IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මගීන් ආපසු හරවා යැවීමෙන් බෙලිඅත්ත දුම්රිය පොළ උණුසුම් වෙයි

 

(අනීෂා මානගේ සහචන්ද්‍රසේන ගමගේ )

දුම්රියෙන් ගමන් කිරීමට කලින් ආසන වෙන් කරවානොගත් මගීන් ආපසු හරවා යැවීම හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(13)උණුසුම්කාරී තත්ත්වයක් හටගත්හ.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අලුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් විය.
 
අද දින සිට දුම්රියේ මුළු ආසන ගණනට සමාන පිරිසකට දුම්රියෙහි ගමන් කිරීමට අවසර ලබා දෙන බවට ඊයේ මාධ්‍ය මගින් ප්‍රචාරය වීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ.
 
කෙසේ වුවද මගීන් සිවු දෙනකු පමණක් කලින් ආසන වෙන්කරවාගෙන තිබිණ. එලෙස වෙන්කරවාගත් මගීයකු පමණක් අද පැමිණ සිටි අතර එම මගියාට අමතරව තවත් මගීන් හත් දෙනකුට පමණක් පැමිණීමේ පිළිවෙල සහ අවශ්‍යතාව අනුව දුම්රියෙන් යාමට අවසර ලැබිණ.
 
 කලින් වෙන්කරවානොගත් මගීන්ට දුම්රියෙන් යාමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔවුන්ට නැවත නිවෙස්බලා යාමට සිදුවිය.
 
මේ හේතුවෙන් කෝපයට පත්වූ ඇතැම් මගීන් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්ට බැන වදිමින් පිටව ගියහ. කෙසේ වුවද මෙම දුම්රියෙහි මැදිරි විශාල ප්‍රමාණයක් හිස්ව පැවැති ආකාරය දක්නට හැකිවිය. 


(ඡායාරූප - අනීෂා මානගේ)

 

(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ )



අදහස් (28)

මගීන් ආපසු හරවා යැවීමෙන් බෙලිඅත්ත දුම්රිය පොළ උණුසුම් වෙයි

Prasad Wednesday, 13 May 2020 02:38 AM

ජනතාව මෙවට දුම්රිය නිලධාරින්ට බැනලා වැඩක් නැහැ. බනින්න ඔනෙ හරි තීරණ ගන්න බැරි, උදේට එකයි, දවල්ට එකයි, රූට එකයි තීරණ ගන්න මෝඩ දේශපාලුවන්ට...

:       2       162

SL Wednesday, 13 May 2020 02:45 AM

වෙන්කර ගන්න කිව්වනම් වෙන්කරගෙන එන්න. වෙන්කරගන්නේ නැතිව 1000 2000ක් ආවොත් ?? මේ රටට ලොකු විනයක් ඕනේ. තමන්ට ඕනේ විදියට ඉන්න ඕනේ නම් ගෙදරට වෙලා ඉන්න.

:       1311       8285

vidya Wednesday, 13 May 2020 02:51 AM

බෙලිඅත්ත හරිම අවුල් තැනක්නේ. මර්වින් සිල්වාට බෙලිඅත්ත බාරදෙන්න ඕනේ. දුටුගැමුණු රජතුමා නතර කරපු තැන ඉඳලා පටන් ගන්නවා කියල තියනවනේ. එයත් බෙලිඅත්තෙනේ. එක්කෝ වැඩේ කරයි නැතිනම් මොනවා කරයි ද කියන්නේ කොහොමද ?

:       140       153

Mahesh Wednesday, 13 May 2020 03:07 AM

ඉඩ තිබුනානම් ඔවුන්ට යන්න දෙන්න තිබුනා. මොකද මේ දවස්වල ඇදිරිනීතිය ගැන මාධ්‍ය නිවේදන සමහර වෙලාවට තේරුම් ගන්න පහසු නෑනේ.

:       193       257

KamalWednesday, 13 May 2020 07:40 AM

බෙලිඅත්තෙන් ඉඩ තිබුනා කියලා යන්න දෙන එක හරි මදී. මේ කෝච්චිය කොළඹට එන්න කලින් ස්ටේෂන් 20 විතර නතර කරනවා. අනිත් එක මිනිස්සු පුරුදු වෙන්න ඔන හරි දේ කරන්න. අද යන්න දුන්නොත් හෙටත් යන්න ඒවී බුක් කරන්නේ නැතිව.

