IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මංතීරු නීතියට බස් හිමියන්ගේ සංගමයේ විරෝධය

(නිමල කොඩිතුවක්කු)
 
බස්රථ මංතීරුවේ  ත්‍රිරෝද රථ සහ යතුරුපැදි  ගමන් කළ යුතු බවට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද(15) පැවසීය.
 
මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.
 
බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීතිවිරෝධී බවත්, රටේ පවතින නීතිරීතී පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නුගේගොඩදී  කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
 
ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමිටර් 40ක්ව තිබියදී මගීන් 60ක් 70ක් ගෙනයන බස්රථයක් එය පිටුපසින් ධාවනය  කිරීම බරපතල ගැටලුවක් වී ඇතැයිද  ඒ මහතා කීය.
 
මෙම මංතීරු නීතිය හේතුවෙන් යතුරු පැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලීසිය භාර ගන්නේදැයි තමන් ප්‍රශ්න කර සිටින බවද විජේරත්න මහතා පැවසීය.මං තීරු දෙකක් පමණක් ඇති ඇතැම් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රයෝගික නොවන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.
 
මංතීරු නීතියේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොලීසිය, ප්‍රවාහන සංගම්  ඇතුලු සියලුම පිරිස සාකච්ඡාවක් සඳහා කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කීය.



අදහස් (16)

මංතීරු නීතියට බස් හිමියන්ගේ සංගමයේ විරෝධය

thushara Tuesday, 15 September 2020 10:39 AM

ඇත්ත, අපි බස්වල උදේ, හවස වැඩට යන්න එන්නේ. කවදාවත් නැති තරම් බ්ලොක් එකක් ඊයෙයි, අදයි කොළඹ තිබුනේ..

:       268       321

Ruhunu Tuesday, 15 September 2020 11:14 AM

වෙන රටවල් වල නම් යතුරු පැදිවලට ගමන් කිරීමට අවසර ලැබෙනවා. ලංකාවේ එහෙම කළොත් වරදක් නැත.

:       10       7

BamunuarachchiWednesday, 16 September 2020 03:08 AM

ඔය ඉඩ දීලා තිබෙන්නේ...

:       0       1

Ratne Tuesday, 15 September 2020 11:29 AM

මාර්ග තදබදය ඇති වීමට මූලිකම කාරණා වී ඇත්තේ ලත වෙවී ඉබි ගමනින් යන බොහොමයක් බස් රථ හේතුවෙන් සහ බස්රථ හා ත්‍රීරෝද රථ රියදුරන්ගේ අපරික්‍ෂාකාරී ධාවනයයි. ගැමුණු මුදලාලි මුලින්ම කළ යුතුව ඇත්තේ ජනතාවගේ කාලය නාස්ති කරන පුද්ගලික බස් රථවල මාර්ග බලපත් ඉවත් කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමයි...

:       1       490

RaveendraTuesday, 15 September 2020 12:27 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය.. මෙයා බබා... නිකං බබා නොවේ තොත්ත බබා කිසිදෙයක් මෙයාට පෙන්නේ නැහැ.

:       0       268

BamunuarachchiWednesday, 16 September 2020 05:38 AM

මා දන්නා හැටියට බස් රියදුරන්ට කිසියම් කාලයක් දී තිබෙනවා. ඒ ගමන ඉවර කරන්න හිමින් ගියත්, වේගයෙන් ගියත් එම කාලය තුළ ගමන නිමා කරන්න ඕනේ. නියමිත කාලයට වඩා ගත්තොත් ඔවුන්ට ප්‍රශ්නයක්.

:       0       1

චමින්දThursday, 17 September 2020 01:33 AM

රත්නෙගේ අදහස ඉතාම නිවැරදියි. ඉබිගමනේ ගාටන බස්රථ නිසා මාර්ග තදබදය සිදුවෙනවා සේම ඉබිගමන් බස් දුර ගමන් බස්වලට මගීන් ගැනීමට ඉඩනොදීමද මගීන්ට කරන හිරිහැරයක් කියන්න පුළුවන්... උදාහරණයක් හැටියට මහනුවර සිට තංගල්ල දක්වා ධාවනය කරන බසයට ඇඹිළිපිටියේදී මගීන් ගැනීමට ඉඩ නොදීම. කිරිඇල්ල හෙවත් ඉඩංගොඩ සිට නුවර දක්වා ධාවනය වන බසයට ඇහැලියගොඩදී මගීන් ගැනීමට නොදීම රත්නපුර නව නගරයේදී ඇඹිළිපිටිය වැනි ගමනාන්ත දක්වා යන මගීන්ට නවනගරයෙන් දුර ගමන් බස්වලට නැගීමට නොදීම. 2015ට පෙර ඉදිකළ ඉඩංගොඩ ඇහැලියගොඩ පාරට දුරගමන් බස් ධාවනයට ඉඩනොදීම වැනි දේවල් අනන්තවත් සිදුවෙනවා. තවත් දෙයක් කියනවා නම් දිනක් මම නුගේගොඩට යාමට රත්නපුරෙන් මාර්ග අංක 99 බසයක ගියා. මෙහි මොණරාගල සිටි පැමිණි මගියෙක් නුගේගොඩ බසින අවස්ථාවේ පිළියන්දල සිට පිටකොටුවට ධාවනය කල බසයක රියදුරෙක් මාසිටි බසය හරස්කර මගීන් බැස්සවීම ගැන තර්ජනය කළා.. බස් ගැමුණුට මේවා පේන්නේ නැහැ නේද?

