IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මන්දකට හසුවී සිටියදි මුදාගත් කළු කොටියා මිය යයි

රංජිත් රාජපක්ෂ

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වී සිටියදී මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරීහු පවසති.

පසුගියදා එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වී සිටියේය.

උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන ලදී. එහි  ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදෑසන කොටියා මිය ගිය බව වනජීවි නිලධරයෝ පවසති.

ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හයදෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවත් ඔවුහු කියති.

මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේදි සිදු කිරීමට නියමිතය.


 



අදහස් (51)

මන්දකට හසුවී සිටියදි මුදාගත් කළු කොටියා මිය යයි

Sri lankan leoprad Friday, 29 May 2020 07:13 AM

නීතියක් නැති රටක කළු නෙවේ රෝස පාටින් අාවත් සාධාරණයක් නෑ..

:       8       1148

නිමල් Saturday, 30 May 2020 01:38 AM

උඩවලව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් මෙම දිවියාට ප්‍රතිකාර කළ ආකාරය ඉතාම කණගාටු දායක වේ. මෙම සත්වයාගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවූයේ වෛද්‍යවරුන් විසින් කරනලද පහත්ම මට්ටමේ ප්‍රතිකාර කිරීමයි. අත් ආවරණ නොමැතිව එම සත්වයාගේ තුවාල තුලට වෛද්‍යවරුන්ගේ ඇඟිලි දමමින් ක්‍රියාකළ ආකාරය දකිනවිට ඔවුන් සත්‍ය වශයෙන්ම පශු වෛද්‍යවරුන්ද කියා දැඩි සැකයක් පවතී. එම අවස්ථාවේදී එම සත්වයාගේ වලිගයෙන් අදිමින් ක්‍රියාකළ අතර ඉතාම කණගාටුදායක වේ. මේ වැනි සිදුවීම් නැවත නොවන්නට රජයේ වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුවේ.

:       0       2

ලියනගේ Saturday, 30 May 2020 11:58 PM

අනතුරට පත්වන සියලුම සතුන් ප්‍රතිකාර කොට ඉක්මණින් නිදහස් නොකර සතියක් හෝ සති 2ක පමණ කාලයක් ඔවුන්ගේ අසනීප සහ තුවාල සුවවනතුරු කුඩා කූඩුවක නොව සත්වයාට පහසු කූඩුවක තබා සුවකිරීමට කටයුතු කළ යුතුවේ. මේ සඳහා ලෝකයේ වෙනත් රටවලින් ක්‍රමවේදයන් සහ සහයෝගය ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම සත්වයා බේරාගැනීමට පැමිණි පශු වෛද්‍යවරුන්ගේ සහ අන් අයගේ ක්‍රියාකලාප ඉතාම කණගාටුදායක වේ. අද මන්දට හසුවූ දිවියාගේ පවා වලිගයෙන් අදිමින් කරන ලද හිංසනයන් සිදුනොවිය යුතුවේ. නිර්වින්දන ප්‍රතිකාර ලබාදෙන්න වූ ප්‍රමිතීන් ප්‍රමාණයන් සහ ක්‍රියා කලාපයන් සොයාබැලීමක් කිරීමට වගකිව යුත්තන් අවධානය යොමුකළ යුතුවේ. මෙවැනි දුර්ලභ සතුන් පමණක් නොව කැලයේ ජීවත්වන සියලුම සතුන්ට ජීවත්වීමේ අයිතිය තිබිය යුතු වනවා පමණක් නොව සතුන් දඩයම් කරන සහ උගුල් හෝ වෙනත් අකාරුණික සියල්ල නීතිමගින් අවහිර කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු වන්නේ ය. බෞද්ධ නායකයන් පාලනය කරන රටක මෙවැනි දේවල් සිදුවීම කණගාටුදායක වේ.

:       0       22

lanka Friday, 29 May 2020 07:16 AM

කරුණාකර වනජීවී එකේ ඉස්පිරිතාලෙට පිටරටින් දොස්තර මහත්තයෙක් ගෙන්නන්න.

:       39       400

පූජා Friday, 29 May 2020 07:16 AM

අනේ !..... හරිම දුක හිතෙන ප්‍රවෘත්තියක්.. මෙයා ගැන අප නොදන්නා රසවත් තොරතුරු බොහොමයක්, මේ පිටුවෙන්ම අපට කියවන්න ලැබුනානේ. විජිත්, සමිත සේනක මහතුන් ඇතුළු අප සියලු දෙනා කෙසේ නම් මේ දුක දරා ගන්නද? වනජීවි නිලධාරියන් මෙයාගේ ජීවිතය බේරා ගැනීමට බොහෝ කැපවූ බව අප දනිමු. මන්දකට අසුවී මිය ගිය, අවසාන පැන්තරා පාදුස් වර්ගයේ කළුකොටියා මෙයාම වේවා !

:       0       146

පූජා Sunday, 31 May 2020 07:29 AM

මම දන්නවා විජිත්, ගහට කොළට, සතා සිව්පාවාට, මනුෂත්වයට ආදරය කරන සොඳුරු මිනිසෙකුට, නිකරුනේ කාත් එක්කවත් අමනාප වෙන්න බැහැ.. ඔබගේ එක කමන්ට් එකක, මම දැක්කා, "බව්වෙක් " ගැන ඔයා කමෙන්ට් කරලා තියෙනවා. මම හිතනවා මේ පිටුවට ඔයාවගේ විෂයන් ගැන දැනුම් තේරුම් ඇති, කිසිම ලෝබකමක් නැතුව, අපව දැනුවත් කරන, සංවේදී හදවතක් ඇති මහත්මයෙක් ලැබීම අප ලද වාසනාවක් කියලා. ඔයාගේ බව්වා සනීපයෙන්ද විජිත්?

