IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාන්කුලම් රෝහලේ කැණීම් තාවකාලිකව නවතයි

(සිතුම් චතුරංග)
           
මුලතිව්, මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේදී එම භූමියේ තිබී සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් කිලිනොච්චිය අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව ලැබෙනතෙක් කැණීම් නවතා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.
           
අදාළ ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නියෝග මත ඊයේ (13) අංශ කිහිපයක් කැණීම් කළ අතර එහිදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
           
එහි සිරුරු කොපමණකින් අස්ථි හමුවූවාද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය කියයි.
           
අදාළ ස්ථානයේ කැණීම්වලදී දිරාගිය ඇඳුම් කොටස්, යකඩ කැබලි කිහිපයක් හා  පතරොම් සොයාගත් බව පැවසීය.
           
මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරී, බෝම්බ නිශ්ක්‍රීය අංශ, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහභාගීත්වයෙන් මෙම කැනීම් කරනු ලැබීය.
           
හමුවූ අස්ථිකොටස් හා ඇඳුම් සම්බන්ධයෙන් කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව ඉදිරි කැණීම් කටයුතු සිදුකරනවාද නොකරනවාද යන්න තීරණය කරන බවත් අදාල ස්ථානයේ ආරක්ෂාව තරකොට ඇති බවද මාන්කුලම පොලිසිය වැඩිදුරටත් පැවසීය.
           
මුලතිව් මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අදාළ ස්ථානයේ තිබි අස්ථි කොටස් කිහිපයක් පසුගිය 11 වැනිදා පළමුවරට මතුවී තිබිණ.
           
මාන්කුලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත තොටගොඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

මාන්කුලම් රෝහලේ කැණීම් තාවකාලිකව නවතයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 262 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 34 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1693 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 338 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1573 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1540 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site