IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

(මහින්ද නිශ්ශංක)
 
ලබන ජනවාරි 1 වැනි දා සිට මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල වාදනය කෙරෙන ඝෝෂාකාරී සංගීතය නවතා දැමීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.
 
එම ඝෝෂාකාරී සංගීතය වෙනුවට සුභාවිත ගී හඳුන්වා දෙන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට අද(24) උපදෙස් දුන්නේය.



අදහස් (30)

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

Anton Fernando Tuesday, 24 December 2019 11:52 AM

බොහොම හොඳ තීරණයක්

:       0       0

Mahee Tuesday, 24 December 2019 12:11 PM

වැඩේ නම් ඉතාම හොඳයි. පොඩි පරහකට තියෙන්නේ ඔය බස්වල දමන මුස්පේන්තු ඝෝෂාව ඒ යක්කු හිතාගෙන ඉන්නේ 'සුභාවිත සංගීතේ'' කියලනේ.

:       0       0

JCN Tuesday, 24 December 2019 12:11 PM

ඉතාම කාලෝචිත උතුම් උත්කෘෂ්ඨ තීරණයක්..!! කිව්වට ඉතින් ඕවා කෙරෙනකන් ශුවර් නම් නෑ..

:       0       0

hemashila dahanayaka Tuesday, 24 December 2019 12:16 PM

ලෝකයේ කොහෙවත් නැති තුට්ටුදෙකේ වැඩක්.. මේ බස්වල කෙරෙන්නේ. මිනිස්සු මහන්සිවෙලා ගෙදරට එනකොට, උදේ වැඩට යනකොට මොලේට පොඩ්ඩක් නිදහසක් අරගෙන යන්න විදියක්ම නැහැ. මේ ලොරි එන්ජින්, බස්වල මල කරදෙරේ කන්දෙක බිහිරිවෙනවා. මේක නවත්තන එක අනිවාර්යයෙන්ම කළයුතු වෙනවා. ලෙඩකට දුකකට නිදහසේ යන්න පුළුවන්ද කියන්නකෝ...

:       0       0

de silva Tuesday, 24 December 2019 12:19 PM

කරුණාකර නීතිවිරෝධී ලෙස පල්ලි, පන්සල්වලින් ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් සහ ආගම කියවමින් දිනපතා අපගේ නින්දට බාධා කිරීමත් නවත්වන්න.

:       0       0

Nihal Tuesday, 24 December 2019 12:22 PM

ඔබතුමා මේ කරගත්තු පින කිසිදෙයකට දෙවැනි වෙන්නේ නැහැ. ඒ දාන සින්දුවලින් තේරුම් ගන්න ඔවුන්ගේ මට්ටම...

:       0       0

jaya Tuesday, 24 December 2019 12:26 PM

සුභාවිත ගීත තමයි ඉතින් ඝෝෂාකාරී ලෙස කියන්නේ.

:       0       0

janis Tuesday, 24 December 2019 12:33 PM

මේ ප්‍රශ්නයට වගකිව යුත්තට දැන්වත් මොලේ පෑදුණු එක ලෝක පුදුමයක්... අනික් කාරණය ධාවනයේදී දුරකථන පාවිච්චි කරන රියැදුරන්ට තද දඬුවම් දෙන්න.

:       0       0

Indika Tuesday, 24 December 2019 12:50 PM

කාලෙකින් අහපු හොඳ නිව්ස් එකක්.. ලොකු ස්පීකර් ගලවන්න ඕනෑ. ඩිස්කෝ ලයිට් ගලවන්නත් නියෝග කරන්න පුළුවන් නම් හොඳයි. දිගටම වැටලීම් කරන්න පගා ගහන්නේ නැති හොඳ මිනිස්සු ටිකක් ගන්න පළාත් සභාවට...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 24 December 2019 12:52 PM

ඔබට බුදුබව අතවෙනු ඇත. මම 62ලක්ෂයක කෙනෙක් වුවද යහපාලනයෙන් සාධාරණය ඉටු නොවූ මෙම කොන්දොස්තර මාෆියාවට නොබියව මුහුණදීම ගැන මගේ බලවත් සංතෝෂය..

