(නිමල කොඩිතුවක්කු)
මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරයේ සිටියදී නිලධාරීන්ගෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පාලනය කරගැනීමට නොහැකි වූයේනම් එතුමා අගමැති පුටුවේ වාඩිවී එම නිලධාරීන් විධායක ජනාධිපති පුටුවේ වාඩිවී රටේ මානව නිදහසට කරපු බාධාවන් වළක්වන්නේ කෙසේද යන ප්රශ්නය රටත් ජාත්‍යන්තරයත් හමුවේ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා කොළඹදී අද (28) පැවැසීය.
ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන් මානව නිදහසත් තහවුරු කළ හැකි නායකත්වයක් සමඟ රට ඉදිරියට යා යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා මෙසේද කීය.
‘‘ මම පෞද්ගලික මන්ත්‍රී පනතක් විදියට මරණ දඩුවම අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම පනත පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇතිවුණා. ඒ වගේම මේ පනතට සහයෝගය පළ කරලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු තුනක් පැවරුණා.
පක්ෂ නායකයින්ගේ තීරණය මත ඡන්ද විමසීම සඳහා මරණ දඩුවම අහෝසි කිරීමේ පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කලින් කළ යුතු තවත් බොහෝ ප්‍රතිසංස්කරණ තියෙනවා. එතනදි අපේ පාලකයෝ භාරගත යුතු වගකිම් රාශියක් තියෙනවා.
ඒ නිසා ප්රශ්නයේ අගින් අල්ලලා මේ ගැන කතා කරන එක වැරදියි. අපේ රට දුපතක්. දුපතක් වෙච්ච අපේ රටට මත්කුඩු එන එක වළක්වන්න බැරිනම් පාලකයො ඉස්සෙල්ලාම එල්ලෙන්න ඕන.
අපේ ඇතැම් බන්ධනාගාර අද අපරාධකරුවන්ට ආචාර උපාධි ලබා දෙන ස්ථාන බවට පත්වෙලා තියෙනවා. සුලු අපරාධකාරයෙක් බන්ධනාගාර ගත වුනොත් ඒකෙන් එලියට එන්නේ අපරාධ පිළිබඳ පශ්චාත් උපාධියත් අරගෙනයි. බන්ධනාගාර ඇතුලේ ඉඳගෙන අපරාධ කරනවනම් හතර පස් දෙනෙක් එල්ලලා මරණ එක ඒකට විසඳුමද කියලා අපි අහනවා.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර කරුණාකරලා නීතියේ තියෙන හිඩැස් වහන්න කියලත්, බන්ධනාගාර ප්රතිසංස්කරන වලට අවතීර්ණ වෙන්න කියලත් මම යෝජනා කරනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියට ගිහින් පපුවට අත තියාගෙන කිව්වේ මම විදුලි පුටුවට ගෙනියන්න හදනවා මාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න හදනවා ඒකෙන් බේරගන්න මට ඡන්දය දෙන්න කියලයි.
එතුමා කිව්ව ඒ කතාවේත් ඇත්තක් තියෙනවා. 2012, 2013 සහ 2014 මානව හිමිකම් කවුන්සිලයේ අපට එරෙහිව යෝජනා සම්මත වෙලා තිබුණා. ඡන්ද එන්න එන්න වැඩිවෙලා තිබුණා. අපේ අසල්වැසි රට ඉන්දියාව පවා අපට විරුද්ධව ඡන්ද දෙන තැනකට පත්ව තිබුණා.
මානව හිමිකම් කවුන්සිලයේදී වැඩිපුරම අවධානය යොමුවුනෙත් තතාබහට ලක් වුනෙත් යුද්ධයෙන් පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳවයි. හිටපු ජනාධිපතිවරයා මේ සියලු කාරණා දැනගෙන එතුමාගේ අණසක යටතේ මේවා සිදුවුණා කියලා මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. එතුමටත් පාලනය කරන්න බැරි වූ සමහර බලවත් නිලධාරීන් මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිටුපස ඒ අයගේ හස්තය යෙදවූවා කියන එක මේ රටේ ජනතාවගේ බරපතල සැකයකට ලක්වෙලා තියෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිධූරයේ සිටියදි එදා සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පාලනය කරගන්න නොහැකි වුනානම් එතුමා අගමැති පුටුවේ වාඩිවෙලා ඔය කියන නිලධාරින් විධායක ජනාධිපති පුටුවේ වාඩිවෙලා කොහොමද ඒ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මේ රටේ මානව නිදහසට කරපු බාධාවන් වළක්වන්නේ කියන ප්රශ්නය අද අප හමුවේ තිබෙනවා.
ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන් මානව නිදහසත් තහවුරු කළ හැකි අපි ගොඩනගාගත් ඒ ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කළ හැකි නායකත්වයක් සමඟ ඉදිරියට යා යුතුයි කියා මා විහ්වාස කරනවා’’ යැයිද මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ත්‍රී බන්දුලාල්ගෙන් ප්‍රශ්න පත්‍රයක්