IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘මැතිවරණ නිදහස්ව පැවැත්වීමට හැකි බව ඇල්පිටිය පෙන්වා දුන්නා’

(විනීතා එම් ගමගේ)

දේශපාලන පක්ෂ නායකයන් තම ආධාරකරුවන් නොපොළඹවන තාක් කල්, කවර මැතිවරණයක් වුව නිදහස් හා සාධාරණ පසුබිමක පැවැත්විය හැකිය යන්න ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කළ බව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානය එම මැතිවරණයේ නිරික්ෂණ කටයුතු පිළිබඳව අද (13) නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

පූර්ව මැතිවරණ කාල සමය ඉතා සාමකාමී ස්වරූපයක් ගත් එම ඡන්ද විමසීමේ, මැතිවරණය පැවති දිනයේ ද අවසන් ප‍්‍රතිඵලයට අහිතකර බලපෑමක් ඇති වන ආකාරයේ බරපතල සිද්ධි වාර්තා වීමකින් තොරව නිමාවට පත් වී යැයි එම වාර්තාව කියයි.

එහෙත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා අනුයුක්ත නිරීක්ෂකයන් වාර්තා කළ සිද්ධීන් කිහිපයක් ඇති බවත් ඒවා ද සිදු නොවීමට අදාළ දේශපාලන පක්ෂ ක‍්‍රියාකාරීන් වගබලා ගත්තේ නම් මේ මැතිවරණය සුපිළිපන්න මැතිවරණයක් ලෙස ඉතිහාසගත වන බව ද එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තා වේ දැක්වේ.

ගාල්ල,   ඕමත්ත කනිෂ්ඨ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය කරා වැටී ඇති මාර්ගය දෙපස පෝස්ටර් හා අනෙකුත් පත‍්‍රිකා අලවා තිබූ අතර මැතිවරණය පැවති දිනය පුරාම ඒවා එලෙසම ප‍්‍රදර්ශනය වූ බවත් එලෙස පෝස්ටර් ප‍්‍රදර්ශනය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ යටතේ තරග කරන ලද අපේක්ෂකයන් කිහිපදෙනෙකු විසින් බවත් එහි සඳහන් වේ.

ගාල්ල, තලගස්පේ කනිෂ්ඨ විද්‍යාල ජන්ද මධ්‍යස්ථානය අසල රැඳෙමින් ඡන්ද දායකයන් හට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ජන්දය භාවිත කරන ලෙස ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳව තම මධ්‍යස්ථානය වෙත වාර්තා වී යැයි ද  එහිදී ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන තම පුතු වෙත ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවත් එම වාර්තාව කියයි.

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය ජන්ද මධ්‍යස්ථානය ඇතුළු තවත් ජන්ද මධ්‍යස්ථාන කිහිපයක් වෙත එක්සත් ජාතික පක්ෂ අපේකෂකයන්ගේ රුව රැගත් පෝසටර් ප‍්‍රදර්ශනය කරමින් වාහන කිහිපයකින් සමන්විත රථ පෙළපාළියකින් ගමන්ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම සහ ප‍්‍රාදේශීය සභා ඡන්ද අපේක්ෂකයන් පිරිසක් පිළිබඳව නිරික්ෂණය කළ බවත් එසේ වාහන තැනින් තැනට ගමන් කිරීම ජන්ද මධ්‍යස්ථාන අවට පරිසරය තුළ නිතැතින්ම පැවතිය යුතු නිදහස් වාතාවරණය අභියෝගයට ලක් කිරීමක් වූ බවත් එහි සඳහන්ව ඇත.

කෙසේ වෙතත් එක් බලප‍්‍රදේශයකට සීමාව පැවතීම හා ජාතික මට්ටමේ තවත් මැතිවරණයක් අභියස සිටින පසුබිමක වඩාත් විවාදාත්මක පරිසරයක් තුළ පැවති ඡන්ද විමසීමක් වුවද, ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පූර්ව මැතිවරණ ප‍්‍රචාරක කාල සමයක් තුළ, මැතිවරණයක නිරායාසයෙන්ම පැවතිය යුතු සුපිළිපන්න බව ආරක්ෂා කරගැනීමට අදාළ පාර්ශව ගන්නා ලද උත්සහය මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඇගයීමට ලක්වෙතැයි ද එහි සඳහන්ව ඇත.



අදහස් (1)

‘මැතිවරණ නිදහස්ව පැවැත්වීමට හැකි බව ඇල්පිටිය පෙන්වා දුන්නා’

sirisena tilakaratne Monday, 14 October 2019 01:21 AM

රටේ නිතිය කැඩීම වීරකමක් ලෙස හිතන අය දේශපාලනයෙන් ඉවත් කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කල යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 146 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 351 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 62 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 617 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3386 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site