IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බූස්සේ තවත් 8දෙනෙක් කන්න යති

 

(ජේ.කේ.එල්. චාමින්ද සහ ජයන්ත සමරකෝන්)

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45 දෙනොගෙන් අද (13)  උදෑසන වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැඳවියන් 20 දෙනෙකු පමණක් බව  බුස්ස බන්ධනාගාර  කාර්යාලය පවසයි.

දැනට  විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 25 දෙනෙකු ආහාර වර්ජනයට සහාය නොදී ආහාර ගැනීම සිදුකරන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. එම රැඳවියන් අතර පොට්ට නවුෆර්, සහරාන්, ආමි සම්පත්, කැවුමා ඇතුළු පිරිසක් සිටින බව බන්ධනාගාර ආරංචි මර්ග සදහන් කරයි.

මේ අතර   ආහාර වර්ජනයේ නිරතව සිටියදී හදිසියේ අසනීප වීමෙන්  බුස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කරණු ලැබු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට ප්‍රතිකාර කිරිමෙන් පසු යළි බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇති බවද බන්ධනාගාර කාර්යාලය පවසයි.

මොහු  ප්‍රතිකාර සදහා බුස්ස නාවික හමුදා රෝහලට  ඇතුළත් කර ඊ.සි.ජි පරික්ෂණයට ලක් කිරිමෙන් පසු බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් තිබේ. මේ අතර පොඩි ලැසි, වෙලේ සුදා, නිරෝ , ඔස්ටින් ඇතුළු පිරිසක් තවමත් ආහාර වර්ජනයේ නිරතව සිටිති.

ආහාර ගැනීමේ වර්ජනයක නිරතව සිටින විශේෂ අංශයේ  රදවා සිටින රැදවියන් සඳහා ඥාතීන්  හමුවීමේ අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර පාලන අධිකාරිය තීන්දු කර තිබේ.

ඉල්ලම් කිහිපයක් මුල්කරගෙන විශේෂ අංශයේ රදවා සිටින රැඳවියන් ඉකුත් 10 වැනිදා සිට  ආහාර වර්ජනයක නිරතව සිටිති. කොරෝනා සමයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් සදහා සිය ඥාතින් සමග දුරකථනයෙන් කථා කිරිම සදහා  එක් රැදවියකුට  විනාඩි 5ක කාලයක් ලබා දි  තිබුණි.

ඉරිදා හා බදාදා දින යන වල දින දෙකෙන් ඕනැම දිනයක මෙම රැදවියන්ට එම අවස්ථාව හිමිව තිබිණි.  කොරෝනා වසංගතය පහව යාමත් සමග  විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් බැලිම සදහා ඥාතීන්ට අවසර ලබාදිමත් සමඟ දුරකථන මගින් ඥාතින් සමග කථා කිරිම අවස්ථා නවතා දමනු ලැබිය.

යළි ඥාතීන් සමඟ දුරකථන මාර්ගයෙන් කථා කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලිම,  ඇතුළු  ඉල්ලිම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් ආහාර වර්ජනයේ නිරතව සිටිති.



අදහස් (7)

බූස්සේ තවත් 8දෙනෙක් කන්න යති

sunil Sunday, 13 September 2020 06:08 AM

මොවුන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න... රට හදන්නම් ජනාධිපතිතුමනි..

:       0       14

jagath Sunday, 13 September 2020 07:29 AM

අපි නම් හිතුවේ ගුටිකන්න යනවා කියලා...

:       0       0

මුණසිංහ Sunday, 13 September 2020 08:30 AM

මං එක පාරට දැක්කේ 8 දෙනෙක් කනත්තට යති කියලා වගේ...

:       0       1

Nihal Monday, 14 September 2020 03:34 PM

එහෙම වුණා නම් අපිටත් කිරිබත් තමයි...

:       0       1

චින්තක Sunday, 13 September 2020 10:42 AM

මේ දරුණුතම අපරාධකාරයින්ගේ අහාර වර්ජනයේ සැබෑම සිද්ධිය සඳහන් කරලා නැහැනේ. එනම්, කිසිම පරීක්ෂාවකින් තොරව තමන්ව හමුවෙන්න පැමිණෙන ලෝයර් මහත්වරුන්ට ඉඩ දෙන්න කියන එක. බන්ධනාගාරේට කුඩු සහ ආයුධ ගෙනියන එක නවත්වන්න ඇමතිලා, මන්ත්‍රීලාගේ ඉඳන් බන්ධනාගාරේම ලොක්කවත් චෙක් කරද්දී මේ මුදලට ආත්මය විකුණන කළු කෝට්කාරයින් චෙක්නොකර හරි යනවද? මම හිතන්නේ රටේම ජනතාව බලාපොරොත්තු වෙච්ච උත්තරේ ඊයෙම ආරක්ෂක ලේකම්තුමා දුන්නා. "බඩගිනි හැදුණම කයි" කිව්වා. ඇත්තටම අපි රට වෙනුවෙන් මැතිවරණයේදී පාවිවිචි කරපු ඡන්දෙට දැන්නම් සැබෑ වටිනාකමක් ලැබිලා තියනවා කියලා පොඩි ආඩම්බරයකුත් අපේ හිතේ තිබෙනවා..

:       0       6

sharm warn Monday, 14 September 2020 05:05 AM

මැරෙන්න දෙන්න අනේ. නඩුවල වියදමත් ඉතුරුයි. කූඩුවේ තියාගෙන කරන නඩත්තු වියදමුත් ඉතුරුයි. හෙංචයියන් ලවා කරන ජාවාරමුත් නිකන්ම ඉවර වෙයි... හරිම අහිංසක ඉල්ලීම් ටිකක් නේ.. පව් දෙයියනේ..

:       0       120

මතය Monday, 14 September 2020 07:07 AM

සමාජයේ නීතිගරුක සහ විනයගරුක පුරවැසියන්ට සහ ආර්ථිකයටද දැරිය නොහැකි හානියක් කරන මෙවැනි නැවත නැවත අපරාධ කරන භයානක පිළිල, තිරිසන්නු අඩුම වියදමකින්ම ඉවත් කරන්න.

:       0       28

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2380 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2009 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5526 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4058 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4639 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7002 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site