IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී එක්ක වැඩ කරන්න මට බාධාවක් නෑ - මහින්ද

(අජන්ත අගලකඩ)

තමාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (27 දා) රාත්‍රියේ  පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

තමාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ව කටයුතු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිටින්නේ තමා එදා සිටි පුටුවේ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එබැවින් ජනාධිපතිවරයා සමග එක්ව රට ගොඩනැඟීමේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන බවද අගමැති රාජපක්ෂ මහතා පවසා තිබේ.



අදහස් (27)

මෛත්‍රී එක්ක වැඩ කරන්න මට බාධාවක් නෑ - මහින්ද

K Perera Saturday, 27 October 2018 06:37 PM

මෛත්‍රී සමග බාධා නැතිවුණාට පාර්ලිමේන්තුව කැඳෙව්වම මොකද වෙන්නේ!

:       0       1

nilanjala Saturday, 27 October 2018 06:48 PM

ලැජ්ජාවක් නැත්නම් බාධාවකුත් නෑ..........

:       0       2

jim kuru Saturday, 27 October 2018 07:00 PM

ආපසු සැරයක් බිත්තර අප්ප කන්නා පුළුවන්

:       0       1

Nandalal DE SILVA - France Saturday, 27 October 2018 07:27 PM

අනේ ඕව කියල වැඩක් නැහැ. ඉස්සර බොස් වෙලා හිටපු ඔහුට, තමන්ගේ සේවකයා ලඟට ඇවිදින් "සර්" කිවුවා! දැන් එහෙම කියපු පුද්ගලයා ඉදිරියට ගිහින් "සර් " කියන්න තරමට මෙයා පහළට වැටුණේ බල ලෝභය නිසා නොවේද? දැන් එකට ඉන්න කොට අරයා අඩි 6 ක් පොළොව යට යවන්න පහසුත් ඇති... දෙන්නටම ඔවුන්ගේ අතීත කතා, චෝදනා අමතක වෙලා වගෙයි..... ජනපති කියන සේ ඔහුගේ අලුත් විවාහය සාර්ථක වේවා කියන්න ඇරෙන්න වෙන මොනා කියන්නද?

:       0       0

sam Saturday, 27 October 2018 09:09 PM

එකට ආප්ප කාලා ගිහින් පහුවදා තමන්ට විරුද්ධව නැගී හිටපු ද්‍රෝහියෙක් 'හොඳයි' කියන්නේ බලයට ඇති කෑදර කමට මිස වෙන මොකටද ?

:       0       1

Tikiri M2 Saturday, 27 October 2018 09:39 PM

ඇත්තනේ 2015 රටෙන් 48 % මහින්ද මහත්තයට දෙනකොට 51 % සිරිසේන මහත්තයට දුන්න . දෙන්න එකතු උනාම අද රටෙන් 99 % කගේ කැමැත්ත .. ඉතින් මුළු රටම කැමති දෙන්නෙක්නේ රට කරන්න යන්නේ ..වැරද්දක් නම් පෙන්නේ නැත. තවත් එන ගන්නේ නැතිව රට ගොඩ දාල දෙනවනම් වැඩේ කොර............

:       0       1

Hafeel Saturday, 27 October 2018 10:15 PM

එකට වැඩ කරළ ආයිත් රටම හොරකම් කාවි. මෛත්‍රීටත් ටිකක් කවාවී. ඔය කියන මෛත්‍රී, මහින්ද, රනිල් ඔය සේරම එකයි. ඒගොල්ලෝ හොරකම් කරළ මේගොල්ලන්ට දෙනවා. මේ ගොල්ලෝ හොරකම් කරල අරගොල්ලන්ට දෙනවා. අවසානයේ බලනකොට දෙගොල්ලම පට්ට හොරුන්. ජනතාව අමාරුවේ.

:       0       1

Chanak Los angeles Saturday, 27 October 2018 10:35 PM

තිබෙන නඩු ටිකත් ඉක්මන් කරනවාද?

:       0       0

Perera Saturday, 27 October 2018 11:59 PM

එජාපෙන් මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාවොත් මෙයාලගේ කට්ටියත් එකතුවෙලා ඒක සම්මත කරගනීවි. එතකොට වර්තමාන ජනපති තනතුරෙන් විසිවෙනවා, එතකොට ව්‍යවස්ථානුකූලව අගමැති ජනපති වෙනවා එතකොට ඉතින් වැඩ කරන්න බාධා නැහැ තමයි!!!!!

:       0       0

dhamneth Sunday, 28 October 2018 12:29 AM

ඔබතුමාට ඕනෙකෙනෙක් එක්ක වැඩකරන්න පුළුවන් බව අපි කව්රුත් දන්නවා. නමුත් මෛත්‍රී මහතා 2015දී ඔබතුමා අතහැර එළියට ආවා. දැන් රනිල් මහතා අයින් කළා. බොහෝදෙනා කියන්නේ එතුමාට කවුරුවත් එක්ක වැඩ කරන්න බැහැ කියා.

