IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘මත්තල වී ගබඩා කරන්න මා උපදෙස් දුන්නේ නෑ‘‘

(තිළිණි ද සිල්වා)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා කිරීමේ අංගණයක වී ගබඩා කිරීමට තමා කිසිදු උපදෙසක් නොදුන් බව  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (23) කියා සිටියේය.

වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කර තිබේ.

2015 වසරේ අතිවිශාල වී අතිරික්තයක් පැවති බවත් ඒ අනුව වී මිල ස්ථාවරව පවත්වා ගෙන යෑමත් එම වී අතිරික්තය ඉදිරි කාලයේ ප‍්‍රයෝජනයට ගැනීම නිසි ලෙස ගබඩා කරවීමට අවශ්‍ය පිළියම් යෙදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් කමිටුවක් පත් කළ බවත් එම කමිටුව විසින් ඉහත කී සියලු කර්ත්‍යවයන් සොයා බැලූ බවද අග‍්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමේන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ මේ බව සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍යවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටි දෙවැනි අවස්ථාවද මෙය වේ.

අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරු 10.30 සිට මධ්‍යහන 12.15 දක්වා පැයකුත් විනාඩි 45 ක් කාලයක් කොමිසම හමුවේ සාක්කි දුන්නේය.

එහිදී කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  උපාලි අබේරත්න මහතා  මෙම ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් එහි කීර්තිනාමයට හානියක් සිදුවූවා නේදැයි අග‍්‍රාත්‍යවරයා ගෙන් විමසූ විට ඊට පිළිතුරු දුන් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ එම ගුවන්තොටුපළට ඇති කිර්තියක් නොමැති බවත් ලෝකය හිස්ම ගුවන්තොටුපළ ලෙස එය හැඳින්වෙන බවත්ය.

හම්බන්තොට දිස්ත‍්‍රික්ක පුරා ගබඩා මධ්‍යස්ථාන 16ක මෙටි‍්‍රක් ටොන් 8100 ක හිස් ගබඩා කිරීමේ පහසුකම් තිබියදී වී මෙටි‍්‍රක් ටොන් 4000ක් මත්තල ගුවන්තොටුපළේ ගබඩා කිරීම රජයේ දේපළ අවභාවිත කිරීමක් නේදැයි කොමිසමේ සභාපතිවරයා ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ගැන තමන් කරුණු කිසිවක් නොදන්නා බවත් ඒ ගැන වී අලෙවි මණ්ඩලයෙන් විමසීම් කළ යුතු බවත්ය.

මත්තල ගුවන්තොටුපළ යනු මහජන සුබ සාධන ව්‍යාපෘතියකට වඩා මහජන මුදල් අනිසි ලෙස භාවිත වූ ව්‍යාපෘතියක් බවත් එහි මෙහෙයුම් කර ගෙන යාමට තවමත් කිසිදු අයෝජකයෙකු කැමැත්ත පළ කර නැතැයි අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා සිදු කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් හමුවේ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ගේ ප‍්‍රශ්න වලට තවදුරටත් පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඇමෙරිකා ඩොලර් මිලියන 209 ක වියදමින් ඉදිකළ මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් රජය ණය ගෙවීම් ලෙස රුපියල් බිලියන 2.95ක මුදලක් හා එහි වාර්ෂික මෙහෙයුම් සඳහා ලෙස රුපියල් බිලියන 2.23 ක් වැය වන බව 2015 වසරේ විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බවත් මෙය ඉදි නොකළේ නම් කටුනායක ගුවන්තොටුපළ මීටත් වඩා හොඳින් සංවර්ධනය කළ හැකිව තිබුණු බවත්ය.

මත්තල ගුවන්තොටේ වී ගබඩා කිරීමේ සිද්ධිය රේඛීය අමාත්‍යාංශ දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බවත් එසේ නොමැතිව මෙහි මෙහෙයුම් වැළැක්වීමට තමා හෝ රජය කිසිම අවස්ථාවක කටයුතු නොකළ බවද එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (25)

‘‘මත්තල වී ගබඩා කරන්න මා උපදෙස් දුන්නේ නෑ‘‘

Thiw Wednesday, 23 October 2019 01:03 PM

මෙයාගේ ආණ්ඩුවේ වෙන එ්වා... මෙයා දන්නේ නෑ බබා..

