරිය, යුද හමුදාව හා සෞඛ්‍ය අංශ එක්ව සුදුසු ක්‍රමවේදයක් අධ්‍යයනය කරමින් සිටින බව ද හෙතෙම පැවසීය.


ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 


විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, විදෙස් දූත මණ්ඩල හා ඔවුන්ගේ ඥාතීන්, මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් පැමිණෙන තාක්‍ෂණ නිලධාරීන් හා සේවකයන් ගුවන් මගින් මෙරටට ගෙන්වීම මේ වන විටත් සිදුවන බව කී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂවරයා සංචාරකයින් ගෙන්වීමට වඩා මුල්තැන ලබාදිය යුත්තේ දැනට විදේශයන් හි අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට බව ද කීවේය.


විදේශයන්හි සිටින පිරිස් ගෙන්වන්නේ ද පී.සී.ආර් පරීක්‍ෂණ කළ හැකි ධාරිතාවය, නිරෝධායන පහසුකම්, රෝහල්වල පවතින ඉඩකඩ ආදිය සළකා බලමින් බව ද හෙතෙම සඳහන් කළේය.


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා ද මෙහිදී අදහස් දැක්වීය. 



අදහස් (11)

’මාසයක් නිරෝධායනය වෙන්න සංචාරකයන් එන්නේ නෑ’

de silva Tuesday, 15 September 2020 12:20 PM

ඔය සෞඛ්‍ය සේවයේ තිබෙනවා කියන අඩුපාඩු ටික හොයාගන්න මාස 06කුත් ගතවෙලත් බැරිවුණාද? අපේ විදේශ ශ්‍රමිකයෝ නිකරුණේ දුක් විඳින්නේ බලධාරීන්ගේ තිබෙන දුර්වල කම් නිසා.. මුළු රටම වහගෙන.. ආර්ථිකයත් කඩා බිඳදමාගෙන... අපි කොරෝනා මර්ධනය කළා කියමින් පාරම්බාන්න විතරද මේගොල්ලන්ට පුළුවන්..

:       981       1501

විජේ Tuesday, 15 September 2020 12:43 PM

බයිලා නොකියා ඉන්න සිල්වා මහත්තයා. මරණ ගාන 13 නොවී 1300 වෙලා තිබුණානං බලන්න තිබුණා ඔයාලගෙ කතා. මමත් වීසා අරන් ලංකාවට එන්න ඕනේ ලංකාවේ කෙනෙක්... අවුරුද්දකින් පොඩි අය දෙන්නව දැකලා නෑ. ඒත් මොනවා කරන්නද, මගේ අවශ්‍යතාවට වඩා රටේ ආරක්ෂාව ලොකුයිනේ...

:       1619       1345

ranaWednesday, 16 September 2020 03:50 AM

මව් රටට තියෙන ආදරය නිසාම වෙන්න ඇති වෙනත් දේශයක පුරවැසි කම ගත්තේ, දැන් කියන්න කවුද බයිලා කියන්නෙ ?

:       1       0

Champa Tuesday, 15 September 2020 12:59 PM

මේ අවුරුද්දේ බටහිර සංචාරකයින් සියයට 75ක් ඔවුන්ගේ විදේශ සංචාර අවලංගු කරගෙන... සාමාන්‍යයෙන් දීර්ඝ සති අන්ත වල යන්න හිටපු දේශීය සංචාරත් සියයට 73ක් අවලංගු කරගෙන... බටහිර ගුවන් යානා සමාගම් කියන විදිහට පෙර-කෝවිඩ් සාමාන්‍ය තත්වය ඇති වෙන්න තව අවුරුදු කීපයක් යනවලු. සංචාරකයින්ට තියෙන ප්‍රශ්නය නිරෝධායනයට වඩා, ගුවන් යානාවල ඉතා කිට්ටුවෙන් මගීන්ට ඉඳගෙන ඉන්න සිදුවීම. දුර රටවලට සංචාරය කරන කොට පැය 10ක් 15ක් එහෙම ඉන්න සිද්ධ වීම, ඒ වගේම ආහාර ගන්න වෙලාවට ඇර මුහුණ වැස්ම මුළු ගුවන් ගමන් කාලය තුලම පැළඳගෙන සිටීම වගේ දේවල් නිසා බටහිර සංචාරකයන් සංචාර අවලංගු කරගෙන තියෙනවා. මේවා ලංකාවේ පාලනයෙන් බැහැර වෙන දේවල්...

:       172       125

prabha Tuesday, 15 September 2020 03:15 PM

කෝවිඩ් නිසා කඩාවැටෙන යුරෝපයේ සංචාරක කර්මාන්තයට සහනයක් විදිහට මෙව් ග්‍රීෂ්ම නිවාඩුව තමන්ගේම රටේ ගතකරන්න මේ රටවල රජයෙන් සහන පැකේජ් දෙනවා.

