IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාරක රිය අනතුරක් සිදුකළ හිමිනමකට ඇප

(අජිත්ලාල් ශාන්තඋදය)

තරුණයකුට මරු කැඳවමින් මාරක රිය අනතුරක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිමි නමක් රුපියල් ලක්‍ෂ 15 ක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා අද (17) නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහැරුණේ කලවාන පොතුපිටිය මිළිඳුතලාව ආරණ්‍ය සේනාසනයේ ඌරුමීවල කුසලඥාණ නැමැති හිමිනමකි.

කලවාන රත්නපුර ප්‍රධාන පාරේ උඩකරවිට දෙනියකඩේ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා සවස සිදුවූ කැබ්රථ අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබූ අතර තවත් තරුණයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

අනතුරට පත් කැබ් රිය පදවා තිබුණේ සැකකාර හිමිනම විසිනි. එම හිමිනමට රියදුරු බලපත්‍රයක් නැති බව නිවිතිගල පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරණු වාර්තා කර ඇත.

තුවාල ලැබූ සහ මියගිය තරුණයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය  පාර අයිනේ නවතා සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.

නිවිතිගල පොලිසිය විසින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විජය තෙන්නකෝන් මහතා හමුවට 14 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු අද (17) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කරනලදී.

ඒ අනුව අද (17) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ නීතීඥ ලලිත් පීරිස් සහ නෙවිල් කරුණාත්න යන මහත්වරු සැකකාර හිමිනමට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්‍ෂ 15 ක ශරීර ඇපයක් මත හිමිනම මුදාහැරීමට නියම කළේය.

වැඩිදුර විභාගය 2020 මාර්තු මස 17 දිනට කල් තැබිණි.

 



අදහස් (22)

මාරක රිය අනතුරක් සිදුකළ හිමිනමකට ඇප

saliya Tuesday, 17 December 2019 12:42 PM

බහුතරයක් සිතන්නේ සංඝයා වහන්සේ කරන කියන සෑම දෙය පිළිගෙන විවේචනය නොකළ යුතු බවයි. මේ මතය කොතෙක් නිවැරදි හා සාධාරණ දැයි සිතිය යුතු බවක් පෙනී යයි. නීතිමය තත්වයන්ද ගැටළුකාරී වී ක්‍රියාත්මක විය නොහැකි තත්වයක්ද ගොඩ නැගී ඇත.

:       0       0

Mahee Tuesday, 17 December 2019 01:18 PM

මට දැන් නම් සංසාරේ කලකිරුණා. ඒත් මං ආයෙත් කලපනා කලේ මං කලකිරෙන්න ඕන මොකක් ගැනද කියලයි. සැකකරු ආරණ්‍ය වාසී හිමිනමක්, වීමද? බලපත්‍රයක් නොමැතිවීමද? පාර අයිනේ හිටිය කොල්ලෝ දෙන්නෙක් යට කිරීමද? එක තරුණයෙක් මරණයට පත්වීමද? එහෙම තියෙද්දිත් ඇප දීමද? ඔන්න අහුවුණා. නීතිය නැති එක ගැනයි මං කලකිරිලා තියෙන්නේ.

:       0       0

Gamage Tuesday, 17 December 2019 01:38 PM

යකාගේ නීතියක් මේක. අහිංසක මිනිහෙක් අතින් ඔහොම වුණා නම් දවස් 14ක් අැතුලේ... ඊට පස්සෙ තමයි ඉතුරු වැඩකටයුතු වෙන්නේ. හාමුදුරුවො කරපු වැරැද්දට පන්සලෙන් අයින් කරන්න ඕනේ...

:       0       0

Walter White Tuesday, 17 December 2019 02:13 PM

පව් උන්නාන්සේ.....ආසාවට ඩ්‍රයිව් කරන්න ගිහින් වෙච්ච දෙයක්.

:       0       0

ධම්මසිරි හිමි Tuesday, 17 December 2019 02:15 PM

සසුන වනසන මෙවැනි මුග්ධයන්ට ඇප නොදී අවම වශයෙන් වසර 10 ක්වත් සිරගත කළ යුතුයි. භික්ෂූන් වහන්සේලා රටේ නීතියට අනුගත විය යුතුයි. සිවිල් සමාජය ක්‍රමයෙන් විනයගරුක වෙද්දී ආදර්ශමත් විය යුතුයි. ඒ උදවිය නීති කඩනවානම් නීතියෙන් පමණක් නොව ශාසනික වශයෙන්ද දඬුවම් දිය යුතුයි. එසේ නොමැති වුවහොත් අනාගතයේ සසුන්ගත වන අය මීටත් වඩා වැරදි කරාවි. පන්සල්වල සේවය කරන රියදුරන් බොහොමයක් මාර්ග නීතිරීති ගණන් ගන්නේ නෑ. වැරැද්දක් කරලා පොලිසියෙන් නැවැත්තුවොත් හාමුදුරුවෝ වාහනේ ඉන්න නිසා දඩ ගහන්නේ නෑ. මෙය වෙනස් විය යුතුමයි. කාට උනත් නීතිය සමාන විය යුතුයි.

