(ඩී. ජී. සුගතපාල)
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ පළමුවෙනි විත්තිකාර මුතුහෙට්ටිගම මහතාගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා අද (21) නියෝග කළේය.
ඇඟිලි සළකුණ ලබාගැනීමට කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරියෙකු කැඳවා තිබිණි.
අධි චෝදනා බාර දීමෙන් පසු පළමුවෙනි විත්තිකරුගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ ඇඟිලිවල ස්වභාවය අනුව එම සළකුණු ලබා ගැනීමට අපහසු බව පොලිස් නිලධාරීන් පවසා ඇති බව නඩුව විභාගයට ගත් අවස්ථාවේ රජයේ නිතිඥවරිය කියා සිටියාය. එනිසා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරියෙකු ගෙන්වා ඇඟිලි සළකුණු ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නිතිඥවරිය ඉල්ලා සිටියාය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.
නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික, සෙනවිරත්න ඈපාගේ දිමුතු ප්‍රදිප්, නිරාජ් අසංක ජයවර්ධන සහ විදානකාරියකරණගේ හසිත අකලංක යන අය මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.
වැඩිදුර විභාගය මාර්තු 21වන දිනට කල් තබන ලදී.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුතුහෙට්ටිගමගෙන් ඇඟිලි සළකුණු ගැනීමට නියෝග
d.upul Thursday, 21 February 2019 11:43 AM
ඇයි ඇඟිලි වලටත් අධි පෝෂණයද?
kuleThursday, 21 February 2019 02:17 PM
නෑ මුළු ශරීරයටම
Saththaya Friday, 22 February 2019 01:23 AM
ඔය හැමදෙනාම අපිවත් එක්ක කාලා අධිපෝෂණය . මනසවල් වැඩ කරන්නෙත් නැහැ , එච්චරට සැප.