IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මැදමුලන නඩුවේ සාක්කි විභාගය දෙසැම්බර් 20 තෙක් දිර්ඝ කරයි

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයක මුදලක් අවභාවිත ක‍ළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාග කිරිම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් 20 වැනිදා දක්වා දිර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය.

මැදමුලන කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 33.9 ක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුන් 6 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනය සම්බන්ධයෙන් විභාගය අද (11) ආරම්භ කිරීමට ද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබිණ.



අදහස් (18)

මැදමුලන නඩුවේ සාක්කි විභාගය දෙසැම්බර් 20 තෙක් දිර්ඝ කරයි

nuwan Friday, 11 October 2019 08:53 AM

සජිත් මැතිදු 70% කින් ඇල්පිටිය ජයගන්නවා.... ඒක රැල්ලක් කරලා රටම හොල්ලනකොට ගෝඨාභය මැතිඳුට තියෙන රැල්ල එතැනම නවතිනවා.

:       438       193

ThusithaFriday, 11 October 2019 09:52 AM

හෙට උදේ නැගිටලා ඇල්පිටිය ප්‍රතිපලේ බලල ආපහු කතාකරමු

:       18       172

Amila Friday, 11 October 2019 09:01 AM

සමහර ඒවා සතියෙන් දෙකෙන් අහලා ඉවරයි සමහර ඒවා මාස ගනන් අවුරුදු ගනන් ඇදෙනවා. ක්‍රමේ ලොකු ගැටලුවක් තිබේ. මෙය එතරම් හොද දෙයක් නෙමේ. මිනිස්සු නීතිය අතට ගන්න පුලුවන් ඉතා ඉක්මනට.

:       5       270

Hafeel Friday, 11 October 2019 10:36 AM

පහුගිය ජනාධිපතිවරණයේ 62ලක්ෂ ජනවරමට ලැබුණු තෑග්ග...

:       0       22

MaheeFriday, 11 October 2019 12:29 PM

අමිල, ක්‍රමයේ කිසිම ගැටළුවක් නැත. ගැටලුව තිබෙන්නේ ක්‍රමය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේය. ඔය කියන පුද්ගලයෝ කවුද, ඔය තැනට ආවේ කොහොමද කියල හිතල බලල, රන්ජන රාමනායක්වත් සිහියට ගත්තොත් ගැටලුව කුමක්දැයි ඔබට වැටහේවි.

:       0       131

Sajith Friday, 11 October 2019 09:23 AM

ඒ උප්පර වැටටියත් හරිගියේ නෑ අනේ

:       211       122

බද්රානි Friday, 11 October 2019 09:40 AM

ඒ නඩු ඔහොම ඇදිලා ගිහින් අවසානයේ අදිකරණයෙන් ප්‍රතික්ෂේප වෙන නඩුනේ. නඩු වැඩිවෙන තරමටනෙ අපේ රටේ ආකර්ෂණය වැඩි වෙන්නේ? අර ඒ කාලේ ඇම්බ්යුලන්ස් එකෙන් බිමට බැහැගන්න බැරි තරම් අසනීපවෙලා සිටි එතුමාගේ සහෝදරයට දැන් සනීපද? අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා අපේ රටේ පල් මෝඩයෝ කරන විගඩම් වලට?

:       24       253

සෙන්දේ Friday, 11 October 2019 09:59 AM

විනිසුරුවන්ගේ අදක්ෂකම මිසක් වෙන දෙයක් පෙනෙන්නේ නෑ. මෙම ක්‍රමය වෙනස් කළයුත්තේ ඒ නිසයි.

:       6       452

saliya Friday, 11 October 2019 10:11 AM

හුරේ...., ඡන්දෙන් පස්සේ නඩුව අහන්නේ,. එතකොට අපි දිනලා....

:       160       152

Sapumal. Friday, 11 October 2019 10:13 AM

ලොව මේ විදිහට නඩු කල්යන එකම රට මේ රට වෙන්න ඇති. ඒත් ගමේ පියදාස වරදක් කළොත් ඒ අහිංසකයාට නම් නීතිය පමණටත් වඩා දරුණු විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ රටේ පක්ෂ, විපක්ෂ ලොකු කොයිකාටත් නීතිය එක විදිහකටත්, රටවාසීන්ට තවත් විදිහකටත් ක්‍රියා කරනවා යයි කීවොත් මාත් එක්ක කව්රුවත් තරහා වෙන එකක් නැහැ. මේ ගැන පහදා දීමට අටුවා, ටීකා, ටිප්පනී අවශ්‍ය නැහැ. අපේ වාසනාවට අප රටේ සිටින ජනපතිවරයාද රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නීතිවිරෝධී කෙනෙකුබව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබෙනවා. ඒත් ඔහු තවමත් මේ රටේ ජනපති. මේ රටේ කිසිදු දේශපාලකයෙකු ඔහු ඉවත් කිරීමට නීතිය ඉදිරියට ගියේ නැහැ. එහෙම රටක තමයි අප ඉන්නේ.

