IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මේජර් අජිත් ප්‍රසන්නගේ නඩුව මැයි 27 සිට දිනපතා විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතාට එරෙහි නඩුව ලබන මැයි 27 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (04) තීරණය කළේය.

මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විත්තිකාර අජිත් ප‍්‍රසන්න මහතාට එරෙහිව අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අධිචෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළ අතර එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීම හේතූවෙන් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස  නියම කරමින් සිතාසි නිකුත් කළේය.

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළ බවට අධිකරණ සංවිධාන පනතේ 18 වැනි වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව අධිකරණ ලේඛාධිකාරීවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර අජිත් ප‍්‍රසන්න මහතාට ඇප නියම කර ඇතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවේ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් පසුව විත්තිකරුට එරෙහි නඩුව දිනපතා විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මැයි 27 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.



අදහස් (0)

මේජර් අජිත් ප්‍රසන්නගේ නඩුව මැයි 27 සිට දිනපතා විභාගයට

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 270 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 368 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 917 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 836 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 679 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 331 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site