:       0       0

Mahesh Tuesday, 24 December 2019 12:56 PM

ඒක හොද දෙයක් වෙන්න පුලුවන්. නුමුත් පොඩ්ඩක් හොයලා බලන්න ඇයි එහෙම ඝෝෂාකාරී සින්දු දාගෙන යන්නේ කියලා. බොහෝ වෙලාවට දුර දුවන වෙලාවට නිදිමත එන නිසා වෙන්නත් පුලුවන්. නැත්තම් අන්තිමට රිය අනතුරු වැඩි වෙලා ඊට වඩා ප්‍රශ්නක් වෙන්නේ.

:       0       0

anura Tuesday, 24 December 2019 01:13 PM

ඉතා හොඳ තීරණයක්. නමුත් මෙහි අඩු පාඩුවක් වන්නේ "සුභාවිත ගී" කියා දෙයක් හඳුන්වා දීමට යාමය. ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ නිශ්ශබ්දතාවය මිස සංගීතය ඇසීම නොවේ. සංගීතය හොඳ හරි නරක හරි , අඩුවෙන් දැමීම වැනි දේවල් අවශ්‍යම නැත. දැන් ජංගම දුරකථන බොහෝ දෙනෙක් සතුව තිබෙන නිසා අවශ්‍ය අය ඒවා කිරීමට පිළිවන. සමහර දියුණු රටවල පොදු ප්‍රවාහණ සේවා වලදී ජංගම දුරකථන භාවිතයටත් සමහර සීමා පනවා තිබෙන්නේ එහි ශබ්දයෙන් පවා අනෙක් අයට හිරි හැරයක් වන නිසාය.

:       0       0

Wedage Tuesday, 24 December 2019 01:16 PM

මම හිතන්නේ පොදු ප්‍රවාහන සේවයේ කිසිදු සංගීතයක් බස් හිමියන් විසින් අනුගමනය නොකළ යුතුයි.

:       0       0

රත්නවීර Tuesday, 24 December 2019 01:23 PM

මේක නම් අගය කළයුතු වැඩක්. හොඳම දේ නම් කිසිම ගීතයක් වාදනය නොකිරීමයි. සුභාවිත ගී වුණත් කනට අපහසු නොවන ලෙස ශබ්දයේ උපරිම සීමාවක් නම්කොට ඊට වඩා වැඩි ශබ්දයකින් වාදනය කරන අයට එරෙහිව දඬුවම් කළයුතුයි.

:       0       0

dhammika Tuesday, 24 December 2019 01:49 PM

ඕක තේරෙන්න අවුරුදු 15ක් විතර ගියේ ඇයි දන්නේ නෑ ? පේනවනේ දේශපාලකයෝ කොච්චර මිනිස්සු ගැන හොයලා බලනවද කියලා.

:       0       0

ranjith Tuesday, 24 December 2019 02:04 PM

ඉතා හොඳ වැඩක්.

:       0       0

Deepal Nirosh Tuesday, 24 December 2019 02:41 PM

මොන සංගීතය දැම්මත් කමක් නැහැ, ශබ්ද පාලනයකින් දානවනම්.

:       0       0

Dilan Tuesday, 24 December 2019 03:08 PM

අදහස හොඳ වුණත් ගීත සුභාවිත සහ එසේ නොවන ලෙස පැහැදිලිව වර්ගීකරණය කරන්න බෑ නේද? බොහෝ බස්රථවල වාදනය කරන්නේ එළිමහන් ප්‍රසංග වල ගීත. ඒවයේ සුභාවිත ගීත ගායනා කළත් මුල් ගීත අහලකින්වත් තියන්න බෑ. ටකරන් වලට ගල් ගහන අතරේ බල්ලො බුරනවා වගේ.

