IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මධූෂ්-අමල් ඇතුළු පිරිස රිමාන්ඩ්

නිමන්ති රණසිංහ
 
ඩුබායිහි පොලිස් බාරයේ සිටි මාකඳුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා එරට අධිකරණය විසින් මාර්තු 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ ඇතැයි ඩුබායි ආරංචි මාර්ග කියයි.
 
රිමාන්ඩ් කළ පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා හ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සිටින බව නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා පැවසීය.



අදහස් (18)

මධූෂ්-අමල් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mahee Thursday, 28 February 2019 05:44 PM

එහෙ නීතිය ගැන අපි දොස් කිව්වට යකෝ බැලුවහම එඩිතර විනිසුරුවරු එහෙ ඉන්නවනේ.

:       34       164

jim kuru Thursday, 28 February 2019 05:47 PM

කට්ටියම ඔහේ තියාගන්න මෙහෙනම් එවන්න එපා

:       23       187

බද්රානි Thursday, 28 February 2019 07:31 PM

ඉතාම හොඳ තීන්දුවක්. දේශපාලනිකව හෝ ඕනෑම ආකාරයක සිවිල් බලයක් තිබෙන අයට, ලෝකයේ ඕනෑම රටකට ගිහින් ලංකාවේ සෙල්ලම්, එම රටවල දමන්න හැකි යයි සිතා සිටින ඕලමොට්ටලයින්ට ඉතාම වටිනා පාඩමක්. ලෝකයේ බොහෝ රටවල් දැන් අපට වඩා ශිෂ්ඨ සම්පන්න වී ඇති බව හා නීතිය සැමට සාධාරණ බව මේ අය අවබෝධ කර ගත යුතුයි.

:       23       544

Sanka Bambarawana Liyanage Friday, 01 March 2019 02:32 AM

අත් අඩංගුවට ගන්න එක වලක්වන්න නියෝගයක් නිකුත් කරව ගන්න දැන් පරක්කු වැඩි ඇති නේද? ඒක කලින් කරගෙන එපාය ඔය කුඩු විකුණන වැඩ ක‍රන්න. මෝඩ හැත්ත.

:       23       401

කුමාර Friday, 01 March 2019 02:32 AM

නීතිඥයො ලංකාවෙ වුනාට නඩුකාරවරු ඩුබායි වෙන්න ඇති ....

:       20       223

ගල්කටස් Friday, 01 March 2019 04:27 AM

පව් අහිංසකයන් ටික... අර නීතිඥයා කිව්ව හැටියට නම් වරදක් කරලම නැහැ අමල් බබා.... එ්ක වෙන්නැති තවතව කල් යන්නේ.. කුඩු කාරයන් වහාම එල්ලුම්‍ ගස් යවනු..

:       23       141

sam Friday, 01 March 2019 05:56 AM

හරි ජොලි ඇති හිරගෙදර සින්දු අහගෙන ඉන්න පුළුවනි. මෙ නගරය මා ඔබ මුනගැසුනු නගරයි .... මෙ නගරය මා ඔබ වෙන් කෙරුන නගරයයි ........හා හා ගොඩක් පින් කරපු සෙට් එක නේද යාලුවනි ? ------------------- මා සනසා මා නලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟි මරා රැඟුම් පා මුවට යා කලා හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා සිහින ලොවක පාවේ සඳුන් සිහිල යායේ මා සනසා මා නලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී රැයක් නිදි මරා සරාගී ලවන් වෙහෙසිලා යලිත් එන තුරා සුරංගී හිඳිමි මග බලා හෙටත් සඳ උදා වේ රැයක්…

:       0       2

මංජුල බිරැට් Friday, 01 March 2019 06:36 AM

ලංකාවේ ඉන්නේ ගේම්කාරයෝ.. එහෙ ඉන්නෙ නඩුකාරයෝ...

:       17       88

Nandalal DE SILVA - France Friday, 01 March 2019 07:21 AM

මේ ජාත්‍යන්තර කුඩු මුදලාලිලා, බෑන්ඩ් චුන් කාරයන් සමග ඩුබායි අධිකරණ වලින් නිදොස් කොට නිදහස් කර ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන දින ගුවන් තොටුපොලේදී කැවුම් කිරිබත් කවා, තම්මැට්ටම් ගසමින් රාජ්‍ය තාන්ත්‍රික නායකයකුට වගේ උසස් පිළිගැනීමක් කිරීමටත් කුඩු සංස්ථාවේ ලොක්කන් සුදානම් වී සිටියාලු! පව් අනේ, ඔක්කොම වතුරේ ගියා නේද?

:       19       53

පිටිගල මිලානෝ Friday, 01 March 2019 08:15 AM

ඩුබායි වල පොලිසියේ ප්‍රශ්න කිරීම් වලින් පසුව රිමාන්ඩ් කළා කියන්නේ මොවුන්ට පොලිස් අධිකරණයේ විභාගයට චෝදනා ඇති බවයි. මට දැනෙන පරිදි මේ රිමාන්ඩ් කල අයට අවම අවුරුදු දහයක වත් සිරදඬුවම් ලැබෙනවා.

