අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
දහතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට පත් තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකයකු ඇතුලූ සැකකරුවන් පස් දෙනෙක් මේ මස 16දා තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙසේ රිමාන්ඩි භාරයට පත් කෙරුනේ සෙවනගල පොලිස් වසමේ කිරිඉබ්බන්වැව පදිංචිකරුවන් වූ ගොඩැල්ලගේ ඉසුරු නවෝද්‍ය නොහොත් ඉසුරු, මහමඩ කපලූවගේ විල්ප්රන්, තණමල්විල ප්‍රාදේශීය සභා සභික රණවීර ආරච්චිගේ රණවීර නොහොත් නාලක (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ), එච්.ඒ. ප්‍රියංග කුමාර නොහොත් චමින්ද සහ සෙවනගල නුගේගල යායේ හෙට්ටිආරච්චිගේ ආනන්ද නොහොත් හීන් මාමා යන අයයි.
ලිංගික අපයෝජනය ලක් වූ දැරිය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
පාසල් දැරියක වන ඇය අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලීසිය පවසයි. මාස තුනක කාලයක පමණ සිට වරින්වර මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් සෙවනගල පොලීසිය පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ප්‍රාදේශීය සභිකයා ඇතුලූ තිදෙනෙක් පොලීසිය මගහැර සිටියහ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් කරද්දී අත්අඩංගුවට ගැනීම හැකිවූ බව පොලීසිය කීවේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ද මානසික දැරියක් අපයෝජනය කළැයි ප්‍රාදේශීය සභිකයා ඇතුළු පහක් රිමාන්ඩ්
Shan Thursday, 09 April 2020 01:49 PM
රිමාන්ඩ් එකේ ඉන්න අය එයාලා ගැන බලා ගනීවි...
කුමාර Thursday, 09 April 2020 02:21 PM
මෙයාට නෙවෙයි ගහන්න ඕනේ. මේ අයට චන්දේ දීපු බුරුවන්ට. රජ කාලේ දඬුවම් දිය යුතුයි.
Raveendra Thursday, 09 April 2020 02:34 PM
මොහු දියවන්නා පට්ටියට ඇතුළුවීමට මුලික සුදුසුකම් ලබා ඇති බැවින් ලග එන බුරුවන් තේරීමේ තරගයේදී ඉහලම මනාප ලබාගත හැකි වෙනු ඇත. මෙම අදහස් අපගේ මුල් පුරවැසියාට කියවීමට හැකි වේවා !!!
විජේ Thursday, 09 April 2020 02:59 PM
මොවුන්ව හිරේ දාලා මිනිස්සුන්ගෙ සල්ලි වලින් පිනට ජීවත්වෙන්න අරින්නෙ නැතුව, එක දිගට අවුරුදු 10ක් විතර යනකන් සතියකට දවසක් පොලිසියට ගෙන්නලා ගත්තනං ආයෙ ඔහොම කරන්නෙ නෑ, කරන්න බෑනෙ...
ravi Thursday, 09 April 2020 02:59 PM
මගේ රටට දෙවියන්ගේම පිහිටයි .. !
kasun Thursday, 09 April 2020 03:23 PM
ළමා අපචාර, ස්ත්‍රී දූෂණවලට කලාපයේ රටවලින් අඩුම දඬුවමක් ලැබෙන්නේ අපේ රටෙයි. වහාම අවම වසර දහයකවත් අනිවාර්යය සිරදඬුවම් ලබා දෙන්න. ඒ වගේම වින්දිතයන්ට හැකි උපරිම මුදලක් ලැබෙන පරිදි දඩ මුදල සංශෝධනය කරන්න.
ramani Thursday, 09 April 2020 03:37 PM
මෝඩ වහල්ලුනි, දීපල්ලා උඹලාගේ ඉතිරි චන්ද ටිකත් මේ පාහරයන්ටම.
RaveendraFriday, 10 April 2020 06:00 AM
ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ලෝකය දෙස මධ්‍යස්තව බැලීමේදී අප සැවොම ඒ ඒ කොට්ටාශවල වහලුන් බව නම් ස්ථිරය. එය අපගේ " නුගත් ඥනයට " වැටහෙන දෙයක් බව කිව යුතුය.
wije Thursday, 09 April 2020 05:03 PM
රිමාන්ඩ් කරලා විතරක්නම් මදි...
jim kuru Thursday, 09 April 2020 06:17 PM
උපරිම දඬුවන් දෙන්න...
Mahee Thursday, 09 April 2020 06:20 PM
මොවුන්ගේ නම් ගම පැටිකිරිය සහිතවම පුවත වාර්තා කිරීම ගැන ලංකාදීපයට මගේ ගෞරවය!
lalithm Thursday, 09 April 2020 07:31 PM
වනචාරීන් තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කරලා තියෙන්නේ කව්ද? සමහරවිට ඔය කරදරයට පත් දරුවාගේ දෙමව්පියොත් ඔය මිනිහට චන්දෙ දමන්න ඇති.
sharm warn Friday, 10 April 2020 02:05 AM
අර පිට කොටුවේ ඩොලර් වලට කෑමොර දෙන කාන්තා සංවිධාන වල නෝනලා.. කොහෙද දන්නේ නැහැ නේද? අර හැටනම ලක්ෂේටත් පුදුම සතුටක් ඇති අප්පා..
Rohana HUNNASGIRIYA. Friday, 10 April 2020 02:09 AM
සුදුසුකම් සපුරනලද දේශපාලනයට සම්බන්ධ තැනැත්තා " වියත්මග " මණ්ඩලයට එකතු කළා නම් ලොකු සේවයක් රටට ලබාදෙන්න හැකිවේවි අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවේවා....!!!
Pradeep Friday, 10 April 2020 03:30 AM
මේ ටික ටික සුදුසුකම් ලබන්නේ ලග එන මහමැතිවරණයට වත්ද...? ජනතාවනි ඔබලා මොවුන්ගෙන් බලාපොරොත්තු වුයේ මෙයම නොවේද..?
ධම්ම Friday, 10 April 2020 04:26 AM
මෙවන් අයව නිදහස්කර හැරීමේ ක්‍රමවේදයක් ගැන සිතීමට කාලය එළඹ තිබේ.
upali Friday, 10 April 2020 05:30 AM
මන්ද බුද්ධික දැරියක් නම් අටවෙනි වසර ඉගෙන ගන්නේ කෙසේද?
Champa Friday, 10 April 2020 05:34 AM
කරන්න ඕනේ පුළුවන් තරම් නීති තද කරන එක. හැබැයි වෙන්නේ මොකක්ද? දැන් කොරෝන පිටින් දාල නීතිපති කියනව සුළු කුඩ්ඩන්ට ඇප දීල නිදහස් කරන්නලු. මත්ද්‍රව්‍ය වෙළඳාම, ළඟ තබා ගැනීම, පාවිච්චිය මේ කිසි දේකට ඇප දිය යුතු නැහැ. මේ හදන්නේ ඊට පස්සේ ඒ පිටින්ම දාල මත්ද්‍රව්‍ය ජාවරම්කාරයොත් එලියට ගන්න. ඇයි ඒ ඔක්කොම දේශපාලකයෝ එක්ක සම්බන්ධකම් තියෙනවා.