:       23       338

සමන්ත Wednesday, 23 October 2019 01:30 PM

මත්තල හෝ ඕනෑම රජයේ ඉඩ පහසුකම් ඇති ස්ථානයක් ඕනෑම ප්‍රයෝජනවත් කාරණයක් සඳහා භාවිතයට ගැනීමට රජයට අයිතියක් තියෙනවා. එය ප්‍රශ්න කිරීමට කිසිම කෙනෙකුට බැහැ. ඒ සඳහා බලය ලබාදී ඇත්තේ මහනතාව විසිනුයි. රජය විසින් භාවිතයට ගෙන යම් ලාභයක් ඉපැයූවේ නම්, එය අවභාවිතාවක් ලෙස වරදවා අර්ථකථනය කිරීමත් ව්‍යවස්ථානූකූලව යමෙක් කරන බරපතල වැරැද්දක්. අද වෙනතුරු මත්තල ඔය කියන ගබඩා කුමන කරුණක් සඳහා පාවිච්චි කරන්නේද? එයින් උපයන ලද ලාභය කොපමණද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා විසින් නිසි පිළිතුරු ලබාදී ඇති බවද පෙනෙනවා. මේවා මෝඩයින්ගේ වැඩ මිසක් උගතුන් අනුමත් කරන දේවල් නෙමේ.

:       2793       662

Prabha Wednesday, 23 October 2019 04:59 PM

නමුත් ගේ මැද සාලේ එදා තිබුණා කියලා හරකෙක් බඳින්නේ නැහැනේ. හරකා බඳින්නේ වත්ත පහළ...

:       3       334

Jaya Wednesday, 23 October 2019 01:31 PM

ෂුවර් එකටම රාජපක්ෂලා තමයි ඕකේ වී ගබඩා කරන්න කියලා උපදෙස් දෙන්න ඇත්තේ...

:       2       139

Thilina Wednesday, 23 October 2019 02:19 PM

මේකේ තියෙන කරුණු ටිකම ඇති මේ ආණ්ඩුවට නැවත ඡන්දයක් නොදෙන්න. 1. මොවුන් බලයට එන විට රටේ වී අතිරික්තයක් තිබූ බව. ඊටපසු අවුරුද්දේ රටින් හාල් ගෙනාවා. 2. පාස්කු ප්‍රහාරය වෙලාවේ වගේම මේ සිද්ධියේදීත් අගමැති විදිහට වගකීමක් නොගැනීම 3. රටේ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව රාජ්‍ය සම්පත් විකුණූ බව තවත් කරුණු අවශ්‍ය නැහැ.. මේ ටිකම ඇති

:       78       561

Dasa PWednesday, 23 October 2019 03:20 PM

එතකොට මේ කියන කරුණු ඇත්තනම් "ඇමෙරිකා ඩොලර් මිලියන 209 ක වියදමින් ඉදිකළ මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් රජය ණය ගෙවීම් ලෙස රුපියල් බිලියන 2.95ක මුදලක් හා එහි වාර්ෂික මෙහෙයුම් සඳහා ලෙස රුපියල් බිලියන 2.23 ක් වැය වන බව 2015 වසරේ විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බවත්"

:       22       47

මත්තල Wednesday, 23 October 2019 02:53 PM

සමන්ත මහත්තයාගේ අදහස ඉතාමත් වටිනවා. මම හොඳින්ම දන්නවා ඔය ගබඩාවෙන් (Cargo Terminal) මේ වෙන තෙක් කිසිම ආදායමක් අරගෙන නෑ. ඒ වගේම කිලෝවක් තරම්වත් දෙයක් ඔයින් ගුවන් ගතකරලා නෑ. මේක තමයි ඇත්ත...

