IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මැකෝ ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

(විනීතා එම් ගමගේ සහ රන්ජන් කස්තුරි)

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු යවන ලද ලිපියේ සඳහන් වෙතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ නිල කාලය අවුරුදු පහක් වන අතර 2020 නොවැම්බරය දක්වා දේශප‍්‍රිය මහතාට සිය තනතුරෙහි රැඳී සිටිය හැක.

සාමාන්‍ය සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයා වෙත මෙවැනි ලිපියක් ලද පසු එය ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීම වන අතර ව්‍යවස්ථාදායක සභාව තීරණයක් ගෙන එය නැවත ජනාධිපතිවරයා වෙත දැනුම් දීමය.



අදහස් (28)

මැකෝ ඉල්ලා අස්වීමේ ලිපිය යවයි

Upali Gunasekara Friday, 29 November 2019 08:15 AM

'හොඳම පුරවැසියා' නාමයෙන් පුද ලද මහින්ද දේශප්‍රිය මැතිඳුනි, ඔබ වැනි කොන්දක් සහිත රාජ්‍ය නිලධාරියෙකු අපේ පරිපාලන සේවයේ සිටීම ගැන මම ආඩම්බර වෙමි. ඔබතුමාට දිගාසිරි පතමි.

:       439       703

sisira Friday, 29 November 2019 09:29 AM

අනේ මැකෝ මාමේ යන්නේ මොකෝ මේ තකහනියේ. අනේ ඉන්න. ඔබගේ අව්‍යාජ සිනහවත් සුන්දර චරිතයත් බිම පය ගහලා ඇවිදින මිනිසෙකු සතු නිරහංකාරකමත් මුළු රටම ප්‍රිය කරනවා, අගය කරනවා. අනේ හැකිතාක් දුරට ඉන්න.

:       113       821

Shan Friday, 29 November 2019 09:59 AM

මහා මැතිවරණයෙන් පසුව යන්න

:       47       324

ගල්කටස් Friday, 29 November 2019 10:27 AM

මැකෝතුමනි ඔබගෙ තවදුරටත් පිටියෙ රැඳී සිටින්න. රට වැසියන්ට ඔබ තරම් රසවත් නිහතමානි මැකෝවරයෙක් ඉදිරියේදි හමු නොවනු ඇත.

:       62       363

eresh S kumara Friday, 29 November 2019 10:45 AM

දුකයි දුකයි දුකයි...

:       54       239

lanasri Friday, 29 November 2019 11:05 AM

එතන්ටත් තමාට ඕනේ කෙනෙක් දාගත්තම වැඩ හරිනේ.

:       291       360

Priyantha Friday, 29 November 2019 12:20 PM

හොඳම මිනිසුන් ඉක්මනටම විශ්‍රාම යනවා

:       44       199

Champa Friday, 29 November 2019 12:24 PM

කියපු විදිහටම කරපු එක හොඳයි. හැබැයි ව්‍යවස්ථාදායක සභාව එපා කිව්වොත් ඉන්නවද? නැත්නම් තමන් දේශපාලකයෝ වගේ නෙමෙයි ඒ හින්දා තමන්ගේ තීරණය නොනැවෙන තීරණයක් කියලා යනවද? මේ තනතුරට පත් කරන්න ඕනේ අපක්ෂපාති, රාජ්‍ය සේවයේ සක්‍රියව සේවය කරන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මැතිවරණ කොමිසමේ සභාපති විදිහට අනුයුක්ත කිරීමක් විදිහට. මේ මැකෝ කාටවත් වග කියන්නේ නැහැ. නමුත් සක්‍රිය සේවයේ ඉන්න රජයේ නිලධාරියෙක් රජයට රටට සහ ජනතාවට කෙලින්ම වග කියනවා. ඔහු හෝ ඇය එතකොට විවිධාකාරයේ රාජ්‍ය සහ පෞද්ගලික උත්සව වලට සහභාගී වෙන්නෙත් නැහැ. මැකෝ වගේ තමන්ගේ විෂයට අදාළ නොවෙන දේ හෝ පෞද්ගලික ජීවිතේ ගැන කියවන්න යන්නෙත් නැහැ. ස්වාධීන කොමිසමක සභාපතිවරයෙක් ඉහත දේ කිරීමෙන් ඔහුගේ අපක්ෂපාතිත්වය ගැන ගැටලුවක් මතු වෙනවා.

:       1040       259

Rasika Friday, 29 November 2019 03:47 PM

මෝඩ කතා කියන්න එපා... කිසිම පක්ෂ භේදයකින් තොරව 99%ක් මෙතුමාට ගෞරව කරනවා. හොඳ මිනිසෙකුට හොඳයි කියන්න බැරි දුෂ්ඨයන් බුදුන්ගේ කාලයේත් හිටියා..

:       317       605

ChampaSaturday, 30 November 2019 12:56 AM

මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ. මැකෝ ජනාධිපතිවරනෙන් පස්සේ ඉල්ලලා අස්වෙනවා කිව්වා අස්වුණා. දැන් තියෙන්නේ සක්‍රීය සේවයේ ඉන්න රජයේ නිලධාරියෙක් දාන එකයි.

