( +++ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා පනහකට ආසන්න සංඛාවක් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමත් සමග අහෝසි වී ගිය බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ‘ලංකාදීප‘යට පැවසීය.
කෙසේ වෙතත් උසස් නිලතල වලට පුද්ගලයන් පත්කිරීම ඇතුළු කටයුතු සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසිරුවා හැරුණ ද අහෝසි වී නොයන බව ඔහු කීය.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමගම කතානායක ධූරය ද අහෝසි වන නමුත් ඒ කටයුත්තට පමණක් සීමා වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැස්කරවීමට හිටපු කතානායකවරයාට බලය හිමිවන බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
එසේම හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන අවස්ථාවක ඒ යෝජනාව අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස් කිරීමට ද හිටපු කතානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ව්‍යවස්ථාව යටතේ බලය හිමිවී ඇත.
පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමත් සමග මෙසේ අහෝසී වී ගොස් ඇත්තේ ආංශික අධීක්ෂණ කාරක සභා 16 ක් ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 29 ක් ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්), රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා), තේරීම් කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, සම්බන්ධීකරණ පිළිබඳ කාරක සභාව, මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සබාව ඇතුළු කාරක සභා 50 කට ආසන්න සංඛ්‍යාවක්ය.
මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව පිහිටවනු ලැබීමෙන් පසුව මේ කාරක සභා සියල්ල නැවත පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිසබේ විසිරවීමෙන් කාරක සභා 50 ක් අහෝසියි
Gamage Wednesday, 04 March 2020 07:07 AM
අනේ කෝප් සභාවත් විසුරුවනවද? අනේ දැන් කොහොමද දෙපැත්තේම මහා බැංකු හොරුන්ව අල්ලන්නේ... මේ දෙගොල්ලන්ටම සතුටු ඇති... මහජනතාවට තමයි හුලං... දැන් මොනවද කරන්නේ? ආයේ නම් ඔය කෝප් කමිටුවක් පත්කර ගන්නේ නැහැ... මොකද දෙපැත්තේම හොරු එකතුවෙලා හොරකම් කරාවි... හඳුන්නෙත්ති මහත්මයා අපට වීරයෙක්...
Chandima Fonseka Wednesday, 04 March 2020 10:59 AM
ඔක්කොටම වඩා අර අවුරුදු පහෙන් ගසා කන අසාධාරණ පෙන්ෂන් හැට ගානක් අහෝසි වෙච්චි එක නම් ජනතාවගේ බදු මුදල් වලට සිද්ධ වෙච්ච ලොකුම යහපතක්. ඒ හින්ද මම නම් ජනපතිගේ මේ වැඩේට නම් බොහොම සතුටුයි.