IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

 

(ඩයනා උදයංගනී)

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප‍්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ.

එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂයමාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර ඇත්තේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක අද (8) නිරත වෙමිනි.

පසුගිය අපේ‍්‍රල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයටද ගිය ජනාධිපතිවරයා සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේ දී නැගෙනහිර පළාත් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණයින් හමුවිය.



අදහස් (29)

මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

kamani Wednesday, 08 May 2019 03:43 PM

කොන්ද පන නැහැ. ඕක පොළවට සමතලා කරන්න ඕනේ.

:       146       1475

සනත්Wednesday, 08 May 2019 04:39 PM

කොන්ද වගේ ද ඡන්ද?... !

:       30       646

rohanWednesday, 08 May 2019 05:07 PM

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කරනවා කියන එක නම් බොරු.. පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට තමයි හදලා තියෙන්නේ...

:       25       323

Hafeel Wednesday, 08 May 2019 11:02 PM

ඒ වගේම හිස්බුල්ලාගේ පුතාගේ නමින් 90% අයිතිය පැවරිලා කියල යෝගේෂ්වරන් මන්ත්‍රී කියනවා.

:       0       3

kaveeshaWednesday, 08 May 2019 09:38 PM

මෙයා හිතාගෙන ඉන්නේ මුස්ලිම් ඡන්ද වලින් ජනාධිපති වෙන්න , මමත් 62 ලක්ෂේ කෙනෙක්.

:       0       37

WasudewaThursday, 09 May 2019 02:28 AM

සහතික ඇත්ත...මෙතරම් රටට විනාශයක් කරලා ජිවිත 300 කට වැඩිය බිලි අරගෙන රටම අරාජික කරපු එකේ... මොනවද මේ මඩකලපු සරසවි??? මෙම සරසවිය තනිකරම තව්හිත් ජමාත් සංවිධානයේ වැඩ වලට තමයි ඉදිරියටත් යොදාගන්නේ. මේවා තේරුම් ගනිල්ලා. මෙම සරසවිය වහාම රජයට පවරාගෙන මහා රෝහලක් වැනි දෙයක් කරන්න.

:       0       253

Perakum Wednesday, 08 May 2019 04:26 PM

ඊට ඉස්සෙල්ලා වෛද්‍ය සංගමයේ (GMOA) අනුමැතිය ගත්තොත් හොඳයි නේද?

:       104       282

GMOAThursday, 09 May 2019 07:50 AM

ඇයි ජෙප්පොන්ගේ අන්තරේ අනුමැතිය දැනටමත් ලැබිලද?

:       0       98

chathuri Wednesday, 08 May 2019 04:40 PM

කාටවත් බාරදෙන්න කලින් ඔතන ඉන්න අයට කිසිම සුදුසු කමක් නැහැ. හොර ලේඛන හදාගෙන උසස් නිලධාරීන්ගේ අත්සන් හොරෙන් හදාගෙන ඉන්න කට්ටියක්, නීතිවිරෝදී වැඩ කරන්නේ... ඔය මොලයට වැටහෙන්නේ නැත්ද? සංහිඳියාව කියලා හැමදේටම ඉඩ දුන්නොත් හරිද? මෙතරම් අනුකම්පාව දක්වන්න හේතුව, අවුරුදු ගාණක් යුද්ධයෙන් දුක් විඳපු රටක්.., නැවත ඒ තැනට වැඩ කරන්න එපා. ඔය නඩේ කරන දෙයක් නැහැ රටට. හමුදාවට රට බාර දෙන්න. අමතිලගේ සැප වාහන හමුදා නිලධාරීන්ට දෙන්න රට වෙනුවෙන් වැඩ කරන්නේ හමුදාවයි, පොලිසියයි නැතුව ඔය කයිවාරු ගහන නඩේ නෙමේ. මෙම විශ්වවිද්‍යාලය හොර නඩේගේ පාර්ලිමේන්තුවට අරගෙන පාර්ලිමේන්තුව මහා රෝහලක් කරන්න. නඩේ කොළඹ හිටියා කියලා වැඩක් නැහැ. යන්න මඩකලපු ඔය වගේම නඩයක් එතනත් ඉන්නේ...

:       27       1074

Nihal Wednesday, 08 May 2019 05:12 PM

ඕක රෝහලක් කරන්න....

:       49       256

Pradeep Wednesday, 08 May 2019 05:13 PM

සයිටම් එකට වැසුණු දොර මේකට ඇරෙන්නේ කොහොමද...?

:       14       287

nandanaThursday, 09 May 2019 09:00 AM

අපිට මොලේ නැති වුනාට ඒ අයට මොලේ තියෙනවා. ඒ අය අධ්‍යාපන ආයතන හැකිතාක් ආරම්භ කරනවා විනා, මෝඩයින් මෙන් ඒවා වසා දමන්නට මොර දෙන්නේ නැහැ.

:       0       3

Amila Wednesday, 08 May 2019 05:16 PM

බයිලා තමයි. අද හිස්බුල්ලා ළඟින් තියන් පොටෝ ගහලා තියෙනවා නම් අපි දැක්කා. තව මොන කතාද?!

:       14       466

SankaThursday, 09 May 2019 04:50 AM

මේ හිස්බුල්ලා තවුහිත් ජමාත් සංවිදානයට කෙලින්ම උදව් කරන බව අද මුළු රටම දන්නවා. මෙයාගේ පුතාව මඩකලපු සරසවියේ ප්‍රධානිය කරලා තවුහිත් ජමාත් සංවිදානයේ දේශනා මේ සරසවියේ දිගටම පවත්තලා සිංහලයන්ගේ ඇස් වහලා මේ කරන දෙය ඕන මෝඩයෙකුට තේරෙනවා. මේ දේශපාලුවන්ට තමයි නොතේරෙන්නේ. නැවත වරක් කකුල් දෙක ලග බෝම්බ පුපුරනකම්ද මේ දේශපාලුවෝ බලන් ඉන්නේ???

