IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මධූෂ් ගේන්න මාරපන ඩුබායි යයි

(තිළිණි ද සිල්වා)

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (03) දිනයේ දී අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරදී මෙම විශේෂ හමුව සිදු වූ බවද එම රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ සංදේශයක් එරට විදේශ අමාත්‍ය අන්වර් බින් මොහොමඞ් ගර්ගාෂ් මහතා හමුවේ බාර දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු දෙරට අතර බලපාන ද්විපාර්ශවික ගැටලු නිරාකරණය කර ගැනීම් පිළිබඳවද තිලක් මාරපන අමාත්‍යවරයා එමීර්  විදේශ අමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපයේදී නිල දැනුම්දීමකින් තොරව ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා හමුවේ කරුණු සැලකර ඇතැයිද දැන ගන්නට ලැබේ.

මෙම සංචාරය අමාත්‍යවරයා පෙර සැලසුම් කළ සංචාරයක් නොවන බවද රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ එමීර් විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සිදුවූ මෙම හමුව සම්බන්ධයෙන් එමීර් විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ තොරතුරු දක්වා ඇතිර අතර එහි සඳහන් වන්නේද තිලක් මාරපන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ පණිවිඩයක් එරට විදේශ ඇමති බාර දුන් බවය.

 

 

 

 

 



අදහස් (18)

මධූෂ් ගේන්න මාරපන ඩුබායි යයි

sirimal Thursday, 04 April 2019 02:53 PM

ඒ මනුස්සයා ඩුබායි රටේදී මොනවා හරි නීති විරෝධී වැඩක් කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය දඬුවම් ලබාදෙන්න කියලා කියන්නේ නැතුව මොන එකකටද මේ එයා ආපහු ලංකාවට වඩාගෙන එන්න හදන්නේ? මෙහෙ හිරගෙවල් වල ඉන්න කට්ටිය කරන වැඩ ගැන කවුරුත් දන්නවානේ. ඉතින් ඔය මනුස්සයා ලංකාවට ගෙන්නලා හිරේ දැම්මොත් ඉබ්බා වතුරට දැම්මා වගේ තියෙයි.

:       3       498

SampathThursday, 04 April 2019 11:45 PM

කළුවා මාරපන් ගියා වගේ නේද ?

:       0       1

හෙළයා Thursday, 04 April 2019 03:41 PM

ගිහින් අරන් එන්න නියම එක්කෙනානේ.. ඇයි සිංගප්පුරු ගිහින් අර මහ බැංකු හොරා ගෙන්න බැරි.. බඩේ අමාරුවක් හැදුනත් මෙයාල යන්නේ සිංගප්පුරුනේ...

:       5       462

Nimal Thursday, 04 April 2019 03:47 PM

මේ කඩයිම් අවස්ථාවේදී අපේ රටේ බුද්ධි අංශයන් වෙත වැදගත් රාජකාරියක් පැවරී ඇත.

:       0       133

Mahee Thursday, 04 April 2019 06:04 PM

ජනාධිපතිතුමා කලින් කිව්වා ජිනීවා ගිහින් මානව හිමිකම් කොමිසමට ආණ්ඩුව කියන්න බලාපොරොත්තුව හිටපු දේ නෙමෙයි තමන් ලියල දුන්න දේයි මාරපන කිව්වේ, නැත්නම් රට ඉවරයි කියල. දැනුත් එහෙමයි. දැන් දැන් ජනාධිපතිතුමා විධායක බලතල හරි විදිහට පාවිච්චි කරනවා වගෙයි. හැබැයි, මාරපන ජනාධිපතිතුමාගේ වැඩ කරනවා කියල ඇතුලෙන් විරෝධතා එයි. එහෙම වුනොත් මාරපන ඩුබායි යනකොට කළුවා මාරපන යන්න ඉඩ තියෙනවා.

