IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මැතිවරණයට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වන්නැයි පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සදහා මනාප අංක නිකුත් කිරීම ඇතුළු මහ මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් ආරියවංශ දිසානායක විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ නීතිපති වරයා ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
 
අවදානමකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තරම් කෝවිඞ් 19 වසංගතය පාලනය කර ඇතැයි සෑහීමකට පත් වෙන බවට සදහන් දිව්රුම් පෙත්සමක් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්ට ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට නියම කරන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
 
නීතීඥ මෝදිත ඒකනායක මහතා මාර්ගයෙන් මෙම පෙත්සම් ගොනු කර ඇත.
පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව ඉකුත් මාර්තු මස විසුරුවා හැරි බවත් මහමැතිවරණය අපේ‍්‍රල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ බවත් ,ඒ සඳහා නාම යෝජනා බාර ගත් අතර තම නායකත්වයෙන් යුතු එම පක්ෂයෙන් නාම යෝජනා 138ක් ඉදිරිපත් කළ බවය.
 
එහෙත් කෝවිඞ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකිවූ බවද පෙත්සම්කරු කියා සිටී.එවිටමැතිවරණ පැවැත්වීමට ආදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ඉකුත් මාර්තු 31 වැනිදා ජනාධිපති ලේකම්වරයා ගෙන් ඉල්ලා සිටි අතර එවැනි මත විමසීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව ජනාධිපති ලේකම්වරයා විසින් එම කොමිසමට දන්වා යැවූ බවද පෙත්සමෙහි සදහන් වේ. එමඟින් රටේ පැවති දේශපාලන තත්ත්වය ව්‍යාකූල වූ බවද පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව මහමැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කළ බවද පෙත්සම්කරු කියා සිටී.
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක කාලයක් පමණක් ජනාධිපතිවරයාට රට පාලනය හැකි බව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 70(1)70(5)(ජ)32(3) යන ව්‍යවස්ථා වල සදහන් වන බව පෙත්සම්කරු කියා සිටී .ඒ අනුව එම කාල සීමාව ඉක්මවා පාර්ලිමේන්තුව රහිතව රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි පෙත්සම්කරු කියා සිටී.
 
එසේම මෙවැනි තත්ත්වයක් හමුවේ කෝවිඞ් වසංගතය පැතිරී ඇති නිසා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට යාමට අපේක්ෂකයන්ට නොහැකි අතර එය නිසි පරිදි මැතිවරණය පැවැත්වීමට බාධාවක් බවද සඳහන් කර තිබේ.
ඉහත කරුණු අනුව පාර්ලිමේන්තු ව නොකැදවීමෙන් සහ සහ වගඋත්තරකරුවන් පියවර ගැනීමෙන් හෝ නොගැනීම මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පෙත්සම් කරු පෙන්වා දී ඇත.
 
එබැවින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සදහා මනාප අංක නිකුත් කිරීම ඇතුළු මහමැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා සිටී.
 
අවදානමකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තරම් කෝවිඞ් 19 වසංගතය පාලනය කර ඇතැයි සෑහීමකට පත් වෙන බවට සදහන් දිව්රුම් පෙත්සමක් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන්ට ලබා දෙන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට නියම කරන ලෙසද මෙම පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (12)

මැතිවරණයට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වන්නැයි පෙත්සමක්

rama Thursday, 14 May 2020 10:47 AM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක කාලයක් පමණක් ජනාධිපතිවරයාට රට පාලනය හැකි බව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 70(1)70(5)(ජ)32(3) යන ව්‍යවස්ථා වල සදහන් වන බව පෙත්සම්කරු කියා සිටී. ඒ අනුව එම කාල සීමාව ඉක්මවා පාර්ලිමේන්තුව රහිතව රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි පෙත්සම්කරු කියා සිටී....

:       103       227

janahitha Thursday, 14 May 2020 11:19 AM

මැතිවරණ නවත්වන්න ලෝකයේ කිසිම අධිකරණයක් ඉදිරිපත් නොවනු ඇත...

:       347       118

Athula kThursday, 14 May 2020 01:06 PM

අපේ රට හරි වෙනස්... වෙන රටවල අධිකරණයට යන්නේ අපේ මැතිවරණ ලබාගන්න.

:       425       44

Devinda Uduwara Thursday, 14 May 2020 11:21 AM

ඒක වැදගත් සිදුවීමක්...

:       27       30

Samitha Senaka Aluthgamage. Thursday, 14 May 2020 12:24 PM

මෙ වසංගත තත්වය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනතුරු මැතිවරණ පැවැත්වීමට ඉඩදිය යුතු නොවෙ... පසුව ජනතාව කැමැති ඔනෑම රජයක් පත්වූවාට අපට කම්නැත...

:       95       508

මැක්කාThursday, 14 May 2020 02:24 PM

වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහවන තුරු ඔබට රැකියාවට නොගොස් සිටිය හැකිද? එසේ නැතිනම් ජාතියක් වශයෙන් අකර්මණ්‍ය විය යුතුද? අනිත් සෑමදේම සිදුවන්නා සේ මැතිවරණයද අවශ්‍ය ආරක්ෂාකාරී පියවර යටතේ පැවත්විය යුතුයි... විය යුත්තේ එයයි.

:       625       1072

CiscoThursday, 14 May 2020 02:54 PM

ලෝක සුව සන්විධානය කියනවා මෙම වසන්ගත තත්ත්වය තව බොහෝම කාලයක් තියෙනවා කියලා... එහෙම නම් ඒක ඉවර වෙනතුරු පරන පාර්ලිමේන්තුවම තියමුද? ඒක ප්‍රජාතන්ත්‍රවාදීද?

:       54       79

RaveeThursday, 14 May 2020 04:44 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයක් කරලා තියෙනවා. කොවිඩ් 19 සම්පූර්ණයෙන් මර්ධනය කිසිදා කළ නොහැකි දෙයක් වනු ඇති බවට....

:       106       14

Prasad Thursday, 14 May 2020 12:27 PM

නියම වැඩක්, එතකොට බොරුව කරන්න බැහැනේ...

:       2       47

Donald Trump Thursday, 14 May 2020 12:51 PM

ආරි...., දොරින් දොරට චන්ද ප‍්‍රචාරය කරන්න ඔබෙ පක්ෂයේ ප‍්‍රමාණවත් සගයන් පිරිසක් ඔබට ඉන්නවා නේද?

:       283       132

Neil Thursday, 14 May 2020 03:28 PM

වසන්ගතය තවත් වසර දෙක තුනක් පැවතියහොත් කුමක්ද පිලියම...?

:       141       18

kaputaFriday, 15 May 2020 03:51 AM

අනිවාර්යෙන් ඔය කෑගහන අය කෑ ගහන්නේ මිනිසුන්ට ආදරේ නිසා නෙමෙයි. දේශපාලන හේතු ඇතිව තැබෑරුම් ගාව පිස්සො වගේ දගලන්න පුළුවන් සුපර්මාර්කට්වල පොර කන්න පුළුවන් ඡන්දෙට විතරක් බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 423 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 888 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1047 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 698 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 187 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1855 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site