IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහණ බැද්දේගේ

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහණ බැද්දේගේ

 

 

( තිළිණි ද සිල්වා )

ප්‍රවීණ කලාකරු හා ජන සංගීතඥයෙකු වන රෝහණ බැද්දේගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස රජය විසින් නම් කරනු ලැබ ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බැද්දගේ මහතා මෙම තනතුරට නම් කර ඇත.

රෝහණ බැද්දගේ මහතා අදාළ තනතුරට අනුමත කිරීම පිළිබඳ සුදුසු නුසුදුසු බව පරීක්ෂා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් අද (11) ප්‍රසිද්ධ නිවේදනයක් ද නිකුක් කරනු ලැබ ඇත.

ඒ අනුව ලබන 25 වැනි දිනට පෙර මෙම නම්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට යම් පුද්ගලයකු හෝ සංවිධානයක් කැමති නම් ලේකම්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්‍යංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලිඛිතව දැන්විය හැකි යැයි එම උසස් නිලතල පිළිබද කාරක සභාව කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත් වීමත් සමඟ විදේශයන්හි පිහිට ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් හි කටයුතු කළ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් යළි කැඳවීමට තීරණය කළ අතර, ඒ අනුව මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.බී තෝරදෙණිය මහතා වෙනුවෙන් රෝහණ බැද්දගේ මහතා නම් කරනු ලැබ ඇත.



අදහස් (30)

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහණ බැද්දේගේ

kalana Tuesday, 11 February 2020 11:40 AM

අනේ ඉතින් දැන් අපේ රටට තුන්මන් සරණේ සරණයි !

:       1       4

Nuwan Tuesday, 11 February 2020 11:48 AM

මම හිතුවේ විහිළු සපයපු යුගය ඉවරයි කියලා. අයියෝ ඉතින් රටක් දියුණු වේවිද?

:       1       18

Keppetipola Tuesday, 11 February 2020 11:56 AM

හොඳ බෙර පදයක් ගහලා, සින්දුවක් තාලෙට කියලා, ජීවිතේ සැඳෑසමය විවේකීව ගතකරලා, හොඳ නිවාඩුවක් අරගෙන අපේ මව්බිමට නැවත එන්න. රෝහණ බැද්දගේ වැනි ශ්‍රේෂ්ට කලාකරුවෙක් කලායතනයක හෝ ගුවන් විදුලි සංස්ථාව වැනි ආයතනයක ප්‍රධානියා වශයෙන් පත්කර ඔහුගෙන් කලා ක්ෂේත්‍රයට උපරිම ප්‍රයෝජන ලබාගන්නේ නැතුව මේ කරන විහිළුවැඩ වලින් රටක් දියුණු කළහැකිද?

:       1       3

saliya Tuesday, 11 February 2020 12:03 PM

ගරු කටයුතු කලාකරුවාණනි, ගරුත්වය රැක ගෙන මේ තනතුර භාර නොගනු මැන. ඔබ අප ගේ හදවත් දිනාගත් අයෙකි. ඔබ මෙම වගකීම් දැරිය හැකි මට්ටමේ නොමැත.

:       1       18

Gamage Tuesday, 11 February 2020 12:14 PM

ඔව් ඔව් කරපුවට ආපහු ගෙවන්න එපැයි. වියත් මග කියන්නේ මේක තමයි. හරි හරි ඔහොම යං. කවුරු ආවත් ඕක තමයි වෙන්නේ. පක්ෂ වෙනස් වුනාට පුද්ගලයෝ වෙනස් වුනාට පක්ෂ දෙකම එකම මගේ. අනේ පව් අපි.

:       1       2

Sanath Kandy Tuesday, 11 February 2020 12:19 PM

ඊට වඩා නරකද එතුමාට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහල තනතුරක් දුන්නානම්. වටිනා පුද්ගලයෙක් උනත් මේ තනතුරට ගැලපෙනවද කියලා හිතන්න ඕන.

:       1       21

පිටිගල මිලානෝ Tuesday, 11 February 2020 12:31 PM

ස්ටේජ් එකේ කවි කීවේ නිකමටයැ...

:       1       19

BamunuarachchiThursday, 13 February 2020 02:55 AM

මොනවද කීවේ?

:       0       0

Walter White Tuesday, 11 February 2020 12:53 PM

මේ කලාකරුවන් මේ වගේ සේවයකට උචිතද? අපේ අසල්වැසි ඉන්දියාව ඔවුන්ගේ තානාපති විදිහට ලංකාවට එවන්නේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියෙක්, කොයිතරම් ජ්‍යෙෂ්ඨයින්ද කිව්වොත් ඔවුන් මේ රටේ ධුරකාලය නිමාකළ වහාම ඇමෙරිකාවේ තානාපති හෝ අමාත්‍යංශ ලේකම් විදිහට පත්වෙනවා... ඉතින් ඔවුන් තමන්ගේ විදේශසේවා ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වනවා. අපෙත් එහෙම සැලකිල්ලක් තියෙන බවක් පේන්න නැහැ.. පැන්ෂන් ගිය හෙන්චයියන් විදේශසේවාවල, නිලතලවලට පත්කරලා කිසිම බැරෑරුම් කර්තව්‍යයක් කරන්න, වගකීමක් දරන්න, ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැහැ. එක කාලයක් අපේ තක්කඩි තානාපතියන් ඒ ඒ රටවල විවිධ බිස්නස් කළා. මේවා මහා ලැජ්ජාසහගත වැඩ... කලාකරුවන්ට සලකන්න ඕනෑනම් ඒ සඳහා ගතහැකි වෙනත් ක්‍රියාමාර්ග තියෙනවා...