:       1       1

Champa Wednesday, 13 May 2020 03:19 AM

දෙපැත්තම ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. මිනිස්සුන්ට මේක අලුත් දෙයක්. අනිත් අතට මේ දෙන උපදෙස් ව්‍යාකුල නිසා සාමාන්‍ය මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. එක පැත්තකින් ඇඳිරි නීතිය ඉවත් කිරීම, නැවත පැනවීම, ඊළඟට අංක වලට පාරට එන එක, ඊළඟට ආසන වෙන් කර ගැනීම, ඊළඟට සේවයට වාර්තා කිරීම, ඊළඟට අතවශ්‍ය සේවා නොවෙන අයට එළියට එන්න ඉඩ නොදීම, ඊළඟට දුරස්ථ භාවය තබා ගැනීම, ඊළඟට පොලිස් අත්අඩංගුවට ගැනීම, මේ වගේ ගොඩක් දේවල් එක ගොඩට දැම්මහම ඒ ඔක්කොම ඔලුවේ තියාගෙන, කොරෝනා නිසා ඇතිවුණු අනිත් ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ගේ ඔලු වලට මේවා මහා බරක් වෙන්න පුළුවන්. නීති දාන කොට ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතලා නීති දාන්න ඕනේ. යුරෝපයේ හෝ වෙනත් රටක කරන විදිහට කරන්න හැදුවට මේ රටේ සියයට 90ක් ඉන්නේ සරල ජීවන රටාවකට හැඩ ගැහුණු සාමාන්‍ය මිනිස්සු. මෙතන තියෙන්නේ මිනිසුන්ගේ විනය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවන රටාව ගැන ආණ්ඩුවට තේරුමක් නැතිකම.

:       69       311

DonWednesday, 13 May 2020 06:21 AM

100% ක් එකගයි.

:       0       0

wikyWednesday, 13 May 2020 09:21 AM

සරලවම කිව්වට වැඩක් නැහැ. ටීවී එකේ එකක් කියනවා වෙන්නේ වෙන එකක්.

:       0       0

Akila Wednesday, 13 May 2020 03:40 AM

කරන්න තිබ්බේ පැමිණි පිළිවෙළට දුම්රියට නගින්න දීලා ආසන ගණන් සම්පූර්ණ වුණාට පසුව අනික් කට්ටියව හරවා යැවීමයි. නැතිව දුම්රිය හිස්අතින් යවපු එක මහ මෝඩ වැඩක්.. ඒකෙන් රජයටත් පාඩුයි..

:       0       0

A to Z Wednesday, 13 May 2020 03:40 AM

අසාර්ථක වැඩක් මේක...

:       0       0

සංජීව Wednesday, 13 May 2020 03:42 AM

ආණ්ඩුවත් එක එක නිවේදන කරලා ජනතාව නොමඟ යවනවා. අගමැති එකක් කියනවා, ජනාධිපති තව එකක් කියනවා, එයාගේ ලේකම් වෙනම දෙයක් කියනවා. කට්ටියගේම වයර් මාරුවෙලා ඡන්දය නිසා. දැන් හැමදෙයක්ම යථා තත්ත්වයට පත්වෙලා කියලා කෘතිමව මවාපාන්න හදනවා.

:       0       0

Ajantha Wednesday, 13 May 2020 04:40 AM

මමත් නිව්ස්වල දැක්කා සීට් ගාණට මගීන් ගෙනියන්න දෙනවා කියලා.. ඇයි එහෙනම් මෙහෙම වුණේ? වැරදුණු තැන නිවැරැදි කරගන්න.

:       0       0

Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 04:41 AM

දුම්රිය දෙපාර්තමේන්තුවේ අයත් හරියට මහදැන මුත්තාගේ ගෝලයන් වගෙයි. කිව්වේ නැතිනම් පනාව වැටුණත් ඇහිඳින්නේ නැහැ. මේ අයටත් කියන්නම ඕන. කල්පනා කරලා තැනට සුදුසු විදිහට වැඩ කරන්නේ නැහැ.

:       0       16

de silva Wednesday, 13 May 2020 05:46 AM

හිස් කෝච්චියක් බෙලිඅත්ත සිට මාතරට යවමින් විනාශ කරන්නේ අපේ බදු මුදල් නේද ? ඔය ඉන්න මගින් දෙතුන්දෙනා බස් එකකින් මාතර යවලා ,එතන ඉඳන් දුම්රිය ආරම්භ කළාම මොකද වෙන්නේ ? තීන්දු තීරණ ගන්න බලධාරියකු වන ප්‍රවාහන ඇමතිතුමා ඔය පළාතේම කෙනෙක්.

