IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැතිසබය විසුරුවීමට එරෙහි පෙත්සමේ තීන්දුව කල්තබා අතුරු නියෝගය දීර්ඝ කරයි

( තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ සහ තරිඳු ජයවර්ධන )

ජනාධිපතිවරයා  විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිනු ලැබීමේ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබා  දෙන තෙක්   ගැසට් නිවේදන තාවකාලිකව අත්හිටුවමින් ලබා දුන් අතුරු නියෝගය දීර්ඝ කළේය.
 
දින හතරක් පුරා පැවැති පෙත්සම් විභාගය අද රාත්‍රී 7ට අවසන් කෙරිණි.
 
ඊට අදාල තීන්දුවට දින නියම කෙරුණේ නැත.  කඩිනමින් තීන්දුව ලබා දීමට නියමිතය. 
 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීව බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කෙරුණු ඉකුත් 04 වැනි දාය. එතැන් සිට අද දක්වා දිනපතා පෙත්සම් විභාගය සිදු විය. 

අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් යුතු විනිසුරු මඬුල්ලේ සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කළහ.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කන ඊශ්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි.

පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඉන් එක් අවස්ථාවක් බව එම ද නීතිවේදීන් පෙන්වා දුන්නේය.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක  එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නිතිඥවරු පෙන්වා දුන්නේය.

එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන එම නීතිඥවරුන් එම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දුන්නේය.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය,  සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නීතිඥ ලාල් විජේනායක ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනයට මුළුමනින්ම පටහැනි බවයි.

මේ අතර මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර ,ජෝන් සෙනවිරත්න ඇතුළු නීතිඥ ධුර දරණ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දස දෙනෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (24)

මැතිසබය විසුරුවීමට එරෙහි පෙත්සමේ තීන්දුව කල්තබා අතුරු නියෝගය දීර්ඝ කරයි

paraajithayaa Friday, 07 December 2018 02:07 PM

මෙහි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ගැන සඳහන්වීම ඔවුන්ට ධුර දැරීමට හිමිකමක් නැති බවට ගරු අධිකරණය විසින් දෙන ලද අතුරු තහනම් නියෝගය පරිදි නිවැරදි දැයි විමසුමට ලක් කරමි...

:       0       0

සේන ගුණසේකර Friday, 07 December 2018 02:13 PM

මෙය ඉඩම් නඩුවක් නොවන බව උසාවියට සිහිවේවා !!

:       0       0

Sisira Friday, 07 December 2018 02:43 PM

අනේ මන්දා මොනවත් කියන්න බැහැ.. රටට මොකක්ද වෙන්නේ කියලා?

:       0       0

පුරවැසියා Friday, 07 December 2018 03:11 PM

සංකීර්ණ කරුණු සහිත නඩුවක්. තීරණය ඉදිරියේදී රටේ නීතියක් වෙනවා. ලෝකයම බලා ඉන්න තීරණයක්. ඒ නිසා රටේත්, අධිකරණයේත් ගරුත්වය රැකෙන තීන්දුවක් දෙන්න විනිසුරුතුමන්ලා අතිශයින්ම වෙහෙසෙන්න වෙනවා. එය තේරුම් අරන් අපි ඉවසමු...

:       0       0

පුරවැසියා Friday, 07 December 2018 03:11 PM

සංකීර්ණ කරුණු සහිත නඩුවක්. තීරණය ඉදිරියෙදී රටේ නීතියක් වෙනවා. ලෝකයම බලා ඉන්න තිරණයක්... ඒ නිසා රටේත්, අධිකරණයේත් ගරුත්වය රැකෙන තීන්දුවක් දෙන්න විනිසුරුතුමන්ලා අතිශයින්ම වෙහෙසෙන්න වෙනවා. එය තේරුම් අරන් අපි ඉවසමු.

:       0       0

රත්නදීප Friday, 07 December 2018 04:44 PM

මට පේන්නේ නොට් ෆෝ රනිල් බට් ෆෝ ද ඩිමොක්‍රසි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියකියා පක්ෂයේ නායකයාවත් වෙනස් කරගන්න තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති පක්ෂයකට කඩේ ගිහින්, සුමන්තිරන්ට ඕනෑවිදියට රටත් බෙදාගෙන රවියා ආයිත් මුදල් ඇමති කරගන්න දඟලන සීන් තියෙන්නේ... ලක්ෂ 62 මේ පාරත් පරිස්සමෙන්..

:       0       0

dias Friday, 07 December 2018 07:33 PM

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හෙන පහරක් නොවදීවයි ප්‍රර්ථනා කරමි.