:       52       1

ChampaSaturday, 30 November 2019 01:19 AM

Rasika - ස්වාධීන මැතිවරණ කොමිසමක සභාපති කියන්නේ අපක්ෂපාත පුද්ගලයෙක් තමයි. ඒක රාජකාරිය. මෙතුමා කරපු ඡන්ද 4ම තිබ්බ විශේෂ ලක්ෂණයක් තමයි දිදී හිටපු ඡන්ද ප්‍රතිඵල එකවරම පැයගාණක් ඇණහිටීම. ඊළඟට පත්වෙන මිනිහාටත් ඒකම වෙනවද කියලා බලන්න වටිනවා.. 2015 ඉඳන් තියෙන 5 වෙනි ඡන්දෙදී...

:       96       6

ranjithSaturday, 30 November 2019 02:16 AM

සියයට සියයක් අපිට ඕනේ විදියට මිනිස්සු නැත. මෙවැනි වටිනා මිනිස්සු ගැන අඩු තක්සේරුවකින් කතා කරන්න එපා මෙතුමා අගය කළ යුතු චරිතයක්...

:       31       216

Champa Friday, 29 November 2019 03:47 PM

මැකෝ පරිපාලන සේවයේ ඉන්න රාජ්‍ය නිලධාරියෙක් නෙමෙයි. ඔහු 2015 ජුනි මාසේ අග විශ්‍රාම ගත්තා. ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති විදිහට ඊට පස්සේ පත් කළා.

:       0       42

wije Friday, 29 November 2019 05:09 PM

කොහොම වුණත් මෙතෙක් මේ රටේ පහළවුණු මැතිවරණ කොමසාරිස්වරු අතරින් අපක්ෂපාතීම නිහතමානීම පිට කොන්දක් තියන එකම කෙනා තමයි මෙතුමා. මෙතුමාත් ගියහම ඉතින් ඡන්ද වලදී අර ඉස්සර දාපු සෙල්ලම් ටික ආයෙත් ඒ විදියටම කට්ටිය දාන්න ගනීවි...

:       138       203

appata siri Friday, 29 November 2019 05:39 PM

රටේ නීතිය අනුව මැතිවරණ කොමිසමට කොමසාරිස්වරයෙක් නැත. ඉන්නේ සමාන බලතල පවරා ඇති සාමාජිකයින් තිදෙනෙකි. ඊ‌යේ(28) දින සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එහි එක සාමාජිකයෙක් වන මහාචාර්ය රන්ගජීවන් මෙසේ කියා ඇත "මම ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව විමසීමක් කළ විට ඔවුන්ට ප්‍රතිචාර දැක්විය හැක්කේ කොමිසමේ නිල ඉල්ලීමකට පමණක් බව මට දන්වනු ලැබුවා. මම එය කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. එහිදී ඒ වනවිට ගෝඨාභය එවකට අපේක්ෂකයෙකු නොවූ නිසා මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඊට පසුව රාජපක්ෂ මහතා අලි සබ්රි සහ තවත් අයෙකු අාරාධනාවකින් තොරව කොමිසමට පැමිණියා. එහිදී ඉදිරිපත් කළ ලිපි සැක සහිත බව මට පෙනුණ නිසා එය අභියාචනාධිකරණයෙන් විසඳා ගත යුතුව තිබූ ප්‍රශ්ණයක් කියා මා සිතුවා...

:       16       687

Max Friday, 29 November 2019 07:28 PM

ඔබතුමාට බැරිද අපේ අනාධිපති වෙන්න...? ඊළඟ ඡන්දෙට ඉල්ලන්න. මගේ ඡන්දය ඔබටයි...

:       0       43

Bamunuarachchi Friday, 29 November 2019 08:57 PM

අන්න හරි! මේ එක්කම අර බූත කොමිෂන් ටිකත් පැන්ෂන් යැව්වා නම් හරි! ඒවා වලින් කිසි වැඩක් නෑ, ආණ්ඩුවට බරක් විතරයි. මනුස්සයෙක්ට වැඩක් කරන්නත් බැහැ.

:       4       51

සජිත් Friday, 29 November 2019 09:12 PM

ඇයි ඔය ලියුම ගිය ආණ්ඩුව ඡන්ද කල් දාද්දි යැව්වේ නැත්තේ?

:       21       158

kasun Friday, 29 November 2019 10:05 PM

ජෝක්ස් දුන්නා ඇති. දැන් ගෙදර යන්න.

:       12       99

Nalaka Friday, 29 November 2019 10:09 PM

හරිනම් නඩු දාන්න ඕනේ කරපු කුමන්ත්‍රණයට. මැකෝ ගගා පස්සෙන් යන අය දන්නේ නැහැ ඒවා..

