(නිමන්ති රණසිංහ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා විශ්‍රාමික බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා අද (02) නියෝග කළේය.
එක් ඇපකරුවෙක් රජයේ සේවකයකු විය යුතු අතර සියලු ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කළ යුතු බවද ඇප කොන්දේසියක් නිකුත් කළ අධිකරණය සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියම කළේය.
සිද්ධියට අදාළව මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සැකකරු අත්අඩංගුවට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 08 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණද මෙම සිද්ධියේ සාක්ෂිකරු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා විදේශ ගතව සිටීම හේතුවෙන් එම හඳුනාගැනීමේ පෙරට්ටුවට සහභාගී වීමට නොහැකි බවට දන්වා සිටීම හේතුවෙන් එම පෙරට්ටුව අවලංගු කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට එලෙස ඇප නියම කළේය.
ඉකුත් 2009 ජනවාරි මස 23 වැනිදා උදෑසන 6. 40 පමණ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී රිවිර හිටපු ප්‍රධාන කර්තෘවරයා වූ උපාලි තෙන්නකෝන් මහතා සහ ඒ මහතොගේ බිරියට යතුරු පැදි දෙකකින් පැමිණී හිස් ආවරණ සහිතව පැමිණී නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවත්, පසුව ඒ මහතා සහ එම මහත්මිය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියාට ඇප
සෙනෙවිරත්න Saturday, 03 August 2019 02:04 AM
වසර 10කට පෙර හෙල්මට් දමා පැමිණ පහර දුන් අයෙක් හඳුනා ගතහැකි අයෙක් වේ නම් ඔහු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය අයෙක් විය යුතුය. ගරු අධිකරණය ඒ බව නොදනීද?