IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්නැයි උපදෙස් දෙන බව ජනපති කීවා

පාර්ලිමේන්තුවේදී විනීතව හැසිරෙන්නැයි තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන බව  ජනපති සමඟ පැවැති රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
 
එය කඩකලොහොත් මන්ත්‍රීවරුන් කැඳවා අවශ්‍ය පියවර ගන්නා බව ද ජනපති කීවේයැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
 
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේදී අද පැවැති මාධ්‍යහමුවකදී ය. ඒ මහතා මෙසේ ද පැවසීය.
 
‘‘පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි අපි යෝජනාවක් ගෙනැල්ලා දවස් පහකට කල් දෙනවා. දවස් පහකින් පස්සේ ඒක වභාග වෙනවා. ඒක එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තිබෙනවා ස්ථාවර නියෝග අත්හිටුවලා ගේන්න පුලුවන්. මන්ත්‍රීවරු 20ක් සහයෝගය දෙනවා නම් ස්ථාවර නියෝග අත්හිටුවලා ඕනම යෝජනාවක් ගෙන්න පුලුවන්. ඒ ක්‍රමය තමයි අපි අනුගමනය කළේ.
 
පාර්ලිමේන්තුව විසිරෙව්ව ගැසට්ටුව උසාවියෙන් අත්හිටෙව්වා. ඉන් පසු හදිසියේ පහුවදා පාර්ලිමේන්තුව රැස්වෙලා ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාවක් සම්මත කරලා විශ්වාසභංග යෝජනාව ගෙනාවා. කතානාකයවරයා පාර්ලිමේන්තුවට ආවට පස්සේ සුමන්තිරන් මහත්මයා නැගිටලා යෝජනාවක් ගෙනත් ස්ථාවර නියෝග අත්හිටෙව්වා.  
 
අනුර කුමාර දිසානායක මහතා විශ්වාස භංග යෝජනාව ගෙනාවා. ඉන් පසු ස්ථාවර නියෝග 47.1 හි සඳහන් වෙලා තිබෙන ආකාරයට කටහඬ අනුව ඡන්දය විමසුවා. 
 
පෙරේදා අපි ජනාධිපතිතුමාව හමුවුණා. හමුවුණාම කිව්වා ඊයේ (සිකුරාදා)  මේ යෝජනාව නැවත වරක් ගෙනෙන්න කියලා. මම ඇහුවා යෝජනාව ගේන්න පුලුවන් ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන් ඉඩ දුන්නේ නැතිනම් මොකද කරන්නේ කියලා. මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්න කියලා උපදෙස් දෙනවා කිව්වා. ඒ පොරොන්දුව දුන්නා අපට.   එහෙම හැසිරුනේ නැතිනම් ඒ අය ගෙන්වලා අවශ්‍ය පියවර ගන්නවා කියලත් කිව්වා. හඬින් ඡන්දයක් ගත්තත් එතුමා පිළිගන්නවා කිව්වා. ‘‘
 
මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා -
 
‘‘ලබන සඳුදා පාර්ලිමේන්තුව කැඳවනවා. කතානායකට අකමැති නම් යෝජනාවක් ගෙනත් කතානායක අයින් කරන්න ඔවුන්ට පුලුවන්. දැන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන්න කැමති නෑ, වෙනත් කෙනෙක් නම් කළොත් පුලුවන් කියලානේ. ඡන්දෙන් පස්සේ ආයෙත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වුණොත් ව්‍යවස්ථාව එයාලා අර්ථ දක්වන විදියට පහුවදාම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරන්න බෑ කියලා ඒ පාර්ලිමේන්තුවත් විරිසරුවන්න පුලුවන්. මේ වෙලාවේ කළ යුත්තේ මහ මැතිවරණයකට යන එක නෙමෙයි. ජනාධිපතිවරණයකට යන එකයි කළ යුත්තේ. ‘‘



අදහස් (12)

මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්නැයි උපදෙස් දෙන බව ජනපති කීවා

indika Saturday, 17 November 2018 06:01 PM

පඹයෙක් කියන දෙයක් ඒ අය කරාවිද?

:       0       0

lakmal Saturday, 17 November 2018 10:56 PM

මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සදහන් කර සිටින ක්‍රියා පටිපාටිය නිවැරදියි.

:       0       0

lion Sunday, 18 November 2018 12:36 AM

අපට ඔබල ගැන දුකයි....... ඔබල තාමත් විස්වාස කරනවද මේයාව? ඔබලාට ලජ්ජා නැද්ද?

