IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බාලිකා පාසලට කඩාවැදී කළහකාරීව හැසිරුණු සිසුන් 34දෙනෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලට කඩා වැදී රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කළැයි කියන පාසල් දෙකක සිසුන් 34දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
 
මේ හේතුවෙන් විදුහලේ ගේට්ටු දෙකකට, පාසල් වාහන කිහිපයකට සහ දේපළ රැසකට අලාභ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස සහ බම්බලපිටිය පාසල් දෙකක සිසුන් පිරිසකි.
 
මෙම සිසුන් පිරිස වාහන කිහිපයකින් පැමිණ කළහකාරී ලෙස හැසිරුණු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
 
බාලිකා පාසලේ විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා බාරදීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (44)

බාලිකා පාසලට කඩාවැදී කළහකාරීව හැසිරුණු සිසුන් 34දෙනෙකු අත්අඩංගුවට

Amara Friday, 01 March 2019 08:38 AM

ලොකු දඩයක් ගහන්න ඕනේ මේවා නොකරන්න.

:       119       231

Dhammi Friday, 01 March 2019 08:48 AM

මිශ්‍ර පාසල් තිබ්බා නම් මේ ප්‍රශ්න නැහැනේ

:       706       272

පුරන් අප්පු Friday, 01 March 2019 08:57 AM

ඔන්න වැඩ. දෙමව්පියන් ගෙන්වා බාරදෙනවා. ගොන් නීතිය..... මේ අයව හිරේ දාන්න ඕන, මුන් තමයි අනාගත කුඩඩො ස්ත්‍රී දුෂකයෝ. ටේ නීතිය හිරගෙදරට යැවුවම මෙහෙම වෙනවා.

:       820       1412

hira Friday, 01 March 2019 09:00 AM

කොලු කාලේ ඔහොම තමා.

:       563       186

Sathya Friday, 01 March 2019 09:17 AM

අනිවාර්යයෙන් දැනෙන දඩයක් හෝ අලාභය අයකරගත යුතුයි. මේවා කොලු වැඩ කියලා අතාරින්න පුළුවන් වැරදි නෙවෙයි. බිග් මැච් කියලා පිස්සෝ වගේ නටන්න දෙන්න හොඳ නැහැ. ඉස්සර බිග් මැච් එකක් තිබුණොත් උපරිම වුනොත් ග්‍රවුන්ඩ් එකේ වලියක් ගිහින් ඉවර වෙනවා. මේක නිකන් පිස්සෝ ටික වගේ පාරවල් හරස් කරගෙන, පාසල් වලට පැනලා, දේපල විනාශ කරලා මොන විකාරයක්ද කරන්නේ? සමහර පාසල් ඉතා ආදර්ශමත් විදියට නාස්ති කරන්න යන සල්ලි වලින් පොඩි පාසලකට පුස්තකාලයක්, පරිගණක කීපයක් ලබා දෙද්දී, බහුතරයක් බිග් මැච්, ඇනුවල් පෙරඩ් කියා කියා දෙමව්පියන්ගේ වාහනත් අරගෙන ඇවිත් නාස්ති වෙනවා.

:       86       1343

RaveendraFriday, 01 March 2019 09:40 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය.

:       10       450

jayasekaraFriday, 01 March 2019 09:44 AM

සත්‍ය....ඔබගේ අදහස්වලට ගරුකරමි..... උදේට නොකා පාසල් යන දරුවෝ කොච්චර ඉන්නවද... ඉගෙන ගන්න හරිහැටි ගොඩනැගිල්ලක් නැති දරුවෝ.....පාසල් වල ගස් යට පන්ති තියන පාසල්..... අධ්‍යාපන බලදාරින් ළමුන්ට ටැබ් දෙන්න පිඹුරුපත් හදනවා..මොන විකාර අධ්‍යාපන සැලසුම්ද මේවා?....මුන්ට කාල තෙල වැඩිවෙලා... තෙල එක්ක මානසික උන්මාදය වැඩි වෙලා...කෙල්ලෝ ඉන්න ඉස්කෝලවලට පනිනවා....මුන්ට කියල දඩයක් අරගෙන නැති බැරි පාසල්වලට අඩුපාඩු අරන් දුන්නනම් හරි....