:       0       12

de silva Sunday, 28 October 2018 02:13 AM

එකට වැඩකරට කමක් නැහැ නමුත් ආප්ප කනකොට ප්‍රවේශමෙන්

:       1       20

I.O.SIRISENA Sunday, 28 October 2018 02:58 AM

නව අගමැතිතුමා කියනවා සිරිසේන මහතා සිටින්නේ මම හිටි පුටුවේ කියල.ටික දවසකින් පුටු මාරුකරන්න බලයිද

:       2       8

සනත් Sunday, 28 October 2018 03:09 AM

අනේ! බෑනො, ඕං උඹේ කටෙත් පස්, මේං මගේ කටෙත් පස්.

:       1       28

rohana Sunday, 28 October 2018 04:05 AM

රට ගොඩ ගැනීම කොහොම වෙතත් නඩු ටිකෙන් බේරෙන්න නම් පුළුවන් වෙයි.අපේ රටේ ඉන්නේ බත් කන හරක්.බව නැවත වරක් ඔප්පු කරලා පෙන්නුවා.

:       208       306

නන්දසිරිවැලිගම Sunday, 28 October 2018 05:00 AM

පක්ෂ ගැන නොසිතා අතිතය ගැන නොසිතා රට ගැන සිතා ඔබ දෙපලම එක්සත්ව එක්සිත්ව සියලුම අංශයන් කෙරෙහි ජාතික ප්‍රතිපත්තියන් මත කටයුතු කිරිම වර්තමාන ජාතියේ පැතුම බව දෙදෙනාම සිතා ගනිත්වා යන්න ප්‍රාර්ථනාවය.

:       234       107

athura Sunday, 28 October 2018 06:20 AM

ආයි මොන කතාද මේ පාර නම් සුපිරියටම දෙයි දෙන්න එක්ක...

:       1       4

Perera Sunday, 28 October 2018 05:29 AM

බාප්පට ආප්පයක් කවල තාප්පයක් උඩින් තියන්න වගේ හදන්නේ!!!

:       2       44

Nalaka Sunday, 28 October 2018 06:02 AM

බාධාවක් තියනවා. එකේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. කියවලම බලන්නකෝ.

:       1       285

sandy Sunday, 28 October 2018 06:04 AM

මෛත්‍රීට තමා වැඩ කරන්න බාධාවක් වෙන්නේ. මෛත්‍රී රූකඩයක් වෙනෙවා ඉදිරියේදී ඉබේටම.

:       2       9

liyanage Sunday, 28 October 2018 06:20 AM

ඔබ තුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් මේ වගේ පස්සදොරෙන් බලයට එම ගැන ...අපගේ කණගාටුව .....

:       1       10

සම්විල් Sunday, 28 October 2018 07:27 AM

ඔබට රට පමණක් නොව ලොව ද ජය ගත හැකි ය .

:       260       65

rocky Sunday, 28 October 2018 07:38 AM

ව්‍යවස්ථාව මොකටද මහත්තයෝ ඔය වගේ උත්තමයන්ට? උන්නාන්සේට ඕන දෙයක් කරන්න පුළුවනි. බුදුහාමුදුරුවන්ගේත් නෑදෑයෙක් කියලා අර මහා ඉතිහාසකරයා කියලත් තියනවනේ. අනේ සාධු!

:       0       8

Bamunuarachchi Sunday, 28 October 2018 07:53 AM

ඔව් ඔව් ඔබතුමා සමග වැඩ කරන්න බයයිනේ..............

:       0       0

rocky Sunday, 28 October 2018 08:31 AM

එහෙමයි.. එහෙමයි.. සම්විල්. ලොව පමණක් නොව එතුමාට මාර පරාජය කර සසරද ජය ගත හැකිය! මෛත්‍රී බුදුවේවා! මහින්ද රහත් වේවා! ඒ මහිමයෙන් තුන් හෙළය ඒකාලෝක වේවා!!!

:       0       0

kapSunday, 28 October 2018 09:21 AM

අර ජැක්සන් කියන කෙනාගේ නෑදෑ කෙනෙක්වත්ද ඔයා?

:       0       0

kap Sunday, 28 October 2018 08:46 AM

දෙන්නටම බාදාවකුත් නෑ, ලෑජ්ජාවකුත් නෑ. ඉස්සර කියා ගත්තුව ඔක්කොම ඩිලීට් කරානෙ..

:       0       1

ajith Sunday, 28 October 2018 09:25 AM

එදා ජනපති රජයේ තොරතුරු දැනගත්තේ පත්තරෙන් කිව්වනේ... දැන් ඇති එහෙමවත් දැනගන්න ලැබෙන එකක් නැහැ... මොකද ඔය ඔක්කොම පත්තරේ පලකරන්න ජනමාධ්‍යයට දෙන්න එපායැ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 29 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 305 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1704 3

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 190 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 631 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 989 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site