IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මඩකලපුව විශ්වවිද්‍යාලය ජනවාරි 3 දා විවෘත කෙරේ

(තරිදු ජයවර්ධන)

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන වසරේ ජනවාරි 3වැනි දින සිට විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්.  හිස්බුල්ලා මහතා අද(02) පැවසීය. කිසිම හේතුවක් නිසා මෙම විශ්වවිද්‍යාලය රජයට නොපවරාගන්නා බවත්, රජය සමග සහයෝගයෙන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කළේය.

තමන් බලයට පැමිණියහොත් මෙම විශ්වවිද්‍යාලය  රජයට පවරාගැනීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරනු ඇතැයිද, කෙසේවෙතත් හදිසි නීතිය යටතේ හෝ රජයට පවරා ගැනීමට නෛතික පදනමක් නැතැයිද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.

මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා, තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු රැසක් මෙතෙක් කල් දැරුවේ සිංහල බෞද්ධයන් බව කී හිටපු ආණ්ඩුකාරවරයා මෙය මුස්ලිම් ජාතිකයන්ට පමණක් ඉදිකරන විශ්වවිද්‍යාලයක් බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයිද සඳහන් කළේය.

මෙම විශ්වවිද්‍යාලය මුස්ලිම් ජාතිකයන්ට පමණක් විවෘත කිරීමට හෝ ශරියා නීතිය ඉගැන්වීමට ඉදිකරන්නේ නම් කාන්තන්කුඩියේ පල්ලියක් ළඟ ඉදිකිරීමට හැකියාව තිබූ බව කී ආණ්ඩුකාරවරයා මෙය මඩකලපුවේ ඉදිකරනු ලබන්නේ ඕනෑම ජාතිකයකුට මෙහි අධ්‍යාපනය ලැබීමට හැකිවන ආකාරයෙන් බවද සඳහන් කළේය.



අදහස් (21)

මඩකලපුව විශ්වවිද්‍යාලය ජනවාරි 3 දා විවෘත කෙරේ

Indunil Friday, 02 August 2019 10:27 AM

බලමුකෝ, ගෙම්බෝ පටන් ගන්න විදිය හොඳේ...

:       49       96

sharm warn Friday, 02 August 2019 10:30 AM

අහා... ඔය කියන්නේ.. කඩු, කිනිසි ටිකත් ඔහොම්ම ජාතික උත්සවයකින්ම බෙදලා නොදුන්නොත්.. මේක රනිල්ගේ ආණ්ඩුව නෙමේ කියලා තමයි කියන්න වෙන්නේ..

:       20       190

Perera Friday, 02 August 2019 10:30 AM

මාර සද්දයක්නේ. අපේ අය දෙකට නැමෙන හින්දා තමයි මේ ඔක්කොම... කොන්දක් නැති එක තමයි මූලික කාරණේ....

:       64       244

de silva Friday, 02 August 2019 10:53 AM

මෙදාපාර මහපක්ෂ දෙකටම නැති රටට, ජාතියට ආදරය කරන කොන්ද පණ ඇති නායකයෙක් පත්කර නොගතහොත් නැගෙනහිර ජීවත්වන සිංහල, දෙමළ මිනිසුන්ට සිදුවෙන්නේ හිස්බුල්ලාගේ වහලුන් ලෙස ජීවත් වෙන්න. කරුණාකර ලබන ඡන්දෙදී එජාපෙන්, ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන නමගිය හිටපු මුස්ලිම් මන්ත්‍රීලාට, මනාපේ ගැසීමෙන් වළකින්න. හේතුව ඔවුන් හදිසි අවස්ථාවකදී එකට සිටගන්නේ රිෂාඩ්, හිස්බුල්ලා වැනි අන්තවාදයට උඩගෙඩි දෙන නායකයන් ආරක්ෂා කරගන්න බව ඔප්පු කර පෙන්වූව නිසා...

:       1       320

Hafeel Friday, 02 August 2019 10:58 AM

ඔය කියන රනිල්,මෛත්‍රී දැනටමත් බලයේ ඉන්නේ... මහින්ද මේ පිළිබඳව වචනයක්වත් කතා කළෙත් නැහැ. කොහොමටත් ඔයාගේ මේ විශ්වවිද්‍යාලයට මේ ගොල්ලන්ගෙන් කිසිම බාධා එල්ල වෙන්නත් නැහැ. විවෘත කරන්නත් එ්වි... මේ රටේ නීතිරීති සාමාන්‍ය මිනුස්සුන්ට තමයි. කොහොම හරි මෙයාගේ අභියෝගවලට මෙයාට ලොකු හයියකින් ඉන්න පුළුවන්. එදා කාත්තන්කුඩියේ පාසල් නිරීක්ෂණයට රාජ්‍ය නිලධාරීන් සමග ගියා. ළඟදී සංවර්ධන කටයුතු කිහිපයක් ආරම්ඹ කළා. බලතල නැතුව මෙහම කළ හැකිද? අද මේ අභියෝග...