:       39       783

ඇත්ත සත්‍යපාල Saturday, 02 March 2019 02:01 AM

ඕක වුනේ ඈත පිටිසර ගමක නම් උසාවියට දානවා. නඩුකාර උන්නාන්සේත් පත්තරවල පලවෙන විදිහේ දැඩි ලෙස අවවාදයක් දෙනවා. ගම්වල පියදාසලගේ සෝමක්කලගේ පුතාල‍ා නොහික්මුණු නොසන්ඩාල දරුවෝ බව ලෝකයටම කියන්නට ඕනේ තරම් අය ඉන්නවා. එහෙත් මේවා ලොකු ඉස්කෝලවල වුනාම ලොකු නගරවල වුනාම සියල්ල වෙන්නේ උසස් ලෙස. පුද්ගලික බස් රියදුරෙක් නැතිනම් ත්‍රීවිල් කාරයෙක් අතින් අනතුරක් වුනොත් පරම්පරා හතකම විස්තර පළවෙනවා. මෑතකදී බොරැල්ල පොලිසියේ යතුරුපැදිය යටකරගෙන ගිය සල්ලාල බේබදු අසික්කිත"ලොකු මහත්තුරුන්ගේ" නඩුව අහනකොට සියලුම මාධ්‍යවලට එළියට යන්නට කියල‍ා "නඩුකාරහමුදුරුවෝ " නියෝග කළා නොවැ... එහෙව්‍ සාධාරණ සමාජයක් ඇති සුන්දර රටක පුරවැසියෝ වන අප කෙතරම් වාසනවන්තයෝද?

:       0       275

බද්රානි Friday, 01 March 2019 09:34 AM

දෙමව්පියන්ගේ හා මේ රටේ වැඩිහිටියන්ගේ පිස්සුව රටේ බාල පරම්පරාවට නොමැති නම් තමයි අපි පුදුම වෙන්න ඕනෑ... යුද්ධයෙන් පසුව රටට ගිය කලක්?

:       212       341

Jehaan Friday, 01 March 2019 09:52 AM

මේ ළමයින්ගේ පස්සෙන් පන්නගෙන යනවාට කලින් අර පාර්ලිමේන්තුවේ ගුස්තිකාරයෝ ටික අල්ලා ගන්න. කකුළුවා පැටවුනට කෙලින් යන්න කිව්වාලු.

:       93       123

Sarasi Friday, 01 March 2019 10:05 AM

ඔය ඔක්කොම ළමයින්ගේ අනාගත දේශපාලක ලකුණු තිබෙනවා. දැන් සිටම කාන්තා පක්ෂය සිටින තැන නම ලකුණු කරලා යන්න තිබෙන කැමැත්ත පේනවානේ.

:       1       66

sujeewa Friday, 01 March 2019 10:08 AM

ක්‍රිකට් තරඟ පැවැත්වීම හොඳයි. හැබැයි පාසලේ අනිත් ළමයි පාරවල් දිගේ කෑගගහ යායුතුද? ක්‍රිකට් ගහන අය දිරිමත් කිරීමට ඔවුන් සිටිය යුත්තේ ක්‍රීඩාංගණයේ නොවේද? මේ වගේ අවිචාරවත් ක්‍රියාවක් වෙන කිසිම රටක කෙරෙන්නේ නැතුව ඇති... මේ ළමයි හැසිරෙන්නේ ඉතාම අවිනීතව. මේවා නැවැත්විය යුතුයි...

:       2       361

smn Friday, 01 March 2019 10:54 AM

ගැටවර වයසේ නැහැදිච්ච කම නිසා නටන නැටිලි තමයි මේ. ආරයත් බලපානවා. මොවුන්ගේ අම්මා අප්පලා ගැන අහන්න දෙයක් නැහැ...