:       0       0

ගල්කටස් Saturday, 08 December 2018 12:45 AM

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන මේ සියල්ලන්ටම රට අරාජිකත්වයෙන් ඉක්මනින් මුදවා ගැනීමට කිසිදු වුවමනාවක් නැත. නඩුව අසා අවසන්ය. නමුත් තීන්දුව දෙන දිනයක් නැත. අැයි එලෙස වන්නේ.. කාගෙන් හෝ ප්‍රබල බලපෑමක්වත්ද? නඩු තීන්දුව කුමක් වුවත් ජනතාව එය පිළිගන්න සුදානම්... රට තවතවත් අගාධයට ඇද දමන්නේ අැයි? රටවැසියන් සියල්ල බලාපොරොත්තු වූයේ සඳුදාට තීන්දුව ලැබේවි කියායි. අහෝ දුකකි, එය පේන තෙක් මානයක නැත.. ව්‍යවස්ථානුකූලද?, අනනුකූලද යන්න දීමට නොහැකි වීමට හේතුවක් තිබිය යුතුය. ඔය දෙ⁣කෙන් කුමක් හෝ අපට ලබා දෙන්න. මෙ⁣ම අවස්ථාවේදි අපට ජනාධිපති මහින්ද හෝ රනිල් කියන සාධක වැඩක් නැත. නඩු තීන්දුවයි අවශ්‍ය වන්නේ. තනාපතින්ට අවශ්‍ය මැතිවරණයක් නොපවත්වා රනිල් අගමැති කරවීමයි. කුමක් හෝ ප්‍රබල බලවේගයක් නම් මේ සඳහා බලපෑවවත්ද...? වන්ෂොටි අයියාගේ කටට මසුරං දාන්න වටින බව දැනුයි වැටහුනේ "එහෙම වෙන්නේ අැයි අයි ඩොන්ටි නෝ වයි"" සින්දුව නම් නියෙමට ගැලපෙනවා.

:       474       1028

bahuthara janatha anura Saturday, 08 December 2018 04:10 AM

මැතිසබය විසුරුවීමට සහ මැතිවරණය පැවැත්වීමට අපි එකඟයි... අපි යනු ජනතාවයි. අධිකරණය ද මෙය පිළිගනු ඇත.

:       12242       7873

paraajithayaaSaturday, 08 December 2018 08:29 AM

මහත්තයෝ..! මැතිවරණයක් පැවැත්වීම ගැන අපිත් එකඟයි. ඒ සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව 99% ක් ඡන්දදායකයින් නොදන්නවාද නොවෙයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවස්ථා ගැන ඔබතුමාටත්, වෙනත් අයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැකබලා ගැනීමට අවකාශ නොලැබුණි නම්, මෙහිද ඉහතින් කෙටියෙන් දක්වා ඇත. අන්න ඒ සීමාව ඉක්මවා ගොස් අහේතුකව, එකක් කඩතොළු මකන්නට ගොස් දෙකක් කඩතොළු හදා ගත් ඉඳුරුවේ ආචාරියා වගේ, අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැරදි තීන්දුව ගැනයි ගරු අධිකරණය හමුවේ ඇත්තේ... ඒක ඔබතුමන්ට නොතේරෙනවාද මන්දා.., මාතෘකාවට පිටින් වටේට, වටේටම යමින් මැතිවරණයක අවශ්‍යතාව පෙන්නමින් තෙල් බෙදන්න යෙදෙන්නේ... අපට පෙනෙන විදිහට 1) අගමැති වෙනස් කිරීම් හා 2) පාර්ලිමේන්තුව විසිරවීම යන දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවකි...

:       0       0

සෙනෙවි Saturday, 08 December 2018 05:05 AM

දැන් නං ජනතාවට කිසි කෙනෙක් ගැන විශ්වාසයක් නෑ.

:       1       230

ruchi Saturday, 08 December 2018 06:40 AM

ආණ්ඩුව විසුරුවීමටත් මැතිවරණයක් පැවැත්වීමටත් ජනපති ගත් තීරණය ඉතා නිවරැදියි. රට විනාශ කරමින් රටේ සම්පත් අවභාවිතා කරමින් අගමැති හැසිරෙන විට, ව්‍යවස්ථාව ගැන සිතමින් තවත් දීර්ඝ කාලයක් සිටිය යුතු නැත. එම කාලය රටේ ඉතිරි වී ඇති සම්පත් ටිකද විනාශ කිරීමට අගමැතිට හැකි හෙයින් රටේ යහපත ගැන සිතා ඔහු ඉවත් කිරීම ඉතා කාලෝචිතයි...

:       3339       3149

samantha Saturday, 08 December 2018 09:32 AM

ජනතාවගේ කැමැත්ත විමසන්න අවශ්‍ය නැත්නම්, අවසන් තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නම්, අගමැති සහ කැබිනට් මණ්ඩල මොකටද? නිකන් පාර්ලිමේන්තු පවත්වන්නයි, ඡන්ද තියන්නයි, ජනමතය විමසන්නයි රටේ මුදල් නාස්ති නොකර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ම පත්වෙලා රට පාලනය කළානම් වැඩේ ඉවරයිනේ... එතකොට නීතියට, රෙගුලාසියට වැඩේ වෙනවනේ...