:       0       489

AmilaThursday, 09 May 2019 05:23 AM

අනිවාර්යයෙන්. මෙයාලා හැසිරෙන විදියට සමහරවිට මේ ඔක්කොම එකතුවෙලා අහිංසක මිනිස්සු මරලා ඊලග ඡන්දේ දිනන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.

:       0       150

victor Wednesday, 08 May 2019 06:55 PM

" කම්මනා වසලෝ හොති . කම්මනා හොති බ්‍රහ්මනෝ " (උපුටා ගැනීම _ වසල සුත්‍රය - ගෞතම බුදුන් )

:       0       1

sirimal Wednesday, 08 May 2019 08:20 PM

ඒ සැරේ හදන්නේ ආණ්ඩුවේ වියදමෙන් ෂරියා නීති උගන්වන්නද?

:       1       199

Jehaan Wednesday, 08 May 2019 08:37 PM

මේක තනිකර අපරාධ මධ්‍යස්ථානයක් . අඩු වශයෙන් ප්‍රජා මධ්‍යස්ථානයක් බවට හෝ පත් කරන්නවත් එපා. එතනත් කල්ලි ගැහිලා රට කාවි. රෝහලක් හෝ හමුදා පාසලක් බවට පත් කරන්න. පුද්ගලිකව සල්ලි ගෙවල ඉගෙනගෙන පස්චාත් උපාධිදාරී වෙලා රටම නැති කල හැටි මතක නැද්ද ? හපොයි මෙහෙමත් මොලයක් !

:       0       129

nuwanpriya Wednesday, 08 May 2019 09:31 PM

හරිනම් කල යුතු වන්නේ මෙය රජයට පවරාගෙන මෙම රටේ සියලුම ළමයින්ට යා හැකි විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමයි. මෙම බූමියේ තිබී ආයුධ හම්බ වුන බවක් ගිය සතියේ පල වූවා නොවේද ?

:       0       203

ranjith Wednesday, 08 May 2019 10:58 PM

හිස්බුල්ලත් බේරාගෙන ඡන්ද ගොට්ටත් රැක ගන්නද මේ උස්සහය. හැම දේම දියාරු වෙනවා. මේවගේ අනාගත බලපෑම රටට තමයි

:       0       110

imesh Thursday, 09 May 2019 02:37 AM

අන්තරේ, කෝ ඔයාලගේ යන්තරේ ? ඔන්න බහින්න පාරට. අපිත් එනවා.

:       0       178

kap Thursday, 09 May 2019 04:25 AM

සිංහල මිනිහා හදපු වෛද්‍ය විද්‍යාලෙට මුලු ජේවීපි එකයි, දොස්තරලා ටිකයි, අන්තරෙයි මැරෙන තරමට විරුද්ද වෙලා ඒක වහලා දැම්මා. මේ අයට මේවා පේන්නෙ නෑ. 2013 පටන් ගත්ත හින්දා වෙන්න ඇති.

:       16       641

sumith Thursday, 09 May 2019 04:31 AM

ඔය ඡන්ද කුට්ටි බලාගෙන අපේ රට ජාතිය ආගම විනාස කරන්න එපා එපා එපා

:       31       127

නෙවිල් Thursday, 09 May 2019 05:27 AM

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. උසස් අධ්‍යාපන ඇමති??? මුන්ට පිස්සුද ?

:       0       243

Chandima Thursday, 09 May 2019 06:03 AM

අනේ ජනාධිපතිතුමනි ඔබ කියන කරන දේවල් නම් කවදාවත් හරි ඉලක්කයකට කෙරෙන්නේ නැහැ. මේකත් ඔහේ එහාට මෙහාට වැනි වැනි ගිහින් අන්තිමේදී උන්ට ඕනි එකම උන් කර ගනීවි කියල අපිට නම් හරිම බයක් තියෙනවා. ඔකේ ඉගෙන ගන්න කියල අරාබි රටවල් වලින් එන්න ඉන්න සිසුන් කියන අය අතර ඕනි තරම් කුට අන්තවාදී ඉන්න පුළුවන්. අන්තිමේදී උන් මෙහෙ පදිංචි වේවි. අන්තිමේදී කොහෙවත් ඉන්න සර්පයෝ රෙද්ද අස්සේ ගෙන බුද්ධි අංශයට උන් පස්සේ පන්න පන්න යන එකම කර කර ඉන්න වේවි.

:       0       59

ajith Thursday, 09 May 2019 06:26 AM

උසස් අධ්‍යාපන ඇමති හකීම් නේද? හි හි හි................

:       2       109

ranjith Thursday, 09 May 2019 07:05 AM

ඇත්තටම සයිටම් එකට මොන තරම් කරදර කරාද මේවට කවුරුත් කට ඇරියේ නැහැ

:       0       103

saman Thursday, 09 May 2019 08:04 AM

මේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න බැරි ඔබතුමා දැන් අස්වෙලා ගෙදර යන්න.

:       0       153

Hafeel Thursday, 09 May 2019 08:13 AM

මෙම විශ්ව විද්‍යාලයේ 90% කොටස් හිස්බුල්ලාගේ පුතාගේ නමින් ලියල තියන්නේ කියල යෝගේෂ්වරන් මන්ත්‍රී කියනවා. සොයා බලන්නොන.

:       0       50

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 158 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 377 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 69 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 65 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 627 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site