IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම්‘

(ඩයනා උදයංගනී)

මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බව එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවැසීය.

තම කණ්ඩායම ගිනි නිවන හමුදාව මෙන් බව කී සභාපතිවරයා මාස දෙකක් ඇතුළත  ඕනෑම මැතිවරණයකට සූදානම් වීමේ හැකියාව මැතිවරණ කොමිසම සතු බව ද සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව කියන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය නිලධාරී සංගණන වාර්තා සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි කී මහින්ද දේශප‍්‍රිය මහතා මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වූවත් එම නිලධාරීන් යෙදවිය හැකි බව කීවේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවාරි මාසය පසු වෙනවා නම් සියලූ පළාත් සභාවල මැතිවරණ එක්වර පැවැත්විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයකදී අත්හදාබැලීමක් ලෙස ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයට ඡන්දය ප‍්‍රකාශ කිරීම යොදාගැනීමට උත්සාහ කරන බව කී සභාපතිවරයා ඒ වෙනුවෙන් දේශපාලන පක්‍ෂ සියල්ල එකඟ විය යුතු බව ද කියා සිටියේය.

අපිට ඒ සඳහා ඉන්දියාවේ ඇති යන්ත‍්‍රය ගෙන්වීමට හෝ මොරටුව විශ්ව විද්‍යාලය ලවා යන්ත‍්‍ර 10ක් 15ක් නිර්මාණය කරවීමට හැකි බව ද මහින්ද දේශප‍්‍රිය මහතා කීවේය.



අදහස් (2)

‘මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම්‘

Chanak Los angeles Tuesday, 30 October 2018 04:17 AM

දැන් ඔය ආණ්ඩුවක් පිහිටෙව්වේ ඡන්දයක් තියලද? රටට ඡන්ද කාර්යාලයක් ඕනෙද ?

:       0       0

rocky Tuesday, 30 October 2018 08:34 AM

අම්මපා.. මම මෙතුමාට තියන ආදරේටමයි කියන්නේ... දැන්ම ම පැන්ෂන් යනවා නම් නුවණට හුරුයි. ඉදිරියේදී මොන ජල්බරි, ජිල්මාර්ට්වලට මාට්ටු වෙන්න වෙයිද දෙයියෝ තමයි දන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 10 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 205 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 449 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 586 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 838 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1253 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site