:       0       30

vikum Friday, 29 May 2020 07:19 AM

මේ රටේ වටිනා යැයි මොනවා හම්බ වුණත් වැඩක් නැහැ. ඒ වටිනාකම දන්න මිනිස්සු නැහැ. වෙනරටක මෙවැනි සත්වයෙක් ආරක්ෂා කිරීමට දක්වන වෙහෙස අපමණයි.. කෝ ලංකාවේ පශු වෛද්‍ය පිඨවල ලොකු ලොකු උගත්තු මෙවන් සත්වයන් පිළිබඳව දක්වන ආරක්ෂිත වැඩ පිළිවෙල, කළ යුතු වැදගත්ම පියවර මෙන් වටිනා සත්වයන් ආරක්ෂා කිරීමට විදෙස් රටවල් වෙත ලබාදීමයි. මම දන්නවා විදේශ රටවලට දියයුතුයි කියපු ගමන් හැමෝම මට දොස් නගන බව එහෙත් විදේශයක අධ්‍යාපනය ලබන මම දන්නවා ඒ පිළිබඳ ඔවුන් උත්සුක වන ආකාරය...

:       5       131

tiktik Friday, 29 May 2020 07:32 AM

ආයුධ පෙන්නන්න ගියා වගේ තමයි, වනජීවී එකෙන් කොටියෙක් අරන් ගිය කියන්නේ...

:       68       216

latha Friday, 29 May 2020 07:42 AM

බේරා ගත්තොත් සතා මැරෙනවා. මෑතකදීත් ඔහොම කොටියෙක් බේරාගෙන මැරුණා. ක්‍රමවේදයේ වරදක්ද? සතාගේ කරුමෙද...?

:       3       226

AnuraFriday, 29 May 2020 08:59 AM

කලින් මන්දකට අහුවු කොටිය මරුනේ ඌව බිමට බාපු විදියෙන්, මූටත් මොනවා කළාද කියලා කවුද දන්නේ?

:       0       92

d.upulSaturday, 30 May 2020 04:40 PM

අලි බෙටි අහුලන්න ආපු අයට පශු වෛද්‍ය කියල ප්‍රමෝෂන් දුන්නා වත්ද?

:       2       0

විජිත් Friday, 29 May 2020 07:50 AM

පසුගිය 26දා එනම් මේ දුර්ලභ පැන්තර්ව නොමිනිසෙකු විසින් සතුන්ට අටවන ලද උගුලකට අසුවී මුදාගත් දාසිට... මට ලස්සන සිහිනයක් තිබුනා. වචනයෙන් ...මෙහෙමයි කියලා කියන්න බැරි තරම් සුන්දර සිහිනයක්....ඒ තමයි.. මෙයා අායෙත් එයා අයිති පරිසරයට.. එයාගේ ගමට යන දවස දකින්න. එ්ත් අද උදේම දුටු පුවතකින්... මගේ සිත කෑලි කෑලි වලට කැඩී, විසිරි ගියා. දින තුනක්.. මා සිත තුළ සිරවී සිටි ආගන්තුකයා ගැන මා මැවූ "සිහිනය මියගියා. "ආයෙත් නොඑන්නම.. මිනිසුන් අතර සිටින" නොමිනිසුන් " නැති.. අපි තවමත් අත්දැක නැති... එය මෙහෙමයි කියලා එක එක්කෙනා නොයෙකුත් විදිහට අර්ථ දක්වන.. අනුමානයට මිසක් අවධාරණය කරගන්නට බැරි ලෝකයකට එයා අපිටත් නොකියාම යන්න ගිහින්.. ඔව්, කැළෑ පාලුවන් නැති, අහිංසක සතුන්ට ගිනි බිඳින්නන් නැති, පරිසරය නසන, වනසන.. අපි ඔක්කොමව මරාගෙන මැරෙන "නොමිනිසුන්ගෙන් " තොර . ඈතම ඈත තිබෙනවා කියා සිතන ලස්සන ලෝකයකට එයා යන්න ඇති.. සසරේ යම් භවයකදී කරන ලද පව් නිසා .. නුඹ කළු කොටියෙකුවී ඉපදුණත්... ඒ පවු සියල්ලම ගෙවා .. දවසක බුදුන් දැක නිවන් දකින්නට නුඹට හේතු වාසනා වේවා. ඒ හැර මම වෙන මොනවා කියන්නද..?

:       0       583

පූජා Friday, 29 May 2020 08:32 AM

ඔව් විජිත්, එයා ගැන අප සිත් හඬන තරම් එයා දන්නවා නම්... දවසක බුදුන් දැක නිවන් දකින්නට නුඹට හේතු වාසනා වේවා! කියලා අප සියලු දෙනාම ප්‍රර්ථනා කරලාවත් අපගේ රිදුණු සිත් සුවපත් කර ගනිමු..

:       2       171

විජිත් Friday, 29 May 2020 10:39 AM

ඔව් පුජා, හිත හඬන තරම් කියලා විස්තර නරන්න බැහැ. අපි ටිකක් බලමු මෙයාට මොකක්ද වෙන්න ඇත්තේ කියලා. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන ඕනෑම ජිවියෙක්ගේ ( අපිත් ඇතුළුව ) ස්නායු පද්ධතිය "යකාගේ කම්මල" වගේ වැඩකරන්න ගන්නවා.ඒ " අනපේක්ෂිත" මොහොතේ ඇතිවන ස්නායු ආවේග වලින් සතාගේ " ඇඩ්රිනල් " ග්‍රන්තියෙන් මිලි තත්පර කිහිපයකදී " ඇඩ්රිනලින් " හෝර්මෝනය රුධිරයටමුදා හරිනවා. ඔය හොර්මෝනයෙන් හදවතේ පේශීන් වල ක්‍රියාකාරීත්වය වැඩිකරනවා..අපිට හිතාගන්නවත් බැරි ශක්තියක් එවිට සිරුරේ ඇතිකරනවා.එයින් ඇත්තටම සිදුවිය යුත්තේ (මේ අවස්ථාවේදී )..." උගුල කඩාගෙන යන්න අවශ්‍ය ශක්තිය " නිපදවාදී - මොහොතකින් නිපදවන " නොර්ඇඩ්රිනලින් " කියන ප්‍රති හොර්මෝනයෙන් ඇඩ්රිනලින් උදාසිනවිමයි.නමුත් ඒ අහිංසකයා පැය කියක් ගැලවෙන්නට උත්සහ කරන්න ඇතිද.? ඇඩ්රිනලින් තත්පර කිහිපයකට වඩා සිරුරේ තිබීම සිරුරට විශේෂයෙන්ම හදවතට හානිකරයි.ඒ නිසා තමයි සොභාවයෙන්ම නොර්ඇඩ්රිනලින් නිපදවෙන්නේ. ඇඩ්රිනලින් බොහෝ වෙලාවක් සිරුරේ තිබීමෙන් හර්දයාබාධ හැදෙනවා. ඒ වගේම මෙයාගේ දැගලිල්ලට සිරුරේ අභ්‍යන්තර අවයව තුවාල වෙලාද දන්නෙත් නැහැ. මරණ පරීක්ෂණයෙන් පසු ඇත්ත හෙළිවේවි.

