(එෆ්.අස්ලම්)
පිළිගත් වැඩපිළිවෙලක් සමඟින් මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය තුළින් දෙමළ ජනතාවගේ ගැටළු විසදා දෙන බවට සහතික වන ජනාධිපතිවරණ අපේක්ෂකයාහට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවනු ඇතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
එමෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු විසදා දෙන බවට හා එම ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන බවට වාචිකව පොරොන්දු වන කිසිදු අපේක්ෂකයෙකුට මෙවර ජනපතිවරණයේදී සහාය නොදක්වන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මැතිවරණයේදී කවුරුන් හට සහාය වන්නේද කියන කාරනය ගත් විට ඒ සම්බන්ධයෙන් අප සමගින් සාකච්ඡා කරන්නට පැමිණෙන සෑම දේශපාලන පාර්ශ්වයකටම අප අවස්ථාව ලබා දෙනවා.නමුත් අපේ ප්‍රශ්න විසදලා දෙනවා අපේ ඉල්ලීම් ඉටුකරනවා කියල වාචිකව පොරොන්දු වෙන කිසිදු අපේක්ෂකයෙකුට අපට සහාය දෙන්න බැහැ.
දෙමළ ජනතාවගේ ගැටළු විසදන බවට බලාපොරොත්තු ඉටුකරන ආකාරයේ පිළිගත හැකි වැඩ පිළිවෙලක් සකස් කරමින් ඉදිරිපත් කරන පාර්ශ්වය කවුරුන්ද කියල අපි සලකා බැලිය යුතුයි.ඒ වගේම අනිවාර්යෙන්ම ඒ වැඩපිළිවෙල ඒ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයටද ඇතුළත් කරගත යුතුයි.
මීට අමතරව දෙමළ ජනතාවගේ සිත් තුළ මොනවද තියෙන්නේ කියලත් අප වටහා ගත යුතුයි.ඒ සියළු කාරණා සැලකිල්ලට අරන් තමයි දේශපාලන බලවේගයක් විදිහට අවසන් තීරණයක් ගන්න පුළුවන් යැයිද අඩෙයිකලනාදන් මහතා පැවසීය
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහතිකයක් දෙන අපේක්ෂකයාට සහාය දෙනවා‘‘