IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


“මාසයකට ලක්ෂ 5 ක පඩියක් ලැබුවත් ආර්ථික සභාවේ ලේකම් වැඩිපුරම සිටියේ පිටරට“

ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මාසයකට රුපියල් ලක්‍ෂ පහක වැටුපක් ලැබුවත් ඔහු වැඩිවශයෙන් කාලය ගතකර ඇත්තේ පිටරටයැයිද මේ තත්ත්වය එම සභාව අහෝසි කිරීමට ප්‍රධාන හේතුවවූ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව වෙනුවට ජනාධිපතිවරයා විසින් ජාතික ආර්ථික සභාව පිහිටුවනු ලැබුවේ 2017 වසරේදීය.

එහි මහලේකම් ධුරයට ලලිත් සමරකෝන් මහතා පත්කරනු ලැබුවේද ජනාධිපතිවරයා විසිනි.

මෙම පත්වීම සඳහා අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කර තිබූ කැබිනට් පත්‍රිකාවේ ජනාධිපතිවරයා විසින් ලලිත් සමරකෝන් මහතා හඳුන්වා තිබුණේ “පළපුරුද්දෙන් දැනුමෙන් සහ දක්‍ෂතාවයෙන් පරිපූර්ණ වූත්මෙම තනතුර හැම අතින්ම සුදුසුකම් ඇත්තාවූත් පුද්ගලයකු” ලෙසිනි.

කෙසේ වෙතත් ජාතික ආර්ථික සභාව අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවෙහි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මහලේකම්වරයා සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත්වී ඇති බවය. මහලේකම්වරයා පෞද්ගලික හේතුන් මත නිතර විදේශගතවන බවත් මේ වනතුරුම ඔහු ආපසු පැමිණ නැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහාචාර්ය ලලිත් සමරකෝන්ගේ ජාතික ආර්ථික සභාවේ සෙසු කාර්ය මණ්ඩලයේ සේවය අවසන් කරන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මහලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට දැනුම්දී ඇත.

( සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)

055



අදහස් (5)

“මාසයකට ලක්ෂ 5 ක පඩියක් ලැබුවත් ආර්ථික සභාවේ ලේකම් වැඩිපුරම සිටියේ පිටරට“

සේන Monday, 21 October 2019 10:57 AM

ආර්ථිකේ හදන්න රට යන්න ඇති මගේ හිතේ...

:       0       13

lalithm Monday, 21 October 2019 11:45 AM

කව්රුත් තමතමන්ගේ යාළුවන්ට තමන්ට පුළුවන් වෙලාවට සලකනවා. මිත්‍රකම.

:       5       12

sarath perth Monday, 21 October 2019 12:17 PM

ජනාදිපතිතුමට මිනිසුන් හඳුනාගන්න දිගු කලක් ගතවෙනවනේ. පෙරහැර ගිහිල්ලත් ඉවරයි

:       0       0

gunda Monday, 21 October 2019 05:58 PM

16 දා කිට්ටු වෙනකොට තව තව දේවල් මතක් වෙයි එලොව පොලුත් පෙනෙයි

:       0       0

Bamunuarachchi Tuesday, 22 October 2019 01:05 AM

ඔය විදිහටම රටට වැඩක් නොකර රට අගාදයට දැම්ම යහපාලනකාරයින්වත් ගෙදර යවන්න කටයුතු කරමු. ඒ සදහා අපේ සහයෝගය නොමසුරුව ලැබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 331 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 680 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 810 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 613 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 170 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1787 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site