:       1       97

Bimal Friday, 01 March 2019 11:04 AM

ඒ කියන්නේ මෙතන පාසල් දරුවන්ට සමාජයෙන් ලැබෙන වැරදි ආදර්ශ අනුමත කරන උදවියත් ඉන්නවා.

:       18       86

banda Friday, 01 March 2019 11:10 AM

එතකොට මේ කාලකන්නි කඩපු රජයේ දේපලවලට වන්දි ගෙවන්නේ දුප්පත් අපේ බදු මුදල් වලින්ද?

:       1       262

පිටිගල මිලානෝ Friday, 01 March 2019 11:11 AM

මේ අමුතු මුතු ඇටයක් වන් රටේ වෙන්නෙම ලෝකයේ කිසිම දියුණු රටක වෙන්නේ නැති අමුතුම දේවල්ය. බිග් මැච් කියා සති ගණන් පාරවල් වල බීගෙන, දෙමව්පියන්ගේ වාහන අරගෙන රටම වනසති. බිග් මැච් එකේදී ක්‍රීඩාවට වඩා ගුටි කෙලි වලට මුල්තැන දෙති. ඕල්ඩ්බෝයිස් සංවිධාන වලින් යුරෝපයේ දියුණු රටවල නම් කෙරෙන්නේ පාසල් මෑණියට ගෞරවයක් වශයෙන් එය නගා සිටුවීමට හැකි උපකාරයක් සහයෝගිතාවෙන් කිරීමයි නමුත් මේ මුතුඇටේ අය එම සමිතිවල මුලිකත්වය දෙන්නේ පාසල් මෑණිට කළහැකි ලොකුම අගෞරවය වන බේබදුකමටයි. මේවා ඉහලින්ම දැන් කරන්න පුරුදුවෙලා ඉන්නේ බෞද්ධ පාසල් සහ ගොඩේ මහවිද්‍යාල වීම දුකට කරුණක්. කන්ද උඩරට පාසලක ඕ බී යු හැම දැන්වීමකම පැහැදිලිව සඳහන් කරන්නේ ‘තමාගේ මත්පැන් බෝතලය රැගෙන එන’ ලෙසයි. මෙහෙව් රටක් කවදා දියුණු වෙයිද..?

:       1       176

vipula Friday, 01 March 2019 11:26 AM

අන්තර් පාසල් ක්‍රිකට් තරග කල වලදී සිදුවන සුලබ නමුත් අශෝබන ක්‍රියාවක්.

:       0       0

Appuhami Friday, 01 March 2019 11:30 AM

ඕකුන් තමයි අනාගත මදූෂලා...

:       9       122

Ajith Friday, 01 March 2019 01:01 PM

කොල්ලෝ ඔහොම තමයි..

:       220       69

Anada Friday, 01 March 2019 01:07 PM

අල්ලපු කුඩු පාසල්වලට බෙදලද?

:       5       36

bo Friday, 01 March 2019 01:39 PM

මේ කරන අසීලාචාර ගොන් වැඩ නවත්වන්න දඬුවම් දිය යුතුයි.

:       0       80

Amila Friday, 01 March 2019 01:48 PM

අද විනය, හැදියාව සහ ඉවසීම බල්ලට ගියපු රටක් වෙලා මේක. රටේ පාර්ලිමේන්තුවේ පිස්සු බල්ලෝ වගේ හැසිරෙනකොට, පොලීසියම කුඩු විකුණද්දී සහ මිනී මරද්දී ඉස්කෝල ළමයිනුත් පිස්සෝ වගේ හැසිරෙන එක අහන්නත් දෙයක්ද?

:       0       109

saman. Friday, 01 March 2019 02:58 PM

මොවුන්ව නැවත බාලිකා පාසලේ උදේ රැස්වීම් කැඳවා ප්‍රසිද්ධියේ විදුහල්පතිනියට වන්දවන්න ඕනෑ සමාවෙන්න කියලා. සියලුම අලාභහානි අයකරගන්න ඕනෑ.