:       0       29

Thushara Tuesday, 15 September 2020 03:42 PM

මමත් ඉන්නේ සවුදියේ. අපිට ජොබ් එක නැතුව දැන් මාස ගාණක් වෙනවා. යන්න කියලා කිසිම ක්‍රමයක් දන්නේ නෑ. ඉන්ෂුවරන්ස් කියලා මගුලක් කරනවා සල්ලි අරගෙන ෆ්ලයිට් වල ගණන් වැඩිනම් ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවපු එව්වා දැන් ආණ්ඩුව කරන්නෙත් බිස්නස් එකක්... එයා පෝර්ට් එක වහගෙන නිරෝධායනයට ඉඩ නෑ කියලා සල්ලි තියෙන අය විතරක් ගෙන්න ගන්නවා. ඇයි ආණ්ඩුවේ මැති ඇමතිලාගේ දෙවියන්ගේ හොටෙල් තියෙනවනේ..? දෙවියෝ කිව්වේ ඔවුන්ගේ හෙන්චයියන්ට ඔවුන්ගේ හොටෙල් වල බිස්නස් එක වැඩි කරගන්න නිරෝධායනය කරන අය හෝටල්වල නතර කරලා ඔහුගෙන් ගාන කතා ගන්නවා හිතේ හැටියට... සාමාන්‍ය සේවය කරන අය මැදපෙරදිග ඉන්න දුප්පත් මිනිස්සු ගෙන්නන්නේ නැහැ.. ඉඩ නැහැ කියලා. ඒ වුණාට සල්ලි දීලා එන අයට ඉඩ තියෙනවා ඕනතරම්.. ඇයි ඉතින් අනුන්ගේ හෝටල්වලට නෙවේ. එයා පෝර්ට් එක වහගෙන ආණ්ඩුවේ අය හිතන්නේ අපි බබාලා අපි දන්නේ නෑ මේවා කියලා... සල්ලි දීලා එන අයට නිරෝධායනයට ඉඩ තියෙනවා සාමාන්‍ය විදිහට එන අයට තමයි නිරෝධායන ඉඩ නැත්තේ... ආණ්ඩුවේ මැති ඇමතිලාගේ හෙංචයියලාගේ හෝටල් වලට නිරෝධායනය කරන්න දානවා.

:       318       535

ChampaTuesday, 15 September 2020 05:32 PM

ඒක නම් සම්පූර්ණ ඇත්ත. මුදලට මුල්තැන දෙමින් තමන්ගේම රටේ ශ්‍රමිකයන්ගේ ජීවිත අවතක්සේරු කරන ආණ්ඩුවේ දුර්දාන්ත ප්‍රතිපත්තිය මමත් කිහිපවරක් විවේචනය කරලා තියෙනවා. ආණ්ඩුව දැනගන්න ඕනේ මේ මිනිස්සු මැදපෙරදිග ගියේ සංචාරයකට නොවෙන බව. රැකියා තියෙනකම් ඔවුන් රටට සල්ලි එව්වා. දැන් රැකියා නැති වෙච්ච ගමන් ඔවුන්ව රම්පා, කරපිංචා කෑලි වගේ පැත්තකට දාලා තියෙනවා. අන්තිම අසාධාරණයි. කෝවිඩ් අරමුදලක් තියෙන්නේ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න. ඒ අරමුදලේ සල්ලි ටිකක් පාවිච්චි කරලා නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කරන්න හෝ අඩු මුදලට හෝටල් ටිකක් අරගෙන මැදපෙරදිග හිරවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්න පුළුවන්...

:       0       1

chandima Tuesday, 15 September 2020 03:57 PM

සංචාරකයින්ට තියා ගමරට එන විදේශීය ශ්‍රමිකයෙකුටවත් විදේශයක සිටින ස්ථිර පදිංචි කරුවෙකුට හෝ ද්විත්ව පුරවැසියෙකුටවත් එන්නට බැරිවෙනවා.

:       48       185

Nihal Wednesday, 16 September 2020 05:06 AM

බටහිර රටවල සිට බැනපු අයට මව්බිම මතක් වෙලා..

:       110       2

සනත් ඉතාලිය Wednesday, 16 September 2020 07:56 AM

මේ මාතෘකාව ඔස්සේ අදහස් ලියන හැමෝම සුලු පිරිසක් හැර ලියන්නේ පිටරට ඉන්න ලක්ශ23 ම ලංකාවට ගරහලා පිටරට ගිහින් එහෙ පුරවැසිකම ගත්ත අය ගානට. හැබැයි එතනින් 90%ක්ම ඉන්නේ තම දරුපවුල රකින්න පිටරටක රැකියාවකට ගිය උදවිය... අවුරුද්දකට හෝ අවුරුදු දෙකට වතාවක් තමන්ගේ රැකියා නිවාඩුවට ලංකාවට එන තම දරුපවුල වැඩිහිටි දෙමාපියන් දකින්න එන උදවිය. පසුගිය සිංහල අවුරුද්දට නිවාඩු එන්න හිටිය අපි අදටත් මෙහෙ හිරවෙලා ලංකාවට යන දවසක් ගැන පේනතෙක් මානෙක නැහැ.. තැලෙන යකඩ හැමපැත්තෙන්ම තැලෙනවා. මෙතන ඉන්න උදවියත් තමන්ට පිටරටකට රැකියාවකට යන්න නොලැබුණු අවනඩුවට පිටරට ශ්‍රමිකයින්ට උඩ පැන පැන තලනවා. කාට කියන්නද මේ අවනඩුව?

:       0       132

Kumar (Gulf) Thursday, 17 September 2020 07:06 PM

30 අවුරුදු යුද්ධය කරනකන්, රටට කන්න දෙන්නේ විදේශ විනිමය දෙනකම් රට විරුවෝ හොඳයි.. දැන් අපේ සල්ලි වලින් කාලා අපිටම ගරහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 772 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 143 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 976 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1005 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1320 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1185 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site