:       24       29

පිටිගල මිලානෝ Friday, 01 March 2019 08:15 AM

ඩුබායි වල පොලිසියේ ප්‍රශ්නකිරීම් වලින් පසුව රිමාන්ඩ් කළා කියන්නේ මොවුන්ට පොලිස් අධිකරණයේ විභාගයට චෝදනා ඇතිබවයි. මට දැනෙන පරිදි මේ රිමාන්ඩ් කල අයට අවම අවුරුදු දහයක වත් සිරදඬුවම් ලැබෙනවා.

:       41       59

smnFriday, 01 March 2019 10:05 AM

මට තියෙන ගැටළුව නඩු අහල කම්බි ගැනල අන්තිමට මුන් ටික ආයිමත් මේ රටට ඒවිදෝ කියනෙකයි.

:       22       19

Nandalal DE SILVA - France Friday, 01 March 2019 09:32 AM

මේ රිමාන්ඩ් කළ අයට අාවම අවුරුදු දහයකවත් සිරදඬුවම් ලැබෙනවා. අපේ ශ්‍රී ලංකාවේ නීතිය, අධිකරණ පද්ධතිය අනුව නම්, වසර දහයක් කියන්නේ සොච්චම් කාලයක් ! ඒ කාලය සමහර අයට වසර 2කින් කරලා ශේප් වෙලා දොට්ට යන්න පුළුවන්! එහෙත්, මැද පෙරදිග නීතිය අනුව නම්, කුඩු නඩුවල අයට එය වසර 25 සිට ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබිය හැකි වරදක් කියා මා දන්නා නීතිවේදියෙක් කියනවා. ශ්‍රී ලංකාවේ තියෙන දෙයක් කාලා, බෑන්ඩ් චූන් සංගීත සංදර්ශන වලින් ලැබෙන මුදලට වඩා ඉක්මනට පොහොසත් වෙන්න ගියාමත්, පිටරටවල බෝඩිමේ කූරුගණන් කරන එක සැපක් කියල ඒ අය කියන්නත් බැරි නැහැ...!!!

:       30       9

banda Friday, 01 March 2019 11:20 AM

මුන් ටික හිරේම තියා ගන්න

:       63       19

prabha Friday, 01 March 2019 01:37 PM

අර කුරුටුගාමියාවත් එ්ත් එක්කම කුඩුවේ දාන්න බැරිවෙයිද?

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 01 March 2019 04:53 PM

කන්ජිපානිට අවුරුදු පනහක්වත් හම්බවෙයි.

:       0       124

de silva Friday, 01 March 2019 10:59 PM

කන්ජිපානි කියන්නේ කැඳ වලට, කැඳයන්ට සමහර රටවල අධිකරණ පද්ධතිය දෙකට නැමුණාට එමිරේට් රටේ එහෙම වෙන්නේ නැතිබව පෙනෙනවා. එහෙ තිබෙන නීතියට අපේ මිනිස්සු ඇදකුද කීවට, එම නීතිය දේශපාලකයාට, පාතාලයන්ට ඕනේ විදිහට නමන්න බැරිබව පෙනෙනවා. ඒක නිසා අපේ උදුලට අකුලා ගෙන එන්න වුනේ.., උදුල හිතන්න ඇති මේවා හරියට රස්තියාදු කාරයෝ ටිකක් එකතු කරගෙන ලිප්ටන් වටරවුමේ ජෝගි නටනවා වගේ වැඩක් කියලා.., පොඩි සද්දයක් එහෙම දමලා මේ ගොල්ලව නිදහස් කරගෙන එන්න පුළුවන් කියලා. විශ්ව විද්‍යාලේදී මොවුන් සමාජ වාදයට බෙල්ල වුණත් දන් දෙන විදිහට රඟපාන්නේ.., දැන් යන්නේ සල්ලි වලට වහල් වෙලා කුඩු කාරයන් සහ ඔවුන්ට බයිල‍ා කියන්න ගිය අයවුන් බේරාගන්න. මොවුන් නිසා සිසුන් කී දෙනෙක් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන අනාගතය අඳුරු කරගන්න ඇතිද?

:       0       0

Chanak Los angeles Saturday, 02 March 2019 04:58 AM

දඬුවමට බිය පුද්ගලයා කළයුතු හොඳම දේ වැරදි වැඩ නොකර සිටීමයි.. මත් ජාවාරම් කරුවන්ට මරණ දඬුවම දෙනවිට ඊට එරෙහිවීම නොකළ යුතුයි. මන්ද එම ජාවාරම් කරුවන් අහිංසක තරුණ ජීවිත මත්කුඩු මගින් මරා දමනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 279 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2664 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 579 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1203 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 157 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 99 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site