:       1       163

Sam Friday, 01 March 2019 04:02 PM

කොලු වැඩ. අපි යන කාලේ ඇතුලට ගිහිල්ලා චියර් කරලා එනවා... දන්නා කියන අයත් බලගෙන්න ඉන්නවා එනකම්... මේ වගේ අමුතු දේවල් නැහැ.

:       204       66

පුෂ්පFriday, 01 March 2019 10:02 PM

"ඇතුලට ගිහිල්ලා චියර් කරලා එනවා" අනේ මගේ කට! ජඩ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ මේ වගේ අමනයින් දැන් ඔඩු දුවලා... ලැජ්ජ නැතිව කියනවනේ...

:       0       104

SamSaturday, 02 March 2019 02:08 PM

මේ පුෂ්ප කියන විදියේ නොහොබිනා වැඩ තිබුනේ නැහැ. බිග් මැච් කියන්නේ මේ රටේ තවත් සංස්කෘතියක්. දන්නවද අප රටේ ප්‍රමුඛ විද්‍යාල දෙකක් සෙල්ලම් කරන බිග් මැච් එකකට අවරුදු 125 ඉතිහාසයක් තියනවා. ඒක ලෝකයේ දෙවන පරණම බිග් මැච් එක. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව.

:       11       1

පුෂ්පSaturday, 02 March 2019 11:46 PM

සෑම්, මට ක්‍රිකට් ඉතිහාසය උගන්නන්න එන්න එපා. මමත් ඉගෙන ගත්තෙ කොළඹ ප්‍රධාන පාසලක.

:       0       3

රොශාන්Sunday, 03 March 2019 02:55 AM

මෝඩකම පෙන්නන්න එපා.

:       0       1

LakmalSunday, 03 March 2019 05:29 AM

ලංකාවේ හැම ඉස්කොලෙකම ළමයි ඔහොම කරන්න ගත්තොත් මොකද වෙන්නෙ. ලොකේ මොන රටේද මේ වගේ ගොන් වැඩ කරන්නෙ. මට නන් හිතෙන්නෙ තමුන් ඉස්කෝලෙකට ගිහින්ම නෑ කියල. එච්චරට මෝඩයි.

:       0       0

hesa Friday, 01 March 2019 05:40 PM

ඇත්ත තමයි රටේ පාලකයන්ට වුවමනාවක් නැහැ රටේ දියුණුවක් ගැන හිතන්න.. තමන්ගේ තානාන්තර රැකගන්න දහදුරා වැඩ කරනවා ඇරෙන්න. සෑම දේශපාලකයෙකුම ගෑවුණු තැන විනාශයක්. දැන් මෙරට හදනවා තියා හිතන්න වත් බැහැ. මේවාට විරුද්ධව නගන හඞ ගඟට කපන ඉනි හා සමානයි.. දැන් ඕනෑ දරදඞු නායකයෙක් අවංක සිතක් ඇති..

:       0       44

sg Friday, 01 March 2019 06:09 PM

මේ වැඩේට දැන්වත් තිත තියමු.

:       3       31

hesaFriday, 01 March 2019 10:55 PM

කොහොමද.. ක්‍රමයක් තියේද?

:       0       1

de silva berlin Friday, 01 March 2019 07:34 PM

අර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැසිරුණ විදිහ දැක්කනේ ? කෝ තවම ඒවාට නීති මාර්ගයෙන් කටයුතු කලාද ? නැහැනේ. ඒවා ආදර්ශයට අරන් තමා සිසුන් මේ විදිහට හැසිරෙන්නේ, නමුත් මේ හැසිරීම සාධාරණිකරණය කරන්න බැහැ, දඩුවම් නොකර නිදහස් කල එක වැරදියි, මොවුන්ට සතියක් දෙකක දවසකට පැය 2-3 මාර්ගය පිරිසිදු කිරීම වැනි දඩුවමක් දුන්න නම් ගැලපෙනවා, යුරෝපයේ රටවල මේවගේ වැරදිවලට දඩුවම් වශයෙන් මෙවැනි දේවල් කරන්න කියනවා