:       43       252

පූජා Friday, 29 May 2020 10:24 AM

අප සැමගේ හද සොරාගත් මේ මිය ගොස් සිටින කළු කොටියා සංරක්ෂණය (taxidermy) කර අප රටේ වනජීවී කෞතුකාගාරයක තැන්පත් කලොත් මොකද.? විජිත් මහතාගේ අදහස දැනගන්නට කැමැත්තෙමි.

:       0       65

විජිත් Friday, 29 May 2020 11:31 AM

මම හිතන්නේ අනිවාර්යයෙන්ම වනජීවී විශේෂඥයින් ඒ සිරුර taxidermy කරයි. දැනටත් ගිරිතලේ තියෙන වනජීවී කාර්යාලයේ තියෙනවා මෑත කාලයකදී මන්දකට හසුවී මියගොස් සිටි කළු කොටියාගේ සිරුර. ඒ වගේම තමයි.. දැනට වසරකට විතර ඉහතදී හදිසියේම ලංකාවට ආපු මට හදිස්සියේම ඇත්අතුරු සෙවණ බලන්න යන්න අවස්ථාවක් ලැබුණා. එහි සේවය කරන සියලුම මහත්ම මහත්මීන් සතුන් වෙනුවෙන් පුදුම කැපවීමකින් වැඩ කරන අයයි. මේ අපේ මියගිය කළු කොටි මිතුරා මුදා ගැනීමේදී විශාල සේවයක් කළ දොස්තර මාලක අබේවර්ධන මහත්මයාවත්, තවත් දොස්තර මහත්මීන් දෙදෙනෙක් ඒ වෙලාවෙත් විශාල වැඩක හිටියේ... දරුණු ලෙස අසනිපවුණු අලි පැටවෙකුට තවත් තෝරාගත් ලොකු අලියෙකුගේ රුධිරය පාරවිලයන කිරීමක් කලේ.... අලි පැටියා බිම වැතිරිලා හිටියේ. මේ තුන්දෙනා පුදුම උත්සාහයක් දරා ඒ පැටියාගේ ජීවිතය ගොඩගත්තා. ඇත්තටම වනජීවී ආයතනයේ සේවය කරන හැම මහත්ම මහත්මියෙක්ම සතුන් කෙරෙහි පුදුම බැඳීමක් තියෙන අයයි. මට හිතෙන විදිහට තම අාත්මයෙන්ම ඒ කැපකිරීම කරලා තියෙන අයයි. ඔවුන් මේ රැකියාව තෝරාගත්තේ සතුන්ට ඇති ආදරය නිසාමයි..

:       304       142

පූජා Friday, 29 May 2020 10:24 AM

අප සැමගේ හද සොරාගත් මේ මිය ගොස් සිටින කළු කොටියා සංරක්ෂණය (taxidermy) කර අප රටේ වනජීවී කෞතුකාගාරයක තැන්පත් කළොත් මොකද.? විජිත් මහතාගේ අදහස දැන ගන්නට කැමැත්තෙමි.

:       13       131

විජිත්Friday, 29 May 2020 01:48 PM

පුජා, කෝ මේ අපේ සමිත, රවින්ද්‍ර...? දෙන්නම නැහැනේ තවම..

:       0       9

sunilFriday, 29 May 2020 10:44 AM

විජිත් මහත්මයාගේ සටහන කියවූ කෙනෙක් කවදාවත් සතුන්ට හිංසා කරන්නේ නැහැ. අපිටත් දුකයි.දැන් ඉතින් අපිට කරන්න හැක්කේ සතුන්ට හානි කරන උගුල් අටවන්නන් වනජීවී එකට අල්ලාදීමයි.

:       0       79

පූජා Friday, 29 May 2020 01:58 PM

ස්තුතියි විජිත්, ඔයාගේ කමෙන්ට් එක කියවද්දී මගේ සිතට මේ අදහස ආවා. ඔයා කියන විදිහට ඇත්තටම වනජීවී ආයතනයේ සේවය කරන හැම මහත්ම මහත්මියෙක්ම සතුන් කෙරෙහි පුදුම බැඳීමක් තියෙන අයනම් , තම ආත්මයෙන්ම ඒ කැපකිරීම කරලා තියෙන අයනම් , ඔවුන් මේ රැකියාව තෝරාගත්තේ සතුන්ට ඇති ආදරය නිසාම නම් ,ඇයි මේ ගොල්ලෝ බේරාගන්නා හැම කළු කොටියෙක්ම මැරෙන්නේ. අල්ලපු අයගෙන් කී දෙනෙකුගේ දිවි බේරාගෙන තියෙනාවද.?මම හිතන්නේ විජිත් ,සිස්ටම් එකේ කොතැනක හරි වැරද්දක් වෙලා තියෙනවා..අමනාප වෙන්න එපා මේ මාගේ අදහසයි.