:       1114       550

විදානෙ Thursday, 24 October 2019 10:02 AM

ඉතා කණගාටුදායකයි. මේ රටේ එක ආණ්ඩුවකින් කරපු වැඩ අනිත් ආණ්ඩුවෙන් අහක දමන එක සාමාන්‍ය දෙයක්. මේ නිසා බොහෝ රාජ්‍ය දේපළ විනාශ වෙලා යනවා. කුහකකමත් ජාතික ප්‍රතිපත්තියකට වැඩ නොකිරීමත් නිසා කොතරම් වටිනා දෙයක් වුනත් අපතේ යනවා. කුමක් හෝ හේතුවකට මේ ගුවන් තොටුපොළ හැදුවනම් ඒකෙන් අදාල ප්‍රයෝජනය ගන්න ඕනෙ තරම් අවස්ථා තිබුනා. දැනටමත් තියෙනවා. දේශපාලන කුහකකම සහ අනුවණකම නිසා රට අනාථ වෙනවා.

:       0       123

gunarathna Wednesday, 23 October 2019 03:18 PM

දැන් එතකොට යාපනේ ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කෙරුවා. දෙන් දවසට ගුවන්යානා දෙතුන් සීයක් එනවද? හදිසියේ හරි කාලගුණ වෙනසක් වුණොත් කටුනායකට එන ගුවන් යානා යවන්නට වෙන්නේ යාපනේටද, මත්තලටද? මෙතන තියෙන්නේ දේශපාලන කුහකකමක් මිස වෙන කුමක්ද?

:       1       514

සමන්තWednesday, 23 October 2019 03:57 PM

යාපනය ගුවන් තොටුපොල සහ මත්තල යනු කාරනා දෙකක්. යාපනය් ගුවන් තොටුපොල පෙර සිට තිබූ, අති විශාල ශක්‍යතාවයක් සහිත​ ජනාකීර්න ප්‍රදේශයක පිහිටා ඇති, උපායමාර්ගික වැදැගත්කමක් සහිත කුඩා ගුවන් තොටුපොලක්. එහි සාර්ථකත්වය ඉදිරියේ දැක බලාගන්න ලැබේවි.මත්තල පරිසරයට හානිකර අසාර්ථක ව්‍යාපෘතියක්. ඇත්තටම දකුණට ගුවන් තොටුපලක් හැදීමේ සැලසුම තිබුනේ "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩ සටහනේ.අනුන් ගේ සැළසුම් තමන්ගේ කරගන්න ගිහින් අවිචාරයෙන් තණමල්විල හදන්න තිබුනු සැළසුම මත්තලට ගෙනාවේ කාගේ උවමනාවටද?

:       1091       386

Bamunuarachchi Wednesday, 23 October 2019 03:39 PM

හා මේ ගොයියාම නේද? පළමුවේම කීවේ අපි මත්තල ගුවන් තොටුපොල වී ගබඩාවක් කරනවා කියලා. අපි ඊයේ පෙරේදා ඉපදුණු මිනිස්සු නොවෙයි. එ්ක මතක තියාගන්න.

:       54       189

සමන්තWednesday, 23 October 2019 04:17 PM

රාජපක්ෂලාට කඩේ යද්දි හරි වැරද්ද නොපෙනෙන්නේ එකට හොරා කාපු අයට

:       1183       77

SekaraThursday, 24 October 2019 06:46 AM

අපරාදේ ඒ දවස්වල කටුනායක ගුවන්තොටුපළ හැදුවේ. රත්මලාන හොඳටම ඇති.

:       1       102

BamunuarachchiSaturday, 26 October 2019 08:02 AM

ඇයි රටට වැඩක් කරපු මිනිස්සු වෙනුවෙන් කඩේ නොගියොත් අවුරුදු 5ක් රට කාබාසිනියා කරපු අයට කඩේයන ඔබලාට කරන වාසියක් නේද? කට ඇරලා කියන්නකෝ තුම්සේලගේ මේ රජය මේ වනතුරු රටට කරපු එක දෙයක්... අනික මත්තල වී ගබඩා කෙරුවේ රාජපක්ෂ නොවෙයි. රාජපක්ෂගේ කාලේ මත්තල ගබඩා කරන්න තරම් රටේ වී තිබුණා දැන් කෝ? තවත් මේ අමනයෝ රාජපක්ෂලාට කඩේ යන එක ගැන කතා කරනවා..

