IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මැතිවරණ කොමිසම දොස්තර ගැටලුව විසඳයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජේ නානායක්කාර)

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරිමෙන් පසු ස්ථානමාරු කර තිබූ වෛද්‍යවරු තිදෙනාගේ මාරුවීම් අද (16) මැතිවරණ කොමිසම මැදිහත්ව අවලංගු කළ නිසා හෙට (17) මොනරාගල සහ රත්නපුර දිස්ත‍්‍රික් දෙකේ වෛද්‍ය වැඩ වර්ජනය ඇතුළු තැපැල් ඡන්ද සහතික කිරිම්වලින් ඉවත්වීම අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පැවසීය.

ඒ අනුව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ බී.ඩබ්.ඩබ්.එස්. දිසානායක, මාරවිල රෝහලේ වෛද්‍ය එස්.ඩී.ටී.පී.වීරසිංහ සහ හම්බෙගමුව රෝහලේ වෛද්‍ය එච්.එම්. නදේශිකා යන වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය පියවර ගත් බව ද කීය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඇතුලූ විධායක සභික නියෝජිතයන් සමග අද (16)  පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවද කීවේය.

ඒ අනුව එම වෛද්‍ය ස්ථාන අවලංගු කිරීමේ ලිපි නිකුත් කළ බවද කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඔවුන් පෙර සිටි ස්ථානවල යළි සේවයට වාර්තා කළ යුතු බවද පැවසුවේය. මෙම ගැටලූවට විසඳුම් ලබාදී නීතිය බලාත්මක කිරීමට ක‍්‍රියා කළ මැතිවරණ කොමිසමට ස්තූතිවන්ත වන බවද ඔහු කීය.

මෙම අත්තනෝමතික වෛද්‍ය ස්ථාන මාරුව නිසා මොනරාගල දිස්ත‍්‍රික්කයේ හම්බෙගමුව රෝහලේ ද, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න රෝහලේද වෛද්‍ය සේවා පසුගිය 3 දා සිට අඩාලව පවතී. හෙට (17) සිට එම තත්ත්වයන් යහපත් අතට හැරනු ඇති බවද වෛද්‍ය සංගම් ලේකම්වරයා පැවසුවේය.

කොලොන්න රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරියෙකු සිටියදී හම්බෙගමුව රෝහලේ සේවය කළ එච්.එම්. නදේශ්කා වෛද්‍යවරිය ස්ථානභාර වෛද්‍ය නිලධාරිනිය ලෙස ස්ථාන මාරුකර තිබිණි. එම ස්ථානමාරුව වහා අවලංගු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි මැතිවරණ කොමිසම දුන් උපදෙස් ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය පිළිනොගත් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා අවධාරණය කළේය.



අදහස් (4)

මැතිවරණ කොමිසම දොස්තර ගැටලුව විසඳයි

Mahee Wednesday, 16 October 2019 02:27 PM

මම හිතන්නේ නම් සෞඛ්‍ය ලේකම්වරිය ඔය මොකවත් දන්නේ නැහැ. එයාට ඉහළ බලධාරියෙකුගේ නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි නිසැකවම සිදුවන්න ඇත්තේ....

:       2       107

සෙනෙවිරත්න Wednesday, 16 October 2019 03:14 PM

දොස්තර උන්නැහෙලා මොකෙන්ද සැනසෙන්නේ? අවසාන අවිය පළමුව ඔසවන මේ මුග්ධයන් කවදා හැදේවිද?

:       221       27

Manju Wednesday, 16 October 2019 05:54 PM

ඇමැතිට කඩේ යන්න ගිහින් නිකන් පල්වෙනවා. නෙවිල් ප්‍රනාන්දු රොහලට සල්ලි යවලා මේ ලේකම් මහගෙදර යනවා ළඟදීම...

:       0       168

lalithm Thursday, 17 October 2019 02:32 AM

අලුත්ගේ මහත්තයා කියාගන්න කෙනාගේ මුහුණ දැක්කම මතක් වෙන්නේ වෙනින් කෙනෙක්... මොකද්ද දන්නේ නැහැ දෙන්න තියෙන හොඳම පිදේනිය...?

:       114       16

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 286 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 201 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 147 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 571 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 541 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 274 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site