:       0       104

prabha Friday, 01 March 2019 09:23 PM

පාසල් කියන්නේ මේ සමාජයේ හරස්කඩක්... සමාජයේ විනය පිරිහෙනකොට පාසලේ විනය ගැන කුමන කතාද? යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපු රටේ සහල් මල්ල ගැන කුමන කතාද?

:       0       33

Silva Friday, 01 March 2019 09:24 PM

ඇයි වෙන පාසලක වුණා නම් මුලින්ම නම දාන්නේ?

:       0       57

Bandula. Saturday, 02 March 2019 03:11 AM

ලොකු ලොකු අයගේ ළමුන් කියලා නිදහස් නොකර මේ වුණු පාඩුවවත් අයකරගත්තා. මොකද මේ ළමුන් මත් පෙති වගේ පාවිච්චි කරලද දන්නේ නැහැනේ.. මොකා වුණත් කලේ වැරද්දක්.. පොඩි කාලෙම නිකන් මානසික ලෙඩ්ඩු වගේ දඟලනවා.

:       0       34

Chaandani Saturday, 02 March 2019 03:12 AM

මීට දශක ගණනාවකට කලිනුත් විශේෂයෙන් පිරිමි පාසල් අතර ක්‍රිකට් තරග පැවැත්වෙන කාලයේ මෙහෙම සිදුවීම් සිදු වුණා. පාරේ ට්‍රක් රථවලින් ගමන් කිරීම හැට් කලෙක්ෂන් දැමීම බාලිකා පාසැල් අසලින් අත් වනමින් ගමන් කිරීම පාසල් කොඩි තොප්පි පැළඳ වීදි සැරිසැරීම සිදුවුණා. නමුත් දේපල හානි කිරීම සහ බරපතල විනය විරෝධී වැඩ සිදුකිරීම නම් ඒ පරම්පරාවේ පිරිමි ළමයින් සිදු කලේ නැහැ. හරියට ඉගෙන ගන්නේ නැතිනම් පුතාට කැමති දඬුවම් දී හදාගන්න කියා ගුරුවරයාට ලියුමක් යැවූ අධ්‍යාපන ඇමතිලා සිටපු යුගයක් ඒක. ඉන් පසුව පාලකයන්ගේ අවිනීත දරු පරම්පරාවක් බිහිවී ගායකයන් සමග බාලිකා පාසල් වලට කඩා පනින සංස්කෘතියක් බිහි වුනා. ගුරුවරුන් සිසුවියට ගවුම දිගට ඇඳන් එන්න කිව්වා කියා දණගැස්සුවා. වාහන බලපත්‍ර නැතිව පාරේ කාර් ගෙනිහින් කහ ඉරේ මිනිස් ජීවිතයක් නැති කළ තරුණ දේශපාලු පුතා කිසිම දඬුවමක් නැතිව යහතින්... බීමතින් රියපදවා තාප්ප කඩපු, සමාජශාලා වල පිස්සු නටපු දේශපාලු පුතුන් හැමෝම යහතින්... ඉතින් රටේ අනෙකුත් සිසුන්ගේ විනය ගැන කවර කතාද?

