IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මරණ දඬුවම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමය කියයි

(තිළිණි ද සිල්වා)
 
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යළි අවධාරණය කර ඇත.

මරණ දඩුවම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ 2018 දෙසැම්බර් මස පැවති 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී එකඟවූ ආකාරයෙන් ශ්‍රී ලංකා‌ රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා, නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව එම සංගමය මේ පිළිබඳ නිවේදනයක් නිකුත්  කර ඇත.

ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය කියා සිටී.

සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බවත් යුරෝපා සංගමය සදහන් කරයි.

කෙසේ වෙතත් මරණ දඬුවම යනු ඒ සදහා වන ඵලදායී ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් වන අතර මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඇති අත්දැකීම් බෙදාහදා ගන්නට ඔවුන් සූදානම් බව නිවේදනය මගින් පෙන්වා දී ඇත.



අදහස් (14)

මරණ දඬුවම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමය කියයි

ගල්කටස් Monday, 08 April 2019 09:33 AM

මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.. එවුන් හිතන් ඉන්නේ මේ රට උන්ගේ කියලා වෙන්ටැති නේද? පිස්සු යක්කු...

:       9       556

ravi Monday, 08 April 2019 10:25 AM

මේ කොඩියේ හැම තරුවක්ම යුරෝපයේ රටක්... මේ හැමරටක රහසිගතව මනුස්සයින්ව මරනවා... හැබැයි මෙයාලා මේවගේ දේවල් කරන්නේ හරිම සූක්ෂම අභිරහස් විදිහට... යුරෝපයේ හුඟක් රටවල්වල මනුස්සයින්ව රෝහලකට අරගෙන ගිහින්, විස එන්නත් කරලා මරණයට පත්කරලා තියන අවස්ථාවන් එමටයි..!!! මිනිස්සුන්ව මරණීය දණ්ඩනයට පමුණුවන්න .... පෝරකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් නොවෙයි...!!!

:       23       241

PerakumMonday, 08 April 2019 11:09 AM

ඇයි සුදු වැන් තියෙන්නෙ...!

:       5       6

PerakumTuesday, 09 April 2019 08:34 AM

හංගපු ආයුද හොයන්න යන්න පුළුවන් නේ.

:       0       8

GALLAGE Monday, 08 April 2019 10:27 AM

අනුන්ගේ මගුල් වලට හොට දාන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා....

:       8       316

hira Monday, 08 April 2019 10:51 AM

දැන් ඉතින් අපේ රජතුමා වෙවුලනවා ඇති.

:       210       188

ranjith Monday, 08 April 2019 11:39 AM

කොටි සංවිධානය අමුඅමුවේ මේ රටේ ම්නිස්සු කෙතරම් මැරුවද ඒ වගේම බරපතල අපරාධ කරන අය ගෙනත් මෙයාලා මොකද කියන්නේ? මෙයාලට ඕනේ අපරාධකාරයෝ බේරන්න විතරයි. මේ වගේ තර්ජනවලට ඔලුව නමන්න බියවිය යුතුනේ...

:       0       212

kule Monday, 08 April 2019 12:45 PM

මුළු සිංහල ලක්වැසියන්ටම මරණ වරෙන්තුව නිකුත් කරලා මිනීමරපු ප්‍රභාකරන්වත් අවසන් අවස්ථාවේ බේරගන්න ආවේ ඔය තරුවලල්ලේ අයම තමයි.

:       1       135

Mudali Monday, 08 April 2019 01:16 PM

ඔය පරදේසක්කාරයන්ගේ තර්ජන ගර්ජනවලටවත්, අදහස්වලටවත් අපි ඇහුන්කන් දෙන්නේ මොන එහෙකටද? ඕක අල්ලල දාලා අපේ වැඩක් අපි බලාගමු… අඩුගාණේ කුඩු ජාවාරම්කාරයන්ටවත් වැඩක් දෙමු.. අනාගත පරම්පරාව බේරාගනිමු.

:       0       226

ජයන්ත මිලානෝ Monday, 08 April 2019 01:20 PM

මේ අය හැමදේටම අතදානවා. යුරෝපීයයන් කුඩු කාරයෙක් අල්ලගෙන දඟලන්න අාවහම කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහන එක... ඊට පස්සේ මිනිහා කටින් සෙවල පෙරාගෙන සදාකාලිකව මැරි මැරී ජීවත්වෙන පිස්සෙක් වෙනවා. ඒ ගොල්ලන්ගේ මානව හිමිකම් එහෙමයි. ඉතාලියේ නීතිමය කටයුතුවලදී පිටරැටියන්ට කොපමණ හිරිහැර කරනවද? ඒ අයගෙන් හිඟාකන රටවලට කොපමණ බලපෑම් කරන්න මේ අයට පුලුවන්ද?

:       0       260

ලසන්ත Tuesday, 09 April 2019 01:09 AM

මරණ දඬුවම එපානම් ලෝකයේම කුඩු නිපදවීම නතර කරවන්න කියන්න මේ රටට කුඩු එවන්නන් හා බෙදාහරින්නන් යුරෝපා සංගමයේ සාමාජිකයින්ගේ රටවලට ගෙනයන්න කියන්න.

:       0       0

Manjula Kannangara Tuesday, 09 April 2019 02:55 AM

දැන් බලාගන්න පුළුවන් අපේ ජනාධිපතිතුමා වැඩියෙන් ආදරේ ලංකාවේ මිනිස්සුන්ටද නැත්නම් යුරෝපා සංගමයටද කියලා ......... !!

:       29       0

Sanath Tuesday, 09 April 2019 06:20 AM

එතකොට ලංකාවේ කුඩු බිස්නස් අත්හිටවන්න මේ මානව හිමිකාරයෝ එන්නේ කවද්ද?

:       0       1

ravi Tuesday, 09 April 2019 06:51 AM

ශ්‍රී ලංකාව කියන්නේ ... යුරෝපා සංගමයේ "" ගනිකාවද "" අපිට දැන් බලාගන්න පුළුවන් !!!!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 629 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 348 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 484 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 310 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1628 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 803 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site