(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව දීමට ලබන අපේ‍්‍රල් 24 දින දක්වා නඩුව කල් තබන බව රත්නපුර පළාත් බද අභියාචනාධිකරණ විනිසුරු සහ රත්නපුර අංක 02 මහාධිකරණයේ වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග මහතා අද (18) විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්තේ පැවත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් දෙදෙනකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටී.
පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පසුගිය ජනවාරි 17 දින මෙම නඩුව කැදවූ අවස්ථාවේ එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරිම නඩුව විමසූ විනිසුරුවරයා පත්කරන ලෙස අගවිනිසුරුවරයාට දන්වා යවා නැවත කැඳවීම නියම කරනු ලැබීය.
එහෙත් අද (18) වනවිට මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා වෙනුවට රත්නපුර පළාත් බද අභියාචනාධිකරණ විනිසුරු සහ රත්නපුර අංක 02 මහාධිකරණයේ වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග මහතා රත්නපුර මහාධිකරණ අංක දෙකේ වැඩබලයි.
සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරු මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම නඩුවේ තීන්දුව දීම සම්බන්ධව පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය අගවිනිසුරුවරයාට නැවත දන්වා යැවීමට කටයුතු කරන බවද වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග මහතා සඳහන් කළේය.
පළමු සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ හර්ෂණ විජේනායක මහතා පෙනී සිටියේය. තුන්වන විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා සමගනීතීඥ තුෂාරී සූරියාරච්චි මහත්මිය පෙනී සිටියාය.
එහිදී වැඩිදුර විභාගය අප්‍රෙල් 24 දින දක්වා කල් තැබිණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ත්‍රී ප්‍රේමලාල්ට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රේල් 24 ට කල්යයි
Mahee Tuesday, 18 February 2020 10:40 AM
මැතිවරණය කවද්ද කියලා මතකත් නෑ.
Saman Tuesday, 18 February 2020 11:45 AM
ජනතා බදු මුදලින් අපරාධකරුවන්ට තවදුරටත් යැපෙන්න දෙමුද ?