:       0       445

sujith Friday, 11 October 2019 10:20 AM

නඩු කාරයොත් මනුස්සයෝය - ඒ උදවියටත් බය, සැක, දුක, වේදනාව අපිට වගේම දැනෙනවා.

:       0       132

chandra Friday, 11 October 2019 10:26 AM

අධිකරණය ස්වාධීන ද ? අපක්ෂපාතී ද ? යන්න සැකයක් තියෙනවා.

:       0       221

lalithm Friday, 11 October 2019 11:21 AM

සූදානම් ශරීරය...

:       0       20

පිටිගල මිලානෝ Friday, 11 October 2019 11:21 AM

දඬුවම් විඳින දුමින්ද සිල්වාව නිදහස් කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් දෙන්නේ නැත්තේ ඇයි?

:       111       237

ඇමෙරිකන් අතකොලුව Friday, 11 October 2019 11:54 AM

ඇමෙරිකන් අතකොලුව (රනිල් හරහා සජිත්) හා ඇමෙරිකන් පඹයා හෙවත් තවත් දස වසරක් යනතුරු (පුරවැසිකම ඉවත් කරගත්තත්) ඇමෙරිකන් රූකඩයක් වීමට දිවුරන අපේ ගෝඨාභය දින්නත් මේක ඇමෙරිකාවේ පදේට නටන කොලනියක් වෙනවා වෙනවාමයි. මේ දෙගොල්ලටම 70 වසරක් මෙන්ම ඇත්තේ පොරොන්දු (ඉටුනොකරන) දේශපාලනයක් පමණි. පොරොන්දු නොව ප්‍රතිපත්ති රටකට අවශ්‍ය වෙන බව විශ්වාස කරන නිසාම හොර දේශපාලකයින් නැති රටට අවශ්‍ය ප්‍රතිපත්ති සමග එන විකල්පය සමග එක්වෙමු. දැන්වත් තම තමන්ට ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජන පසෙකලා රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යුතුකම කිරීමට කාලය පැමිණ ඇත. ඇමෙරිකා රූකඩය පැමිණියත්, ඇමෙරිකන් පඹයා පැමිණියත් මේ රටේ විනාශයේ අවසන් පරාල අැණයත් අනිවාර්යයෙන්ම ගසනු ලැබේ...

:       17       76

MaheeFriday, 11 October 2019 02:07 PM

ඉතාම නිවැරදි විග්‍රහයක්. ගෝඨා ගැන ඔය කතාව පිළිගන්නේ නැති අය ඉන්නවා නම් හිතලා බලන්න ඇමෙරිකන් තානාපතිනිය ගෝඨාගේ පුරවැසි කතාව ගැන 'ආ අපේ රටේ ටිකක් පරක්කු වෙනවා තමයි විස්තර හැදෙනකොට' දී වශයෙන් අමුතු තල්ලුවක් දුන්නේ ඇයි කියලා, තමන්ගේ රූකඩය පඹයා රැක ගැනීම නෙමෙයිද ඒ?

:       0       67

ශිවාජිලිංගම් Friday, 11 October 2019 11:55 AM

අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම. ගෝඨාභය විරෝධී ඡන්ද වල්මත් කිරීම සඳහා 2005දී මෙන් මෙවර සල්ලි දී ප්‍රභාකරන් මස්සිනා වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි. දෙමළ ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය, මුස්ලිම් අන්තවාදය, ෂරියා විශ්වවිද්‍යාල වැඩවර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රඟ දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ. ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජුවම ඇමෙරිකාවේ රූකඩයක් පඹයෙක් වීමද සක්සුදක් සේ පැහැදිලිය...

:       0       45

Prabha Friday, 11 October 2019 12:22 PM

වැරද්දක් කලා නම් කවුරු වුනත් දඬුවම් විදිය යුතුයි. ඒකට පක්ෂ පාට භේද තිබිය යුතු නැ

:       0       69

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 116 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 255 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1085 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 141 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 315 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site