:       0       0

Aris Wednesday, 23 October 2019 04:25 PM

මහින්ද පැරදුනේ නැත්නම් මත්තල ලෝකය පුරායන දෙස් විදෙස් ගුවන් මගීන්ගේ හුවමාරු තොටුපලක් කරලා මෙලහකටත් අති විශාල අාදායමක් හොයලා. මේ ආණ්ඩුව ඒ සඳහා ඇනවුම් කරපු ගුවන් යානාත් නතර කරලා, ගුවන් තොටුපල වී ගබඩාවක් කොට කීර්ති නාමයටත් හානි කළා.

:       118       552

sirisenaThursday, 24 October 2019 05:52 AM

ජාත්‍යන්තරෙන් කොන්වෙලා එක්සත් ජාතීන් සම්බාධක වැටෙන්න ගිය මහින්දට හා ආණ්ඩුවට මේවගේ හපන්කම් කරන්ඩ පුළුවන් කියලා හිතන්නේ මොලේ කළදක් වත් නැති අය පමණි.

:       351       340

Kumar Wednesday, 23 October 2019 05:35 PM

මත්තලට ගුවන්යානා එන්නේ නැතිනම් වී ගබඩා කිරීමෙන් හානියක් වෙනවද? මත්තල වගේ නොවේ යාපනයේ ගුවන් තොටුපොලෙන් යානයක් පිටත් වෙන්න කලින් අලි, මොනරු එලවන්න ඕනේ නැහැනේ. ඒ ගුවන් තොටුපොල නිසා ඒ පැත්තේ වෙසන ජනයාට ජාත්‍යන්තර ගුවන් ගමන්වලටත් පහසු වෙනවා. අනෙක යාපනයේ ගුවන්තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශයේ මත්තලට වඩා වැඩි ජනගහනයක් වාසය කරනවා.

:       698       64

chandima Wednesday, 23 October 2019 05:42 PM

එහෙමනම් ඇයි පසුගිය අවුරුදු තුන හතරේම අගමැති වෙලා ඉඳන් ඒ ගැන පරීක්ෂණයක් නොපැවැත්තුවේ? මේ වගේ කෙනෙකුට රට බාරදෙන මෝඩයන් කවුද? ඔයිට වැඩිය හොඳයි පඹයෙකුට අගමැතිකම දුන්නා නම්...

:       112       659

sharm warn Thursday, 24 October 2019 05:32 AM

මෙයාට දුමින්දගේ ලෙඩේ බෝ වෙලාද කොහෙද..? අපි මැරිලා ඉපදිලා ඉන්නවා කියලා හිතන් මේවා කියනවද? කවුරු හරි ඒ දවස් වල උඩ පැන පැන මේ මොඩයා කියපු කතාවේ වීඩියෝ එකක් හොයලා පෙන්වන්නකෝ.. මතක් වෙන්නත් එක්ක.. රටක වගකිවයුතු අගමැතියෙක් නේද මේ? මොලයක් තියෙනවානම් ආයෙමත් ඡන්දයක් දෙයිද?

:       26       390

de silva Thursday, 24 October 2019 06:23 AM

වී ගබඩාකලේ ගුවන් තොටුපලේ පැමිණීමේ හෝ පිට වීමේ පර්යන්තයේ, නොවේ නේ ? හිස් වෙලා ප්‍රයෝජනයකට නොගන්න රජයට අයිති ගොඩනැගිල්ලක වී තාවකාලිකව ගබඩා කරගත්තම මොකද ඇති ප්‍රශ්නය ? ඔය වී ගබඩා කරන්න පුද්ගලික අංශයේ ගබඩාවක් කුලියට අරන් කොමිස් කුට්ටියක් කඩා ගත්ත නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද ? ඔය වැඩේ සිදුවෙනකොට රටේ සිටි විධායක ජනපතිට තිබුනනේ හොඳ නැතිනම් තමන්ගේ විධායක බලතල භාවිත කරලා ඕක නවත්වන්න ? දැන් බොරුවට කොමිසම් හදල මහජන මුදල් නාස්ති කරනවා.