:       0       47

විජිත් Friday, 29 May 2020 10:55 PM

මම මොනවටද ඔයා එක්ක අමනාප වෙන්නේ..? මම ඕනෑම ප්‍රතිචාරයක් උපේක්ෂාවෙන් ඉවසන කෙනෙක්. මම දැනුත් කියනවා වනජීවී ආයතනයේ සේවය කරන අය සත්තුන්ට බොහොම ආදරේ කරන, ඒ ඒ සතුන් ගැන බොහෝ හදාරා ඇති අය බව. දවසක් මගේ හිතවත් ප්‍රංශ විද්‍යාඥයෙක් කීවා ෙෙවද්‍යවරුන් අතරින් ඉතාමත්ම අපහසු කාර්ය කරන්නේ ලමාරෝග දොස්තරවරු සහ සතුන්ට බෙහෙත් කරන පශු දොස්තරවරුන් කියලා. ඒ මොකද දන්නවාද.? චූටි දරුවන්ටවත්, සතුන්ටවත්.. ඒ අයගේ ලෙඩ ගැන දොස්තරට විස්තර කරලා කියන්න බැහැයිලු.. ඒ නිසා ඒ අයගෙන් පහළවන ලක්ෂණ වලින් තමයි ඒ අයගේ ලෙඩ රෝග විනිශ්චය කරන්නේ. උදාහරණයක් ලෙස චූටි දරුවෙකුට බඩේ අමාරුවක් හැදුනොත්. එයා මුනින් අතට පෙරලිලා, බඩ යටකරගෙන අඬනවාලු.. ඒ ලක්ෂණය දිගේ ගිහින් තමයි එයාගේ ලෙඩේ මුල හොයාගන්නේ. ඒ වගේ තමයි සතුන්ගේ ඉරියව් නිරීක්ෂණය කරලා තමයි පශු දොස්තරවරු තීරණය කරන්නේ. මේ සතාට දැන් මොකද මේ වෙලා තියෙන්නේ කියලා...අපි මේ කතාකරන අහින්සකයාටත් මොකද වුනේ කියලා එයාගේ මරණ පරීක්ෂණයේදී උගත් දොස්තරවරු තීරණය කරාවි. මිනිසුන්ට කරන ප්‍රතිකාර වලදීරෝගීන් කීදෙනෙක් මැරෙනවාද ...? වනජීවී අයට චෝදනාකරන්න තරම් මම ඒ අයට වඩා සතුන් ගැන දන්නා විශේෂඥයෙක් නොවෙයිනේ.. පූජා...

:       0       11

විජිත් Saturday, 30 May 2020 06:34 AM

මම මොනවටද ඔයා එක්ක අමනාපවෙන්නේ..? මම ඕනෑම ප්‍රතිචාරයක් උපේක්ෂාවෙන් ඉවසන කෙනෙක්.මම දැනුත් කියනවා වනජීවී ආයතනයේ සේවය කරන අය සත්තුන්ට බොහොම ආදරේ කරන ඒ ඒ සතුන් ගැන බොහෝ හදාරා ඇති අයබව.දවසක් මගේ හිතවත් ප්‍රංශ විද්‍යාඥයෙක් කීවා වෛද්‍යවරුන් අතරින් ඉතාමත්ම අපහසු කාර්ය කරන්නේ ළමා රෝග දොස්තරවරු සහ සතුන්ට බෙහෙත් කරන පශු වෛද්‍යය වරුන් කියලා. ඒ මොකද දන්නවාද..චුටි දරුවන්ටවත්,සතුන්ටවත් ..ඒ අයගේ ලෙඩ ගැන දොස්තරට විස්තර කරලා කියන්න බැහැයිලු..ඒ නිසා ඒ අයගෙන් පහළවන ලක්ෂණ වලින් තමයි ඒ අයගේ ලෙඩ රෝග විනිශ්චය කරන්නේ.උද හරණයක් ලෙස චුටි දරුවෙකුට බඩේ අමාරුවක් හැදුනොත් .එයා මුනින් අතට පෙරලිලා ,බඩ යටකරගෙන අඩනවාලු..ඒ ලක්ෂණය දිගේ ගිහින් තමයි එයාගේ ලෙඩේ මුල හොයාගන්නේ.ඒ වගේ තමයි සතුන්ගේ ඉරියව් නිරීක්ෂණය කරලා තමයි පශු වෛද්‍යවරු තීරණය කරන්නේ .මේ සතාට දැන් මොකද මේ වෙලා තියෙන්නේ කියලා.අපි මේ කතාකරන අහින්සකයටත් මොකද වුනේ කියලා එයාගේ මරණ පරීක්ෂණයේදී උගත් වෛද්‍යවරු තීරණය කරාවී.මිනිසුන්ට කරන ප්‍රතිකාර වලදී රෝගීන් කීදෙනෙක් මැරෙනවද? ...වනජීවී අයට චෝදනා කරන්න තරම් මම ඒ අයට වඩා සතුන් ගැන දන්නා විශේෂඥයෙක් නොවෙයිනේ..පුජා ..