:       1       2

ChampaWednesday, 12 February 2020 01:12 PM

විකාර.... මේ අග්‍රගන්‍ය කලාකරුවාව පත් කලේ ඉන්දියාවට නෙමෙයිනේ. මාලදිවයිනත් එක්ක අපිට බරපතල ද්විපාර්ශවික ගැටළු නැහැ. වෙළඳ ගැටලුත් නැහැ. අනිත් කාරණය මාලදිවයිනේ තියෙන මහ කොමසාරිස් කාර්යාලයේ, ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධ දැනුම තියෙන නිලධාරීන් ඕනේතරම් ඉන්නවා. මෙතුමාට උපදෙස් දෙන්න. ඒ හින්දා ඔය කියන තර්ක රෝහණ බැද්දගේට අදාළ වෙන්නේ නැහැ.

:       1       0

සේනක~ඉතාලිය Tuesday, 11 February 2020 01:13 PM

දෙසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි... සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වගේ... ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා!!!

:       1       1

Rexi Tuesday, 11 February 2020 01:14 PM

මේවා පොලිටික්ස් නෙවෙයිද? මොනාද මෙයාට තියෙන ඩිප්ලෝමටික් සුදුසුකම්?

:       1       20

chamil Tuesday, 11 February 2020 01:46 PM

ඉතාම හොඳ කලා කරුවෙක්, නමුත් මහ කොමසරිස්කමට නොගැලපේ.

:       1       16

Bamunuarachchi Tuesday, 11 February 2020 01:58 PM

ඒ කියන්නේ මහා කොමසාරිස් වැඩේ ඕනෑම කෙනෙකුට කරන්න පුලුව වැඩකට නැති ජොබ් එකක්ද?

:       1       17

Pradeep Tuesday, 11 February 2020 02:15 PM

රෝහණ මහතා දක්ෂ සහ ප්‍රවීන කලාකරුවෙකි. නමුත් මෙවන් තනතුරකට ඔහුගේ ඇති රාජතාන්ත්‍රික හැකියාව කෙබදුද..

:       1       2

Ruhunu Tuesday, 11 February 2020 02:16 PM

අපේ නම් කිසිම අකමැත්තක් නැහැ.

:       1       1

ධම්ම Tuesday, 11 February 2020 02:19 PM

හොඳ තේරීමක්.

:       2       3

Naushad Tuesday, 11 February 2020 02:28 PM

ඔබට සුබ පැතුම් ඉතා නිහතමානී පුද්ගලයෙක්.

:       2       1

chandima Tuesday, 11 February 2020 02:34 PM

මේ ලියන්නේ මෙතුමා ගැන ද්වේශයෙන් නම් නොවෙයි. මාලදිවයින අපේ භාණ්ඩවලට වගේම සේවාවන් වලට හොඳ ඉල්ලුමක් ඇති එමෙන්ම අපට පහසුවෙන් ඇතුළුවිය හැකි වෙළඳපොළක්. මෙවැනි රටක තානාපති වරයා විය යුත්තේ මනා රාජ්‍යතාන්ත්‍රික අවබෝධයක් ඇති, රටට වාසි සහගත ලෙස සාකච්ඡා කිරීමේ හැකියාව ඇති, වෙළඳපොල ප්‍රවර්ධනයේ හැකියාව ඇති අයෙක්. ඒ සමහර විට වෘත්තීය විදේශ සේවා නිලධාරියෙකුම නොවීමට පුළුවනි. ලංකාව කොපමණ කුඩා රටක් උවත් ඉන්දියාව ලංකාවට ඔවුන්ගේ තානාපති ලෙස එවන්නේ ඔවුන්ගේ සිටින ජේෂ්ඨතම විදේශ සේවා නිලධාරියයි. එබැවින් මෙරටට වෙළඳ උපායමාර්ග පිළිබඳව වඩාත් නිපුන තාවයක් ඇති කෙනෙකු තානාපති ලෙස පත්කිරීමෙන් ඉදිරියේදී එරට සංචාරක සහ අනෙකුත් සේවාවන්හි වෙළඳපොල අත්පත් කරගැනීමටත්, අධ්‍යාපන, සහ සෞඛ්‍ය වැනි අංශ වල අධිකාරය අත්පත් කරගැනීමටත් හැකිවනු නොඅනුමානයි. මේ ලියනුයේ මේ ශ්‍රේෂ්ඨ ගායකයා ගැන අබමල් රේණුවකවත් ද්වේශයකින් නොවන බව යලිත් සඳහන් කරමි.

