IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟයත් අවසන් කරනවා

එළැඹෙන මාර්තු මාසය අවසන් වන විට  රටේ ඇති ඖෂධ හිගය මුළුමනින්ම  විසදන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
 
 මේ වන විට පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා තුනකදී දී ගුවන් මගින් ලංකාවට ගෙන ආ බව  පැවසු අමාත්‍යවරයා  කිසිදු ඖෂධ හිගයක් ඇති වීමට ඉඩ නොදන බවත්,   මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය  මුළුමනින්ම අවසන් කිරීම තමාගේ බලාපොරොත්තුව බවඳ සඳහන් කළේය.
 
මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර  ඇති බවත්  තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට පියවර ගන්නා බවද  සඳහන් කළේය.  ඖෂධ වර්ග 100 ක මිල අඩු කිරීම නිසා වෙළෙදනාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක මිල අඩු  වන බවත් පැවසීය.
 
එමෙන්ම  ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ සැත්කමක් රජයේ රෝහල්වල ආරම්භ කර ඇති බවත්,  විදේශීය රටක එවැනි සැත්කමක් සිදු කිරීමට වැයවන මුදල රුපියල් ලක්ෂ 36 ක් වන අතර ලංකාවේදී  මේ වනවිට දරුවන් 100 කට වැඩි පිරිසක් එම සැත්කමට ලක් කර  ඇති බවත් පැවසීය.
 
තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය අප්‍රේල් මාසයේ දී විවෘත කරන  කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
 
පානදුර පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ  බව සඳහන් කළේය.

 

(36698)
 



අදහස් (11)

මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟයත් අවසන් කරනවා

Sunil Monday, 11 February 2019 10:13 AM

එතකල් රෝගීන්ට මොකද වෙන්නේ?

:       17       161

Hafeel Monday, 11 February 2019 11:48 AM

එතකල් රෝගීන්ව මෙයා සිංගප්පූරු යවාවි...

:       1       77

Raveendra Monday, 11 February 2019 10:33 AM

මේ බොබිලා සිංගප්පූරුවට ගියා වගේ ගිහින් බෙහෙත් අරගනියි. මොකද "මේ හිඟන්නත් ගියේ අපේ සල්ලි වලින්නේ" සිංගප්පූරුවට බෙහෙත් ගන්න.

:       19       198

Bamunuarachchi Monday, 11 February 2019 10:38 AM

2020 අවසන් වනවිට ඔබලත් අවසන්... ඉක්මණට 2020 එනවා නම්...!

:       36       187

tommyMonday, 11 February 2019 11:08 AM

වැඩක් නැහැ උන්නැහේ... ඊළඟට එන අය හැසිරෙන්නෙත් ඔය වගේමයි.

:       29       17

Hafeel Monday, 11 February 2019 11:49 AM

එහෙමනං මේ දෙගොල්ලන්ම නැතුව ජවිපෙ බලයට ගේමු...

:       153       236

BamunuarachchiMonday, 11 February 2019 04:04 PM

දෙගොල්ලොම හොරු තමයි නමුත් පරණ කට්ටිය රටට ජාතියට වැඩක් කල හොරු... රටත්, ජාතියත් කාපු හොරු. මහදවල් මහා බැංකුව කොල්ලකාපු ජනාධිපති කොමිෂන් සභාවකින් ලේබල් ගහපු හොරු.

:       172       141

විජිත් Monday, 11 February 2019 12:25 PM

මේ දත් දොස්තර කතා කරන්නේ එයාට අයිති... ඒ වගේම දන්නෙත් නැති ලෙඩ රෝග ගැනයි. මේ මනුස්සයාට වෙනත් අමාත්‍යංශයක් නොදෙන්නේ මන්ද කියලා මහප්‍රශ්නයක් මට තියෙනවා. ලෝකයේ නිෂ්පාදනය කර ඇති පරීක්ෂණ මට්ටමේ තියෙන පිළිකා රෝගීන් වෙනුවෙන් නිපදවා ඇති රුසියානු බෙහෙත් වර්ගයක් ලංකාවට ගෙනාවෙත් මෙයා තමයි. පිළිකා රෝගය ගැන විශේෂඥයෝ කියනවා මේ බෙහෙත හොඳ නැහැයි කියලා... නමුත් මේ දත් දොස්තර කියනවා ...නැහැ.. ඒ බෙහෙත හොඳයි කියලා. අපේ රටේ එහෙම තමයි... මොවුන්ව දේශපාලනයෙන් සදහටම එළවා දමන්න. අපේ රටේ මිනිස්සු පෙළ ගැහෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය නම් මට නැහැ. ප්‍රශ්නයට උත්තරය " දුප්පත් කම". ඡන්දෙ කාලේදී දෙන "අල්ලස් " ගැනීමට දුප්පත් ජනතාව පෙළඹෙන තර්කය සාධාරණයි. නමුත් තමන්ව දුප්පතුන් කලේ මොවුන්ගේ හොර තක්කඩි දේශපාලනයම බව ඒ අහිංසකයින්ට නොවැටහෙනවා නොවෙයි, නමුත් වෙන විකල්පයක් නැති නිසා මොවුන්ටම ඡන්දය දෙනවා. මම යෝජනා කරනවා.. ඡන්ද කාලෙට දෙන "අල්ලස් " ගන්න. ඔය අල්ලස් මුදල් ඒ අයගේ ඒවා නොවෙයි... ඔබලාගෙන්ම හොරා කාපු ඒවා. ඡන්ද මධ්‍යස්ථානයටත් යන්න... ඒ පල් හොරාට ඡන්දය දමන්න එපා. හෙට උදෑසන ප්‍රතිඵල නිකුත්වුණාට පස්සේ ඔහුව නිකම්ම බල්ලා මාර්ක් වී සිටීවි...

:       299       551

nishaTuesday, 12 February 2019 12:04 AM

ඔයා දත් දොස්තරගේ සුදුසු කම් ගැන ලත වෙනවා. අඩු ගානේ එයා දොස්තර කෙනෙක්. ඉස්කොලේකටවත් ගිය නැති අය ගැන මොකද කියන්නේ.?

:       0       0

CHAANDIMA Monday, 11 February 2019 01:52 PM

ඒ කියන්නේ චන්දෙ එහෙම ඉවරවෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ වෙද්දී නේද?

:       6       24

sisira Monday, 11 February 2019 10:30 PM

ඒ වනවිට රෝගීනුත් අවසන් වී යනු ඇත. ප්‍රශ්නය ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 637 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 118 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 870 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 893 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1252 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1136 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site