:       0       83

විජිත් Sunday, 31 May 2020 06:21 AM

මම මොනවට ඔයා එක්ක අමනාප වෙන්නද පූජා..? මේ විජිත් කියන්නේ දුක, සැප, උපහාස, අපහාස, නින්දා, ප්‍රසංශා, ගල් මුල්... ආදී ඕනෑම දෙයක් උපහාසයෙන් විඳදරාගන්න පුළුවන් කෙනෙක්. හොර දේශපාලුවන්වයි.., හොර ආගමික පූජකයින්වයි හැර කිසිම කෙනෙක්ව මම ප්‍රතිපත්තියක් වශයෙන් විවේචනය කරන්නේ නැහැ. කරලත් නැහැ. මම යමෙක්ව විවේචනය කරන්න නම් මම ඔහු හෝ ඇයට වඩා ඒ "විෂය " ගැන පුළුල් සහ ප්‍රායෝගිකවූ වෘත්තීයමය අධ්‍යාපනයක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ. වනජීවී විද්‍යාව කියන්නේ පරිසරය ආශ්‍රිත ගස් කොළන්, සත්වයින්, සත්වයින්ගේ චර්යාවන්, ඒ ගොල්ලෝ කන බොන හැටි, වැළඳෙන ලෙඩ රෝග පමණක් නොවෙයි වන සතුන් මැරෙන්න තෝරාගන්නා ස්ථාන ගැන පවා අධ්‍යයනය කරන්න තියෙන පුළුල් පරාසයකින් යුත් විෂය ක්ෂේත්‍රයක්. වෘත්තීයමය වශයෙන් මගේ ක්ෂේත්‍රය විද්‍යාව හා ආශ්‍රිත විෂයන්... ඉතින් මම කොහොමද වනජීවී විද්‍යාව ගැන කිසිම දෙයක් නොදැන, වනජීවී එකේ මහත්වරුන්ව විවේචනය කරන්නේ? හැබැයි, ඔයා කියපු විදිහට සිස්ටම් එකේ වැරැද්දක් නම් තියෙනවා. අපි මුළු සිස්ටම් එකම වරද්දා ගත්ත ජාතියක්...

:       0       101

සමිත සේනක අලුත්ගමගේ.Friday, 29 May 2020 02:47 PM

විජිත් මහතා, ඇත්තටම මේ දුක්මුසු පුවත දුටු ගමන් මගේ හදවත නතර වුණා සේ දැනුණා. අනේ මෙහෙමත් තිරිසන් මිනිසුන් .. ඉන්න ලෝකෙක තමයි අප ජීවත්වෙන්නේ. එවන් රුදුරු මිනිසුන් සිටින ලොවකට කොරෝනා නාවොත් තමා පුදුමේ.

:       0       70

පූජාSunday, 31 May 2020 08:55 PM

විජිත්, ප්‍රථමයෙන්ම මම ඔයාගෙන් සමාව ඉල්ලා සිටිනවා. මේ සටහනට ලියන්න ඕනේ සටහන වැරදි තැනකට ක්ලික් වුණු එක ගැන. ඔයා දන්නවා අපි සැම දැන් ජීවත් වෙන්නේ, ඉතාමත් අවිනිශ්චිත කාල පරිච්ඡේදයක කියලා. ඉතින් මගේ හිතට දැනුන දේවල් කියාගන්න, මට ඔයාගේ අවසරය දෙන්න.. වෘත්තීයමය වශයෙන් ඔයාගේ ක්ෂේත්‍රය විද්‍යාව හා ආශ්‍රිත විෂයන් කියලනේ ඔයා ලියලා තියෙන්නේ.. ඒ වුණාට බොහෝ විෂයන් පිළිබඳව ඔයාට තියෙන හසල දැනුම ගැන, අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැහැ.. ඔයා වැනි බුද්ධිමතුන්ගේ සේවය ලබා ගන්නට තරම්.., අපේ ලක්මාතාව වාසනාවන්ත නොවුනේ, නූගතුන් විසින් පාලනය කරන රටක, ජීවත් වීමට තරම් අවකාශයක් නොතිබූ නිසා බව දනිමි.. ඒත් ඔබ ලක් මාතාවට, පණටත් වඩා ආදරය කරන බව දනිමි.. උපහාස, අපහාස, නින්දා, ප්‍රශංසා, ගල් මුල්... වැදුණත් ඔබේ සිතේ තිබෙන ආදරයත්, කරුණාවත් බිඳකුදු අඩු නැති බව ඔබ ලියන සටහන් අනුව වටහා ගතිමි... මම "බව්වා " නමින් අදහස් කලේ ඔයා ළඟ බලු සුරතලෙක් ඇතිය කියලා හිතාගෙන... ඉන්නවා නම් එයා කොපමණ වාසනාවන්තයෙක්ද? ඔබේ සටහනට පිළිතුරක් වශයෙන් මා මේ අවස්ථාව පැහැර හැරියොත් මට ආයෙත් මගේ හිතේ තියෙන මේ අදහස් කියාගන්නට අවස්ථාවක් නොලැබෙනු ඇත.

:       0       11

විජිත් Monday, 01 June 2020 02:36 PM

ඔව් පූජා, නිශ්චිත නැති, අපේ ජීවිත දැන්දැන් තවත් අවිනිශ්චිත වෙලා බව මේ කොරෝනා ප්‍රශ්නයෙන් මනාව පැහැදිලිවෙනවා. ලෝකයේ කොහේ හිටියත් මම ශ්‍රී ලංකාවට "ගොඩාක්" ආදරෙයි. අපි අපේ රටෙන් ඈත්වෙන්න ඈත්වෙන්න... ඒ ආදරය තවත් වැඩිවෙනවා. ඔයා හරි.. අපේ හැකියාවන් යොදාගෙන නිදහසේ, කාගෙවත් ඇඟිලි ගැසීමක් නැතිව රටට වැඩදායක සේවයක් කරන්න වාතාවරණයක් නැත්නම්.. අමාරුවෙන් හරි හිත හදාගන්න වෙනවා.. අපේ හැකියාවන් අගේ කරන රටකට යන්න. ඇත්තටම එය කරන්නේ හෘදසාක්ෂියට එකඟව නොවෙයි.. නමුත් එය කරන්න සිදුවුණා. ලන්ඩන් සිට පැරිසියට අහසින් කෙලින් දුර කිලෝමීටර් 342 යි. මේ තැන් දෙකේ ඉන්න අපි දෙන්නා ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටර් 8500 ක් දුර තියෙන ලෝකයේ තියෙන සුන්දරම රටේ සිට. නූගත්, මෝඩ, ගෝත්‍රික දේශපාලුවන් විසින් අවුරුදු 71ක් පුරාවට විනාශ කරපු.. දේශපාලුවන් විසින් දුප්පත් කරපු අපේ රටේ අනාගතය මහා ඛේදවාචකයකින් කෙළවර වේදෝයි.. මට බයක් නැත්තේම නැහැ.. ඔයා අහලා තියෙනවාද නන්දා මාලිනි මහත්මියගේ ගීතයක්.. " මැගේ නම ලංකාය.." කියලා. අහන්න බලන්න..