:       0       0

Bamunuarachchi Sunday, 18 November 2018 12:41 AM

ඡන්දයක් තිබ්බොත් රනිල් පැත්ත පලාතෙකට එන්නේ නැතිබව ඔබලාම පිළිගත් නිසා නේද ඔබලාම සජිත්ව යෝජනා කලේ? ඉතින් කොහොමද නැවත රනිල් බලයට එන්නේ. කිරිඇල්ල කෙනෙක් ප්‍රේමදාස කෙනෙක් ගේ ඇමති මණ්ඩලයේ සිටීම කිරිඇල්ලටත් කොපමණ හොඳද.

:       0       0

Bamunuarachchi Sunday, 18 November 2018 12:57 AM

කිරිඇල්ල, ජනතාව විසින් ජනාධිපති කමට පත්කළ ජනාධිපති කෙනෙක් ඔය ජනාධිපති තනතුරේ ඉන්නේ. අගමැති තනතුරේ ඉන්නේ ජනතාව අගමැතිකමට පත්කළ කෙනෙක් නොවෙයි, ඔබලා විසින් පත්කරගත්, නමුත් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන කෙනෙක්. එමනිසා නැවත ඡන්දයකට ගොස් මැති ඇමති කීදෙනෙක් ඔය තනතුරේ ඉන්න සුදුසුද කියා බලමු. ජනතාවගේ තීරණය හැම පක්ෂයකටම පොදුයි.

:       0       0

Saranya Sunday, 18 November 2018 02:02 AM

රනිල් මහත්තයා අගමැති කරනවාට කැමති නැත්තේ ඇයි කියලා තේරෙන්නේ නැද්ද ඕගොල්ලන්ට? මතකද ජනාධිපති කිව්වා රනිල් ආපහු අගමැති වුනොත් පැයක්වත් පුටුවේ ඉන්නේ නෑ කියලා... මේ අය‍ගේ කපටිකමට එක එක ඒවා කියවනවා දැන්. රැවටෙන්න එපා ඔවුන්ට... විනීතව හැසිරෙන්න කිවුවා නම් එහෙම කරන්න එපැයි අඩු තරමේ මහින්දවත් කිවුවද නවත්තන්න? ඒ අයට ඕනෑ අයගේ නඩු විසි කරවගන්න. රනිල් එක්ක ඒවා කරන්න බෑ. ඉතින් එනවට කැමති නෑ. ජනාධිපතිට අපි රැවටුණා. උදේ වැටුණු වලේ දවලුත් වැටෙන්න එපා...

:       0       0

රවින් Sunday, 18 November 2018 02:50 AM

ජනාධිපති කිව්වා... පිළිගන්න උදවිය දවසින් දවස අඩුවෙනවා. ඒ ගැන කිසිම චකිතයක් ඇති කරගන්න එපා. කොහොමත් ඔය 225 ගැනම ජනතා විශ්වාසයක් නැහැ.

:       0       0

මාරයා Sunday, 18 November 2018 04:11 AM

ළඟ තියන බෝතලේ ඇසිඩ්ද දන්නේ නැහැ...

:       0       1

sadis Sunday, 18 November 2018 04:13 AM

අනේ කිරෝ! ඔව්ව කිරාගේ කිරි සිහින විතරයි! අපි නොදන්න චෙස්!

:       0       1

rocky Sunday, 18 November 2018 11:51 AM

සදිස් ළමයට එදා ගහපු කිරි පැකට් මතක් වෙලා වගෙයි. තවම නතර වෙලා නැද්ද?

:       0       0

Hafeel Sunday, 18 November 2018 02:51 PM

කකුළුවා පැටවුන්ට කියනවා පෙළට වරෙන් කියලා. නමුත් ඔහු යනවා හරහට. ඒ වගේම තමයි කලින් ජනාධිපති විනීතව හැසිරෙන්න එපැයි....

:       0       1

BamunuarachchiMonday, 19 November 2018 11:51 AM

විනීතව හැසිරෙනවාය කියන එකේ තේරුම දන්නවද? ජනාධිපති කොතැනද අවිනීතව හැසිරුනේ කියන්න බලන්න. සිංහල උපහරණයක් තිබෙනවා නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගත්තා කියලා. අපට කියන්න වෙනවා නොදන්නා සිංහලේට ගිහිල්ලා වැඩ පල්කර ගත්තා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 63 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 80 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 137 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 396 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3357 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 675 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site