ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
මේ සඳහා වන යෝජනා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය ඉක්මණින්ම පැවැත්වීම සඳහා අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුවේදී හැකි ඉක්මණින් සම්මත කර දෙන මෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
මෙයට අමතරව පසුගිය 2018 වසරේ දී පැවති පළාත් පාලන මැතිවරණයේ දී හඳුනාගත් අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා වන නව සංශෝධන පළාත් පාලන මැතිවරණ පනතට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුණු ආකාරය පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ දී කරු ජයසූරිය මහතා හමුවූ අවස්ථාවේදී ඉහත කරුණු සාකච්ජා කෙරිණි.
මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයින් වන නලින් ජයන්ත අබේසේකර,මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් සහ කොමිසමේ ලේකම් ටී.ඩී. හේරත් මහතා සහ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කථානායක ජයසූරිය මහතා සමඟ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට අවශ්‍ය මාධ්‍ය උපමාන නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව වෙතින් ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණය ස්වාධීන හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් පියවර කථානායකවරයාගේ පැසසුමට ලක් විය.
යම් ලෙසකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාර්තු 01 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු කළහොත් 2020 අප්‍රියෙල් මහ අගදී හෝ මැයි මුල් සතියේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාධ්‍ය උපමාන නීතිගත කරන්නයි මැකෝ ඉල්ලයි
gunda Tuesday, 26 November 2019 02:30 PM
මැකෝ, ජනාධිපතිවරණය අවසන් වූ විගස මැකෝ කමින් අස්වෙලා යනවා කියලා නේද කීවේ? තවමත් මොකද කුණු අවුස්සා අවුස්සා ඉන්නේ. දාලා යන්න දුකයිනෙ. කියන හැටියට වැඩත් තියෙන්න ඕනෑ.
Athula Tuesday, 26 November 2019 03:18 PM
කොමසාරිස්තුමනි, ඔය සියලු දේ කාලෝචිතයි. එහෙත් පළාත්සභා අහෝසි කරන්න යෝජනාවක් ගන්න. ඕක මහා විනාශයක් රටට එහෙම පිටින්ම සුදු අලියෙක්. ජනතා මුදල් කාබාසිනියා කිරීමක් විතරයි. ඉන්දියාවෙන් බලහත්කාරයෙන් පටවපු විනාශය අහෝසි කරන්න