:       0       15

indika Friday, 29 May 2020 08:31 AM

කවද්ද අපේ වනජීවී එකෙන් සතෙක්ගේ ජීවිතයක් බේරාගත්තේ..? හැමදාම වෙන්නේ ඔය ටිකම තමා. උගත්කමක් ඇති වෛද්‍යවරු අවශ්‍ය වෙලාවක්...

:       16       176

sumedha Nandasiri Friday, 29 May 2020 08:50 AM

මේ මිලකළ නොහැකි සතා නිර්වින්දනය කළ හැටිත්, රෙද්දක් දමා කරන විකාරයත් වීඩියෝ දර්ශනයෙන් දිටිමි. නිර්වින්දය කළ යුත්තේ නිහඬව සතා කලබලයට පත් නොකරයි. කලබලයට පත්වූ සතාගේ තිබූ තුවාල තවත් විශාල වන්නට ඇත. විකුම් කියන පරිදි විදෙස් රටවල අනුගමනය කරන පිළිවෙත් කොතරම් වටිනවාද දන්නේ එහි ජීවත්වන පිරිස පමණි. මම නම් මේ වීඩියෝ පටියෙන් දුටුවේ කොටියා මරන්නට දඟලන පිරිසක් ගන්නා තැතක් මෙනි. වනජීවියා පිටරටකට බාරදීම තමයි හොඳම ප්‍රතිකර්මය... එතකොට මේ රටවල දොස්තරලා සත්තුන්ව නිර්වින්දනය කරන හැටිත්, රැකගන්නා හැටිත්, හොඳට බලාගන්න අපේ පශුවෛද්‍ය වරුන්ට හැකිවේවි... රටට, ගහකොළට, සතා සිවුපාවාට හා ජනතාවට, ඇත්තටම හිතකාමී පාලනයක් මේ බුදුන් වැඩි රටේ බිහිවේවා..!

:       0       115

sam Friday, 29 May 2020 08:51 AM

වනජීවී එකේ ඉන්නේ පශු වෛද්‍යවරුන්ද, කොන් දොස්තරලාද? මන්දකට අහුවුණු සතෙක්වත් බේරගන්න බැරි අයනේ... අනිවාර්යයෙන් සුදුසුකම් නැති පශුවෛද්‍යවරු වෙලා ඇති... ඉතින් ඒ අය දන්නවද සතෙකුට වේදකම් කරන්න.. පහුගිය දවස්වල අර තඩි දිවියෙක්ව මැරුවා.. දැන් මේ හොඳට හිටපු කළු දිවියව මැරුවා. වහාම වනජීවී එකේ එකාලගේ සුදුසුකම් පරීක්ෂා කරන්න. වනජීවී එකේ අයට ලැජ්ජා නැද්ද? නිකන් පඩි කකා ඉන්න.. සතෙකුට වෙදකම කරලා බේරගන්න බැරි එවුන් මොකටද? මේ අය වැඩක්ම නැති අය තමයි..,

:       10       266

Ajith D.LFriday, 29 May 2020 01:54 PM

ඔබේ අදහස් බොහොම හොඳයි.. එ්ත් එ්ක තමා තිත්ත ඇත්ත...

:       0       0

Akila Friday, 29 May 2020 08:56 AM

ලෝකයේ සිටින ඇති දුර්ලභ සතෙක් ගැන කිසි වටිනාමක් නැතිව ඔහේ මැරෙන්න දීපු වනජීවී එකයි, වනජීවී ඇමැතියි මේකට වග කියන්න ඕනේ... වෙන රටක නම් මෙහෙ සතෙක් තවම ඉන්නවා කියලා දැනගත්තේ දවසේ ඉඳලා උෟට විශේෂ ආරක්ෂාවක් දෙනවා.. නමුත් අපේ රටේ අයට මේ කිසිම දේක වටිනාකමක් නැහැ. නිකන් ජනතාවගේ බදු මුදල්වලින් කකා බිබී ඉන්නවා විතරයි..

:       1       267

Nuwan Friday, 29 May 2020 09:10 AM

කරුණාකරලා නිර්වින්දන එන්නත්වල තත්වය හා සතුන්ට ලබා දෙන ප්‍රමාණය පරික්ෂා කරන්න.. නිර්වින්දනය කරොත් ඒ සතා මැරෙනවානේ...

:       3       156

sas Friday, 29 May 2020 09:28 AM

වනජීවී එක වැඩක්ම නැහැ.

:       13       169

chandi Friday, 29 May 2020 09:56 AM

හරිම කණගාටුදායකයි.. සතා හමුවෙන්නේ 26 වෙනිදා නැතිවෙන්නේ 29 වෙනිදා.. මෙ දවස් දෙකේ සතාගේ තත්වය තේරුම් අරන් ප්‍රතිකර්ම කිරීමට බැරිවීම හරිම අවාසනාවන්ත දෙයක්... හේතුව නොහැකියාවද? හරිම දුකයි..

:       0       148

[email protected] Friday, 29 May 2020 10:04 AM

මේ දැවැන්ත කොටියාගෙන්, මේ ප්‍රදේශයේ වසන දුප්පත් කම්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අනතුරක් නොවීම පිළිබඳව සතුටු වෙමි...

:       103       46

ranaSunday, 31 May 2020 06:09 AM

මේ සතා මිනිස්සු කන්න නෙවේ නේද ආවේ ? නිකන් බුරු කතා කියන්න එපා. වතු වල වෙනත් බෝග වගාවෙන් වෙන සතුන් එන එක නැති කරන්න. ඒ තුළින් මෙවැනි සතුන්ගේ ආකර්ෂණ නවතා ගත ඇහැකි නේ ?

:       0       2

AriyasenaSunday, 31 May 2020 06:37 PM

මිනිස්සු කන්න නොවෙයි.., සාමියාර්ගේ බල්ලව කන්න ඇවිල්ලා තියෙන්නේ...