:       0       115

RaveendraSaturday, 02 March 2019 05:02 AM

Chaandani මහත්මිය/ මෙනෙවිය ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. විනයක් නැති තැන කොතැනද...? එතන පැවැත්මත් අවිනිශ්චිතය යන්න තේරුම් ගැනීමට හැකිනම් මෙවන් ගැටළු මතුවීම දැකගත නොහැකි යයි අපගේ මතයයි. කෙසේවෙතත් අපගේ අනාගත පරපුර වැරදි මාර්ගයේ යන්නේ නම් කෙසේ හෝ ඔවුන්ව නිසා මාර්ගයට ගත යුතුය. එය කිරීම අප සමාජයේ වගකීමක් මෙන්ම වැඩිහිටියන් හැටියට අපද ඔවුනට ආදර්ශයක් විය යුතුය. නමුත් පවතින සමාජයේ එවන් ආදර්ශමත් චරිත තියේද යන්නද ගැටලුවකි. විශේෂයෙන් බලපුලුවන්කාරයා යයි කියන නිවටයන් තම තමන්ගේ දුදරුවන් සමාජ විරෝධී ක්‍රියාවක නිරත වුනොත් එ්කාව සුදනා කිරීමත් අගතියට පත්වූ පාර්ෂවයට වරද පැටවීමත් අද අප සමාජයේ බහුලව දකින නීචම දර්ශනයන්ය.

:       0       105

abiya Saturday, 02 March 2019 05:07 AM

බම්බලපිටිය සහ ගල්කිස්ස පාසල් දෙකේ නම් සඳහන් කරන්න...

:       17       27

isurandi Saturday, 02 March 2019 06:52 AM

සමහර පාසල්වල ගුරුවරු සිසුන්ට භයේ කිසිම පියවරක් නොගන්න අවස්ථා තියෙනවා. මොකද පාසලෙන් එලියට එද්දී පොලු මුගුරුවලින් සලකන නිසා. දන්න මිශ්‍ර පාසලක් තියෙනවා අද පොලිසියෙන් පනිනවලු නොමනා වැඩ සිද්ධවෙන නිසා පාසල් කාලය තුල. මගේ ළමයත් ගියේ ඒ පාසලට. වැඩ දුරගිය යන්න කලින් එයාව ඒකෙන් අයින් කරලා වෙන පාසලකට දැම්මා. අනේ මන්දා දැන් හැදෙන ළමයිගේ මොන හැදියාවක්ද කියලා. කනෙන් රිංගන්න තමයි බලන්නේ පොඩ්ඩක් බුරුල දුන්න ගමන්.

:       0       0

jayath Saturday, 02 March 2019 07:02 AM

මේකේ දැන් තියෙන සංස්කෘතිය මේකේ තව පැත්තක් මම කියන්නම්. මේ බොහොමයක් "කොළඹ තියන බාලිකා" වල සෑහෙන ළමයි කොටසක් කොල්ලෝ එදාට ඉස්කෝලෙට පනිනකම් බලාගෙන ඉන්නවා. පනින්න බැරි වුන දවසට අපරාදේ අද කොල්ලොන්ට පනින්න බැරි වුනා කියලා කියනවා. මේක මගේ පුද්ගලික අත්දැකීමක්. අනික පහුගිය වසරක ප්‍රධාන බාලිකාවකට කොල්ලෝ පැනලා මහා කලබගැනියක් කළා. ඒ පාසලේ විදුහල්පතිනි හරි අපූරු කතාවක් කිව්වා ඒ ළමයින්ට මම එන්න කියලය ආවේ කියල ! ඔන්න තත්වය !

:       0       8

ravi Saturday, 02 March 2019 08:18 AM

වැරැද්ද කරපු ඉස්කෝලේ නම මොකක්ද?

:       0       2

Sam Saturday, 02 March 2019 02:17 PM

බොහොමයක් අදහස් වලින් පෙන්නේ නරි මිදී තිත්තයි කියනවා වගේ. තමන්ට සුන්දර ළමා වියක් තිබිලා නෑ වගේ. ජීවිතේ සුන්දරද මෙතරම්!

:       74       1

mendis Tuesday, 05 March 2019 11:23 AM

මම දන්නා තරමට නම් ඔය කියන බාලිකා පාසල් වල සිසුන් ක්‍රිකට් තරග සමයේ කොල්ලන් පාසලට පනිනකම් බලාගෙන ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3331 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2110 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5637 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4065 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4666 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7013 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site