IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු රිමාන්ඩ්

(ඞී.කේ.රත්න)

පොලිස් කොස්තාපල්වරයෙකුට බණ්ඩාරවෙල නගරයේදී පහරදීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියදුරා මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (11) නියෝග කළේය.

බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රියදුරු තමන්ට පහරදුන් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු වන ගෝවින්දපිල්ලෙයි දිල්ශාන් සිවරාසා නැමති අය බණ්ඩාරවෙල දිසා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර එම නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



අදහස් (4)

මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු රිමාන්ඩ්

Raveendra Monday, 11 February 2019 04:20 PM

දේශපාලුවන්ගේ රියදුරන් දේශපාලුවාගේ බලය අතට අරගෙන රගපෑම පිලිබදව මෙයත් එක හොද උදාහරණයක්.

:       0       82

dias Monday, 11 February 2019 04:25 PM

බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය අද ඉතා පහත් තත්වයකට අද වැටී ඇත. පසුගියදා මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කල පිහි හරඹ කිරීම්, මිරිස් කුඩු ගැසීම සහ පාරේ ගමන් කරන මහජනයාට පහර දීම වැනි දෙයින් මෙය හොඳින් පැහැදිලි වේ. මෙවැනි අයගේ විනය පිහිටුවිය හැක්කේ ජේ. ආර්. ජයවර්දන කලාක් මෙන් දින නොමැති ඉල්ලා අස්වීමේ ලිපි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගැනීමෙනි. එවිට, වරදක් කල විට පක්ෂ නායකයා විසින් ලිපියට දිනය දමා තනතුරින් පහ වීමට ඇති බිය නිසා මොවුන්ගේ හැසිරීම යහපත් කර ගත හැකියි.

:       0       69

sarath perth Tuesday, 12 February 2019 12:05 AM

දේශපාලන හැතිකරේ කෝවේ දාලා මැකුවත් හදන්න බැහැ

:       0       2

Janahitha Tuesday, 12 February 2019 06:03 AM

විනය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අය හැදෙන්නේ ජනතාව පත් කරන්න වගේම අස් කරන්නත් පුළුවන් ක්‍රමයක් හදාපු දාටයි. රියදුරෙක් නිකම්ම චන්ඩිපාට් දාන්නේ නැහැ අරගොල්ලන්ගේ උපදෙස් නැතිව.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 137 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 66 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 82 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 236 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2676 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 241 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site