:       1       29

සෙනෙවිරත්න Tuesday, 11 February 2020 02:46 PM

මෙතුමා හොඳයි. මෙතුමා මේ වැඩෙිට සුදුසු ද? මෙතුමාට මෙහෙ වැඩක් බලාගෙන ඉන්න කිව්වොත් නරකද?

:       1       2

Dt Tuesday, 11 February 2020 04:54 PM

තාම ජනාධිපති සිරිසේන මහත්මයාද? අනේ මේ ගැන අපේ කිසි විරෝධතාවයක් නෑ. රට හොඳට දියුණු වේවි...!!!

:       1       20

Kumar Tuesday, 11 February 2020 05:10 PM

අනේ ඉතින් මේ මහතාට තෙරුවන් සරණේ සරණයි !

:       0       3

Perera Tuesday, 11 February 2020 06:16 PM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ....තානාපති සේවයේ මහ කොමසාරිස්වරයෙකුට අවශ්‍ය සුදුසුකම් මොනවද ?

:       0       2

de silva berlin Tuesday, 11 February 2020 06:18 PM

ජනාධිපතිතුමනි, රටක් නියෝජනය කරන්න විදේශ සේවයේ කිසිම පලපුරුද්දක් නොමැති විශ්‍රාම ගිය කලාකරුවෙකු යවලා හරියනවද ? මෙම තනතුරට යවන්න වෙන සුදුස්සෙක් ලංකාවේ නොමැතිද ?

:       1       2

ChampaWednesday, 12 February 2020 01:06 PM

දැන් මේ ටිකට තානාපති තනතුරු දුන්නු හැමෝම එහෙම විදේශ සේවයේ පළපුරුද්දක් තිබ්බ විශ්‍රාම නොගිය අයද? මේ විශිෂ්ඨ කලාකරුවාව විතරක් තනිකරලා අරන් පහර දෙන එක වැරදියි නේද?

:       0       0

Keppetipola Tuesday, 11 February 2020 10:59 PM

මගේ සුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි !

:       1       1

de silva Wednesday, 12 February 2020 03:21 PM

චම්පා මහත්මිය කිසිම විවාදයක් නැහැ. මොහු මමත් ඉතා ආදරය කරන විශිෂ්ට ගණයේ කලාකරුවෙක්... නමුත් මෙතන ප්‍රශ්නෙකට තිබෙන්නේ මොහුට විදේශ සේවයේ කිසිම පළපුරුද්දක් නොමැතිකමයි. මේක හරියට ගුවන්යානාවක් පදවාගෙන යන්න ගුවන් නියමුවා වෙනුවට මහාචාර්ය කාර්ලෝ ෆොන්සේකා නියමු ආසනයේ ඉන්දවීම වැනි වැඩක්.., සහායක නියමුවා යානය පදවාගෙන යාවි. නමුත් හදිසි අවස්ථාවක් ඇතිවුනොත් මොකද කරන්නේ? මෙම වරද පසුගිය දශක කිහිපයේ පත්වුණු සියලුම ආණ්ඩු මගින් සිදුවුණා. අනාගතයේදීත් සිදුවේවි..!!! තානාපතිවරු වෙන්න ඕනේ අඩුම තරමේ අවුරුදු 20ක් වත් විදේශ සේවයේ අත්දැකීම් ඇති රජයේ සේවකයන්, විශ්‍රාම ගිය කලාකරුවන්, දේශපාලකයන්, හමුදා නිලධාරීන් වැනි පුද්ගලයන් තානාපතිවරු වශයෙන් පත්කරලා යවන්නේ සමහරවිට ලංකාවේ අපි පමණක් වෙන්න ඇති...

:       0       13

Ajith NissankaWednesday, 12 February 2020 04:10 PM

ජාලිය වැනි තේ කුඩු මුදලාලිලා ඇමෙරිකන් තානාපති කරපු රටකට මේ වගේ කලාකාරයෙකුට එවැනි අවස්ථාවක් දුන්නම මොකද? පක්ෂ, පාට කෙසේවෙතත් ඉතාම විශිෂ්ඨ ගණයේ කලාකරුවෙක්..!

:       0       0

isuru Wednesday, 12 February 2020 03:32 PM

සිංදු කියන්න වෙන්න ඇති මාලදිවයිනේ...

:       0       1

de silva berlin Friday, 14 February 2020 07:52 AM

Ajith Nissanka, මහත්මය ඔබගේ අදහසට මමත් එකඟය මෙතුමා විශිෂ්ට ගනයේ කලාකරුවෙක් , එතුමාට දෙනවනම් දෙන්න ඕනේ කලා ක්ෂේත්‍රයේ අදාල තනතුරක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1319 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 185 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 355 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site