IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැසිල්ගේ නඩුව කල්යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර උසාවියේ පවතින නඩුව ලබන වසරේ මාර්තු 18 වැනිදා දක්වා කල් තැබීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද  (19) නියෝග කළේය.

සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරණ සමයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදුව තිබේ.

ඔහුගේ මස්සිනා වන පශූ වෛද්‍යතිස්ස ගලප්පත්ති හා නෑනා වන අයෝමි පුණ්‍යකාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොංහී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබූ මුදල්වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇත.

ඒ ඉඩමේ හිමිකරු වූ ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමෙනි.

ඒ සඳහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගතවීම නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.

වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 18 වැනි දිනට කල් තැබිණි.



අදහස් (4)

බැසිල්ගේ නඩුව කල්යයි

Athula Wednesday, 19 June 2019 12:19 PM

මෙයාගේ අම්මගේ විනිශ්චයකාරයෙක්නේ... ඉතින් මේවගේ 2ක් නඩුව කල්ගියම ආණ්ඩුවේ කාලේ ඉවරයි. ඉතින් හොරකම් කරන්න බය කෙනා කවුද? මෙහෙමත් නඩුකාරයෝ

:       191       487

mendis Wednesday, 19 June 2019 12:39 PM

ඔය වගේ දේවල් බැසිල්ට බැරිනම් කාටද පුළුවන්?

:       372       253

බද්රානි Wednesday, 19 June 2019 01:50 PM

ඕක ඉතින් අහන්නත් ප්‍රශ්නයක්ද? "රටේ ජනතාවගේ මුදල් හොරකම් කරලා" කියලා උත්තරය ලියා ගත්තා නම් ඉවරයිනේ? කොහොමත් ඉතින් මෙවැනි පුවත් දකිද්දී, නිතර පත්තර බලන අයත් ඇස් දෙක පියාගෙන අහක බලා ගන්නවා. ඒකනේ මේ පුවත දෙස වැඩි දෙනෙක් හැරිලා බලලාවත් නැත්තේ? මේ අයගේ නම් දැක්කත් සමහරකගේ බඩ බුරුල් වෙන බුරුල් වෙනවා ඇති නේද?

:       137       148

Chanak los angeles Wednesday, 19 June 2019 10:12 PM

මම දුටුවා එක් වීඩියෝවක්. කියනවා ගෙදර එක්තරා දානොත්සවයකට මුදල් නොමැතිව වත්තේ තිබුණු පොල්ගස් දෙකක් කපලා විකුනලා තමයි එම දානය දුන්නේ කියා ? දැන් මේවා මෙහෙම දකිනකොට මට අහන්න ඕනේ ඇලඩින්ගේ පහන මොහු ලඟද තිබෙන්නේ කියලා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 150 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 864 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2267 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1576 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 913 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2155 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site