(තිළිණි ද සිල්වා)
මාතෘභූමිය තුළ මේ වනවිට පැනනැගී ඇති දේශපාලන ව්‍යාකූලභාවය, ජනසම්මතවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන්ට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කඩිනමින් විසඳා ගැනීමට හැකිවනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පැනනැ.ඟී ඇති තත්ත්වයට අදාළව කථානායකවරයා ලෙස තමන් අපක්ෂපාතී ලෙස සහ නීතියට අනුව කටයුතු කරන බව ඔහු එම නිවේදනයෙන් අවධාරණය කරයි.
මෙම තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධිමත්ව හා වගකීමෙන් යුතුව සාමකාමීව කටයුතු කරණ ලෙස සියළුම දේශපාලන පක්ෂ නායකයන්ට සහ මහජනතාවට ආයාචනය කරන බවද කතානායක නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කරමින් ප්‍රශස්ථ අන්දමින් ස්වකීය රාජකාරී කටයුතු කරන ලෙස ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින කථානායකවරයා විශේෂයෙන්ම මේ මොහොතේ රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මානය වීම ශ්‍රී ලංකාව පිළිබඳව ඉතා අපකීර්තිමත් තත්ත්වයක් ලෝකය පුරා ප්‍රචලිත වීමට ඉඩ සළසන්නක් බැවින් සහෝදරත්වයෙන් යුතුව සමකාමීව කටයුතු කරන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටන බවද ඔහු පවසයි.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වසර 70ක පරිණතභාවයක් සහිත ශ්‍රී ලංකාව තුළ පැනනැගී ඇති තත්ත්වයන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස සියලු පාර්ශවයන් හි ගෞරවය රැකෙන ආකාරයෙන් නිරාකරණය කරගැනීම සඳහා සහාය වන මෙන් උත්තරීතර පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් තමන් නැවත නැවතත් ආයාචනය කරන බවද නිවේදනයේ සඳහන් වේ.
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මම අපක්ෂපාතීව ඉන්නවා - කථානායක