:       87       136

ranjith Saturday, 30 November 2019 02:11 AM

පරිපාලන සේවයේ නිලධාරීන් අතුරින් සුපිරි ගණයේ රජයේ නිලධාරියෙක් මෙතුමා වෙනුවට නිලධාරියෙක් පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       4

JANAKA Saturday, 30 November 2019 06:39 AM

මහින්ද දේශප්‍රිය මැතිඳුනි, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔබ සඳහන් කර ඇති බව සඳහන් කළත්... එම මැතිවරණය නොපැවැත්වූයේ මෙම ජනපතිවරයා ප්‍රමුඛ රජය නොව ඔබව මැකෝ ලෙස පත් කළ හිටන් ප්‍රමුඛ රජයයි. එම රජය පැවැති කාලය පුරාවටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප‍්‍රමාද කිරීමට ඔබතුමා ප්‍රමුඛ කොමිසම සක්‍රීයව දායක වුණා අමතකද? අනෙක් ප්‍රධානම කරුණ නම් පළාත් සභා නමැති සුදු අලියා නැවතත් මේ මහපොළව මත නැගිටවියයුතු නැත. එසේ නොවුණහොත් උතුර, නැගෙනහිර පළාත්වලට වෙනම රජයක් අවශ්‍ය බව පෙන්වීමට දඟලන දෙමල ඩයස්පෝරාවටත් අරමුණු ඉටුවනු ඇත. එමනිසා පළාත් සභා මැතිවරණය පිළිබඳව නොකියා ඒ ගැන පෙනී නොසිට ඔබට අවශ්‍ය නම් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. කෙසේවෙතත් ඔබ වැනි සුන්දර චරිත ලක්ෂණ සහිත නිරහංකාර නිලධාරියෙකු අප රටට අහිමි වීම ගැන කණගාටු වෙමි. ඔබතුමාට දිගාසිරි පතමි....

:       63       742

sandy Saturday, 30 November 2019 07:41 AM

මෑත කාලීනව තමන්ගේ රාජකාරිය හැකි උපරිම අයුරින් කළ කෙනෙක් හැටියට ඉතිහාසගත වේවි. දිගාසිරි මහින්ද දේශපි‍්‍රය මහතාණනි. නමුත් ඉල්ලා අස්වීමට හේතුව වශයෙන් දක්වා ඇති පළාත් සභා නමැති සුදු අලියා නිසා හිතට කණගාටුවක් ඇත. සම්පූර්ණයෙන්ම තමන්ගේ දේශපාලන වාසි තකා අකමැත්තෙන් වුවත් පැවතිච්ච ආණ්ඩුව කළ හොඳ දෙයක්...

:       1       18

sandy Saturday, 30 November 2019 08:20 AM

මෑත කාලීනව තමන්ගේ රාජකාරිය හැකි උපරිම අයුරින් කළ කෙනෙක් හැටියට ඉතිහාසගත වේවි. දිගාසිරි මහින්ද දේශපි‍්‍රය මහතාණනි...

:       0       2

rana Saturday, 30 November 2019 09:31 AM

ඉතා හොඳින් කරපු වැඩකාරයෙක් අන්තිම්දී අනාගත්තා යැයි සිතෙන්නේ මට විතරද?

:       1       110

kamalkoyrala Saturday, 30 November 2019 11:53 AM

ගෝඨාභයගේ පුරවැසිභාවය යට ගැසූ හැටි, ඡන්ද ප්‍රතිඵලයට ජිල්මාට් දැමූ හැටිද?

:       19       3

කපුරුහාමි Sunday, 01 December 2019 11:22 AM

ඇත්ත හේතුව මොකක්ද කියලා එයාම තමා දන්නේ.. සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. ඊළඟට එන ඡන්දෙදී කොම්පියුටර් ජිල්මාට් කාරයන් ඉන්න හින්දා බය ඇති...

:       0       0

jayaweera - ambalangoda. Sunday, 01 December 2019 03:51 PM

ඔබ අස්වුණත් කමක් නැහැ. පළාත් සභා නම් එපා. නීතිය, සදාචාරය, හික්මුණුකම සහ දැන උගත්කම තියෙන, ඒ වගේම දේශපාලකයෙක් නොවන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් අාණ්ඩුකාරවරයා ලෙස පත් කළාම හොඳටම අැති. නැවතත් පළාත් සභා නැත්නම් සල්ලිත් ඉතුරුයි. වැඩේත් නියමයි. ඒ නිසා ඔබ අස්වුණත් කමක් නැහැ.පළාත් සභා නම් එපා.. නිකං අපතයින්ට, හොරුන්ට, වහල්ලුන්ට සල්ලි හම්බ කරගන්න. නැවතත් පළාත් සභා නම් එපා. ඔය යන වදියට යද්දෙන්. ගණන් හදලා බලන්න රටේ සල්ලි කොච්චර ඉතුරුද කියලා. ගෙවන්නේ මහජන බදු මුදල්. පළාත් සභාව නැති වුණයි කියලා දැන් මොකක්ද තියෙන අඩුපාඩුව.

:       0       108

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 2659 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11515 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7892 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3048 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10715 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7535 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site