:       0       20

raneMonday, 01 June 2020 07:54 PM

එතකොට සාමියද මොකාද එකාද මේ උගුල අටවපු අලුගෝසුවා...?

:       0       11

මුණසිංහ Friday, 29 May 2020 10:41 AM

වන ජීවී නිළධාරින්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාව පිළිබඳව නැවත සොයා බැලිය යුතුයි. ඔවුන්ගේ පවතින අඩුපාඩු දුර්වලතා අවම කිරීමට කාලය පැමිණ ඇත. පුහුණු වීම් පිළිබඳ ගැටලු නිරාකරණය කළ යුතු වෙනවා. එමෙන්ම මෙසේ අවසානාවන්ත ලෙස මිය යන දේශිය සත්ත්ව තුරුලතා ආරක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මහජනතාව දැනුවත්කිරීමේ වැඩ සටහන්ද අවශ්‍යයි. මේ කළු කොටියාව සංරක්ෂණය කර මහජනතාවට ප්‍රදර්ශනය සඳහා තැබීම කෙරෙහි අවධානය යොමු වේවා!

:       0       52

සෑම් Friday, 29 May 2020 10:53 AM

මේ වටිනා දුර්ලභ සතාගේ මරණය ඉතා සැක සහිතයි. මේ සතා අල්ලා ගනිද්දී හොඳට පණ තිබුනා. පෙනෙන්ට තිබුණ තුවාල මාරාන්තික නැහැ.මීට සති කිහිපයකට පෙරත් තේ වත්තක සිට නල්ලතන්නිය වනජීවී එකෙන් මන්දකට හසුව පණ පිටින් බේරාගත් ගත් කොටියාත් මැරුණා. මේ සතුන් සුව වූ පසු මෙම පරිසරයටම නැවත මුදා හරින නිසා තේ කර්මාන්තයට වන බලපෑම මත ඊට සම්බන්ධ කිසියම් හෝ පුද්ගලයන් පිරිසකගේ අවශ්‍යතාවට අනුව වනජීවීය විසින් මෙම ප්‍රදේශවල හසුවන කොටියන් මැරෙන්නට ඉඩ හරිනවාද යන්න ගැන ඉතා සැක සහිතයි. එබැවින් මෙම නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාපය ගැන ඉහළ පෙලේ පරීක්ෂණයක් වහාම පවත් විය යුතුයි. පරීක්ෂණ නිම වෙනතුරු එම කාර්යාලයේ සියලු සේවකයන්ගේ වැඩ තහනම් කළ යුතුයි. කෙසේ වෙතත් හොරුන්, ඩීල් කාරයන් රජ කරන රටක මෙවන් පරීක්ෂණ බල පොරොත්තු විය නොහැකි බව ද අපි දනිමු.

:       3       150

tanuja Friday, 29 May 2020 11:15 AM

මෙම සත්වයා අල්ලන ක්‍රමවේදය ඉතා සියුම්ව නිරීක්ෂණය කළහොත් දක්නට ලැබෙන ආකාරයට කිසිම විද්‍යාත්මක ක්‍රමවෙදයක් නැහැ, මේක නිලධාරීන්ගේ වැරැද්දක් නොවෙයි. වනජීවි එකට නිලධාරීන් බඳවා ගැනීමේදී වන සතුන් පිළිබඳව කිසිඳු අවබෝධයක් නැති, පිරිස් දේශපාලනික වුවමනා මත බඳවාගනු ලබයි. අඩුම වනජීවි නිලධාරින්ගෙන් කී දෙනෙකුට වන සත්වයෙක් නිවැරදිව ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට අවශ්‍ය දැනුම පවතීද? සැබවින්ම මේවා දේශපාලනික වුවමනා වෙනුවෙන් වන ජීවින් හෝ වන ශාක පිළිබඳ කිසිඳු සාක්ෂරතාවයක් නැති පිරිස් බඳවාගනු ලබයි. අඩුම තරමින් මම යෝජනා කරනවා මෙවැනි තනතුරුවලට බඳවාගනු ලබන පිරිස් සඳහා හොඳ පුහුණුවක් ලබාදීම, මීට අමතරව විලේජ් life වැනි වැඩසටහන්වත් යම්තරමින් හෝ නරඹා එවායින් යම් යම් දේ ඉගෙන ගෙන කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ මේ සතුන් අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස.... අපිට අපේ දේ දවසින් දවස නැතිවෙලා යනවා, ගහකොල, සතා සිව්පාවා, කරුණාකර දේශපාලනික දැක්මෙන් කියවන්න එපා. කලු කොටියෝ යලි නුඹ කොහේ උපන්නත් ලංකාවේ උපදින්න එපා...

:       9       124

kusal5 Friday, 29 May 2020 11:23 AM

මේකට.. අපේ මුතුන් මිත්තෝ කිව්වේ , ලෙඩා මළත් බඩ සුද්දයි කියල ..!

:       0       3

ravi Friday, 29 May 2020 11:29 AM

යමක්.. කමක් කරකියාගන්න හැකිතාවයකියුත් වනජීවී වෛද්‍යවරුන්.. අපේ රටේ නැති බව අපිට තේරුම්ගන්න පුළුවන් නේද..?

:       0       176

sumedha Nandasiri Friday, 29 May 2020 12:10 PM

වෙනත් රටක නම් මෙලහටත් මේ ගැන පරීක්ෂණ කරලා අදාල ඇමති ගෙදර යනකම් විද්‍යුද් මාධ්‍ය කටයුතු කරනවා. ඒ වගේම මේ උගුල් අටවා අහිංසක සතුන් විනාශ කරන පාපතරයින්ට අධිකරණය මගින් දෙන දඬුවම් හා දඩමුදල් තුන්, හතර ගුණයකින් වැඩිකළ යුතුයි...