:       0       0

Ratne Tuesday, 24 December 2019 03:10 PM

100%ක් ඉතා හොඳ තීරණයක්. ජයවේවා...!!!

:       0       0

සත්‍යපාල Tuesday, 24 December 2019 03:55 PM

බස්වල ගෝරනාඩුව නතර කරන එකනම් ලොකු දෙයක්.. කන් අඩ් පැලෙන්න තරම් සද්දේ. මෙලෝ රහක් නැති ගෝෂාව විතරයි

:       0       0

Kasun Tuesday, 24 December 2019 04:50 PM

මොනම සිංදුවක්වත් අවශ්‍ය නැත. මගීන්ට සින්දු අහන්නට අවශ්‍ය නම් ඔවුන්ගේ කැමැත්ත අනුව ඔවුන්ට ඒවා ඇසීමට හැකි ඕනෑතරම් ක්‍රම පවතියි.

:       0       0

Kumar Tuesday, 24 December 2019 05:28 PM

ඇති යන්තම්.., එසේ නොකළානම් වැඩිකල් යන්න කලින් බස්වල යන මගින් බිහිරන් බවට පත්වෙනවා. පසුගිය සති කිහිපය තුළ ලංකාවේ සිටිය දිනවල ලංකාවේ ඉන්න දවස්වල වගේ ගමන් කලේ බස්රථවල...

:       0       0

asoka Tuesday, 24 December 2019 05:51 PM

හොඳ වැඩක්...!!!

:       0       0

kambas Tuesday, 24 December 2019 06:41 PM

ඝෝෂාකාරී සංගීතය වගේම සුභාවිත සංගීතයත් බලහත්කාරයෙන් ඇසීමට සැලැස්වීම වැරැද්දක් බව තේරුම් ගැනීමට මොළයක් නොතිබීම ගැන පුදුම නොවෙමි.

:       0       0

Bamunuarachchi Wednesday, 25 December 2019 01:14 AM

අම්මෝ ඇති...! මම කී සැරයක් බස් එකේ යනගමන් මේ සම්බන්ධව කොම්ප්ලේන් කරලා තිබෙනවාද? බස් ස්ටෑන්ඩ් එකක නවැත්තුවාම අසල සිටින පොලිස් නිලධාරීන්ට කියලා ශබ්දය අඩුකර ගෙන තියනවා. ඩ්‍රයිවර් කොන්දොස්තර ඔවුන්ගේ රස විඳීම අනුව කුණු සින්දු කන් දෙදරන්න දාගෙන යනවා. මේක මහ කරදරයක්...

:       2       0

jayath Wednesday, 25 December 2019 01:16 AM

අනේ සාදු ! ඒ වගේ මග දිගට කොටන ඒ හින්දා අපටවත් පාරක යන්න බැරි අම්බරුවන් ටිකටත් මොනවහරි කරොත් පින්.

:       0       3

HM Wednesday, 25 December 2019 04:07 AM

ඒකනම් ලොකු දෙයක් හරියට කරනවනම්. ළමයෙක් එක්ක බස් එකක යන්න බෑ දාන සිංදු නිසා. හැමදේකම විනයක් තියෙන්න ඕනේ. බස් රියදුරන්ට සහ සහයකවරුන්ටත් ඒ දේ තියෙනවනම් ඒක හොදයි.

:       0       10

Aruna Wednesday, 25 December 2019 04:22 AM

මෙය ඉතා හොඳ අදහසකි. අපිට අපේ රට හදාගන්න පුළුවන්. අපට අවශ්‍ය වන්නේ හොඳ නායකත්වයක් පමණි. ශ්‍රී ලාංකිකයෙකු ලෙස අපි අපගේ සහාය ලබා දෙමු.

:       0       33

Bishan Wednesday, 25 December 2019 07:03 AM

එක නම් හොද අදහසක්.

:       0       19

Kirthi Wednesday, 25 December 2019 07:12 AM

ඉතාමත් අගනා පියවරක්.

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 155 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1421 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 213 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 423 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 375 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site