:       262       110

Hafeel Thursday, 24 October 2019 07:04 AM

මෙහම තමයි මෙයා එදා සබීතාගේ ගොඩනැගිල්ල කුෂිකර්ම අමාත්‍යංශයට බදු දීම පිළිබඳවත් කිව්වේ. දැන් මෙයා මේ විනාශය අර කමිටුවේ ගිණුමට පටවනවා. අවසානයේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෝ හිරේ යන්න වෙනවා.

:       2       4

මත්තල Thursday, 24 October 2019 07:35 AM

මේ අයගේ කමෙන්ට් බලපුවාම මේ සේරම රජාගේ පවුල්වලට කඩේ යනවා විතරයි.., ඇත්ත තේරෙන්නේ නෑ. අපිට විකල්ප ගුවන් තොටුපලක් ඕනේ. ඒකට හොඳම ස්ථානය ලෙස නිලධාරින් හඳුනා ගෙන තිබුණේ හිඟුරක්ගොඩ දැං තියෙන ගුවන් තොටුපල දියුණු කරන එක. නමුත් දේශපාලන ඇඟිලි ගැහීම් නිසා තැන් තැන්වලට ගෙනියන්න එක එක රජයන් උත්සාහ කළා. අන්තිමට කාටවත් වැඩක් නැති මත්තල ඒක හැදුවා. විකල්ප ගුවන් තොටුපලක් අවම අවශ්‍යතාවයෙන් හදන්න ඕනේ වුණත් ගොඩක් වියදම් කරලා අනවශ්‍ය විදිහට හැදුවේ රාජපක්ෂලාට ඕනේ නිසා... විකල්ප කියන්නේ කටුනායක ප්‍රශ්නයක් වුණාම හදිසි ගුවන් යානයක් ගොඩබෑමට අවශ්‍ය තැනක්... මේක හිඟුරක්ගොඩ හැදුවා නම් අද පලාලි හදන්න ඕනේ නෑ...

:       0       30

BamunuarachchiSaturday, 26 October 2019 08:17 AM

හලෝ මත්තලට නොඑන ප්ලේන් හිඟුරක්ගොඩට එන්නේ කොහොමද? ඒ වගේම ලංකා ආණ්ඩුවට මත්තල ගුවන් තොටුපොල තිබෙන විට නොඑන ප්ලේන් ගුවන් තොටුපොල ඉන්දියාවට වික්කාම ප්ලේන් එන්නේ කොහොමද? මොකද ඉන්දියාව වී ගබඩා කරන්න හදනවද? නොදන්නා මගුල් කතා නොකර ඉන්න හලෝ.

:       0       0

sk Thursday, 24 October 2019 08:06 AM

එතකොට මෙයා අගමැති නොවේද?

:       0       0

vipula Thursday, 24 October 2019 10:19 AM

2015 පස්සේ ජනාධිපති හෝ අගමැති රටේ වෙන වැදගත් දේවල් වලට දෙන උත්තරය මම දන්නේ නැහැ, කිව්වේ නැහැ, දැක්කේ නැහැ වැනි උත්තරයි. සජිත්ගේ පස්සේ ගියාම නැවත මේ මිනිස්සුන්ට බලය ලැබෙනවා. නැවත මේවගේ දේවල් අහ අහා ඉන්න වෙයි. රටට ජනතාවට වෙන සුගතියක් නැහැ. පහුගිය වසර දහයට අපි යුද්ධය නොමැති රටක් ඇසින් දුටුවා. කාපට් කරපු පුළුල් මාර්ග දැක්කා. අධිවේගී මාර්ග වල නැවුම් අත්දැකීම් ලැබුවා. යල් පැනගිය දුම්රිය අතරට නව දුම්රියක යන්න වාසනාව ලැබුවා. අලුත් වරායන්, ගුවන්තොටුපළක නව වාරිකර්මාන්ත ඇසින් දුටුවා. අලුත් විදුලි බලාගාර දකින්න ලැබුනා. ගත්ත ණය වලට හරියන්න මෙයාලා ඇවිල්ලා කරපු දෙයක් කියන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 123 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 616 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 54 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 220 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 206 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site