:       1       61

කපිල Friday, 02 August 2019 11:07 AM

විවෘත කිරීම මොහොමඩ් සිරිසේන සහ මොහොමඩ් වික්‍රමසිංහ අතින් වුණානම් තමයි හොඳ...

:       3       99

BishanFriday, 02 August 2019 12:19 PM

ඇයි මොහොමඩ් රාජපක්ෂ... එයත් හොඳයි. එයාටත් මුස්ලිම් ඡන්දේ නැතුව බැහැනේ...

:       115       131

Hafeel Friday, 02 August 2019 03:12 PM

කපිල, මොහමඩ් රාජපක්ෂගේ පාලනයේ තමයි මේකට අවසර දුන්නෙත්, රජයේ ඉඩම දුන්නෙත්...

:       0       24

tikiriSaturday, 03 August 2019 08:50 AM

ඒක හරි, රාජපක්ෂ පාලන සමයේ වුණු දේවල්, පටන් ගත්තු දේවල් තමයි ලංකාවේ ඉතිරිවෙලා තියෙන්නේ.. නමුත් ඒ කාලේ රටේ පාලනයක් තිබුණා. පැහැදිලි රජයක් තිබුණා. මොන මෝඩයා කොහොම කිව්වත් ඒ කාලේ රට විනාශ වෙන දේවල් රජයෙන් කළේ නැහැ. ඒකයි වෙනස...

:       1       0

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 02 August 2019 11:47 AM

මරු.. නියමයි.. ඔහොම යං කියලා තමයි කියන්න තියෙන්නේ.. ඡන්ද හිඟාකන්න රටටයි, ජාතියයි, අාගමයි පාවාදෙන මේ වගේ නායකයන් මම නම් ලෝකෙ වෙන කොහෙවත් දැකල නැ. කොන්දක් තියෙන නායකයන් මේ රටේ ඉන්නවා නම් නීතියත් එක්ක මෙහෙම සෙල්ලම් කරයිද මේ මිනිස්සු? මුල ඉඳලාම කරලා තියෙන්නේ වංචාව කියල ඔප්පුවෙලා තියෙද්දිත් යස අගේට මොකුත් නොවුණා වගේ මේ මිනිස්සු කථා කරන හැටිනේ ලස්සන කියන්නේ.. දෙයියන්ගේ නාමයෙන් මේ රටේ ඒක නීතියක් ක්‍රියාත්මක කරන්න. අහිංසක මිනිහෙකුට උසාවියෙදී කිඹුහුමක් කියත් අවවාද කරන රටක. දුප්පත් මනුස්සයෙක් බඩගින්නට අඹගෙඩි ටිකක් කඩා ගත්තත් මාස ගාණක හිරේ දාන රටක. මේවට කෝ කව්ද වග කියන්නේ? ලැජ්ජයි.. අැත්තටම මේ වගේ රටක නම්. මේවගේ පාලකයන් නිලධාරී පැලැන්තියක් ඉන්න රටක ජීවත් වෙන්නත් ලැජ්ජයි. අාති, අාගම්, කුල, මල භේද දිහා බලලා නෙමෙයි. පුළුවන් නම් තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මට තියෙන ගැටලුව තමයි අාණ්ඩුකාරවරයෙක් බලේ ඉදිද්දීම කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? අැත්තටම අපේ පාලකයින්ට අමු කැවිලද...?

:       22       21

gamini Friday, 02 August 2019 03:07 PM

සිංහලයින් මෙච්චර නිවට, නියාලු ජාතියක්ද කියලා සිතේ..? සල්ලි තියේනම් කාගේ ළඟ හරි දෙකට නැවෙන අත්මාභිමානයක් නැති කොන්ද පණ නැති මෙවන් නායකයින් ලැබීම මොනතරම් අභාග්‍යයක්ද?

