IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට සිරදඬුවම්

(සමන් විජය බණ්ඩාර)
 
හෙම්මාතගම පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන ලද මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු (ශ‍්‍රීලනිප) සභාපතිවරයාට මාස 6 ක බරපතල වැඩසහිතව සිරදඬුවම් නියම කිරීමට මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (15) නියෝග කළේය.
 
මෙලෙස සිර දඬුවම් නියම වුයේ අරණායක, හෙම්මාතගම ලිපිනයේ පදිංචි  පී.පී. වික‍්‍රමසිංහ මහතාටය. 2011 නොවැම්බර් 07 වැනිදා බලපත‍්‍ර නොමැති සිය නිවස පිටුපස ජංගම ලී මෝලක් පවත්වාගෙන යන බව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථාන පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් බිය ගන්වා සභාපතිවරයා ඔවුන්ට බැණ වැදී ඇත.
 
ඒ අනුව එම සභාපතිවරයා ඇතුලූ දැව කඳන් අත්අඩංගුවට ගැනීමට එවක සිටි හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ තවත් නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේ සභාපතිවරයා විරෝධතාවයක් දක්වා තිබිණි. පසුව පොලිස් ස්ථානාධිපතිවරයා අරණායක සහ මාවනැල්ල පොලිසියේ නිලධාරින් පිරිසක් ගෙන්වා සභාපති, සේවකයන්, දැව කඳන් අත්අඩංගුවට ගත්තේය. පසුව හිටපු සභාපතිවරයාට ඔහු සමග සේවය කරන ලද සේවකයන් තිදෙනෙකුට පොලිසිය විසින් නිතීමය පියවර ගැනීමට හෙම්මාතගම පොලිසිය කටයුතු කරන ලදි.
 
නිතීය ක‍්‍රියාත්මක කරමින් පොලිස් රාජකාරියට බාධා කිරීම, රජයේ සේවකයෙකුට සාපරාධී බලහත්කාරකම් පෑම මෙන්ම සපරාධී බිය ගැන්වීම් යනාදී ක‍්‍රියාවන් වෙනුවෙන් නඩු පවරා තිබිණි.

එම නඩුව මේ වන තෙක් වාර කිහිපයක් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වු අතර අද ඊට නඩු තීන්දුව ලබා දෙමින් හිටපු සභාපතිවරයාට මාස 6 ක සිර දඬුවම් ලබා දීමට මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා  නියෝග කළේය.
 
ඔහු සමග එම ජංගම ලී මෝලේ සේවය කරන ලද ඉතිරි තිදෙනාට රුපියල් 10,000 දඩ මුදලක් ද නියම කෙරිණි.
 
මෙම නඩුව අද දිනයේ විභායට ගත් අවස්ථාවේ හෙම්මාතගම පොලිසිය වෙනුවෙන් හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඇතුලූ නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.



අදහස් (4)

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට සිරදඬුවම්

Raveendra Tuesday, 15 October 2019 12:29 PM

නිතිය අවනීතිය කරගෙන සමාජයට පිළිලයක් වූ මෙවන් අයට මෙසේ දඩුවම් දීම පිලිබදව අප ගරු අධිකරණයට හිස නමා අපගේ අචාර්ය පුදකරන්නෙමු. සියලුම පක්ෂවල සිටින මි හරකුන්ට මෙය හොද පාඩමක් වේවා !! රතුද කොළද නිල්ද, පක්ෂය මොකක් වුවද වැරද්ද වැරැද්ද ලෙස විවේචනය කිරීමට පෙළ ගැසෙමු. එක එක ගොන් පක්ෂ බදාගෙන මහජන මුදලින් වැටුප් ලබන උසස් නිලධාරීන් යයි කියාගන්න කුඩැල්ලනටත් මෙය ආදර්ශයක් වේවා !!

:       47       485

රවින් Tuesday, 15 October 2019 01:32 PM

මේ දේශපාලුවා හිතන් ඉන්න ඇති එයා නීතියට වැඩිය උඩින් ඉන්නේ කියලා. ආපහු මෙවැනි අයව පත්කරලා යැවුවොත් එම පළාතේ ඉන්නේ මන්ද බුද්ධිකයින් බව සෙසු අයට වැටහෙනු ඇත. සාමාන්‍ය ජනතාවට තම ජිවිතවලට තර්ජනය වෙයි හැඟෙන කොස් ගසක් කපාගන්නත් අවසර පතක් ගතයුතු බව නොදැනද ගෙදර ලී මෝලක්ම දාගෙන තියෙන්නේ.

:       62       234

විජිත් Tuesday, 15 October 2019 01:35 PM

මේ හාල්මැස්සෝ. පුලුවන්නම් දාන්නකෝ තෝරෙක් මෝරෙක් නැතිනම් කෙලවල්ලෙක් කුඩුවට..

:       3       31

Senanayake Wednesday, 16 October 2019 02:30 AM

රවින්ද්‍ර හා රවීන් ගේ අදහස් වලට dislike දමපු අයගේ අදහස් මොන වගේ විය හැකිද

:       505       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 437 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 914 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1079 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 714 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 192 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1866 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site