:       4       11

ගල්කටස් Saturday, 08 December 2018 10:17 AM

මෙතක කුමක් හෝ යටි අරමුණක් අැතිවයි නඩු තීන්දුව කල් දාන්න අැත්තේ. ජනාධිපතිතුමා, කථානායකවරයා, රනිල් මෙන්ම මහින්ද යන මහත්වරුන්ටවත් තියා අධිකරණයටවත් රටේ අාරාජික බව නැති කිරීමට වුවමනාවක් නැත. දින නියමයක් නොමැතිව කල් යන්නේ යැයි හේතුවක් තිබිය යුතුය. වන්ෂොට් අයියගේ කථාව දෙවරක් සිතිය යුතු අවස්ථාවකි. තානාපතින්ට අවශ්‍ය මැතිවරණයක් නොතබා රනිල් මහතා පත්කර ගැනීමයි. මහබැංතු මෙන්ම යු.එස් ඩොලර්ද රටතුළ මෙම ගැටළුවට මැදිහත් වෙලාද මන්දා...

:       51       148

kamal Saturday, 08 December 2018 10:26 AM

අනුර, ඔබේ නීතියේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. රටක වව්‍යවස්ථාවේ අනුවයි සියල්ල සිදුවිය යුත්තේ...

:       381       398

Deepal Nirosh Saturday, 08 December 2018 10:38 AM

එතකොට අර පොරොන්දු වෙච්ච දිනතතත එ්කට මොකද වෙන්නෙ?

:       0       16

Bishan Saturday, 08 December 2018 10:57 AM

අපිත් කැමති මැතිවරණයකට... ඉස්සෙල්ලම මේ ජනාධිපතිව වෙනස් කරන්න ජනාධිපතිවරණයක් තියලා රට හදනවා නම් ගොඩක් හොඳයි.

:       762       870

naradha Saturday, 08 December 2018 02:10 PM

මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාසනීයත්වය සහ ව්‍යවස්ථාවට ගරු කිරීම පිළිබද තීරණයක්. සියලු ශිෂ්ඨ සම්පන්න ජාතීන් අප දෙස බලා සිටින අවස්ථාවක, අධිකරණය නිවැරදි තීරණ දෙනු ඇතැයි සිතමි.

:       189       371

premarathne Saturday, 08 December 2018 02:59 PM

විදෙස් බලපෑමේ තරමයි මෙයින් පැහැදිලිවන්නේ, මේ අයට පාඩමක් උගන්වන්න අපි පාට පක්ෂ භේදයකින් තොරව එක්වෙමු..

:       180       586

aravindaSaturday, 08 December 2018 04:28 PM

අපි අපේ අපනයන භාණ්ඩ වන ඇගලුම්, තේ, රබර් වැනි දේ ඔවුන්ගේ වෙළඳපොලට විකුණන තාක් කල් සහ, විදෙස් රටවලට අනුබද්ධිත මුල්‍ය ආයතන වලින් ණය ගන්නා තාක් කල්, ඔය විදෙස් බලවේග වලට අපිට බලපෑම් කල හැකියි. ඕක තමා අපි කව්රුත් පිලි ගන්නට අකමැති තිත්ත යථාර්තය.........

:       0       19

Sriyal Saturday, 08 December 2018 04:22 PM

ජනමත විචාරණයක් පවත්වා ජනතා අයිතියට මෙය භාජනය කරමුද?

:       2       1

Ashan Saturday, 08 December 2018 10:18 PM

ව්‍යවස්ථාවෙන් ගනංගන්න එපා කියල ඔබ කියනඑක ගැන හරිම කනගාටුදායකයි. රටේ කොටස් වික්කෙ කවුද කියල පෝට් සිටි, ශ්‍රැංගිලා වගේ තැන්වලින් ඔබට දැනගන්න පුලුවන්. අද ලෝකයේ බොහෝ රටවල් තම සේවාවන් විදේශයන්ට, පෞද්ගලික අංශයට පවරනවා. මම ඉන්නෙ දියුණුම රටක.මෙහෙ හැමදෙයක්ම කොටින්ම ගුවන්තොටුපල පවා රජයට අයිති නෑ. අද රටවල් දියුණුවෙන්නෙ එහෙමයි. සම්ප්‍රදායික අදහස් වලින් මිදෙන්න, ඔබේ පක්ෂෙ මොකක්වුනත් ප්‍රජාතන්ත්‍රවාදය පළමුකොට සලකන්න

:       1       72

jaya Sunday, 09 December 2018 02:36 AM

එක රැයෙන් විනාශ කල දේ ට තීන්දු ඒ අයුරින් දෙන්න බෑ.

:       96       35

Rohana Sunday, 09 December 2018 06:57 AM

ඔබ සියලුදනාටම අධිකරණයේ පිහිටයි, අාරක්ෂාවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1380 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 430 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 515 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 392 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 37 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site