:       1       36

nihal Friday, 02 August 2019 06:15 PM

හිස්බුල්ලා.. තමුන්ගේ සද්දේ වැඩියි.. තමුන් ඔය තනතුරේ ඉන්නේ යුද හමුදාව නිසා බව තරයේ මතක තබාගත යුතුයි. අධ්‍යාපන ආයතන විවෘත කරන බව අධ්‍යාපන ඇමැති ප්‍රකාශ කළ යුතුයි. වික්‍රමසිංහම් හා සිරිසේනම් යන අර්යාවන් ලඟදීම නික්ම යන බවද මතක තබා ගත යුතුයි..

:       2       1

රට හපුටාSaturday, 03 August 2019 02:12 AM

අර අසිරි ලිය අාර්යාව අාවට කමක් නැහැනේ. වැඩිම වුනොත් මැණික් මල්ලයි, ගුවන් සේවයයි විතරක් බලා ගනියි. පක්ෂ, පාට පුද්ගලයින්ට රැවටෙන්න එපා...

:       4       15

විකුම් රංගන Friday, 02 August 2019 08:26 PM

හිස්බුල්ලා මැතිතුමා, ජාතියෙන් ජන්මයෙන් වැඩක් නැහැ. ඔබතුමා මේ ලෝකය වෙනුවෙන් යම් සේවයක් කර තිබෙනවා. අපි එයට ගරු කළයුතුයි..! සිංහලයෙක් වුණු නෙවිල් ප්‍රනාන්දු මහතා බිහිකළ සයිටම් ආයතනය සහ ලංකාවේ විශාලම පෞද්ගලික රෝහල වන නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මුග්ධ, මෝඩ සිංහලුන් විසින්ම විනාශ කරනු ලැබීය. කරුමයකට එවන් ජාතියකට අයත්ව උපන් අපි, ප්‍රාර්ථනා කරන්නේ ඔබතුමන්ලාවත් මේ මෝඩ මිලේච්ඡයින්ගෙන් මේ රට, අධ්‍යාපනයෙන් හෝ ගොඩගන්නා ලෙසයි. මෙවන් මෝඩ මුග්ධයින්ගෙන් මේ රට ගලවා ගැනීම මෙලොවට කරන විශාල සේවයකි. එවිට, අනාගතයේදී, ලංකාවේ සිංහල කාන්තාවන්ට මැදපෙරදිගට යාමට අවශ්‍ය නොවනු ඇත.

:       0       0

ranjith Friday, 02 August 2019 10:34 PM

අපේ සිංහල නිවට පාලකයන් නිසා මොවුන්ගේ ගෙරවිලි අහන්න වෙලා...

:       0       0

ලුම්බිණි Saturday, 03 August 2019 12:23 AM

"මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා, තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු රැසක් මෙතෙක් කල් දැරුවේ සිංහල බෞද්ධයන්" ඒ කියන්නේ මේ ගොල්ලත් මොහොමඩ්ලද?

:       0       0

shan Saturday, 03 August 2019 05:24 AM

රනිල් නොවේ, කවුරු ආවත් මොවුන්ට කඩේ යන එක තමයි කරන්නේ.. බොරුවට ජනතාව ගොනාට අන්දවලා සේරම දේවල් ඔවුන්ට ඕනේ විදිහට කරගන්න දීලා මොවුන් බලා ඉන්නවා. ආණ්ඩුවට දැන් ගන්න වෙන්නේ බිරිඳව තමයි. අපේ රටේ ඉන්න සිංහලයින් තවත් මොවුන්ව දිනවන්න කඩේ යනවා. ඔක්කෝටම කලින් හෙන ගහන්න ඕනේ කඩේ යන උන්ට නම්...

:       0       0

rim Saturday, 03 August 2019 07:34 AM

මරේ මරු… ජයවේවා. ඇදේ පටන්ගන්නයි තියෙන්නේ... අපි ඔබ එක්කයි.

:       0       0

kule Saturday, 03 August 2019 07:46 AM

එහෙනම් ඒ කියන්නේ රජයේ අනුග්‍රහයෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ආයුධ හා සටන්කලාව උගන්වන විශ්ව විද්‍යාලයක් ස්ථාපිත වෙන බවයි.

:       0       0

Janahitha Saturday, 03 August 2019 09:24 AM

ඔන්න ඕකයි තත්වේ...

:       0       0

ranga perera Saturday, 03 August 2019 09:45 AM

අපේ ගෝඨා අාවාම උඹලගේ ලොකුකම් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 214 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 127 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 596 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 626 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 261 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 431 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site