(මනෝප්රිය ගුණසේකර)
කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (6) උපදෙස් දුන්නේය.
‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම පිළිබඳව දැනුවත් කර ගොඩනැඟිල්ල සංරක්ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි කුරුණෑගල නගරාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර තිබියදී මෙම ගොඩනැඟිල්ල කඩා දමා ඇති බව හෙළිවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව වරෙන්තු ලබාගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තාට අමතරව වරෙන්තු මත මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියම කරන ලද්දේ නාගරික කොමසාරිස් නුවර පක්ෂගේ ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, වැඩ අධිකාරී සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නිලධාරී ඉලාලු ඩීන් සුල්ෆිකාර්, සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සුරිය පටබැඳිගේ ලක්ෂමන් ප්‍රියන්ත නමැත්තන්ය.
‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 6 ක කාලයක් තිස්සේ මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම පිළිබඳව දැනුවත්කර ගොඩනැඟිල්ල සංරක්ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි කුරුණෑගල නගරාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර තිබියදී ගොඩනැඟිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේද යන්න කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ද ලබාගැනීමට මේ සම්බන්ධයෙන් විමිර්ශන කරන නිලධාරීන්ට නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී දැනුම් දී තිබිණී.
කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සිදුකිරීම අපරාධ විමර්ශනයට අදාළව එකී විමර්ශන වල ස්වභාවය හා ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සහ ජාතික ගොඩනැඟිලි පරීක්ෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි මහතා ඇතුළු නිලධාරීන් කැඳවා නීතීපතිවරයා මීට පෙර අවස්ථාවකදී සාකච්ඡාවක් කළ අතර එහිදී අනාවරණය වු කරුණු අනුව එම විමර්ශන පැවැත්විය යුතු ආකාරය හා විමර්ශන කළ යුතු කාරණා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පිටු 5 කින් යුත් උපදෙස් මාලාවක් නිකුත් කර තිබිණි.
‘බුවනෙක හෝටලය’ නමින් දැක්වෙන ගොඩනැගිල්ල කරුණෑගල රාජධානියේ රාජසභාව පැවැති ස්ථානය ලෙස හඳුන්වන බැවින් එය පුරාවස්තු ආඥා පනතට අනුව ස්මාරකයක් ලෙස සැළකිය යුතු බව මෙන්ම මෙම පැරණි ගොඩනැඟිලි මුල් ස්වරූපයෙන්ම සංරක්ෂණය කර ආරක්ෂා කිරීම සුදුසු බවද 2020 මැයි මාසයේදී පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නගරාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවද පැවසු නිශාරා ජයරත්න මෙනවිය මෙම ගොඩනැඟිල්ලේ වැදගත්කම වයඔ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘උරුම නගර සංවර්ධන’ ව්‍යාපෘතිය යටතේ මාස 06 ක කාලයක් තිස්සේ කමිටුව දැනුවත් කර ඇති බවටත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නීතීපතිවරයා වෙත යොමු කළ ලේඛන වලින් තහවුරු වන බවද පැවසුවාය.
එම ගොඩනැඟිල්ල සංරක්ෂණ කිරීමට දායකත්වය ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇති අවස්ථාවක එම ගොඩනැඟිල්ල කඩා දැමීමට අවසර ලබා ගත්තේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරාගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට මීට පෙර අවස්ථාවකදී උපදෙස් දී තිබු අතර කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රකාශ ලබාගැනීමටත්, අපරාධ ස්ථානය අවට ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්ෂා කර බලා ඒවායින් සිද්ධියට අදාළ දර්ශන ලබාගැනීමටත්, ගොඩනැඟිල්ල කඩා දැමීමට තීරණය කිරීමේදී අනුගමනය කළ යුතුව තිබු ක්‍රියාපටිපාටිය නිසි අයුරින් ක්‍රියාත්මක කර ඇද්දැයි විමසීමක් කරන ලෙසද විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබු අතර නීතිපතිවරයාගේ උපදෙස් මත විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව පිටස්තර පුද්ගලයින්ට මෙම ස්ථානයට අතුල්වීම තහනම් කරමින් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් ද නිකුත් කරන ලදී.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බුවනෙකබා ගොඩනැගිල්ලට හානි කළ අය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්
Indhika Thursday, 06 August 2020 09:35 AM
ඩෝසර් එකේ ඩ්‍රයිවර්ව අත්අඩංගුවට ගනී. ඔඩර් දුන්නු ලොක්කෝ ටික දිහා රවලාවත් බලන එකක් නැහැ.
rama Thursday, 06 August 2020 10:17 AM
ඩ්‍රයිවර් නෙවේ ඩෝසරයා අත්අඩංගුවට ගන්න ඕනෑ. ඩෝසරයා තමයි මේක කඩලා තියෙන්නේ.
Nuwan Thursday, 06 August 2020 10:49 AM
පොඩ්ඩක් ඇතුලේ ඉන්න වෙයි 2/3 ගන්නකන්. තරහ නැහැ නේද?
Kuma Thursday, 06 August 2020 11:01 AM
දවස් කීයක් විතර හොයන්න බලාපොරොත්තු වෙනවද? අදාළ කාලය ගතවුණාම අත්අඩංගුවට ගන්නවද? නැත්නම් බාර වෙන්න එන්න කියනවාද? අපිට දැන් මෙවා කට පාඩම්...
අපේ විරුවා Thursday, 06 August 2020 06:10 PM
බුවනෙක කියන්නේ හෝටලේ අයිතිකාරයගේ පුතාටනේ.. අපි නම් දන්නේ නෑ.. සර් තමයි කිව්වේ..
Bamunuarachchi Friday, 07 August 2020 11:12 AM
ඡන්දය ඉවර වුණු ගමන්ම වරෙන්තුව ආවා.