:       0       0

මාරයා Tuesday, 17 December 2019 02:51 PM

නියම කුසලයක්නේ කරලා තියෙන්නේ.

:       0       0

C.K.Lankaputhra Tuesday, 17 December 2019 03:00 PM

බුදු සසුනට අතවත් තියන්න එපා. තියලා පව් සිද්ධ කරගන්නෙ එහෙම නෑ.

:       0       0

Dila Tuesday, 17 December 2019 03:44 PM

අනේ මන්දා නිතිය දුප්පත් අහිංසක මිනිසුන්ට විතරද?

:       0       0

ලුම්බිණි Tuesday, 17 December 2019 11:39 PM

වාහන අනතුරු වලදී අහල ඉවරකරපු නඩු නැවත අහන මේ කාලයේ මෙතරම් වැරද්දක් කරපු කෙනෙකුට කොයි වගේ දඬුවමක්ද දෙන්නේ කියල අපි බලා ගෙන ඉඳිමු.

:       0       0

Anton Austria Wednesday, 18 December 2019 12:50 AM

හිනා යනවා ලංකාවේ නිතිය දැක්කම.

:       0       0

රවින් Wednesday, 18 December 2019 01:31 AM

දන්නා පරිදි නම් මිනි මැරීමට ඇප නැහැ. සාමාන්‍යයෙන් පුද්ගල ශරීර හානි වලටත් දින 14ක් අනිවාර්යයි. වැරදුනේ කොහෙද? අනික ආරණ්‍ය සේනාසනයක් කියන්නේ බණ භාවනානුයෝගිව වැඩවසන සිල්වත් භික්කු භික්කුණින් වසන ස්ථානවලට. කැබ් රථ හෝ අනිකුත් සුඛෝපභෝගී වාහන හා භාණ්ඩ ඉක්මනින් නිවන් යන්නද?

:       0       141

nimalWednesday, 18 December 2019 07:50 AM

"" බොරු බෞද්ධකම අපේ රටෙන් තුරන් කරමු ""

:       0       0

Ranjith Wednesday, 18 December 2019 03:39 AM

සමහර නඩු තීරණ හරි පුදුමයි අපේ හාමුදුරුවනේ !

:       0       40

වීරවිජේු Wednesday, 18 December 2019 04:55 AM

අයියෝ චීවරය දාගෙන වැරදි වැඩත් කරලා හිරෙනුත් ලක්ෂ 15ක් ගෙවලා නිදහස් වුනේ?

:       0       56

Tarzan Wednesday, 18 December 2019 05:27 AM

මේක පොදු ජනතාවගේ අතින් වුනා නම් අනිවාර්යයෙන් දවස් 14 කට රිමාන්ඩ් කරනවා. ලයිසන් එකත් නැතුව කොහොමද දන්නේ නැහැ ඇප ලැබුනේ ?

:       0       99

hemanthaWednesday, 18 December 2019 09:39 AM

පොදු ජනතාවගෙන් විතරක් නෙමේ විරුද්ද පක්ෂෙ කෙනෙක් ගෙන් වුනත්. පාඨලීගේ වාහනේ පස්සෙන් ගිහිල්ල හැප්පිලා නඩුවත් අහල ඉවරවුනාම අයෙත් අවුරුදු 4 කට පස්සේ නඩු අහනවා.

:       0       0

naushi Wednesday, 18 December 2019 07:15 AM

කව්රු කරත් වැරැද්ද වැරැද්ද තමයි. නීතිය සාධාරණ ලෙස ඉටුකළ යුතුයි. චීවරය දාගත්ත පලියට මිනීමරුමකින් බේරෙන්නට බැහැ..

:       0       0

vipula Wednesday, 18 December 2019 07:26 AM

මේක සාදාරන නැහැ. ලයිසන් තිබිල සාමාන්‍ය කෙනෙක්ට මෙහෙම වුණා නම් දවස් 14 හිරේ. ලයිසන් නැති කෙනෙක්ට මෙහෙම වෙලා ඇප ලැබිල. බොහොම වැරදි ආදර්ශයක් දීල තියෙන්නේ.

:       0       0

athula Wednesday, 18 December 2019 07:46 AM

මේක පුදුම රටක්....

:       0       0

Hilmi Wednesday, 18 December 2019 07:52 AM

ඕක මුස්ලිම් මනුස්සයෙක් අතින්වුනානම්.?

:       0       0

Ananda Wednesday, 18 December 2019 08:00 AM

දැන් දැන් මහන වෙලා ඉන්න හමුරුරුවරු එක එක විදියයි, හරිම අමුතුයි. (සිල්වත් ස්වාමීන්වහන්සේලාට නමස්කාරය).

:       0       0

KANDEPOLA Wednesday, 18 December 2019 10:06 AM

මිනිහෙක් මරලත් දවස් තුනෙන් ඇප ගන්න පුළුවන් රටක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 221 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 595 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1525 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1761 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 549 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 255 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site