:       0       0

Champa Friday, 29 May 2020 12:31 PM

තනිකර බොරුවක් මේ මැරුණු කතාව. මැරිලා නැහැ මරලා තියෙනවා. බොරුවක් කියලා හොඳටම පේන්නේ මේ දුර්ලභ බ්ලැක් පැන්තර් මැරුණු එක සාධාරණීය කරලා තියෙන විදිහෙන්. මෙන්න කියලා තියෙන දේ. " ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හයදෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1%ක් පමණ වාසය කරන බවත්.." අප්‍රිකාවේ බ්ලැක් පැන්තර් 2019 හොයා ගත්තේ අවුරුදු 100 කට පස්සේ. මේ දුර්ලභ බ්ලැක් පැන්තර් ලංකාවේ මේ විදිහට දැක්කේ අවුරුදු 70කට විතර පස්සේ 2020 ජනවාරි. වනජීවී දෙපාර්තමේන්තුව ඊට කලින් කිව්වේ ලංකාවේ බ්ලැක් පැන්තර් වඳ වෙලා ගිහින් කියලා. එහෙනම් ජනවාරි මාසේ හම්බ වෙච්ච බ්ලැක් පැන්තර් ආරක්ෂා කරන්න කිසිදෙයක් කරන්නේ නැතුව මාස 6 තිස්සේ පොල් ගෑවාද? ස්වභාව ධර්මයේ දුර්ලභම දායාදයක් මැරුවා. මීට සති ගාණකට කලින් තවත් දිවියෙක් මැරුවා. මුළු ලංකාවටම ඉන්නේ දිවියන් 600 ගානක් විතරයි. 'ගෘහස්ථ මස් කඩ අරින්න ඉඩදීලා මස් අපනයනය කරනවා' කියල කියපු SLPP ඡන්ද පොරොන්දුවත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ කැලේ ඉන්න ඔක්කොම දුර්ලභ සත්තු ටික මරන්න පටන් ගනියි... ඇයි රාජ්‍ය අනුග්‍රහය තියෙන නිසා....

:       72       0

Champa Friday, 29 May 2020 12:46 PM

මේ කියන නමත් වැරදියි. "පැන්තරා පාඩියුස්" කළු කොටියන්" කියලයි වනජීවී දෙපාර්තුමේන්තුව කියන්නේ... "පැන්තරා පාඩියුස්" කියන්නේ දිවියන්ට. කොටියට කියන්නේ "පැන්තෙරා ටයිග්‍රිස්" කියලා. ලංකාවේ වනාන්තරවල කොටි නැහැ. ලංකාවේ කොටි ඉන්නේ සත්තු වත්තේ විතරයි. මේ ඉන්නේ "පැන්තෙරා පාඩියුස් පාඩියුස්." කොටියෙක් නම් "පැන්තෙරා පාඩියුස් ටයිග්‍රිස්" වෙන්න එපෑයැ. එහෙම වර්ගීකරණයක් නැහැ. වෙන රටවල බ්ලැක් පැන්තර් හම්බ වුනහම National Geographic සඟරාවේ දානවා. ලංකාවේ බ්ලැක් පැන්තර්ව එහෙම දැම්මේ නැහැ. දුර්ලභ සතුන් ආරක්ෂා කරගන්න කිසි වැඩපිළිවෙලක් නැතිබව එයින්ම පේනවා. මේ දුර්ලභ සතුන්ගේ වටිනාකම මොවුන් දන්නේ නැහැ. ලෝකේ පළවෙනිම අභය භූමිය තිබුනේ ලංකාවේ. ක්‍රිස්තු පූර්ව 5 වෙනි ශත වර්ෂයේ දේවානම්පිය තිස්ස රජ්ජුරුවෝ මිහින්තලේ ලෝකේ මුල්ම අභය භූමිය විදිහට නම් කළා. දැන් බුදුහාමුදුරුවන්ගේම ශ්‍රී පාදය පිහිටවපු ශ්‍රීපාද කන්ද තියෙන කැලේ ඉන්න දුර්ලභ බ්ලැක් පැන්තර් මන්දවල් වලට අහුවෙනවලු... මේ රටට ආණ්ඩුවක් මොකටද?

:       16       148

janahitha Friday, 29 May 2020 01:27 PM

යාපනයේ හිටියා නම් අපි ඉවර තමයි.. දීපු එන්නත් කොටින්ට හරි ගිහින් නැහැ.. වලසුන්ට දෙන බෙහෙත් කවලම් වෙලා...

:       0       63

AjithD.L Friday, 29 May 2020 01:50 PM

කලු කොටි කිව්ව ගමන් තිගැස්සෙන කාලයක් තිබුණා.. එ්ත් මේක නම් හදවත් කම්පාවට ලක්වුණු සීන් එකක් තමයි.

:       0       0

edison Friday, 29 May 2020 06:09 PM

වන ඇමතිකම ලැබුණු ගමන් ගිනි අවි ගත්තා නේද?

:       0       0

Mahesh Saturday, 30 May 2020 06:42 PM

මේ කොටියව දාගෙන ගියේ ඌරෙක්ගේ ප්‍රමාණයට සකස් කරපු පෙට්ටියක.. හුස්ම හිරවෙලා මැරුණාද දන්නේ නැහැ. ඒ වගේම වනජීවී එකෙන් පාවිච්චි කරන නිර්වින්දන එන්නත් කල්ඉකුත් වූ ඒවාද විය හැකියි. මෙම සතුන් අල්ලා ගැනීමේදී මොවුන් අනුගමනය කරන ක්‍රමයේ යම් වැරැද්දක් මේ කොටි මරණවලට හේතුවිය හැකියි.

:       0       6

vipula Saturday, 30 May 2020 07:48 PM

මේ මන්ද තියපු කෙනාව අත්අඩංගුවට ගන්න. යහතින් හිටපු සත්තු පුළුල් මාධ්‍ය ප්‍රචාර ලබාදීලා අන්තිමේදී මළගම සඳහන් කරන්නත් වුණා.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 155 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 316 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 398 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 450 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 146 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1653 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site