(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණය කල්යාම ගැන කණගාටු වන බවත්, එය ඉක්මනින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි යන්න ගැන ශ්‍රේඨාධිකරණයෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
සීමා නිර්ණය කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පත්කර තිබූ කමිටුවේ නිල කාලය මේ වන විට අවසන් වී ඇතත් එහි කළේය.
ඉදිරි සති තුනක පමණ කාලය ඇතුළත ශ්‍රේඨාධිකරණයට ගොස් මෙම උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා කියා සිටියේය.
එම කමිටුව නියෝජනය කරන හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් ආනන්ද රත්නායක මහතාගෙන් ඒ ගැන විමසූ විට කමිටුව වාරතාවක් සකස් කිරීමට තරම් සමාලෝචනයක් සිදු කළේ නැති බව පැවසූයේ යැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එබැවින් මේ සම්බන්ධයෙන් කතානායකවරයා ගන්නා පියවර සම්බන්ධයෙන් ද ලිපියක් මගින් විමසීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දැනට සකස් කර ඇති සීමා නිර්ණය වාර්තාවට මැතිවරණ කොමිසම හා පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරීන් එක්ව ලබාදුන් සංශෝධන හා ඇමුණුම් එක්කර ගැසට් පත්‍රයේ පළ කර එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බව කී සභාපතිවරයා එයට පාර්ලිමේන්තුවේ අනුමැතියද අවශ්‍ය බව කීවේයඑසේ නැතිනම් නව පනත සංශෝධනය කර බලාත්මක වීම කල්දමා පැරණි ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විය හැකි බව කී කොමසාරිස්වරයා යළිත් පාර්ලිමේන්තුව කැඳවා මෙම කටයුතු සිදුකිරීමට කාලයක් ගතවන බව ද සඳහන් කළේය.
ශ්‍රේඨාධිකරණ උපදෙස් ගැනීමට තීරණය කළේ ඒ නිසා බව ද ඔහු කීවේය.
දේශපාලනඥයින්, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන, මහජනතාව ආදී සියලූ පාර්ශව දෝෂාරෝපණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවට වුවත්, මැතිවරණ කොමිසමට ඇතැම් තීරණ ගත නොහැකි බව කී සභාපතිවරයා එසේ කරන්නට ගියහොත් කොමිසම වැරදි කරුවන් විය හැක බව ද සඳහන් කළේය.
නීති හැදීමේ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත් මැතිවරණ ප්‍රමාදය වැළැක්වීමට අපට ගතහැකි ක්‍රියාමාර්ගයක් තිබේද යන්න ශ්‍රේඨාධිකරණයෙන් විමසීම තම බලාපොරොත්තුව බව ද ඔහු ප්‍රකාශ කළේය.
පළාත් පාලන ආයතනවල දිගු කාලයක් තිස්සේ නිලධාරී පාලනයක් පවත්වාගෙනයාම වැරදි බවටත් එය ඒකාධිපති පාලනයේ නිවුන් සහෝදරයා ලෙසටත් දන්වා තමන් දේශපාලන පක්ෂ වෙත යොමු කළ ලිපිය සැර ලිපියක් කියා මාධ්‍ය වාර්තා කළ බව කී සභාපතිවරයා එහි කරුණු සැර වුවත් භාෂාව මෘදු යැයි ද කීවේය.
තමන් යළිත් දේශපාලකයින්ට මෙවැනි ලිපි නොලියන බව කී සභාපතිවරයා එවැනි ලියුම් ලිවීමෙන් පලක් නැතැයි ද කියා සිටියේය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ගන්න යයි
සෙනෙවි Monday, 29 October 2018 10:25 AM
රනිල් යනකම්ම හිටියා නඩු දාන්න.
Dr.sagara Monday, 29 October 2018 11:11 AM
මෙච්චරකල් මොකද කලේ.. බොරු කාරයා
rocky Tuesday, 30 October 2018 12:03 AM
ආයේ මැතිවරණ ඕන වෙන එකක් නැහැ වගෙයි මහත්තයෝ. මැතිවරණ, ව්‍යවස්ථා ඔකොකොම අහෝසි! චීනාත් මැදිහත් වෙන්නේ නැහැ කියනවනේ! ස්වාධීන නිදහස් රාජ්ජෙකට මැතිවරණ ඕන නැහැ. රජකම උරුමෙට අනුවයි!