IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බාලවයස්කාර දැරිය ගැබිනියක් කළ සෙබළා අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
පහළොස් හැවිරිදි දැරියක තෙමස් ගැබිනියක් බවට කළ හමුදා සෙබළෙකු අද  (01) අලියවිද්දවැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම රනෝරාව  අලියවිද්දවැව ප්‍රදේශයේ පදිංචි හමුදා භටයෙකි. 
 
පසුගිය දිනක ළමාරක්ෂක අධිකාරිය මගින් නොච්චියාගම ප්‍රදේශයේ  බාලවයස්කාර දැරියක් තෙමස් ගැබිනියක් බවට පත්ව ඇති බව පොලිසියට දැනුම් දීමෙන් පසුව සැකකාර හමුදා භටයා අත්අඩංගුවට ගෙන තිබුණි.
 
පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ කර බාල වයස්කාරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත. එහිදී  ඇය තෙමස් ගැබිනියක් බවට තහවුරු වී තිබේ. 
                          
පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති අන්දමට පවුල් දෙකේම දෙමාපියන්ගේ කැමැත්ත මත මෙම සැකකරු බාල වයස්කාරිය සමඟ පසුගිය 2017/12/28 දින ඇය නොච්චියාගම රනෝරාව  අලියවිද්දවැව ප්‍රදේශයේ තම නිවසට කැදවාගෙන පැමිණ ඇත. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 15ක් ම පමණ බවද පොලිසිය පැවසිය.
 
දෙමාපියන් මේ සදහා අනුබල දීම නිසා ඔවුන්ට එරෙහිව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
 
සැකකාර හමුදා භටයා අද (1) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
 



අදහස් (11)

බාලවයස්කාර දැරිය ගැබිනියක් කළ සෙබළා අත්අඩංගුවට

Dr. Vajira Fernando Monday, 01 April 2019 06:40 AM

අපේ රට තාම වැඩවසම් යුගයේද ඉන්නේ? දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල තවමත් විශාල වශයෙන් බාල වයස්කාර ගැහැණු දරුවෝ අම්මලා වෙනවා. මේක නැත්වත්තන්න ග්‍රාම නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවකයි හරහා පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍යයි.

:       0       93

JCN Monday, 01 April 2019 06:42 AM

මෙන්නෝ, රණවිරුවන් දඩයම් කරනවෝ..

:       340       130

IGP Monday, 01 April 2019 08:50 AM

මේක බොරු, මේක බටහිර කුමන්ත්‍රණයක්, අපේ රණවිරුවන්ට මඩ ගැසීමක්, අපි මේක තරයේ හෙලා දකිමු.

:       239       88

yaka mahathaya Monday, 01 April 2019 09:00 AM

මෙන්න නියම රට බේරුව රණවිරුවෝ............

:       363       112

smn Monday, 01 April 2019 09:52 AM

පවුල් දෙකේම දෙමාපියන්ගේ කැමැත්ත මත වරද සිදුව ඇති බව සඳහන්… එහෙනම් කරන්නට තියෙන්නේ ඔය ජෝඩුව බන්දල දීමයි... නැත්නම් නීත්‍යානුකූලව අදාළ පියවර ගැනීමයි.

:       0       68

DhammikaMonday, 01 April 2019 10:47 AM

ලංකාවේ නිතිය අනුව වයස 18 ට අඩු අය බන්දවන්න බැහැ එහෙම ,

:       0       0

Dr. Vajira FernandoMonday, 01 April 2019 11:01 AM

දෙමව්පියන්ගේ හා දැරියගේ කැමැත්තෙන් වුනත් අවුරුදු 16ට අඩු දැරියක් සමග ලිංගිකව එක්වීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව බරපතල වරදක්... දැරියගේ දෙමව්පියනුත් වැරදිකරුවන්. නීති තිබුනත් සමාජය දැනුවත් නොවීම ඉතාමක් ඛේදජනකයි. අපේ රටේ රූපවාහිනි නාලිකා කීයක් නම් තියෙනවද? ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පවා සෑම නිවසකම පාහේ රූපවාහිනියක් තියෙනවා. ඉන්දියාවෙන් ආනයනය කරන කසල ටෙලිනාට්‍යය පෙන්වනවා ඇරෙන්න මේ නාලිකා වලින් සමාජය දැනුවත් කරන යමක් සිද්ධ නොවීම අපේ අවාසනාව....

:       1       114

weerakoonMonday, 01 April 2019 01:46 PM

පෙර පාසලේ සිටම රටේ පවතින නීතිය පිළිබඳව ඉගැන්විය යුතුය..

:       0       24

Dammi Monday, 01 April 2019 11:47 AM

ඔන්න බලාපල්ලා මෙහෙමත් රණවිරුවෝ...

:       24       3

kamal Monday, 01 April 2019 12:50 PM

විමල් මැතිඳුනි, මෙන්න රණවිරු දඩයම...

:       4       8

Hafeel Monday, 01 April 2019 01:14 PM

මේ සිද්ධිය උතුරේ වුණානම්, අපේ විමලයා ඇතුළු ඒකාබද්ධය කියාවි මේකත් රණවිරු දඩයමක් කියලා...

:       38       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 102 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 228 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 324 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 700 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1093 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 889 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site