:       12       269

Gunaruwan Wednesday, 13 May 2020 06:23 AM

දුම්රිය මගීන්ගේ ඉතුරු සල්ලි නැති බව කියමින් දුම්රිය මගීන්ගේ සල්ලි කොල්ල කෑ ස්ටේෂන් මාස්ටර්ලට කවුන්ටර් වල හිටිය අයට මේ දවස්වල වලේ වැල් නැතිව ඇති. ජනාධිපතිතුමනි, දුරකථන මගින් හෝ ඊෂි කෑෂ් ක්‍රමය මගින් හෝ ටිකක් ගන්න ක්‍රමයක් ඇති කරන්න. විශේෂයෙන් රාගම දුම්රිය ස්ථානය ගම්පහ දුම්රිය ස්ථානය වැනි දුම්රිය ස්ථානවල දුර ගමන් යන මගීන්ගෙන් උදේට මුදල් ගසාකෑම උපරිමයි. දුම්රිය දෙපාර්තමේන්තුවම සෙට් වෙලා මේක කරන නිසා විගණනයක් සිදුවන්නේත් නැහැ.

:       0       0

Nalaka Wednesday, 13 May 2020 06:49 AM

ඔෆිස් යන උන්ටත් කියන දේ තේරුම් ගන්න බැරිනම් අනිත් අය ගැන කවර කතාද...? අහෝ රාජ්‍ය සේවය...

:       0       0

Nalaka Wednesday, 13 May 2020 06:49 AM

කාර්‍යාලයට යන අයටත් කියන දේ තේරුම් ගන්න බැරිනම් අනිත් අය ගැන කවර කතාද ? අහෝ රාජය සේවය....

:       0       28

wickyWednesday, 13 May 2020 09:23 AM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ටීවී එකේ එකක් කියලා තව දෙයක් ක්‍රියාත්මක වීමයි.

:       0       0

de silva Wednesday, 13 May 2020 07:07 AM

චම්පා මහත්මියගේ අදහසට මමත් එකඟ වෙමි. ශ්‍රී ලංකික ජනතාවගෙන් බහුතරයක් සාමන්‍ය මිනිස්සු , කිසිම සැලැස්මක් නොමැතිව එකවර පනවන් මේ නීති ඉතා සංකීර්ණ වන අතර එම නිසා ජනතාව විශාල අපහසුවකට ලක් වෙලා. මෙම නීති ගැන සාමාන්‍ය ජනතාවට කෙසේවෙතත් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයකටවත් තේරුමක් නැහැ. අමාරුවෙන් හරි ජනතාව මෙම නීති පිළිපදින බව දැනට රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් නිරීක්ෂණය කරන විට පෙනී යනවා. සාමාන්‍ය ජනතාව නියෝජනය කරන්නේ ඔව්න්ගෙන් ඉත සුළුතරයකි. බහුතරයක් කොරෝනා රාජකාරි කරන රණවිරුවන්ට කොරෝනා සෑදීම නිසා හමුදා කදවුරු තුල සිදුවූ අසාධනය , සාමාන්‍ය ජනතාවගේ ජිවන රටාව සහ පොදු ප්‍රවාහනය ගැන මෙම තීන්දු තීරණ ගන්න පුද්ගලයන්ට කිසිම හැඟීමක් නොමැත . හේතුව ඔවුන් පසුගිය අවරුදු 10-15 තුළ කිසිම පොදු ප්‍රවාහන සේවයක් භාවිත නොකරන ලද , නිල රථවලින් ගමන් බිමන් ගිය සහ දැනටත් යන එන නිලධාරීන් සහ දේශපාලකයන් වීමය .

:       33       53

banda Wednesday, 13 May 2020 07:58 AM

හිස් කෝච්චිය කොළඹ යනවා. කෝච්චියේ යන්න ආපු මගින් ගෙදර යවනවා. කොතනද වරද ? දුම්රිය පාලකයිනි, සිතල කාමර වලින් එළියට ඇවිත් ප්‍රයෝගික වැඩපලක් ඉදිරිපත් කරන්න.

:       5       245

banda Wednesday, 13 May 2020 08:06 AM

දුම්රිය බලධරයනි, පිස්සු කෙලින්න එපා. ආසන ගානට මගීන් ගෙනියන්න. නැතිනම් හිස් දුම්රිය ධාවනය කිරීමෙන් වළකින්න. ප්‍රයෝගික වෙන්න.

