IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැතිසබේට පිහි ගෙන ආවැයි ජොන්ස්ටන්ගෙන් පැමිණිල්ලක්

ඉන්දිකා රාමනායක
 
පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහි රැගෙන ආ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත තෙවරප්පෙරුම සහ  රංජන් රාමනායක යන මහත්වරුන්ට එරෙහිව අමාත්‍ය ජොන්සටන් ප‍්‍රනාන්දු මහතා හා සත්‍ය ගවේෂකයෝ සංවිධානය  පොලිසියට පැමිණිලි  ඉදිරිපත් කළ බව පොලිස් මුලස්ථානය කියයි.

මින් එක් පැමිණිල්ලක්  පොලිස්පති සහන මැදිරියට ද , සෙසු පැමිණිල්ල   මිරිහාන හදිසි ඇමැතුම් අංශයට ද  ඉදිපත් කර ඇති බව පොලිස් මුලස්ථාන  ආරංචි මාර්ග කියයි.

අද (16) පෙරවරුවේ සහ පෙරේදා (15) සවස මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

වෙළඳ හා වාණිජ කටයුතු  අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ  පැමිණිල්ල ඒ මහතාගේ නීතිඥවරුන් පිරිසක් ඊයේ (15) පෙරවරු  11.40 ට පමණ පොලිස් මුලස්ථානයේ  පොලිස්පති  සහයනට මැදිරියට  පැමිණිලි  ඉදිරිපත් කළ බව පොලිස් මුලස්ථානය  ආරංචි මාර්ග කියයි. 

සත්‍ය ඝවේෂකයෝ සංවිධානයේ  කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා ප‍්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පෙරේදා සවස 6.00 ට පමණ  මිරිහාන හදිසි ඇමැතුම් අංශය වෙත පැමිණ  පැමිණිල්ල ඉදිරිපත් කර  තිබිණි.

පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවති උණුසුම් තත්ත්වය හමුවේ මොවුන්  සභාගර්භය වෙත   පිහි රැගෙන විත් තිබු බවත්  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා  ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා මෙම පැමිණිලි  ඉදිරිපත් කර  තිබු බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (7)

මැතිසබේට පිහි ගෙන ආවැයි ජොන්ස්ටන්ගෙන් පැමිණිල්ලක්

wedage Friday, 16 November 2018 08:52 AM

ඉතින් අනේ ඔයා කොටියෙක් අරගෙන කොළඹ වටේ රවුම් ගැහුවේ.... එ්ක අමතකද?

:       112       203

rocky Friday, 16 November 2018 09:25 AM

අැයි, අර අති ගරු ඌරු වරිගෙ වන්නියා සහ පිරිවර රටේ ඕනෑතැනක රිංගන්නේ පොරෝ පොජ්ජ කරේ ගහගන? ඔහේලත් පොරෝ කෙටිය කරේ ගහගෙන ගෝත්‍රික නායකයාත් එක්ක ආවා නම් අඩු පාඩුව හරි! තෙවරප්පෙරුම මහත්තයා කාටවත් පිහියෙන් ඇන්නේ නැහැනේ! රන්ජන් මහත්තයට විරුද්ධව කරන්නේ අමූලික බොරු චෝදනාවක්. මිනීමරුවෝ අපරාධ කාරයෝ තක්කඩි ඔක්කොම ඉන්නේ පොහොට්ටුවෝ අතරේ!

:       1129       1503

Nandana Friday, 16 November 2018 09:50 AM

පිනට කාලා හිරේ ගියා.., අකුණු ගහන වෙලාවට එළියට බහින්න එපා.

:       0       0

dias Friday, 16 November 2018 11:00 AM

මේ තත්වයට රට පත් කිරීමේ වගකීම ඡන්ද දායකයින් විසින් භාර ගත යුතුයි.

:       0       0

V.warnakulasuriya Friday, 16 November 2018 02:43 PM

වලියක් වුවමනා අය වලියක් පටන් ගෙන ගුටිකන්න වුණාම පොලිසි යති. පුටුවලින් මහජන නිලධාරීන්ට පුටු ප්‍රහාර එල්ල කළ ඔය කියන සත්ගුණවත් උපාසක මහතා ගැන ලොවටම දැකගන්න ලැබුණි...

:       0       200

Rata Perata Saturday, 17 November 2018 07:19 AM

මේ වගේ නූගත් කාලකන්නි පත් කළාම මේක තමයි වෙන්නේ...

:       0       129

priya Saturday, 17 November 2018 10:27 AM

මිනිහගේ අතේ පිහියක් වැනි ආයුධයක් තිබුණාට වැඩියෙන් බරපතල වරදක් රාජ්‍ය දේපල විනාශ කිරීම. ඇප ගන්නත් අමාරුයි නීතිය අනුව. ඇයි ඔබතුමා පොලිසියට ගිහින් කිව්වේ නැද්ද? මම පාර්ලිමේන්තුවේ පුටු කැඩුවා, රාජ්‍ය දේපල විනාශ කෙරුවා.. ඒකට මට ප්‍රසන්න රණවීර, අලුත්ගමගේ, දිලුම්, අරුන්දිත වගේ යාලුවෝ සෙට්ටෙක උදව් කළා.. පවිත්‍ර නෝනත් ගැහැණියෙක් වුනත් උදව් කළා. අපේ කැප්ටන් හස්ත මුද්‍රාවෙන් ඇහෙන්න කනින් ලොකු සපෝට් එකක් දුන්නා කියලා.

:       0       36

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1913 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 978 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 770 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 367 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 634 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 572 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site