:       0       0

විජේ Tuesday, 15 September 2020 11:59 AM

ඔයාලගේ පදේටත් කාලයක් කට්ටිය නැටුවා නේද ගැමුණු? දැන්නං එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි... සොරි...

:       0       97

de silva Tuesday, 15 September 2020 12:24 PM

කොළඹ නගරයේ ට්‍රැෆික් එකේ 40ට යන්න පුළුවන් නම් ලොකු දෙයක්.. බස් මන්තීරුවේ ත්‍රි රෝද රථ ගියාට කමක් නැහැ.

:       11       71

සමන්ත Tuesday, 15 September 2020 01:16 PM

මම දන්නා තරමට ත්‍රිරෝද රථ සහ බස් රථ සඳහා ඇත්තේ එකම වේග සීමාවන්. එහෙම වුණාම බස් තීරුවේ ත්‍රිරෝද රථ ගියාට ප්‍රශ්නයක් නැත. නමුත් ගැටලුව එන්නේ මෝටර් සයිකල් සඳහා. සාමාන්‍යයෙන් මෝටර් සයිකල් සඳහා⁣ වේග සීමාව වන්නේ මෝටර් කාර්වල වේග සීමාවයි. හෙමින්යන තීරුවක මෝටර් සයිකල් ධාවනය කරවීමෙන් අනතුරු සිදුවිය හැකියි.

:       0       11

Kamal Tuesday, 15 September 2020 04:41 PM

යතුරුපැදි, බස්‍ සමග එකට ගමන් කරවීමෙන් සිදුවන පැදිකරුවන්ගේ අනතුරු පොලිසිය බාරගත යුතුයි.

:       45       1

Nandalal DE SILVA - France Tuesday, 15 September 2020 09:45 PM

බොහෝ පුද්ගලික බස්රථ, ලංගම බස් සමග රේස් යනවා වගේ දුවපු දිවිල්ල, මංතීරු නීතිය ක්‍රියාත්මක වුණාට පස්සේ කරන්න බැරිවීම නිසා ගැමුණු මහත්තයාට තදවෙලා වගේ. මෙයාට පුළුවන්ද ලක්ෂ ගණන් හම්බ කරන්න... බස් මුදලාලිලාට අණදීලා බස් වර්ජනය ඇති කරන්න.? අනේ මෙහෙමත් හිනායන කතා කියන හැටි... මහමග භාවිතා කරන අනෙක් අය ගැන හිතන හැටි..!!! 

:       10       13

Bamunuarachchi Wednesday, 16 September 2020 03:10 AM

මංතීරු නියම කිරීම එම් සි සි ගිවිසුමේ අවශ්‍යතාවක් බව එම් සි සි ගිවිසුම කියෙව්වම බලාගන්න පුළුවන්.

:       1       1

BamunuarchchiFriday, 18 September 2020 01:42 PM

ඔය ඩිස්ලයික් දාපු හාදයා MCC ගිවිසුම කියෙව්වොත් හොඳයි...

:       0       0

Bamunuarachchi Wednesday, 16 September 2020 05:35 AM

එක බස් එකක් ගිහිල්ලා අනික් බස්එක එනකම් මංතීරුව හිස්ව තියන්නද කියන්නේ..?

:       1       1

vidya Saturday, 19 September 2020 05:01 AM

මෙවැනි තීරණ ගන්නට ඉස්සරවෙලා මාසයක කාලයක පරීක්ෂණයක් වශයෙන් අත්හදා බැලිය යුතුය. එකපාරටම කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනවා. මේක අර මැෂින් එකකින් තරබාරු මිනිසෙක් පොල්ගහකට නැගලා පොල් කඩනවා වගේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6026 3

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3710 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3054 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11700 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7982 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 213 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1523 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site