:       3       84

mdd Thursday, 04 April 2019 06:17 PM

ගේන්නද ටිකට් හදල කොහාට හරි යවන්නද

:       6       134

raviThursday, 04 April 2019 07:30 PM

ඔව් ඒක එහෙම තමයි සිද්ධ වෙන්න යන්නේ. අපේ රටේ ඉන්න ලොකු ලොකු තරාතිරම් වල ඉන්න අය තමයි මදුෂ් එක්ක සම්බන්දකම් පවත්වාගෙන හිටියේ. ඒ නිසා දැන් මදුෂ් ඇවිල්ලා මෙතන කියන්න පටන්ගත්තහම වෙනස් කරන්න බැරි හුඟක් දේවල් වෙනස් කරන්න සිද්ද වෙයි .

:       0       150

ranjith Thursday, 04 April 2019 11:21 PM

බේරාගන්නද යන්නේ

:       0       0

rocky Friday, 05 April 2019 01:47 AM

අන්ගුලිමාලයව උනත් මෛත්‍රීයෙන් යහ මගට ගැනීමට පුළුවන් වුනානේ. එකහින්දා ඔය අහිංසකයාවත් මෙහෙට එක්කගෙන ඇවිත් ඔලුව අත ගාල ඉහල ශ්‍රේණියෙන් මෛත්‍රී පොජ්ජක් දාලා යහපාලන ප්‍රතිපත්තියෙන් කටයුතු කලොත් හදා ගන්න පුළුවන් වේවි. ලබන ජනාධිපතිවරනේදී පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් කලොත් ජය නියතයි.

:       22       60

Sapumal. Friday, 05 April 2019 02:07 AM

සැවොම එකතුවී මේ උවදුර දුරුකර ගැනීමට වෙහෙසීම අගය කලයුතු දෙයක්. ඒත්, මේ මධූෂ් ට සම්බන්ධ හා උපකාරගත් පාර්ලිමේන්තුවේ සිටින අය මොවුන් බේරාගෙන තමන් ආරක්ෂාවීමට දැනටමත් උගුල් අදිනවා වෙන්න පුළුවන්. මේවා ගැන ජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම වැදගත්.

:       0       90

de silva Friday, 05 April 2019 02:17 AM

කුඩු කාරයෝ පාතාල නායකයෝ එල්ලන්න කාලය හරි නැත්නම් වෙන්නේ සාමාන්‍ය මිනිසුන්න්ට රට අතහැර පිට රටක පදිංචි වෙන්න එහෙම නැත්නම් බෙල්ලේ වැල දමාගන්න ,

:       0       13

sara Friday, 05 April 2019 02:41 AM

අපේ ගොයියෝ පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දැක්කහම ලෝකේ කිසිම රටක උන් අපේ රටේ දේශපාලකයෝ තඹ දොයිත්තුවකට මායිම් කරයි ද?

:       0       27

Nimal Friday, 05 April 2019 04:25 AM

එයාව ගෙනෙන්නේ නැතුව බැහැ, එහෙ නඩු අහුවොත් අපේ අර දේශපාලුවන්ගේ නමුත් එලියට එනවා, ඒ නිසා ගේන්නම ඕන

:       0       27

Amila Friday, 05 April 2019 04:41 AM

අර්ජුන් මහේන්ද්‍රන්ලා ජාලියලා ගේන්න නම් මෙහෙම උනන්දුවක් නෑ නේ !

:       0       20

Nuwan Friday, 05 April 2019 05:40 AM

මදුෂ්ගේ සල්ලි වලට විදින්න වගේ යන්නේ කෂ්ටිය. අපි නොදන්න මොණර තැන්න!

:       0       0

samira Friday, 05 April 2019 05:57 AM

කළුවා මාරපන ගියපු කතාවේ දෙවන දිගහැරුම

:       0       0

sam Friday, 05 April 2019 08:17 AM

කළුවා මාරපන ගියා වගේ තමයි.

:       0       1

Sarasi Friday, 05 April 2019 09:43 AM

මොකටද ඔය මනුස්සයාව මෙහෙට උස්සාගෙන එන්නේ? ඊළඟට කියන්න එපා ඔන්න අසවලා හිරෙන් පැනලා, මුළු රටේම ගෙවල් අස්සේ සොයන්න වෙනවා කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 399 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 80 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 700 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 709 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1138 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1045 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site