:       9       182

බලධරයා Wednesday, 13 May 2020 11:47 AM

එහෙමයි බණ්ඩා මහත්තයෝ. හෙට ඉඳලා කෝච්චිය කට පිරෙන්න ගහන්නම්.

:       0       0

shan Wednesday, 13 May 2020 08:40 AM

බුක් කරේ නැත්තන් මොන මගුලකටද යන්නේ? ඔච්චර තේරෙන්නේ නැද්ද? 7 දෙනෙක්ට යන්න කෝච්චියක් දන වෙලේ බස් එකක් හරි වෑන් එකක් හරි දාපල්ලකෝ... නිකන් සල්ලි නාස්ති කරන්නේ නැතිව.. මුන්ට මොලේ කළඳක් නැහැනේ. කයිවාරු විතරයි. මේ රට තවත් විනාශ කරන්න එපා...

:       0       0

කපිල Wednesday, 13 May 2020 08:41 AM

සල්ලි නැහැ කියලා රජයේ සේවකයින්ගේ පඩියට කෙලින්න යන ගමන් මේ වගේ මෝඩ වැඩත් කරන්න ඉඩ දෙනවා. අාපු අයව නීතියට අනුව වාඩි කෙරෙව්වා නම් වැඩේ ඉවරනේ. කොච්චර පාඩුවක්ද? එ් වගේම කොච්චර රස්තියාදුවක්ද? මේ වගේ කිසිම තීරණයක් ගන්න බැරි ගොබ්බයින් තමයි අායතනවල උසස් තැන්වල ඉන්නේ...

:       0       0

සමන්ත Wednesday, 13 May 2020 08:50 AM

ප්‍රවාහන ඇමැති එකක් කියනවා. තව අය තව දෙයක් කියනවා. කොළඹ සහ ගම්පහ හැර අනෙක් පළාත්වල දුම්රිය ආසනගත මගීන්ට තම අවශ්‍යතාවය පවසා ගමන් කීරීමට හැකි බව ඊයේ ප්‍රවාහන ඇමතිවරයා පැවසුවා. බෙහෙත් ගන්න කොළඹ එන අය කොහොමද ආසන වෙන් කර ගන්නේ ජාතික රෝහලේ අධ්‍යක්ෂක මාර්ගයේන්ද. එහෙම නැත්නම් එක එක්කෙනා ප්‍රවෘත්ති නිවේදන නිකුත් නොකර පෙර පරිදි පොලිසිය මගීන් හෝ හමුදාපති වරයා මගීන් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මාර්ගයෙන් පමණක් නිවේදන දෙන්න. නැත්නම් සාමාන්‍ය ජනතාව තමයි මේ නිවේදන නිසා දුක් විදින්නේ.

:       0       0

banda Wednesday, 13 May 2020 09:23 AM

බෙලිඅත්තේ බස් නැවතුම් පොලේ තද බද වෙලා ඉන්න සෙනග බලන්න .බෙලිඅත්ත සිට හක්මන .වලස්මුල්ල, තංගල්ල බස් වල සෙනග හිටගෙන යන හැටි බලන්න බෙලිඅත්ත මහජන පොලේ සෙනග පොර ක කා බධු ගන්න හැටි බලන්න බෙලිඅත්ත සිට කොලබට හිස් කොච්චි දිව්වට කොරෝන අවසන් නොවන බව මතක තබා ගන්න

:       0       0

සිරිමෙවන් කලුආර්ච්චි Wednesday, 13 May 2020 09:45 AM

මේ වයසක අම්මලා කොහෙද මේ එන්න හදන්නේ? කාර්යාල වල වැඩ කරන්නද?

:       0       0

lalithm Thursday, 14 May 2020 04:52 PM

මිනිස්සු කියන්නේ අමුතු ජාතියක්. ඒ වුනත් දේශපාලුවෝ කියන්නේ ඊටත් වඩා අමුතුම සත්ව කොට්ඨාශයක් . මේ දවස්වල උන් ගන්න තීරණ වලින් ඒ බව ඔප්පු වෙනවා. මේ කෝච්චිය මිනිස්සු 04 දෙනෙක් ගෙනෙන්න බෙලිඅත්තට යවනවට වඩා හොඳ නැතිද පොඩි බස් එකක් දමල ඔය කට්ටිය මාතරට ගේනවා නම්.. එක්කෝ ගාල්ලටම. එතනින් කෝච්චියට අවශ්‍ය මිනිස්සු ගණන ඉන්න ඇතිනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 199 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 57 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 562 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 606 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1056 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 989 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site